IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කුඩා ජල විදුලිබලාගාර වලින් පරිසරයට හානි

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබෙන කුඩා ජල විදුලිබලාගාර පරිසර හිතකාමී විදුලිය නිපදවෙන බව  පැවසුනද බොහොමයක් කුඩා ජල විදුලිබලාගාර පරිසර හිතකාමී නොවන දෝෂසහගත ව්‍යාපෘතීන් යැයි පාරිසරික නීතීඥ ජගත් ගුණවර්ධන මහතා අද (24) කොළඹදී පැවසීය.

කුඩා ජල විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘති වලදී ඉදිරිපත් කෙරෙන පාරිසරික වාර්තා වල පවතින දෝෂ සහගතභාවය අදාළ බලධාරීන් නිසිපරිදි අගැයුමට ලක් නොකීරීමත් ,මෙම ගැටලූව සමස්තයක් ලෙස නොදැකීම නිසාම මෙම තත්ත්වය ඇති වී ඇතැයි ගුණවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කීය

සීමාසහිත පාරිසරික පදනම හා ලංකා ජලනි ආයතන විසින් කුඩා ජල විදුලි බලාගාර නිසා වර්තමානයේ  ඇතිවී තිබෙන පාරිසරික බලපෑම් සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා ඊයේ (24) කොළඹ 07 ,රාජකීය විද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් නීතිඥ ජගත් ගුණවර්ධන මහතා මේ බව කීය.

ගුණවර්ධන මහතා කියා සිටියේ සබරගමුව පළාතේ ගංගා ,ඇළ වේලි හරස් කරමින් ඉදිකර ඇති කුඩා ජල විදුලි බලාගාර නිසා ඇති වී තිබෙන පාරසරිකව අහිතකර බලපෑම් එල්ලවී ඇති බවය. 2014 වසරේ කළ පර්යේෂණයකට අනුව කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පමණක් ඉදිකළ කුඩා ජල විදුලි බලාගාර 23 ක් නිසා එම ප‍්‍රදේශයේ ගංඟා ,ඇළ දොළ රැසක් මේ වන විට  සීඳී යාමේ තර්ජනයට ලක්වී ඇති බවද හෙතෙම කීය.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාචාර්ය අයිවන් ද සිල්වා මහතා කියා සිටියේ මේ වන විට රටපුරා ස්ථාපිත කර තිබෙන් 145 කට අධික කුඩා ජල විදුලිබලාගාර වලින් නිපදවෙන විදුලි ප‍්‍රමාණය සියයට 50කටත් වඩා අඩු බවය.

එසේම කුඩා ජල විදුලි බලාගාර පිහිටිවීම පරිසර හිතකාමී ක‍්‍රියාවලියක් බවට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් හුවා දැක්වුවද එම මතය සම්පූර්ණයෙන්ම වැරදි සහගත යැයි ද මහාචාර්ය අයිවන් ද සිල්වා මහතා පැවසීය.

Untitled-1



අදහස් (0)

කුඩා ජල විදුලිබලාගාර වලින් පරිසරයට හානි

ධනුෂ්ක Thursday, 25 August 2016 06:22 AM

පාරිසරික සුරක්ෂිතතාව ඇති කරන්න කලින් මෙරටේ මිනිසුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීම අත්‍යවශ්‍යයි. කාලාබීලා ඉවරවෙලා අහුවෙන තැනකට කුණුදාන අසංවර මිනිස්සු ඉන්න රටේ මොන පරිසර සංරක්‍ෂණද? (නි)

:       0       0

ජයතු Wednesday, 24 August 2016 04:22 PM

ස්වභාවික පරිසරය වෙනස්කර කරන ඉදිකිරීම් නිසා අනිවාර්යයෙන්ම පරිසරය විනාශ වෙනවා. (නි)

:       0       0

විජිත Thursday, 25 August 2016 06:29 AM

මට පළකරන්න අවශ්‍ය දේ පළව ඇති නිසා අදහසක් ‍ප්‍රකාශ නොකර ඉන්න සිතුවා (නි)

:       0       0

විජිත් Wednesday, 24 August 2016 05:10 PM

ලැජ්ජයි. අපි ශ්‍රී ලාංකිකයින් කියා කියන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

ටෙෂාන් Thursday, 25 August 2016 02:22 AM

ඉතින් කොහොමද අපි රටක් වශයෙන් ඉස්සරහට යන්නේ? අපේ රටේ තියෙන දේවල් වලින් ප්‍රයෝජන ගන්නේ නැතුව, කෘතීම බලාගාර හදනවා. එතකොට එ්වායින් වෙන පරිසර හානිය ගැන ඇයි කතා නැත්තේ (නි)

:       0       0

ලක්ෂ්මන් Thursday, 25 August 2016 09:51 AM

හරිම කණගාටුදායකයි. දිය ඇල්ලක් දැක්කොත් එ්ක විනාශ කරලා දානවා කුඩා විදුලි බලාගාර පිස්සුවට. කෝටි ගණන් මුදල් ලැබෙන සංචාරක කර්මාන්තයට වන හානියවත් පෙනෙන්නේ නැහැ

:       0       0

වික්ටර් Wednesday, 24 August 2016 01:51 PM

ලොකුම පරිසර හානිය මුල්‍ය නගරයයි. එ් ගැන කතා නොකරන්නේ මොකද? මුළු වෙරළම විනාශ වෙනවා. (නි)

:       0       0

දේව Wednesday, 24 August 2016 02:20 PM

දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් නිසියාකාරව පාරිසරික ඇගයීම් වාර්තා අධීක්ෂණය නොකිරීම මෙයට ප්‍රධානම හේතුව ලෙස දකිමි

:       0       0

දිලිප් Thursday, 25 August 2016 05:07 AM

දේශපාලන පිළිලය සතර දිග්භාගයම වසා ඇති අයුරු!!!!(ම)

:       0       0

රවී Thursday, 25 August 2016 06:01 AM

අපි පරිසරය ගැන කතාකරන කොට ගොඩක් අය අපිට කියන්නෙ ළිං මැඩියො, නැත්නම් දේශපාලන කණ්ණාඩි දාගෙන කියලා. රට දියුණු කරන්න ඔයවගේ දේවල් නොකර බැහැ කියලයි ගොඩක් අය කියන්නෙ. නමුත් තේරුම් ගතයුත්ත තමයි අපේ රටේ සිදුවන ව්‍යාපෘති අතිබහුතරයක්ම නිසි අධ්‍යයනයකින් තොරව සිදුවන බව. අපිට ප්‍රශ්නයක බරපතලකම දැනෙන්නෙ ඒක අපිටම වුණොත් විතරයි. මමත් පිළිගන්නවා මේව කවදාහරි කළයුතුයි කියලා. නමුත් අවශ්‍යතා අනුව නිසි අධ්‍යයනයකින් පමණක් මේවා කළයුතුයි කියන එකයි මගේ මතය.

:       0       0

කේ. සිරි Wednesday, 24 August 2016 04:22 PM

අපේ වාසනාවට රජ කාලේ මේගොල්ලෝ හිටියේ නැහැ. හිටියා නම් අපිට කලාවැව, යෝධ ඇල ආදී කිසිම දෙයක් හදන්න දෙන එකක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 123 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 89 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1662 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 693 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1619 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1292 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site