IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කඩුවෙල සභාව ලංකාවේ ප්‍රථමවරට කසළවලින් විදුලිය උපදවයි

(ගයාන් සූරියආරච්චි)

ලංකාවේ ප්‍රථමවරට රාජ්‍ය ආයතනයක් විසින් දිරාපත්වන කසළවලින් විදුලිය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමේ ‘දිරාපත්වන කසළවලින් විදුලිය’ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල මෙම 21 දා පස්වරු. 3.00 ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල වෙලේහන්දිය ‘රන්පැලැස්ස’ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

කසළවලින් නිපදවෙන ජීවවායු උපයෝගී කරගෙන උත්පාදනය කරන විදුලිය කිලෝ වොට් 35 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම එදින සිදුකෙරේ.

කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශය තුළ දිනකට කසළ ටොන් 100 කට ආසන්න ප්‍රමාණයක් එකතු කෙරෙන අතර ඉන් දිරාපත්වන කසළ ටොන් 10 කින් පමණ ජීවවායු නිපදවා එමගින් විදුලිය උත්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයවේ.

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර එම ව්‍යාපෘතිය පිළිබඳව ජයවිලාල් මහතා මෙසේ ‘විදුසෙවණ’ට අදහස් පළකළේය. 

“දිනකට කඩුවෙල නගර සභා බලප්‍රදේශයෙන් කසළ ටොන් 100 ක් පමණ එකතු වෙනවා. ඉන් දිරාපත්වන කසළ ටොන් 45 ක් පමණ වෙන් කෙරෙනවා. දැනට අප පවත්වාගෙන යන කසළ කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකෙරන කසළ කළමනාකරණ ක්‍රියාවලියට අමතරව එම දිරාපත්වන කසළවලින් ජීව වායු නිපදවා එමගින් විදුලිය උත්පාදනය කිරීමට පෙර සිටම අප සැලසුම් කර තිබුණා. 

වර්තමානය වනවිට පවතින විදුලි අර්බුදයට හොඳ පිළියමක් ලෙස මෙම ව්‍යාපෘතිය අපට ක්‍රියාවට නඟන්න මෙය මහඟු අවස්ථාවක් වුණා. කසළ ටොන් 10 ක් පමණ දිරාපත්වීමට සලස්වා එමගින් නිපදවෙන ජීවවායු ටැංකිවල තැන්පත් කර එම  ජීව වායුවලින් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලිය උපදවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයි. 
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන කමිටුව (යූ.එන්.ඩී.බී.)  මගින් උපදේශන සේවා අපට සැපයීම සිදුකළා. පසුව කඩුවෙල නගර සභාවේ ප්‍රතිපාදනවලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අප තීරණය කළා. මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 200 ක් පමණ අප වැය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට වාසි දෙකක් අත්වෙනවා. සාමාන්‍යයෙන් නගරසභා බලප්‍රදේශයේ කසළ එකතු කිරීම සඳහා ජනතාවගෙන් අපි මුදලක් අයකරනවා. මෙම ව්‍යාපෘතිය මගින් එම අයකිරීම් නතර කිරීමට බලාපොරොත්තු වන අතර අප විසින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමෙන් පසුව එමගින් අපට ලැබෙන මුදල සභාවේ විදුලි බිලෙන් අඩුකිරිම සිදුකෙරෙනවා.  

අනෙක් කාරණාව නම් නගරයේ කසළ කඳු ගොඩගැසීම අප නැත්තටම නැති කර තියෙනවා. ඒ වගේම කසළ එකතු කරන මුදලාලිලාට මුදල් වැය කිරීමට සිදුවීම ද නවත්වා විශාල මුදලක් ඉතිරි කරගෙන තියෙනවා. ඊට අමතරව අප විසින් නිපදවන ජීවවායු ගෑස් ගෘහස්ථ අවශ්‍යතා සදහා අවට ජනතාවට නළ මාර්ගයෙන් ලබාදීමටත් අප ඉදිරියේදී කටයුතු කරනවා.    

අප සිදුකළ අත්හදාබැලීම්වලට අනුව පැහැදිලි වන්නේ කසළ ටොන් 10 කින් ඉතා සාර්ථකව විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී එය කසළ ටොන් 20 ක් දක්වා වැඩි කිරීමටත් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් නිපදවීමටත් අපි බලාපොරොත්තු වෙනවා. 

මෙම ව්‍යාපෘතියට අමතරව මාසයකට ටොන් 35 ක පමණ කාබනික පොහොර නිපදවීම සිදුකරන අතර ප්‍රදේශයේ ගොවි ජනතාවට සහන මිලකට ලබාදීම සිදුකරනවා. ඊට අමතරව ඉවත දමන පොලිතින් නිසියාකාරව ඇසුරුම් කර සිමෙන්ති නිපදවන සමාගම්වලට ලබාදී සභාවට ආදායම් ඉපැයීම ද සිදුකරනවා.” යැයි ජයවිලාල් මහතා පැවැසීය.   



අදහස් (14)

කඩුවෙල සභාව ලංකාවේ ප්‍රථමවරට කසළවලින් විදුලිය උපදවයි

Asanka Saturday, 18 February 2023 08:59 AM

පක්ෂ භේදයකින් තොරව රට ගැන හිතන මිනිස්සු...

:       1       133

[email protected] Saturday, 18 February 2023 09:24 AM

මේ පාර මාලිමාවට​. ඕවා අපිට වැඩක් නැහැ.

:       117       7

SanthuSaturday, 18 February 2023 12:50 PM

මේ පාර මාලිමාව මේ පාර මාලිමාව කිය කිය හිටියාම හරිද කවුරු හෝ රටට සෙතක් කරනවා නම් සතුටු වෙන්න මෝඩ හරකෙක් වගේ තප්පු නොතලා තමුන්ලා උඩක් බිමක් නැති කුහක සංවිධානයක් බව ලොවම දන්නවා...

:       3       77

Prabha Saturday, 18 February 2023 02:10 PM

1996 න් පස්සේ ක්‍රිකට් බලන්න පටන් ගත්තු අයයි... හිටපු හැටියේ මාලිමාවට හැරුණු අයයි අතර වෙනසක් නෑ...

:       31       25

SanthuSaturday, 18 February 2023 07:27 PM

හ්ම්.. හිටපු හැටියේ හෝ දශක 6ක කාලයක් තිස්සේ හෝ මාලිමාවට හැරුණු ගාන බලමු නේද? ඊළඟ මැතිවරණයෙන් පෙර සේ....

:       0       0

NihalSaturday, 18 February 2023 03:49 PM

මාලිමාවට තියෙන ජන ප්‍රසාදය නැති කරන්න ඔය මෝඩ අදහසට මන්ද බුද්ධික අයෙක්වත් රැවටෙන්නේ නෑ...

:       0       0

BamunuarachchiSunday, 19 February 2023 07:51 AM

මේ වගේ ජෙප්පන් තමයි මේ රටට 1971 සිටම හෙනයක් වුනේ...

:       0       0

Santhu Saturday, 18 February 2023 09:42 AM

මෙම ව්‍යාපෘතිය මුලු රට පුරාවටම ව්‍යාප්ත වී, රටේ පවතින විදුලිය අර්බූදයට මහඟු සෙතක් සැලසී, අහිංසක ඡනතාව ආර්ථික අතින් මිදෙත්වා..!

:       1       79

Perera Saturday, 18 February 2023 10:32 AM

ව්‍යාපෘතිය දූෂණ වංචාවෙන් තොරව කෙරෙනවා නම් මෙය ආදර්ශයට ගෙන ඉතාමත් අගය කොට සලකා රට පුරා තිබෙන අනෙකුත් පළාත් පාලන ආයතන මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි.

:       0       67

anura Saturday, 18 February 2023 10:45 AM

ඔබගේ ව්‍යාපෘතියට ජය පතනවා. හූල්ල හූල්ල උඩ බලාගෙන අරගල කරමින් ජනතාව අපහසුවට පත්කරන්නන් හට ඔබතුමාලා කර ඇත්තේ උතුම් බුද්ධිමත් ආදර්ශයක්...

:       2       67

Viparama Saturday, 18 February 2023 11:43 AM

ඉතා වැදගත් සහ වටිනා ආරම්භයක්...!

:       0       60

නාගරිකයා Saturday, 18 February 2023 12:51 PM

කොළඹ නගරාධිපතිණියට කඩුවෙල නගරාධිපතිගෙන් අභියෝගයක්!

:       1       42

සිල්වා Saturday, 18 February 2023 01:45 PM

බුද්ධික ජයවිලාල් මැතිතුමනී, ඔබ මුළු රටටම ආදර්ශයකි. ජනාධිපති ඇමති ඇතුළු සියලු දෙනා විදුලිබිල වැඩි කිරීමට පොර කන අවධියේ ඔබ විදුලිබිල අඩු කරන්නේ මෙහෙමයි කියා ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වූවා. ඔබට සුබ අනාගතයක්....!

:       0       43

sam Sunday, 19 February 2023 06:55 AM

බලාගෙන මේ කාලකණ්ණි පාලකයෝ ඉන්න ආණ්ඩුව ඕකටත් කොහේ හරි රටකට කීයකට හරි විකුණලා ලෑස්ති වෙයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 1569 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1140 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 91 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2968 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 747 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1479 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 306 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1736 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site