IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කැඩෙට් භටයාගේ තුවක්කුවේ උණ්ඩයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ අද (24) පැවැති ත්‍යාග ප්‍රධාන උළෙලට සහභාගී වූ ශිෂ්‍ය භටයකුගේ තුවක්කුවක තිබී උණ්ඩයක් සොයා ගත් බව පොලිසිය කියයි.

ජනපති එහි එන්නට පෙර ජනාධිපති ආරක්ෂක අංශය ශිෂ්‍ය භටයන් පරීක්ෂා කරද්දී එම උණ්ඩය හමුවී ඇත.



අදහස් (0)

කැඩෙට් භටයාගේ තුවක්කුවේ උණ්ඩයක්

චන්ද්‍ර වීරසිංහ Friday, 24 July 2015 10:42 PM

ශිෂ්‍ය භට බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවේ පැරණිම හමුදා බල සේනාවක්. සටන් පෙරමුණට නොයැවුවත් ඉතා දක්ෂ හමුදා නිලධාරින් බිහිකිරීමට සමත් වී තිබෙනවා. අවි සරඹ හා පුහුණුවීම සඳහා නිකුත් කරන අවි වල අප දන්නා හැටියට "පින්" එක කපාදමා ඇත. සමහරවිට බ්ලෑන්ක් නමින් හඳුන්වන අජීවී උණ්ඩයක් එහි තිබුනා විය හැක. මෙය දඩමීමා කර පාසල් සිසුන්ට දෙන අවි පුහුණුව නම් නවත්වන්න එපා.මේ ලියන මමද හතරවන බල ඇණියේ මීට හතලිස් අවුරුද්දකට පෙර පුහුණු වී ඇත්තෙමි. (නි)

:       0       0

ශාන් සෞදි Saturday, 25 July 2015 08:00 AM

මම දන්නා විදිහට මේ කැඩෙට් කාණ්ඩය බාරව ඉන්න නිලදාරීන් හා පාසලේ විදුහල්පති අතර පසුගිය කාලේ ගැටුමක් තිබුනා. මේක පාසැල හා විදුහල්පති අපකීර්තියට පත් කරන්න යමෙකු කළ දෙයක් විය හැකියි. අනෙක ළමයිට ආයුද ලබාදීමට පෙර ඒවා නිසි ලෙස පරික්ෂා කිරීම නිලදාරීන්ගේ වගකීම. මේක ඔවුන් විසින් හිතා මතා කල දෙයක්. අහිංසක ළමයින්ව මේවට පටලවන්න එපා (නදී)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 25 July 2015 12:12 AM

ළමයා, ශිෂ්‍යයා, බබා කියලා නැහැ. කොකා ගැස්සුවොත් පත්තුවෙනවා. විභාග කරන්න ඕනෑ කරුණක්. (නි)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 12:24 AM

ඇතැමුන් මේ ප්‍රවෘත්තියට දී ඇති ප්‍රතිචාර වලින්ම පේනවා කැඩෙට් භටයා පාසල් සිසුවෙක් වීම නිසා මෙය බරපතළව නොසිතිය යුතුයි කියා. එසේ සැකනොකරන නිසාම ඝාතන සැළසුමකදී පාසැල් ශිෂයෙක් යොදා ගැනීම ඝාතකයින්ට වාසිදායක තත්වයක් වෙන්නත් පුලුවන්. මෙවැනි තත්වයන් අවතක්සේරු කිරීම සැමවිටම හානිකරයි. (නි)

:       0       0

ගාමිණී Saturday, 25 July 2015 01:12 AM

එන පොට හොඳ නැහැ වගෙයි හිතෙන්නේ (නි)

:       0       0

සත්‍යයා Friday, 24 July 2015 12:35 PM

උණ්ඩ, පිස්තෝල, අංක තහඩු වෙනස් කල වාහන ආරක්ෂක අංශ නිලධාරි ජනාධිපති සහභාගිවෙන උත්සව වලදී ජනාධිපති අසල සැක කටයුතු ලෙස හැසිරෙන ආරක්ෂක භටයින්...මේ කතාවල සැඟවුන පසු බිම කියන්නේ ප්‍රභූ ඝාතනයක් නොවිය හැකිද? නැවත බලයට එන්න කැස කවන තැනැත්තා ඡන්දයට එන්නේ රට හදන්නද නැත්නම් ජනතාවගේ අවධානය මැතිවරණයට යොමුකර ප්‍රතිවාදියා ඝාතනය කරන්නද? (නදී)

:       0       0

අතුල Saturday, 25 July 2015 09:52 AM

අද වනවිට දකුණු ආසියාවේ මැදපෙරදිග අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ දේශපාලනය අවුලෙන් අවුලට පත්ව ඇත. මේ නිසා විය නොවියහැකි දෙයක් ගැන සිතීමටවත් නොහැක. (ස)

:       0       0

පාලිත පෙරේරා Friday, 24 July 2015 01:18 PM

ඔය කියන දේවල් කරන්න හෝ හිතන්න වත් ඔය කියන පුද්ගලයාට බලයක් නැහැ. එතුමා රටට අවශ්‍ය නැහැ. නමුත් රටට එතුමා ඕනේ අඩුම ගානේ මේ නැවත නැගිටින බෙදුම්වාදය පරාජය කරන තුරු.(නදී)

:       0       0

මයිකල් Friday, 24 July 2015 01:18 PM

පිස්සු තමයි (නදී)

:       0       0

නිමල් ජයසිංහ Saturday, 25 July 2015 02:23 AM

ජනාධිපතිතුමා යහපත් මනුෂ්‍යෙයක්. ඒක කවුරුත් පිලිගන්නවා. නමුත් එතුමා ජනාධිපතිවරයෙක් ලෙස සහභාගිවන උත්සව ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි. විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගි නොවන ජනාධිපතිවරයෙක් පාසැලක වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයකට ඇයි සහ භාගි වන්නෙ. ඔහුට රටේ හැම පාසැලකම එවැනි උත්සවවලට සහභාගිවිය හැකිද? උපදේශකයෝ ජනාධිපතිතුමාට හොඳ උපදේශ දෙනු ඇතැයි පුරවැසියෙක් ලෙස මම බලාපොරොත්තු වෙමි. (නදී)

:       0       0

උපාලි රන්ජිත් අරුප්පොල Saturday, 25 July 2015 02:43 AM

මෙම සිද්දිය පී.එස්.ඩී ආරක්ෂකයන් තම රාජකාරිය ඉටු කිරිම් සියුම් ලෙස පරික්ෂාවක් විය හැකියි. උණ්ඩයක් ලග තිබු සිසුවාගෙන් කට උත්තර ලබාගණ්න ඇතිනේ. (නදී)

:       0       0

සෑම් Friday, 24 July 2015 01:33 PM

කාගේ වැඩක්ද (අ)

:       0       0

විජයබාහු Friday, 24 July 2015 01:37 PM

කැඩෙට් බටයෙක් කියන්නේ ඉස්කෝලේ යන ළමයෙක් නේද. එයාලට පුලුවන්ද ඔච්චර හරියක් කරන්න. උණ්ඩය ජීව උණ්ඩයක්ද කියල සඳහන් වෙලත් නැ (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 25 July 2015 03:21 AM

සත්‍යා- කැඩෙට් භටයන්ට දෙන්නේ අවුරුදු 100ක් පමණ පරණ Lee -Enfield වර්ගයේ අවියක්. ඒ වයින් වෙඩි තියන්න බැරි නිසා තමයි ඒවා සිසුන්ට පුහුණුවට දෙන්නේ. ඔහොම ගියොත් ලංකාවේ හිරමනයක් වත් අරගෙන පාරේ යන්න බැහැනේ. එල් ටී ටී ඊ ය උතුරු පළාතේ තරුණයන් දහස් ගණනකට ආයුධ පුහුණුව ලබා දී තියෙද්දී අපේ අයියල සිංහල කොල්ලෙකුට පරණ රයිපලයක් අල්ලන්න වත් දෙන්නේ නැති විදියට තමයි රට රකින්න හදන්නේ. (නදී)

:       0       0

කුමුදු කුමාර Friday, 24 July 2015 01:44 PM

පාලිත කීව දේ ඇත්ත (අ)

:       0       0

සත්‍යයා Saturday, 25 July 2015 11:36 PM

චන්ද්‍ර වීරසිංහ, ඔබ කඩේ යන්නේ මහින්ද වෙනුවෙන්ද රනිල් වෙනුවෙන්ද කියන එක අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනාධිපති ආරක්ෂාව අඩු ලන්සුවක තබා කතාකරන්න යාමෙන් ඔබ කවුද කියා මා පමණක් නොව මේ තීරය කියවන බොහෝ දෙනෙක් දැනගත්තා. අබුද්දස්ස කාලෙට මෝල් ගසුත් පත්තු වෙනවා කියලා අපේ ගැමියෝ කියපු දේ ඔබ නොදැන සිටීම අවාසනාවක්. (නි)

:       0       0

නිෂාර්ඩ් ප්‍රීනා Saturday, 25 July 2015 04:07 AM

සමහරක් වෙලාවට ශිෂ්‍යයා මේ පිළිබඳව කිසිවක් දන්නෙත් නැතුව ඇති. නමුත් මෙයට වගකිව යුතු පාසලේ තුවක්කු සම්බන්දව භාරව යම් ආචාර්යවරයෙක් හෝ ජෙෂ්ට කැඩෙට් නිලධාරියෙක් ඉන්නවනම් මා සිතන හැටියට මේ අතපසුවිමට ඔහු වගකිව යුතුයි. (නදී)

:       0       0

කල්ප Friday, 24 July 2015 02:57 PM

ගම්පහ බණ්ඩාරනායක කියන්නනේ හර්මන්ලොස් කුසලානය පවා කීපවතාවක් ගත්තු දක්ෂ ශිෂ්‍ය භට කණ්ඩායමක් ඉන්න ඉස්කෝලයක් ත්‍රිවිධ හමුදාවේත් විවිධ නිලවල ඔය පාසලේ අදිසිසුන් ඉන්නවා .ශිෂ්‍ය භට කන්ඩයනම් තහනම් කරන්න එපා . (අ)

:       0       0

නිශාන්ත Saturday, 25 July 2015 05:05 AM

සාමාන්‍යයෙන් පාසැල් වලට අයුධ ලබා දීමේදී තුවක්කුවේ තිබෙන බැරල් කියන කොටස ඉවත් කරලයි දෙන්නේ. මෙය තේරුම් ගැනීමට අපහසු තර්කයක් වේ. එසේ එය ඉවත් නොකර ලබා දී ඇත්නම් අයුධ ලබාදුන් ආයතනයේ වැරැද්දක් ලෙස මම මෙය දකිමි. (නදී)

:       0       0

ර.අ ඉන්ද්‍රජීව Saturday, 25 July 2015 05:27 AM

මෙම කැඩෙට් ටීම් එක බාරව ඉන්න මයා මීට පිළිතුරු දිය යුතුය. (නදී)

:       0       0

කිත්සිරි Friday, 24 July 2015 03:43 PM

විජයබාහු, ඇයි ඉස්කොලේ යන ළමයක් කොකා ගැස්සුවොත් වෙඩි වදින්නේ නැද්ද? මෝඩ කතා කියන්න එපා. (නදී)

:       0       0

අමිල් Saturday, 25 July 2015 05:37 AM

පාලිත පෙරේරා ? (නදී)

:       0       0

නයන සෝමවර්ධන - මෙල්බර්න් melbourne Saturday, 25 July 2015 05:40 AM

දැන් දැන් අසන්නට ලැබෙන්නේ අමුතුම දේවල්. තවම පහුගිය රජය කාලේ කරපු සෙල්ලම් නැවතිලා නැති පාටයි. ඒ අය‍ට නවත්තන්න උවමනාවකුත් නැති බව නම් සැබෑය. මේ හැමෝටම ජනාධිපති තුමා ලොකුම බාධාව වෙලානේ. ජනාධිපති තුමනි ඉතාම ප්‍රවේසම් වෙන්න මේ බල ලෝභයින්ගෙන්. ඉදිරියේදී මේ තත්වයන් උත්සන්න විය හැකියි. මොවුන්ට තවත් නටන්නට ඉඩ නම් දෙන්න මොවුන්ට විරුද්දව. දැඩි ක්‍රියා මාර්ග ගත යුතුව ඇත. ජන්දදායකයිනි මෙවැනි උන්මත්තකයින්ට ඔබගේ වටිනා ජන්දය දෙන්න එපා. රට අනතුරේ. (නදී)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 26 July 2015 02:13 AM

තේරුම් ගන්න අපහසු මේ දේවල් සඳහා දැන් අහිංසක පාසල් දරුවනුත් පැටළිලා (නි)

:       0       0

ඉන්දික ගාලේවත්ත Friday, 24 July 2015 04:04 PM

කොහෙම හරි ළමයිට දැන් ළමයිව ප්‍රයෝජනයට ගන්න වගේ හදන්නේ. බැරිවෙලාවත් මේ අහිංසක දරුවන් අතින් වැරැද්දක් වුන නාම්.(අ)

:       0       0

රවින් Saturday, 25 July 2015 06:07 AM

පාසල් ශිෂයභටයන් උත්සවයන් සඳහා තුවක්කු නිකුත්කරන්නේ අදාල ශිෂයභට ඛණ්ඩයභාර හමුදා ඒකකය මගිනි, ඔවුන්ගේ අත්වැරදීම පාසල් සිසුවන්ට පැවරීම දෝශ සහිත ප්‍රකාශයකි. (ස)

:       0       0

ඩග්ලස් Sunday, 26 July 2015 04:37 AM

මේකේ ඇත්ත සිද්දිය නම් ගලවා ගන්න බැරි උණ්ඩයක කොපුවක් තිබී ඒක ආරක්ෂක අංශයෙන් පෙරදින සොයාගෙන. ඒක හිරවුණු කොපුවක්. ලොකුවට ගත යුත්තක් නැහැ. ජාතික පාසැලකට මඩ ගහන්න එපා.(නදී)

:       0       0

ග්‍රේ Friday, 24 July 2015 06:39 PM

මේ කියන සිදිදියට බන්ඩාරනායකේ ශිෂ්‍ය බට කන්ඩයේ සම්බන්දයක් නෑ. මොකද විදුහල්පතිවරයා බයේ එ්වා තහනම් කරානේ..එම නිසා විද්‍යාලයට කැලලක් වෙන විදියට මේ සිද්දිය වර්ථා නොකරන ලෙස ඉල්ලා සිටිනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 47 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 27 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 515 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 537 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4343 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 981 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21167 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20459 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 110 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site