IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම?

අමතක කර දමා පැනවූ සුව                           නියම

ආ හැමදෙනා එක්වුණ කලකදි                මෙහෙම

අත්හල විටදි සිරුරින් හුස්මක                       මහිම

කඩදහි පෙට්ටියද දිවියක                      වටිනාකම?

(ආරියසේන හඳුවල)

දිගින් දිගටම රටේ කොවිඩ් මරණ වැඩිවමත් සමග දෙහිවල ගල්කිස්ස මහා නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රී පියන්ත සහබන්දුගේ අදහසක් මත ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට් සහන මිලට ලබාදීම පසුගියදා ආරම්භ කළේය.

ඒ අනුව ගල්කිස්ස නගර සභාවෙන් රුපියල් දහදාහක් වැනි ඉතා අඩු මුදලකට මෙම මිනි පෙටිටියත් අවමගල්‍ය රථයත් සියලුම සේවාවන් මෘත ශරීරාගාරයේ එම දේහය රැගෙන කනත්තේ ආදාහනය දක්වා සියලු කටයුතු කිරීමට කටයුතු යොදා ඇත.

එහිදී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනි පෙට්ට්යක් අද (01 ) දෙහිවල නැදිමාල් කනත්තේ දී අදහනය කළ අයුරු 

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (33)

කඩදහි පෙට්ටියද දිවියක වටිනාකම?

සිරිබිරිස් Wednesday, 01 September 2021 07:33 PM

හොඳ වැඩක්.... මැරුණාට පස්සෙ මොන පෙට්ටියට දැම්මත් මොකද? පුච්චන හරි... වළලන හරි එකනේ...

:       75       138

lakvidu Wednesday, 01 September 2021 07:35 PM

බුදුදහමට අනුව නම් මේ දෙතිස් කුණපයෙන් සෑදුණු පංවස්කන්ධයේ කඩදාසි පෙට්ටියක් තරම්වත් වටිනාකමක් නැත...!

:       64       146

NihalThursday, 02 September 2021 05:44 AM

ඔබලාට වටිනා පෙට්ටි වල දාන්න පුළුවන්නේ, පුච්චන්න හෝ වල දමන්න.

:       1       6

kasun Wednesday, 01 September 2021 08:18 PM

මළාට පස්සේ මොකේ දැම්මත් මොකද අප්පා...? හැම එකේම වැරැදිම හොයන්නේ ඇයිද මන්දා..?

:       64       100

suddaThursday, 02 September 2021 11:48 AM

කවියේ මුල් පද දෙක​ කියවන්න​. මේ කාඩ්බෝඩ් පෙට්ටි විවේචනය කිරිමක් නොවෙයි කරන්නේ... එයින් එන යටි අරමුණ තමයි සෞඛ්‍ය නීති ගණන් නොගෙන කරන වැරැදි හැසිරීම් නිසාත් ජනතාව මිය යනවා. ඒ ගැනවත් නොසිතන මිනිසුන්ටයි මේ කවියෙන් අමතන්නේ මට තේරෙන විදිහට​... මේ අන්තිම පදයෙන් අහන්නේ එවැනි මිනිසුන් අනික් අයගේ ජීවිත කාඩ්බෝඩ් කෑල්ලක් ගානට දානවද කියන එක නේද​?

:       4       7

Nihal Wednesday, 01 September 2021 08:27 PM

මිල අධික ඒවායේ ධනපතියන්ගේ සිරුරු පුච්චනවා.

:       7       78

ShanThursday, 02 September 2021 02:09 AM

ඔව්, ගෑස් දාහකයේ ශරීරය පිළිස්සීමේදී අධික උණුසුම ගැන ඔවුහු බිය වෙති

:       2       64

reks Wednesday, 01 September 2021 09:42 PM

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජිවිතේ මල්ලි...

:       0       43

janahithaThursday, 02 September 2021 01:20 PM

කඩදාසි පෙට්ටියක් වාගෙයි අපේ මේ ජිවිතේ මල්ලි

:       0       5

neil Wednesday, 01 September 2021 11:04 PM

ඔයාලා වගේ බරපතල වහල්ලු ඉද්දි කඩදහි පෙට්ටියක් ලැබුන එකත් පුදුමයි.

:       10       54

Perera Thursday, 02 September 2021 01:12 AM

මිනිස් ජීවිතේ තක්සේරු වෙන්නේ මැරුණම ගෙනියන පෙට්ටියෙන් ද.?

:       2       46

Nimal Thursday, 02 September 2021 05:35 AM

""අමතක කර දමා පැනවූ සුව නියම"" කවිය ලියලා තියෙන්නේ නියම වහලෙක්.

:       11       5

Nihal Thursday, 02 September 2021 05:40 AM

මැද පෙරදිග පෙට්ටි නැහැ.

:       1       5

balayaThursday, 02 September 2021 01:58 PM

නැ තියෙන්නෙ මුට්ටි

:       1       0

Daya S. Thursday, 02 September 2021 06:02 AM

ලීයද පිදුරුද - මලකඳ නොදනී රූපය දිරතී - නාමෙ නොදිරතී

:       0       7

නාරන් Thursday, 02 September 2021 06:42 AM

ඉතාමත්ම හොඳ වැඩක්. ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කළයුතුයි.

:       1       21

kamal Thursday, 02 September 2021 07:12 AM

ජීවත්වෙලා ඉන්නකන් කල නොකළ දේවල් වල තමයි වටිනාකම තියෙන්නේ. යනකොට යන භාජනයේ නෙවෙයි

:       0       14

මුණසිංහ Thursday, 02 September 2021 07:24 AM

ජීවිතයක වටිනාකම මැරුණට පස්සේ දාන පෙට්ටියෙන් මණින්න බැහැ. ජීවත්වන කාලයෙහි කල දේවල් වලින් මණින්න පුළුවන්. පාතාල නායකත්වය මැරුණට පස්සේ ලක්ෂ ගණන් වටිනා පෙට්ටි වල දානවා මතක ඇතිනේ. එනිසා මේ පෙට්ටියෙන් ජීවිතයක වටිනාකම මණින එක වැරදියි. සරල අවසානයක් තමා තිබිය යුත්තේ .

:       0       11

gamini Thursday, 02 September 2021 08:31 AM

අනවශ්‍යයි මල් වඩම්, මිනී පෙට්ටි, හෙමින් යන මිනී කාර් , ඇත් දල , පහන් වැටි , බුමුතුරුණු , උඩුවියන , පුසුඹ පැන්, පාවාඩ,පොරි, කාසි, පැන් වැඩිලි , ගුණ කථන, යකඩ කට, පීකරය,පඩික්කං, පිරිකර, නෙස්කැෆේ, විස්කෝතු වට්ටක්ක, කරවල රැලි පාලම් නිවන් සුව බැනර් කණුවලට පෝස්ටර් වල කැපිලි, බැඳි චිතක අරක්කුද, කසිප්පු ද කැරම් හා බූරුවා පවුල, වරිගයද, හිත හිතමිත්‍රාදීන් ද, අවමංගල්‍ය අධ්‍යක්ෂවරු, පන්දම් රැගෙන බෑනලා, වැලපිලිද, කඳුළැලිද සමුගැනිලි, පස් දැමිලි ඒවා නැතුවත් ඇහැක මැරෙන්නට.. ස්තුතියි කොරෝනා කියාදුන් පාඩමට ජීවිතය මරණය දෙකක් නොව එකක් බව හරිම හරි සරළයි..

:       0       22

Bamunuarachchi Thursday, 02 September 2021 10:08 AM

මුස්ලිම් මිනිස්සු මීනී වලලන්නේ ටොපියක් වගේ රෙද්දක ඔතලා. ආදර්ශයට ගන්න

:       2       9

rathneThursday, 02 September 2021 02:00 PM

දැන් ටොෆියක් වගේද මැරෙන්නේ?

:       1       1

BamunuarachchiFriday, 03 September 2021 09:03 AM

මැරෙන විදිහටද වලලන්න කියන්නේ?

:       0       0

Rohana Thursday, 02 September 2021 10:25 AM

තමන්ගේම ආදරණියයන් වීම නිසා මිනිය දමන්න හොඳ පෙට්ටියක් ඉල්ලා සිටිනවා. ජිවිතේ කියන්නේ මොකක්ද කියල තේරුම්ගත් අයට මියගිය පසු පෙට්ටිය වර්ගය වැදගත් නැහැ

:       1       9

Ruwan R Thursday, 02 September 2021 10:54 AM

මිනිය ආදාහනයට දාලා පෙට්ටිය ආපහු ගන්නවද ප්‍රතිචක්‍රීකරණය කරන්න?

:       2       5

රජින්දThursday, 02 September 2021 11:09 AM

"ප්‍රතිචක්‍රීකරණය කළ හැකි කාඩ්බෝඩ් මිනී පෙට්ට්යක්...." වෙනුවට "ප්‍රතිචක්‍රීකරණය කළ කාඩ්බෝඩ් මිනී පෙට්ට්යක්..." විය යුතුයි.

:       0       15

jimpoThursday, 02 September 2021 02:03 PM

ඒකනේ කොරෝනා එකේ අවසානයක් නැත්තේ...!!!

:       2       1

ගජමෑන් Thursday, 02 September 2021 12:04 PM

මහනගර සභා පණතේ කිසිම තැනක නැහැ ජ්‍යෙෂඨ නාගරික මන්ත්‍රී කියා තනතුරක්... තනතුරු තියෙන්නේ නගරාධිපති සහ උප නගරාධිපති සහ විපක්ෂ නායක තනතුරු පමණයි. ඇයි මෙහෙම පණත්වල ඇතිදේ විකෘති කරන්නේ... ?

:       0       2

ගජමෑන්Friday, 03 September 2021 07:20 AM

ඇත්තටම කියනවා නම් මන්ත්‍රී කියලත් ගැසට් කරන්නෙ නැහැ ගැසට් කරන්නෙ නගර සභා නියෝජිත කියලා

:       0       0

janahitha Thursday, 02 September 2021 01:23 PM

කාලෝචිත ක්‍රියාවක්, පුච්චන එක තමයි දුක මැරිලත් නිදහසක් නැති හැටි

:       0       2

ගමේ එකාලා Thursday, 02 September 2021 01:49 PM

සුව නීති ගණන් නොගෙන පැණිය බීපු, ගඟට මුට්ට් දාපු අයටත් වෙච්චි හරිය කවුරුත් දැක්කනේ.

:       0       2

Ruwan R Thursday, 02 September 2021 01:56 PM

මේ අර නොමිලේ රජයෙන් කරනවා කිවව වැඩේට නේද මුදල් අය කරන්නෙ

:       0       1

BamunuarachchiFriday, 03 September 2021 09:06 AM

නොමිලේ නොවෙයි නම් මේගොල්ලෝ මිනියත් ගෙදර තියාගනී. අනේ මෙහෙව් මිනිස්සු

:       0       0

gamunu Thursday, 02 September 2021 02:48 PM

පරණ කඩදාසි වලින් නිෂ්පාදිත කාඩ්බෝඩ් මිනීපෙට්ටි කාලෝචිත බව අපගේද මතයයි

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 635 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 2304 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4964 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1255 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1939 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1303 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 512 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2041 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site