IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කුඩු කතට පොලිස් කූඩුවේදී විලිරුදාව.

හෙරොයින් මත්කුඩු සමග සැකපිට අත්අඩංගුවට  ගත් රන්මලානේ ගැබිනි මවක ගල්කිස්ස පොලිස් සිරමැදිරියේදී විලිරුඳාව සෑදී කළුබෝවිල රෝහලට ඇතුළු කිරීමෙන් පසුව දරුවකු බිහි කළාය. ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මහත්මිය රෝහලට  ගොස් ඇය ශරීර ඇපමත මුදාහරින ලෙස නියෝග කළහ.



අදහස් (0)

කුඩු කතට පොලිස් කූඩුවේදී විලිරුදාව.

නිලූ Tuesday, 05 June 2012 03:06 AM

ආචර්‍ය සහා මහාචාර්‍ය,,,, පිස්සු නෑත්තම් හොඳයි....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 04 June 2012 10:20 AM

අලිබබා මහතා හා පුෂ්පා මහත්මිය දක්වා ඇති අදහස් මමද අනුමත කරමි. මෙවැනි අවස්ථාවකදී නීතිය මෙන්ම මනුෂ්‍යත්වය කෙරෙහිද එක සමානව සලකා බැලූ ගරු මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මැතිතුමිය වෙත මගේ හෘදාංගම ගෞරවය පුද කරමි.මා සමඟ ත්‍රිපිටක පරීක්ෂණවලට පෙනී සිටි කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීතිපති පශ්චාත් උපාධි ලබා දැනට වැඩබලන මහේස්ත්‍රාත් තනතුර හොබවන මගේ කල්‍යාණ මිත්‍රයින්ද මේ සමඟ ඉතා ආදරයෙන් සිහිපත් කරමි.

:       0       0

දයා,saudi Tuesday, 05 June 2012 10:50 AM

නිලූ, යන්නේ කොහෙද මල්ලේ පොල්නේ නේද?

:       0       0

උදය Monday, 04 June 2012 03:36 PM

ආචාර්ය තුමාගේ ඖෂද පිළිබඳ ලියල තියන එක ඔය කුඩු ලග තබාගත්ත සිද්දියත් අතර සම්බන්දය පැහැදිලි කරනවද? ආචාර්ය තුමෝ..........අනෙක දරුවෙක් ලැබෙන්න ඉන්න ගැහැනියකට මේ විදියෙ බොරුවක් කරල අත් අඩන්ගුවට ගන්න තරම් මෝඩයො නැහැ ආචාර්ය තුමෝ පොලීසියේ...ඔයා මේ විදියට පොලිසියට පොලිස් නිලදාරීන්ට අපහාස කරන්න එපා...

:       0       0

හොඳ පුතා Monday, 04 June 2012 03:42 PM

මේ ගෑනු කෙනා ඇත්තටම මේ වරද කලා නම් දඬුවමක් දෙන්නම ඕනි. හැබැයි අර අහිංසක දරුවට මව් කිරි බොන්න තියෙන අයිතිය නම් උදුරා ගන්න එපා. පරපුරක් වනසන්න අනුබල දීල කුඩු විකුනපු ගැනු කෙනෙක් තමාගේ ළමයට උනත් කිරි දෙයිද කියලත් සැකයක් තියෙනවා. අර විනිශ්වයකාර තුමියට අපේ ආචාරය.

:       0       0

අචිනි Sunday, 03 June 2012 11:19 AM

උතුම් මව් පදවියට නිගරුවක්..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 03 June 2012 01:46 PM

හොඳට හොයලා බලන්න මේ ගෑනිව පොලිසියෙන් ඇල්ලුවේ ඇත්තටම කුඩු ළඟ තියා‍ගෙත ඉදලාද කියලා.නැතිනම් කුඩු දාලා ඇල්ලුවද කියලා. මොකද බොහෝ වෙලාවට පොලීසියෙක් කරන්නේ කුඩු දාලා බොරුවට අහිංසකයෙක්ව අල්ල ගන්න හදන එකනේ.අයුතු දෙයක් කරන්න ගිහින් වැරදුනාමත් පොලීසිය කරන්නේ බොහේවිට බොරු චෝදනාවක් ඉදිරිපත් කරලා රිමාන්ඩ් කරලා තමන් බේරෙන්න හදන එකයි.ඒ නිසා මෙහි දෙපැත්තක් ඇතිබව කමෙන්ට්ස් පළ කරන අය තේරුම් ගත්තොත් හොඳයි. ඒ වගේම මේකත් කියන්න ඕනේ.මෙකේ කමෙන්ට්ස් පළ කරන උදවිය මගේ ආචාර්ය උපාධිය ගැන නෙවෙයි කමෙන්න්ට්ස් පළ  කරන්න ඕනේ මේ ප්‍රවෘත්තිය ගැන විතරක් බව හොඳින් සිහිතබා ගෙන කමෙන්ට්ස් පළ කරන්න මහන්සි ගන්න.මම මගේ උපාධි නාමය භාවිතා කරන්නේඅද ඊයේ ඉඳලා නෙවෙයි.ඒ වගේම විශ්වවිද්‍යාලයේදී මගේ උප‍දේශක මහාචාර්යවරු ඉදිරියේදීම මට එය භාවිතා කරලා තිබෙනවා.ම‍ට සිදුවූ අපහාසයට වන්දි ගෙවන්න මුදලක් ලෑස්ති කරගෙනම මට අපහාස කරන්න ලෑස්ති වෙන්න. මේක අනතුරු ඇඟවීමක්.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 03 June 2012 01:27 PM

සමහර මනෝභාවයන් ඖෂධ නිසා වෙනස්වේ.සහන ඔසු (ට්රැං කිලයිසර් ; tranquillizers සහ LSD මෙන් ) ක්‍රියාකාරීත්වයේ එබඳු ආවේදන වෙනස්කම් නිර්මාණය කරගන්නා බව පෙනෙන්නට තිබේ. සහන ඔසුවක් වූ ච්ලෝප්රො මසින් (Chlopromazine) මඟින් සම්ප්‍රක සම්ප්‍රේෂණයේදී නොරෙපිනෙප්රිසන් (Nor epinephrine) නිදහස්වීම වළක්වනු ලැබේ.එමඟින් එය හරහා ඇතැම් පණිවුඩ ගමන්කිරීමට ඉඩහැරේ.LSD ඊට සමාන සංයුතියක් ඇති ස්නායු සම්ප්‍රේෂණ කාර්යයේදී සෙරටොනින් (Serotonin) නිකුත් කෙරෙන රසායනිකයකි. සෙරටොනින් මෙන් එහි ක්‍රියාකාරීවීමේ ලක්ෂණ පෙන්වීම සහ සෛල අධිකව උත්තේජනයවීම නිශ්චිතව මොළ සෛල තුළ LSD ක්රේමයෙන් වැඩිවීම එය හැඟීම්වලට බලපාන බව පෙන්වන වැදගත් සාධකයකි. මොළ ව්‍යුහයේ සංජානන වෙනස්වීම නිසා මෙබඳු ඖෂධ ගත්විට ඇතිවන දැනීම් අසාමාන්‍ය ස්වභාවයක් ගනී.එසේම මෙය වින්දනාත්මක තත්වයක් නොවෙතත්,ඇතැම් අය මෙබඳු මානසික පසුබිමක් තුළ ඇතිවන විකෘති සංජානන හා මනෝවිකෘතීන් වින්දනයක් සේ සලකා ඊට ඇබ්බැහි වෙති.මොළයේ සමතුලිතව පැවතිය යුතු රසායනික අසමතුලිතතාවයට පත්වීම නිසා මෙබඳු ‍‍ ඖෂධ වර්ගවලට ඇබ්බැහිවූවන් ඉන් මුදවාගැනීම තරමක් අසීරුය.සිහියෙන් සිටීමට වඩා විකෘති මානසික මට්ටමින් ආශ්වාදයක් ලැබීමට යොමුවීම හානිකරය.සිහියෙන් කටයුතු කිරීමට නම් පවතින යථාර්ථය පිළිබඳ අවබෝධය හා එම අවබෝධය දරාගෙන කටයුතු කිරීමට විශාල ධෛර්යක් අවශ්‍යමය.

:       0       0

කරෝලිස් Sunday, 03 June 2012 01:54 PM

අනේ මෙහෙමත් ගෑහැණු .....

:       0       0

හර්බට් Sunday, 03 June 2012 02:01 PM

ලැබෙන්න ඉන්න දරුවටත් නින්දාවක් මේ වගේ අම්මලා

:       0       0

හසී Sunday, 03 June 2012 02:48 PM

මහේස්ත්‍රාත් තුමිය සානුකම්පිතව කටයුතු කරල තියනවා..

:       0       0

අලිබබා Sunday, 03 June 2012 02:24 PM

ඇය සිදුකර ඇති වරද ඉතා විශාලයි. දැන්වත් එවැනි වරදවල් නොකර තම ජීවිතය ගෙන යන්නේනම් ඉතාමත් හොදයි. මහේස්ත්‍රාත් තුමියගේ ක්‍රියාවද මානුෂික අයිතිවාසිකමි අනුව ඉතා ආදර්ශමත්ය.

:       0       0

පුෂ්පා Sunday, 03 June 2012 03:46 PM

මනුස්සකම දන්නා මහේස්ත‍්‍රාත් වරියක්

:       0       0

සකල බුජන් Sunday, 03 June 2012 08:14 PM

පවු දෙයියනේ.ලංකාවට වුණු නස්පැත්තියක තරම

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1116 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2134 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1026 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2473 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1724 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37867 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24953 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site