IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කුඩ්ඩන්ට කුණු ගඳ කුඩක්

ඇටය දක්වා මස කා දමන හෙරොයින් මත් කුඩු වර්ගයක් රුසියවේ සිට ඇමෙරිකාවේ චිකාගෝ නුවරට දැන් පැතීරී ඇතැයි වෛද්‍යවරු කියති.

කුණු මාළු ගඳ ඇති මෙම කුඩු වර්ගය රුසියන් බසින් ක්‍රොකඩිල් (කිඹුලා ) යනුවෙන් හැඳින්වේ.

චිකාගෝ නුවර දොස්තර ඇබිජින් සිංග්ලා පැවසුයේ  මෙම බෙහෙත් ගත් තිදෙනකුට ප්‍රතිකාර කරන බවයි.

බෙහෙත මෝෆයින් රසායනයට සමාන බවත් ලබා ගැනීම පහසු බවත් ඉන්ධන හා සායම් වර්ග සමඟ පාවිචිචියට ගන්නා බවත් වෛද්‍යවරයා පවසයි.

මෙම කුඩු වර්ගය ගැනීමෙන් අත් පා  ආබාධිත තත්ත්වයට පත් වන බවත් තුවාල වු තැන් වලට සම බද්ධ කිරීමට පවා සිදු වන බවත් කුඩු ගැසු පුද්ගලයන්ගේ මාංශ පේශි හා ඇට පෑදෙන බවත් ඔහු පවසයි.

මැරී ගිය සමෙන් විෂ බීජ පැතීරි අවයව කපා දැමීමේ සිට මරණය දක්වා අතුරු අන්තරා ඇති කරන ක්‍රොකඩීල් හෙරොයින් කුඩු වලට ලාභ විකල්පයක් වී ඇතැයි ඔහු සඳහන් කරයි.

කුඩු කාරයන් හෙරොයින්  වෙනුවට විකල්පයක් සොයනුයේ හෙරොයින් වලින් බලාපොරොත්තුවන පදම නොලැබීම නිසා බවත් වෛද්‍යවරයා සදහන් කරයි.   

 

 

 

 

 



අදහස් (0)

කුඩ්ඩන්ට කුණු ගඳ කුඩක්

ධනුෂ්ක Friday, 11 October 2013 04:26 AM

ඉඳල හිටල ගත්තට මොකුත් වෙන්නේ නැද්ද (අ)

:       0       0

සත්‍යයා Friday, 11 October 2013 05:26 AM

වැඩිකල් නොගොහින් ලංකාවේ කුඩු අයිලටත් පුළුවන් වේවි මේ රුසියන් කුඩ්ඩෙත් රස විඳින්න. නිකම් නොවෙයි කුඩු දේශපාලකයින්ගේ නොමසුරු ආශීර්වාදය මැද. (අ)

:       0       0

සත්‍යයා Friday, 11 October 2013 05:28 AM

කුඩු ගෙන්වන්නෝ ධන උපයන්නෝ- ජන සිත් ගන්නෝ මැතිසබ එන්නෝ (අ)

:       0       0

සමිතා Friday, 11 October 2013 06:11 AM

කුඩු සඳහා ඇමතිකමකුත් දෙන්න, එකක් මදි නම් දෙකක් වුණත් කමක් නැහැ (නි)

:       0       0

දසුනි Thursday, 10 October 2013 06:33 PM

ඔය කියන දේවල් දවසක කුඩු විකුණන අයටත් විදින්න වෙනවා, මැරෙන්න මොහොතකට හෝ පෙර. (නි)

:       0       0

දර්ශන Friday, 11 October 2013 06:55 AM

සෝවියට් දේශය කඩාවැටීමෙන් පසු එහි තරුණ ළමා පරපුරට අත්වුණා ඉතා නරක කාලයි ,පාතාලය වැනි දේවල් හිස එසෙව්වා පොදුස්තානවා කාත් කව්රුත් නැතිව මැරිලා යන අය මෙම පැරණි සොවියට් රටාව ල ඉහළි (අ)

:       0       0

නෆුර් Thursday, 10 October 2013 07:04 PM

මිනිස්සුන්ගේ එකම සැනසීම නැති කරන්න එපා (නි)

:       0       0

දිල්හානි Thursday, 10 October 2013 07:13 PM

ඕක කුඩු මෙරටට ගෙන එන අයට දෙන්න ඕනෑ කුඩක්. රුසියාවට ජයවේවා! (නි)

:       0       0

සිරිදාස Thursday, 10 October 2013 07:38 PM

තාක්ෂණයේ දියුණුව සමග මිනිසා යන්නේ ආපස්සටද? (නි)

:       0       0

සම්පත් Friday, 11 October 2013 08:49 AM

නියම වැඩේ. මෙහෙමවත් පාඩමක් ඉගෙනගනීවි (නි)

:       0       0

ප්‍රේමකුමාර Thursday, 10 October 2013 08:16 PM

ඇටකටු දක්වා මස් කා දමන්න සාමාන්‍යයෙන් අඟල් 6 ක් පමණ කාගෙන කාගෙන එන්න ඕනෑ. (නි)

:       0       0

මොහාන් Friday, 11 October 2013 09:39 AM

ප්‍රේමකුමාර, ඔයාගේ මස් දියවෙන්න අඟල් 6 ක් යටට යන්න ඕනෑ නම් මට හිත ගතහැකියි ඔයාගේ මහත. (නි)

:       0       0

ටිරෝන් Thursday, 10 October 2013 08:19 PM

රජකම් කළත් කළකම් පළදෙනවානේ.. (නි)

:       0       0

මොහාන් Friday, 11 October 2013 09:41 AM

සමිතා, දැනටමත් ඇමති කෙනෙකුයි නියෝජ්‍ය ඇමති කෙනෙකුයි ඉන්නවාලු ඒ සම්බන්ධව. (නි)

:       0       0

ගජමන් Thursday, 10 October 2013 08:20 PM

කුඩු මුදලාලිලා කුඩු රජවරු කියන එක ඇත්තක්. ඒ අය විඳින සුර සැප, භාවිතා කරන වාහන, අතේ මිටේ ගැවසෙන මුදල්, රටේ තොටේ තියෙන ගෞරවාන්විත පිළිගැනීම බැලුවහම ඒක පෙනෙනවා. එක අතකට ලංකාවේ උගතා මෝඩයෙක්.නූගත් මැරයා වැදගතෙක්. (නි)

:       0       0

ආනන්ද Friday, 11 October 2013 10:25 AM

හැබැයි නියම සොයාගැනීමක්. ඕවා ලංකාවේ කුඩ්ඩන්ට සහ දේශපාළුවන්ට නොමිලයේ බෙදන්න ඕනෑ. (නි)

:       0       0

රිශාන්ත උඩවත්ත Ilford Friday, 11 October 2013 10:52 PM

මේ මත්ද්‍රව්‍ය විශේෂය යුක්රේන් රටේ දැවැන්ත වසංගතයක් ලෙස දැනට පැතිර යනවා .මෙහි ඇති විශේෂත්වය තමයි මෙය ගෙදරම අඩු මිලට සාදා ගත හැකි වීම. මෙයට බ්ලීචින්ග් පෙති කිහිපයක් වැසිකිලි ශුද්ද කරන හාර්පික් වැනි දියරයක් තිනර් සහ තවත් අතිෂය විෂ රසායන යොදාගන්නවා .මෙය භාවිත කරන පුද්ගලයන්ගේ සම ඉතාම කෙටිකාලයකින් කිඹුලෙකුගේ මෙන් එල්ලා වැටී සැරව ගලන තුවාල ඇතිවෙනවා . භාවිත කරන විෂ නිසා අස්ථි පවා දිරායාමට පත්වෙලා අවුරුදු දෙකක් වගේ කෙටි කාලයක් තුල අවාසනාවන්ත ලෙස මරණයට පත්වෙනවා. භාවිතාව නැවත්වුවත් මොලයේ ක්‍රියාකාරීත්වට හානි පැමිණීම් හේතුවෙන් භාවිතා කල අය ඉතාම කෙටි කලකින් නොයෙක් මොලයේ අභාද වලටද ගොදුරු වෙනවා.ඉතාම කෙටිකලකදී භාවිතා කරන අයගේ මුහුණේ බාහිර පෙනීම පවා වෙනස් වී මන්ද බුද්ධික අයෙකුගේ පෙනුම ඇතිවෙනවා (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 11 October 2013 10:40 AM

ගජමන්, කුඩු මුදලාලිලා කුඩු රජවරු කියන එක ඇත්තක්. ඒ අය විඳින සුර සැප, භාවිතා කරන වාහන, අතේ මිටේ ගැවසෙන මුදල්, රටේ තොටේ තියෙන ගෞරවාන්විත පිළිගැනීම බැලුවහම ඒක පෙනෙනවා. එක අතකට ලංකාවේ උගතා මෝඩයෙක්.නූගත් මැරයා වැදගතෙක්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 11 October 2013 10:41 AM

දැන් ඉතින් අපේ දේශප්‍රේමී කට්ටියගේ 'කල්ල මරේ' කිව්වලු. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 11 October 2013 10:42 AM

කුඩු ගැසු පුද්ගලයන්ගේ මාංශ පේශි හා ඇට පෑදෙන බවත් ඔහු පවසයි. එතින් මොකෝ කෝටි ගානක් පිට රට වල තියෙන බැංකු පොතට වැටෙනවානම්.(දිල්)

:       0       0

සමන්ත Friday, 11 October 2013 12:32 AM

කුඩු සදහා කිසියම් ප්‍රමිති සහතිකයක් තිබිය යුතුයි ප්‍රමිතියෙන් බාල කුඩු අත්අඩංගුවට ගත යුතුයි (අ)

:       0       0

ආනන්ද Friday, 11 October 2013 11:53 AM

කොහොමත් මොලේ පෑදෙන්නේ නැති උන් නේ කුඩු ගහන්නේ. ඉතිං උන්ගේ ඇට හරි පෑදෙන්න එපායැ. (ස)

:       0       0

ප්‍රීක් Wednesday, 01 January 2014 03:52 PM

මේක කුඩු මුදලාලිලා විකුනන එකක් නෙමෙයි, පාවිච්චි කරන අයම හදාගන්න එකක්. මේකෙ තියෙන ෆීනෝල් සහ පෙට්‍රෝලියම් අයින් කරන්න මේ අය දන්නෙ නෑ. මේවා ට රුධිර කේශ නාලිකා විනාශ වෙලා මස් දිය වෙනවා පණ පිටින්. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 11 October 2013 12:12 PM

ඕවා ටිකක් ලංකාවට ගෙනැල්ලා, කුඩු ගෙනෙන්න සහය දෙන දේශපාළුවන්ට පොවන්න ඕනෑ (නි)

:       0       0

උපාලි Friday, 11 October 2013 01:38 AM

ගජමන්, ඒ කියන සුරසැපයි, පිළිගැනීමයි තියෙනකොට කුඩු මුදලාලිලාට ඊ ලඟට ඕනවෙන්නේ මොකක්ද? දේශපාලනේ. සුර සැපයි, පිළිගැනීමයි වැඩිකරගන්න අත්‍යවශ්‍ය දේ එකයි. වරක් අගමැතිතුමාම කියල තිබුනේ කුඩුකාරයෝ ඉහලම තැන්වල ඉන්න බව. නැතත් අපට පේනවනේ, නේද? අයි ඉතින් උන්ව එළවන්නෙ නැත්තේ? "හොඳයි, මේ තරඟකරු මිලියන දහයේ අවසාන ප්‍රශ්නය, ගන්නවද?" "නෑ" .(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 413 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 452 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 9959 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3049 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3804 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6121 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19441 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 285 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 151 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site