2008 දෙසැම්බර 04 වැනි දා හෙරොයින් ග්‍රෑම් 80ක් ළඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට එරෙහිව සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අද නඩු පැවරිණි.
මැයි දෙවැනි දා නඩුව කැඳවීමට නියෝග කැරිණි.
වෙලේ සුදා සමඟ ගල්කිස්සේ දී කුඩු විකුණු බව කියන මලිති සමීර පෙරේරා නොහොත් අමිල මිය ගොස් ඇතැයි නීතීපති කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මියට දැන්විය.
වෙලේසුදා හෙවත් ගම්පොල විදානගේ සමන්ත කුමාර පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ අධිරණයට රැගෙන එනු ලැබීය. ඔහු යළි හත් වැනිදා තෙක් යළි රිමාන්ඩ් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කුඩු ජාවාරම් කළැයි වෙලේසුදාට නඩු
රෂිකා Friday, 03 April 2015 05:19 AM
මේ වෙලේ සුදාට ඉස්සර පොළොන්නරුවේ නවාතැන් දීලා තියෙන්නේ වැලි රාජු බව දන්නවාද? ඒ නිසා මේක වහයි. (ස)
ජයන්ත Thursday, 02 April 2015 03:16 PM
පව් අහිංසකයා . නැති බැරි කමට කීයක් හෝ හොයාගන්න වෙන්න ඇති. දැන් ඉන්න මැති ඇමතිලා තරම් හොරෙක් නෙවේ නේද ?(හේ)
සමන් - ඕමානය Thursday, 02 April 2015 03:50 PM
අපොයි දෙයියනේ! මේ ටොන් ගණනින් කුඩු ගෙන්නුවා කිනන කතා බොරුනේ එහෙනම්. කුඩු ග්‍රැම් අසුවයිනේ ගෙන්නලා තියෙන්නේ! ඕක මොකක්ද? ඔන්න ඔහේ නිදහස් කරලා යන්න දෙන්න! අනේ වෙලේ සුදා !!! (නි)
සුමුදු හේවා Sunday, 05 April 2015 08:59 PM
මෙන්න බලාගන්න අපේ ග්‍රෑම් 80 කුඩුරාජයා. (නි)
සිල්වා Thursday, 02 April 2015 05:54 PM
පව් අහිංසකයා! සියලු දෙවියෝ හා දේශපාලකයෝ ඔහුව ආරක්ෂා කරදෙත්වා! (නි)
ධම්ම Thursday, 02 April 2015 08:49 PM
පව් අනේ වෙලේ සුදා! කුඩු ග්‍රෑම් 80ට පොඩි දඩයක් ගහලා නිදහස් කරන්න. එයා ළඟ දඩ ගෙවන්න සල්ලි නැත්නම් මම දෙන්නම්. (නි)
සංජීව Thursday, 02 April 2015 08:52 PM
කුඩු හංගපු තැන් පෙන්වන්න එක්කගෙන යන්නේ නැද්ද? (නි)
රාජුන් Thursday, 02 April 2015 09:08 PM
ග්‍රෑම් 80ද? (නි)
ඉමල්ක Thursday, 02 April 2015 12:04 PM
ඔන්න යහ පාලනේ. කෝ දැන් බෙරිහන්දීපු කට්ටිය. (ර)
පද්මසිරි Thursday, 02 April 2015 12:13 PM
පහුගිය දවස්වල මාද්‍ය මගින් මේ පුද්ගලයාගේ වත්කම් හා දේපල පිලිබදව ප්‍රචාරය කල අන්දමට, රහස් පොලිසිය රදවා තබාගන ප්‍රසන කල විදිහට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් දෙන්න වැරදි ඇති කියලනේ හිතුවේ. දැන් මේ පුද්ගලයා විකුණලා තියෙන්නේ කුඩු ග්‍රාම 80 විතරනේ. ඉක්මනට ඇප ලැබේවි. (ර)
තිලක්-ඩුබායි Saturday, 04 April 2015 09:23 AM
ඔන්න තටමල තටමල අන්තිමට දාගත්තු එකේ තරම, මේ වගේ තමයි මේ ආණ්ඩුවේ හැම වැඩක්ම! බොරු සවුදම විතරයි, හිතා ගත්ත හැකියි අනිත් චෝදනා ගැනත්! (නදී)
ප්‍රියන්ත Thursday, 02 April 2015 01:02 PM
මිය ගිය සිංගප්පූරු ජනපති ලංකාවෙවත් ඉපදුනොත් ? (ර)
මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය Thursday, 02 April 2015 02:48 PM
සමහරවිට ඇප මත නිදහස් වෙන්නත් පුළුවන්.පව් වෙලේ සුදා! (නි)