IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුඩු කතක් මොරටුවෙන් අල්ලයි

දෙදරු මවක වූ ගැබිණි කතක් කුඩු ග්‍රෑම් 2300ක් සමග මොරටුව එගොඩඋයනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඇය තම තුන්වැනි දරුවා බිහිකිරීමට ඇත්තේ තවත් දින නවයක් බව ද පොලිසිය පවසයි. ඇගේ අනෙක් දරුවන් දෙදෙනාම බිහිකොට ඇත්තේ බන්ධනාගාරයේ දී බව ද සඳහන් වේ.



අදහස් (0)

කුඩු කතක් මොරටුවෙන් අල්ලයි

නිමල් Sunday, 04 August 2013 06:47 PM

දරුවාගේ පියා කව්ද? (දී).

:       0       0

චන්දා Sunday, 04 August 2013 03:09 PM

රේණුකා, ඔබේ අනුකම්පාව නරකම නැහැ, යම් තරමක් අපිත් වග කියන්න වෙන කරුණක් ලෙස පෙන්වීම. (නි)

:       0       0

ප්‍රියංකර Sunday, 04 August 2013 10:32 AM

මේ කාන්තාවත් දේශපාලන බලවතෙක් වුණා නම් මේ කරදර මොනවත් නැහැ (නි)

:       0       0

කසුන් Saturday, 03 August 2013 09:58 PM

ඔච්චර කුඩු ගොඩක් එක මිනිහෙක් කොහොම තියාගත්තද? (නි)

:       0       0

නාමලී Saturday, 03 August 2013 10:12 PM

එහෙනම් ඉතින් 3න් වැනියත් හිරේදීම බිහි කරන්න. නරකම නැහැ. ඒ වුණාට අම්මේ තමන්ටත් දරුවෝ ඉන්දැද්දී අනික් අයට කුඩු පොවන එක නම් මහම මහා අපරාධයක්.කන්න නැත්නම් හිඟාකන්න එක නම්බුයි ඊට වඩා. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 03 August 2013 10:15 PM

බන්දනාගාරය තිඹිරිගෙය කරගන වාර්තා පොතට ඇතුල්වීමේ අදහසක් එහෙම තිබෙනවද කියලා අහලා බැලුවා නම්... (නි)

:       0       0

ප්‍රදීප් ඩුබායි Saturday, 03 August 2013 11:09 PM

දරුවෙකුත් බඩේ තියන තවත් දරුවන් නාස්ති කරලා එයාලගේ අනාගතයම නැති කරන්න හදන මේ වගේ ගෑනුන්ට මොන දඩුවම් දෙන්නද කියල මට නම් හිට ගන්නවත් බේ..ජිවත් වෙන්න කියල සල්ලි වලට ඕනෑම දෙයක් කරන එක හරිද?(අ)

:       0       0

රුවන් Saturday, 03 August 2013 11:27 PM

සුභ අනාගතයක් මවට හා දරුවන්ට (අ)

:       0       0

ප්‍රියා Saturday, 03 August 2013 11:30 PM

අනේ මෙහෙමත් අම්මල, අම්ම අනුන්ගේ ජීවිත නැති කරනවා කුඩු විකුණලා, කුඩු නැති කලොත්, අනික ගෑනු රට යවන එක නැතිකරන්න, මේ දෙකම රටට පලක් නැති දේවල් (අ)

:       0       0

සංජිව Sunday, 04 August 2013 12:11 AM

එගොඩඋයන අපේ ගම. තුන්වෙනියත් හිරගෙදරටම ගිහිල්ල බිහිකලාම ගමටම හරි ආඩම්බරයක්. (අ)

:       0       0

තබුක් සිල්වා Sunday, 04 August 2013 12:20 AM

කුඩු අල්ලනේ නැතුව ඔය අල්ලන සියලුම දෙනා සැක පිට ද අල්ලනයි (අ)

:       0       0

සුමිත් Sunday, 04 August 2013 12:54 AM

බන්ධනාගාර වල දරුවන් බිහිකර ලෝක වාර්තා තියන්නයි හදන්නේ. (නි)

:       0       0

ප්‍රදීපා Sunday, 04 August 2013 03:31 AM

මෙයා මේක පුරුද්දක් කරගෙන වගෙයි. ළමයා හිරේදී ලැබුනම අවුරුදු ගණනක්ම අම්මගෙයි, ළමයගෙයි නඩත්තුව හිරගෙදරින් නේද? ඒකත් නරකම නැහැ. කොහොමද ටිකිරි මොලේ? (නි)

:       0       0

රේණුකා Sunday, 04 August 2013 06:44 AM

හිතවත් ඔබ හැමෝම එක්කෙනෙකුට දොස් කියන්නේ.කෝ මේ අම්මගේ දරුවන්ගේ තාත්තා කෝ? ඒ අම්මාගේ මානසික තත්වය ගැන සිතුවද? අඩුම ගන්නේ මේ ගැහැනිය එක වේලක් බඩපිරෙන්න කාලා තියෙනවද හිතුවද? ජිවිතේ තනි වුණ විට කරන කියන දේ , කාන්තාවන් වන අපි සානුකම්පිතව බලමු. අපේ දරුවන් ගැන අපි දන්නේ නැත.හෙට දවස ගැන අපි දන්නේ නැත. (නි)

:       0       0

සේනාරත්න Sunday, 04 August 2013 02:40 PM

රේණුකා, ඔබ කියන්නේ කාන්තාවන් කුමන වරද කළත් අනෙක් අයගේ සමාව ඇයට ලැබිය යුතුයි කියලද? කොහොමද රේණුකාගේ ටිකිරි මොළේ... (නි)

:       0       0

නලින් Sunday, 04 August 2013 06:44 PM

විය යුතු දේවල් (දී).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 76 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 123 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1782 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2662 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2021 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 525 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36865 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24331 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 572 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site