IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කෲඩියා සිලනිකා ශාකය ගැන මධ්‍යම පරිසර අධිකාරිය සතු සියලු බලතල ගත්තා

විනීතා එම් ගමගේ

 

ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටස තුළ පිහිටි කෲඩියා සිලනිකා ශාඛය සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සතු බලතල අනුව ගත හැකි සියලු පියවර ගෙන ඇතැයි එම අධිකාරිය කියයි.

 

එම මාර්ගය ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කළ පාරිසරික අගැයීම් වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය විසින් තාක්ෂණික කමිටුවක් වෙතින් අගැයීමට ලක්කරන ලද අතර මහජන අදහස් විමසීම සඳහා ද විවෘත කළ බව ද එම අධිකාරිය ඊයේ (10) නිකුත් කළ නිවේදනයක සඳහන්වේ.

 

ඒ අනුව ඉදිකිරීම් සඳහා අනුමැතිය 2016 ඔක්තෝබර් 7 වැනිදා ලබා දුන් බවත් එසේ අනුමැතිය ලබා දීමෙන් පසු එහි 14 වන කිලෝමීටරය සළකුණු කළ ස්ථානයේ එනම් ගම්පහ දාරලුව ග්‍රාමයේ  දී වඳවීමට ලක්ව ඇති කෲඩියා සිලනිකා ශාඛයක් තිබී හඳුනාගත් බව වාර්තා වී ඇතැයි ද එහි සඳහන්වේ.

 

එය වාර්තාවූ වහාම අදාල ශාකය විධිමත්ව හඳුනාගෙන මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දෙන්නැයි මාර්ග සංවර්ධන අධිකාරියට දැන්වූ බවත් ඒ අනුව තම අධිකාරිය විසින් වනජීවී සංර්කෂණ දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව සමග එක්ව ඒකාබද්ධ ක්‍ෂෙත්‍ර පරික්ෂණයක් ඉකුත් දෙසැම්බර් 31 දා පැවැත්වී යැයි ද ඒ අනුව එහි පරිනත කෲඩියා සිලනිකා ශාකයක් තිබූ අතර මාර්ග පථයේ තවත් එම ශාක විශේෂ්‍යටම අයත් කුඩා පැළෑටියක් පවතින බවත් හෙනරත් ගොඩ උද්හිද උද්‍යානයේ ද මෙම විශේෂයටම අහත් පරිනත ශාකයක් පවතින බවත් අදාල ක්‍ෂෙත්‍ර පරික්ෂණයේ දී නිරික්ෂණය කළ බවත් එම නිවේදනයේ සඳහන් වේ.

 

ඒ අනුව ඒ සම්බන්ධව ඉදිරි කටයුතු කිරීමේ යෝජිත ක්‍රමවේදය පිළිබඳව සවිස්තර වාර්තාවක් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලෙෂ දන්වා ජනවාරි 05 වැනිදා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත දන්වා ඇතැයි ද ඒ සම්බන්ධව අදාළ ආයතනවල නිදේශයන්ට අනුව ඉදිරි කටයුතු සිදුකිරීමේ වගකීම ව්‍යාපෘති යෝජක වන මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීම බවත් ද එම ලිපියේ සඳහන් කර යැවී යැයි  ද එම නිවේදනයේ සඳහන් වේ.

 



අදහස් (2)

කෲඩියා සිලනිකා ශාකය ගැන මධ්‍යම පරිසර අධිකාරිය සතු සියලු බලතල ගත්තා

නන්නාදුනන හාදයා Wednesday, 10 February 2021 11:57 AM

ඔය අර අධිකාරිය, මේ අධිකාරිය කියන තැන්වල ඉන්න අය නිසා මේ රටේ පරිසරය නැත්තටම නැතිවුණා. අපි කියන්නේ මෙපමණයි.. ඔය ගසට අත තියන්න එපා. ඒ වගේමයි එක එක හොරුන්ගේ ජරාවට බලයට යටවෙලා මේ ගසට හානියක් කළොත් ඊට සම්බන්ධ වෙන සියලු දෙනාටමත් ඔවුන්ගේ පවුල්වල අයටත් ඒ ශාපය වදිනවා නියතයි...!!!

:       0       1

මෝ Wednesday, 10 February 2021 07:57 PM

පේනවා නේද ලංකාවේ නිලධාරි වාදයේ අපූරු රොකට් එකක් හදලා අභ්‍යාවකාශයට යැවීමටවත් ඔයතරම් නීති සම්ප්‍රදායන් මාලාවක් නෑ. අර අමාත්‍යාංශය, මේ අමාත්‍යාංශය අන්තිමට කොමිසමකට... මේ තරම් රෙගුලාසි මොකටද? පාරෙ ඈංගල් එක දශමයක් ඇල කරපල්ලා.... ගහ බේරේවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙ ගන්න ජල -විදුලි බිල්පත් ගෙවලා
2024 නොවැම්බර් මස 07 201 0

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර


ගුවන් යානයේ හදිසි දොර අරින්න ගිහින් අම්බානෙක ගුටිකයි
2024 නොවැම්බර් මස 07 384 0

පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.


යුක්රේන හමුදා කොරියන් සෙබළුන් එක්ක සටන් කරලා
2024 නොවැම්බර් මස 07 455 0

යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි


මේ දවස්වල බල්ලො අනිනව, මීහරක් බුරනවා: සිංහයෝ බලා සිටිනවා
2024 නොවැම්බර් මස 07 619 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ


උසස් පෙළට දින දෙයි
2024 නොවැම්බර් මස 07 524 0

අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


කමලා හැරිස් පරාජය බාරගනී
2024 නොවැම්බර් මස 07 1589 0

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 50 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 439 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1380 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site