(කේ බුද්ධික කුමාරසිරි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ප්‍රියත් නිකේෂල නැමැත්තාට තලංගම කොස්වත්ත ප්‍රදේශයේ දී පහර දී ඔහුගේ රථයට හානි කිරීම සම්බන්ධයෙන් කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න අත් අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
හිටපු නගරාධිපතිවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවද පොලිසිය පැවසීය.
පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර කඩුවෙල මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලුපිරිසක් පැමිණ මෙම පහරදීම සිදු කර ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසයි.
ඉකුත් වසරේ මැයි මාසයේදී අරගලකරැවන් විසින් හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයා ඇතුලු පිරිසක් පහරදී බේරේ වැවට දැමීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කිරීමේ සිද්ධියක් මත තමන්ට පහර දුන් බවට පහරකෑමට ලක් වූ ප්‍රියත් නිකේෂල නැමැත්තා තලංගම පොලිසියට සිදු කල පැමිණිල්ලෙහි සදහන් බවද පොලිසිය පවසයි.
අදාල පහරදීම සිදු කරන ආකාරය පහරකෑමට ලක් වූ තැනැත්තා ජංගම දුරකතනය මගින් වීඩියෝ පටිගත කර ඇත.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති අත් අඩංගුවට
විසිල් Thursday, 11 May 2023 07:13 AM
රිමාන්ඩ් එකේ ගෙදර ට වඩා සැපේ ඉදී. ඒවා පත්තරේ දාන්නේ නෑ. ඒත් මිනිස්සු දන්නවා .
නිහාල් Thursday, 11 May 2023 08:20 AM
ජංගම දුරකථනයෙන් වීඩියෝ නොකළා නම්... "තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරනවා“
nandani Thursday, 11 May 2023 09:22 AM
පොහොට්ටුවේ සාමාජිකයන්ට සහා උන්ගේ වල වහල් බයියන්ට හෙණ හත වැදියන් , උන් මකබැවිලා පල !!!
Pradeep Kumara Thursday, 11 May 2023 09:42 AM
මාංචු දාපු අත්දෙක උස්සලා පෙන්වන්නේ හරියට ලොකු හපන් කමක් කරලා වගේ. අයුක්තිය අසාධාරණයට එරෙහිව සටන් කරලා නොම්මර 17 චිත්‍රපටයේ විජය කුමාරතුංග ගියෙත් ඔහොම තමයි.
අමාThursday, 11 May 2023 10:18 AM
මොන්ගල් පොරවල් ඉන්නකොට රටකට මෙහෙම දේවල් බලන්න පුලුවන්, එයාලට පහරදෙනව අදුරන්නත් බෑ මාන්චු දාපුව අදුරන්නත් බෑ.
Perera Thursday, 11 May 2023 10:08 AM
ලංකාවේ දේශපාලුවන්ගෙන් 90% මදාවි ,ධාමරික ,හොර ,වංචා ,දූෂිත චරිත .මුන්ට චන්දෙ දෙන හැමෝම අති අන්ත බොරු මී හරක්
Amali Thursday, 11 May 2023 11:15 AM
ගහන්න හේතුව ගැන කවුරුවත් හරියට කියන්නේ නැනේ... නිකන් ගහන්නේ නෑනේ...
podi hadaya Thursday, 11 May 2023 12:31 PM
කඩුවෙල ජනතාවනි, මෙවැනි නරුම, දාමරික තක්කඩියන් නැවත කිසිදා පත් නොකරනු. මන්ද යත් ඊළඟට මෙයා අත උස්සන්නේ ඔබගේ දරුවන්ට හෝ පියාට හෝ සහෝදරයින්ට...
fairoos Thursday, 11 May 2023 12:52 PM
අරගලය නිසා පොඩි වෙනසක් හරි රටේ උනා .නැත්නම් ජරාපක්ෂලා එකතුවෙලා රට ඉවර කරන්නයි ගියේ