(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමරිකාවේ රැකියා සඳහා 2016 වසරේදී අයදුම් කළ ( ඇමරිකා එක්සත් ජනපදය සහ මෙරට රජය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව) හෙදියන් 425ක පිරිසක් අතුරින් අදාළ භාෂා (ඉංග්‍රීසි) ප්‍රවිණතා විභාගය සමත්වූයේ හෙදියන් තිදෙනකු පමණක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවිය.
එම ගිවිසුම අනුව ඇමරිකාවේ රැකියා අවස්ථා මෙලෙස ලැබී තිබුණේ මෙරට සුදුසුකම් සහිත හෙදියන්ටය.
මේ තොරතුරු අනාවරණය වූයේ විදේශ රැකියා ක්ෂේත්රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම පිළිබදවූ කාර්ය සාධන විගණන වාර්තාව පරික්ෂා කිරීම සදහා රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය (21) වැනිදා රැස්වූ අවස්ථාවේදීය.
මේ අතර වෘත්තීය පුහුණු ආයතන සමග ඒකාබද්ධව පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස කෝපා කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා විදෙස් සේවා නියුක්ති කාරයංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවට නැවතත් කැදවන බවද කමිටු සභාපතිවරයා පැවසීය.
විදෙස් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයන්හට විශාල ඉල්ලුමක් තිබුණද ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතළ ගැටලුවක් බවත් 2021 වසරේ පුහුණු ශ්‍රමිකයින් යැවීම සියයට 33 ක් පහළ අගයක් ගෙන තිබූ බවත් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය.
අදාළ වගකිව යුතු ආයතන මනා සම්බන්ධීකරණයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතුවූ බව මෙහිදී සඳහන් විය.
මේ අනුව විදෙස් රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ලොව නව රැකියා වෙළෙඳපොළ පිළිබද නිරන්තර අවධානයෙන් සිට ඉල්ලුම පවතින ක්ෂේත්රයන්ට අදාළව ශ්‍රමිකයන් පුහුණු කිරීම සදහා නව සැලැස්මක් සහිත කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.
ජාතික විගමණික ශ්‍රමික ප්‍රතිපත්තියක් සකසා තිබුණද ක්‍රියාත්මක නොවීම පිළිබදවද කමිටුවේ අවධානය යොමුවිය.
මේ අනුව මෙම ප්‍රතිපත්ති කාලීන වශයෙන් යාවත්කාලීන කිරීම කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය.
ජපානය, කොරියාව ඊශ්‍රාලය වැනි රටවල රජයයන් අතර පවතින ගිවිසුම් අනුව පුහුණු ශ්‍රමිකයන් යැවීම සදහා අවකාශය තිබුණද අදාළ රටවල භාෂා ප්‍රවීණත්වය මෙන්ම වෘත්තිමය කුසලතාව සහිත පිරිස අඩුවීම හේතුවෙන් ඒ අවස්ථාව අවම වන බවද තොරතුරු අනාවරණය විය.
මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය සුරේන් රාඝවන්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ලසන්ත අලගියවන්න සහ ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන් පෙරේරා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ජේ.සී අලවතුවල, ඉසුරු දොඩන්ගොඩ, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර සහ වීරසුමන වීරසිංහ යන මහත්ම මහත්මීහුද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ යන මහත්වරුද රාජ්‍ය නිලධාරීහු තවත් පිරිසක්ද සහභාගි වූහ.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කඩ්ඩ හරස්වී හෙදියන් 423කගේ ඇමරිකා සිහිනය බොඳවෙයි
ගමේ එකාලා Wednesday, 26 October 2022 03:30 PM
අපරාදේ, සක්විත්තාගේ ඉංග්‍රීසි පන්තියට ගිහින් ඉගෙනගත්තා නම් වැඩේ ගොඩ දාගන්න තිබුණා...
senaWednesday, 26 October 2022 06:12 PM
මේක විහිළුවක් නෙවෙයි. ඕනෑම වෘතියකට බඳවා ගන්නකොට ඒ රටේ පිළිගත්ත ආයතනයක් මගින් පවත්වන විභාග තියෙනවා. ඉතිං ඒ හෙදියන්ට ඒ විභාගෙට ඉගෙන ගෙන අදාලා ආයතන මගින් පවත්වන විභාග පාස් වෙන්න අවබෝධය දීලා ඒ සහතිකය ඉස්සරවෙලා හැදිය යුතුව තිබෙනවා. අපේ ගම්වල කෙල්ලෝ ඕවා දන්නේ නැහැ. නමුත් ඇමරිකන් අධ්‍යපානය ලබපු ඔක්කමො ඔව්ව දන්නවා. අපේ සමහර හරක් කෙරෙන්න ඕන දේ ගැන කතා කරන්නේ නැහැ. මනුස්සයන්ට හිනා වෙන්න බලාගෙන ඉන්නවා.
Sunil Wednesday, 26 October 2022 03:47 PM
ඉතාමත් ශෝචනීය තත්වයක්... හෙදියන් කියන්නේ අනිත් අයට වඩා ඉංග්‍රීසි දැනුමක් තියෙන අය. මක් නිසාද ඔවුන් වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්... මුළු රටේම ඉංග්‍රීසි දැනුම දියුණු කිරීමට කඩිනම් පියවර ගත යුතුයි. මේ අධ්‍යාපන ඇමැති සහ නිලධාරීන් මර නින්දේ..!
BamunuarachchiWednesday, 26 October 2022 05:33 PM
හෙදියන් කියන්නේ අනිත් අයට වඩා ඉංග්‍රීසි දැනුමක් තියෙන අය. මක් නිසාද ඔවුන් වැඩ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්..ලු. කොහෙද ලංකාවේ හෙදියන් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩ කරන්නේ...? හෙදියන්ට අනික් අයට වඩා ඉංග්‍රීසි දැනුම තිබෙන බව 425 න් 3 දෙනෙක් සමත් වීමෙන්ම පෙනෙනවා. ඔබ ඔය තක්සේරුවට ආවේ කොහොමද? ඉංග්‍රීසි O/L පාස්වෙලා ප්‍රවීණතා විභාගය IELTS පාස්වෙන්න බැහැ. එහෙම සමත් වුණු පලියටම ඇමරිකන් ජනතාවත් සමග කටයුතු කරන්නත් බැහැ. ඔවුන්ගේ කතා විලාශය ඇක්සන්ට් එක තේරුම් ගැනීමේ හැකියාවත් තිබිය යුතුයි. ඉගෙන ගැනීමේ වුවමනාව රජයට බලෙන් ඔබන්න බැහැ. ළමයින් අතරින්ම ඇතිවෙන්න අවශ්‍යයි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි උපරිමයෙන්ම භාවිතා වෙන පාසලකට යායුතුයි. අපේ ළමයින්ට වෙලා තිබෙන්නේ අනික් පැත්ත. සිංහල බැරිකමයි...
pathiranaWednesday, 26 October 2022 06:37 PM
කියාලා වැඩක් නැහැ බමුණු මහත්තයා. අපේ සමහර වෘත්තිකයන්ගේ ඉංග්‍රීසි දැනුම නම් පුල්ම කචල්. ඉංජිනේරුවොත් ගොත ගගහා කතා කරන්නේ. ඇක්සන්ට් එක මොකක්ද කියලා වෙනම හොයන්න ඕනි. ඒකට ඉන්දියාවේ සුපවයිසර් කෙනෙක් උනත් උන්ට පුළුවන් උන්ගෙ ෆීල්ඩ් එකට ගැලපෙන්න කතා කරගන්න. කොහොමත් මේක හොඳ දෙයක්. අඩුම තරමින් ඊළඟ අවුරුද්දෙවත් පාස් වෙයිනෙ.
ganegoda Wednesday, 26 October 2022 04:28 PM
හෙදියක් අවශ්යෙයන්ම දෙයක් තේරුම් ගැනීමට හෝ තෙරුම් කිරීමට හැකි විය යුතුය.
pakeer Wednesday, 26 October 2022 04:40 PM
රාජ්‍ය භාෂාව අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි විය යුතුයි. සමාජේ ගොටක් තියෙන සමාජීය සහ අර්ථික ප්‍රශ්න විසදෙනවා එහෙම කරොත්. ඒ වගේම මිනිස්සු මීට වඩා උගත් වෙනවා. හැබැයි ඉතින් ඒකෙන් පාඩු වෙන්නේ දේශපාලකයන්ට. ඒ නිසා තමයි බණ්ඩාරණායකලා වගේ ජාතියට කෙළපු එවුන් ඒ කාලෙම ඒක නැවැත්තුවෙ.
Deepal Wednesday, 26 October 2022 04:41 PM
කඩ්ඩ.. ඕක ලංකාවේ අයට මාර අර්බුදයක්. පැත්තකට කොන් කරන්න යන්තම් දන්න එකා ඉහළින්ම සපෝට් කරනවා.
Nihal Dharmatileke Wednesday, 26 October 2022 04:58 PM
බණ්ඩාරණායක මහත්තයා රටට කළ අපරාධය. ඔන්න ප්‍රතිඵල.
sugathWednesday, 26 October 2022 05:53 PM
බණ්ඩාරනායක මහත්තයා කරපු දේ අදට නොගැලපුණාට, එදා එය ඔහු ගත් නිවැරදි තීරණයක්...!
arschfikaaThursday, 27 October 2022 02:43 AM
ඒක නම් ඇත්ත සුගත්. උඹලා වගේ බොරු ගොන් බයියන්ව රවට්ට ගන්නයි සිංහල තනි භාෂාව කෙරුවෙ. අන්තිමට ඌ ඉංග්‍රීසි ඉගෙන ගත්ත.ා දැන් උඹලට කෙළවිලා තියෙන්නෙ.
BamunuarachchiThursday, 27 October 2022 12:27 PM
ඔබ හරියට හරි එදා බණ්ඩාරනායක මහතා ඒ තීරණය නොගත්තානම් අදත් දෙපාර්තමේන්තු ලොක්කෝ දෙමල, බර්ගර් හෝ මැලේ ජාතිකයෝ. සිංහල කොල්ලෝ කෙල්ලෝ ගොයම් පැල හිටවනවා. දැන් ඉන්න ඉංග්‍රීසි නැතුව බැහැ කියන අයගේ සීයලා රජයේ සේවයට, විශ්වවිද්‍යාල වලට ඇතුල් උනේ ඉංග්‍රීසි බාදකය ඉවත් කරපුනිසයි. ළමයින්ට හොඳට ඉංග්‍රීසි කතා පුහුණුව ලැබෙන පාසල් කීපයයි තිබෙන්නේ .ඒවායින් පිටවෙන ළමයින් සිංහල බැහැ. ගෙදර භාවිතා කරන නිසා සිංහල කතාකරනවා. නමුත් ලියන්න කියවන්න බැහැ. උවමනාව තිබෙනවා YouTube එකට ගුරුවරයෙක් උගන්වනවාට වඩා හොඳට ඉංග්‍රීසි හා උසස් ගණිතය උගන්වනවා. හැබැයි basic දැනුමක් තිබෙන්න ඕනේ.
PereraSaturday, 29 October 2022 06:01 AM
බණ්ඩාරණායකගේ මුණුපුරාටයි මිනිපිරියටයි සිංහල බැහැ.
Bamunuarachchi Wednesday, 26 October 2022 05:10 PM
කඩ්ඩ නැතුව කැනඩාව, ඇමරිකාව වගේ රටවල රැකියාව කරන්න බැහැ. ඉංග්‍රීසි O /L පාස් වෙලා බැහැ.
podiaarachchi Wednesday, 26 October 2022 05:43 PM
පිටරටවල්වල කුණුබක්කි සුද්ද කරන්නනම්... ආරච්චි මාමා ඔය පළාතේ මොනවද කරන්නේ...?
johanWednesday, 26 October 2022 06:23 PM
ආරච්චි මාමා කරපු රස්සාවට කඩ්ඩ ඕන නෑ. උන්දෑ ඔන්න ඔය ගල්ෆ් පැත්තේ ගේක වළං හෝඳලා.
BamunuarachchiThursday, 27 October 2022 01:03 PM
කුනුබක්කි සුද්දකලාම මොකෝ මැට්ටෝ සුමාන දෙකකට ඇමරිකන් ඩොලර් 4000 ලැබෙනවානම්? මොඩයා . අපි මෙහෙ කුනුබක්කි වලට විසිකරන දේවල් තමයි ඔබලා ලංකාවේ කන්නේ. කැනඩාවේ පාන්, කිරි, වලයි ලංකාවේ පාන් හා කිරි වල වෙනස ඔබලා දන්නවාද? ලංකාවේ ඔබලා කන්නේ පිටිගුලි. මොනවා කරන්නද හිතේ තිබෙන දුකට කියන දේවල් අපිට තේරෙනවා. අපි මෙහෙ ආවොත් කුනුබක්කි සුද්ද කරනවා කියනවා. ලංකාවේ සල්ලි තිබෙන කෙනෙක් දැක්කම ඌ කුඩු බිස්නස් කරනවා කියනවා එහෙම කියලා ඔහෙලා බීඩියත් ණයට ඉල්ලාගෙන බොනවා. ඕකට තමයි කියන්නේ හීනමානය කියලා.
Nihal Dharmatileke Wednesday, 26 October 2022 06:22 PM
ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න. වැරදීම් වෙයි ඕනි තරම්. දවසට වචන දෙකක් ඉගෙන ගත්තොත් අවුරුද්දකට වචන හත්සිය විස්සක්. හොරකෙටුවත් අගෙන යන්න බැරි දෙයක් දැනුම කියන්නේ.
චමින්ද Wednesday, 26 October 2022 06:44 PM
1956 ආරම්භ කළ සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිඵලයක් තමයි. කොහොමත් ලංකාවේ ඉහළම පාසල්වල හැරෙනවිට අනෙක් කිසිම පාසලක සාමාන්‍ය පෙළ විභාගයටවත් හරියට ඉංග්‍රීසි ඉගැන්වීම කරන්නේ නැහැ. ගෝඨාභය ජනාධිපති කළ කතාවකින් එය පැහැදිලි වෙනවා. ඇත්තටම ලංකාවේ සියලු දරුවන්ට පළමු වසරේ සිටම භාෂා තුනම අනිවාර්යයෙන් ඉගැන්වීම කළයුතුයි... අවම වශයෙන් මව්භාෂාව හා ඉංග්‍රීසි අනිවාර්ය කරන්න ඕනෑ මම දන්නවා... අපේ දරුවන් උසස්පෙළ කරද්දී එකම දිනක්වත් ඉංග්‍රීසි ගුරුවරු පන්තියට ආවේ නැහැ කියලා... නමුත් පාසල්, ජාතික පාසල් තමයි ඉංග්‍රීසි සඳහා විද්‍යාපීඨ යන සිසුන්ට ඒවායේ පුහුණුව අවුරුදු හතරක් කරලා ලිවීම, කියවීම හා ඉංග්‍රීසි කතාව පුහුණුකර හැකියාව මත පමණක් පත්වීම් දියයුතුයි. විද්යාපීඨවලත් හරියට පුහුණුවක් දෙන්නේ නැහැ. කියලා කීප දෙනෙක් කියනවා අහන්න ලැබුණා. මේ නිසා උසස්පෙළ සමත් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉංග්‍රීසි සඳහා A සාමාර්ත තියෙන වැඩි පිරිසක් විද්‍යාපීඨවලට අරගෙන පුහුණුව දියයුතුයි. ඒ වගේම පාසල්වලට සිටින ප්‍රමාණය දෙගුණයක් ලෙසට ඉංග්‍රීසි ගුරුවරු පත්කළ යුතුයි.
බද්රානි Wednesday, 26 October 2022 07:13 PM
ඉංග්‍රීසි දැනුම කෙසේවෙතත්, සාත්තු සේවිකාවන්ගේ විෂය දැනුමට සාපේක්ෂව ලබන ගුණාත්මකභාවය අතින් ලංකාවේ හෙදියන් ඉන්නේ ඉතාමත්ම පහළ මට්ටමක. විශේෂයෙන් ඇමරිකාව හා යුරෝපයේ රටවල වෛද්‍යවරු මෙන්ම හෙදියන්ද ගුණාත්මක භාවය අතින් ඉතාම ඉහළයි. ඔවුන් ඉතාම කරුණාවන්තයි. දියුණු රටවල සෞඛ්‍ය ක්ෂේත්රය දියුණුයි කියන්නේ මේ කරුණුත් එකතු කරගෙනයි. ලංකාවේ පුහුණුව ලත් හෙදියන්ව කොහොමත් ඒ රටවලට ගැලපෙන්නේ නැහැ. ඔවුන්කළ යුත්තේ හොඳ අධ්‍යාපනයත් ඒ රටවලම ලබාදීමයි. ඔවුන්ට හෙදියන් අවශ්‍ය නම් බඳවා ගත යුත්තේ, නැගෙනහිර යුරෝපීය රටවල් වලිනුයි. නමුත් ඔවුන්ටත් බලපාන ප්‍රබලම ගැටලුව ඉංග්‍රීසි තමයි...
Thakshila Wednesday, 26 October 2022 07:59 PM
What on earth are you talking about? I am a nurse and I had my initial training in Sri Lanka. Indian, Sri Lankan and Philipino nurses are very welcomed and highly regarded in The UK , USA and Australia. Only issue is lack of English knowledge. Eastern European nurses ? Only Polish are good enough, rest are not good enough to work even as health care assistants .
බද්රානි Thursday, 27 October 2022 02:19 AM
first of all, you need to estimate correctly who you are. Have you ever worked with eastern European nurses? I have more experience working with them for many years. Sri Lankan nurses are most rude nurses in the world. you are qualified, only to Sri Lanka, not to the world. South Asian nurses including you are one face for H.R. (For Us) Treating patients differently. Am I not correct? try to be a kind human being. not just qualified a bloody Sri Lankan nurse. do you understand what I mean little nurse?
Sajini Liyanaarachchi Thursday, 27 October 2022 05:03 AM
This is the fault of education system in Sri lanka. Because in schools language skills are not developed. Writing an English paper and achieve targets is easier than skill development. Reading, Listening, Speaking and Writing all skills should be covered in schools. Unfortunately only text books are followed in schools specially in rural areas by Sinhala medium students. On the other hand Sri lankan nurses have sound knowledge and skills than other countries. Medical professionals will accept it those who have worked in abroad.
Prabha Wednesday, 26 October 2022 07:38 PM
හැබැයි ඉතින් සිංහල කතා කරන්නේ නිකන් සුද්දන් සිංහල කතාකරනවා වගේ...!
swene Wednesday, 26 October 2022 10:07 PM
පොදුවේ, සිංහල රාජ්‍ය භාෂාව කොට ඉංග්‍රීසි ගණන් නොගෙන නොසලකා හැරීමත්, හෙද වෘත්තියේ තත්ත්වය ගැන සැලකීමේදී අපගේම බමුණු දොස්තර කුලය විසින් හෙද උපාධි අධ්‍යාපනයට හරස් වීමත් නොකලයුතු දේවල් කියලයි මට නම් හිතෙන්නේ.
Kumar (Gulf) Thursday, 27 October 2022 01:18 AM
S.W.R.D Bandaranayke , ruined the education by making all Sinhala only, today all over the world Sri Lankan majority of the professionals suffer due to that foolish decision.
BamunuarachchiThursday, 27 October 2022 01:34 PM
ඔබ සිංහලයෙකු නොවන බව මට විශ්වාසයි. බණ්ඩාරනායක මහතා නොවන්නට තවමත් දෙමළ, බර්ගර්, මැලේ මිනිසුන් රට පාලනය කරන අතර සිංහල බෞද්ධ අපි අපේම රටේ තුන්වන පන්තියේ පුරවැසියන් වනු ඇත.
බද්රානිThursday, 27 October 2022 07:45 PM
අනේ මේ ඔය මහලොකු සිංහල බෞද්ධ නායකයෝ ඔය කොලේ හොඳටම? දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් නායකයින් මේ රට පාලනය කළා නම් ඔය කියන හිඟන සිංහල බෞද්ධයින්ටත් අඩුතරමේ කාල ඇඳලා හරි සතුටින් මේ රටේ ජීවත් වෙන්න තිබුනා. මුස්ලිම් ක්‍රිස්තියානි රටවලට ගොස් බැලමෙහෙවර කම් නොකර. මෙහෙ හිඟන රැල පිටරටවලට වීසා ගන්න පොරකනවා, තව එනවා මෙතන සිංහල බෞද්ධ පුරාජේරුව කියවන්න. දැන් ඔය පිනට ගිලිමින් ලොකු ලොකු වාහන පැද පැද සැපට ඉන්නේ මෝඩ හිඟන්නන්ගේ පින් පෙට්ටියටත් විදලා තලෙයිබාන් වාදී බමුණෝ රැලක්?? මෙතන ලොකු කම් කියනවා නම් යන්න එපැයි මියන්මාරයට එහෙත් ඉන්නේ මේ වගේම ගැලපෙන මෝඩ ගොන් රැලක්.
Chandrika Nanayakare Thursday, 27 October 2022 11:12 PM
එය අපේ රටේ බරපතළ ප්‍රශ්නයක්. අවස්ථාවක් ලබා දුන්නොත්, මට ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වැඩි දියුණු කළ හැකිය.
janahitha Monday, 31 October 2022 02:45 PM
රෝහලට එන්නේ දුප්පත් ජනතාව නිසා... බොහෝමයක් ආඩම්බරකාරී ගැහැණු ළමුන් කතාකරන්නේ වැරැදි විදිහට... හිතන්නේ නැතිබැරි අය කියලා. ඉංග්‍රීසියෙන් නම් කවදාවත් බනිනවා අහලා නැහැ. නිහතමානී අය අඩුය.