IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කඩේ නොගියාට ගම්පහ අධ්‍යක්ෂ පුටුව පෙරළයි

බස්නාහිර පළාත් සභාවේ දේශපාලකයකුට අවනත නොවීයැයි ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස් කේ මල්ලවආරච්චි මහතා ඉවත් කොට ඒ වෙනුවෙට මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ගම්පහ කලාපයට පත් කර ඇතැයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට අද  (11) පැවසීය.

එම දේශපාලකයා කලාප කාර්යාලයයට පැමිණි විට කලාප අධ්‍යක්ෂගේ පුටුවේ වාඩිවීමට ඉඩ නොදීම, පාසල් උත්සවයක දී කාලප අධ්‍යක්ෂ එම දේශපාලකයා ළඟින් වාඩි නොවීම ඇතුළු කාරණා කිහිපයක් නිසා මෙම ස්ථාන මාරුව සිදු කර ඇති බවට තොරතුරු ඇතැයි ද, ඒ ගැන පළාත් සභාවේ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදීද කතාබහට ලක්වී ඇතැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

දේශපාලකයන්ගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාතේ කලාප කාර්යාලවල ව්‍යූහ කමිටු පවත් වන බවත්, ඒවා නීත්‍යනුකූල නොවන බවත්, අධ්‍යාපනය දේශපාලනීකරණය කිරීමට පසුගිය කාලයේ පිහිටැවූ මේ කමිටු වත්මන් පාලනය යටතේ ද අහෝසි කර නැති බවත් ස්ටාලින් මහතා සඳහන් කළේය.

දේශපාලන හේතූන් මත සිදු කළ ස්ථාන මාරුව අවලංගු නොකළහොත් බස්නාහිර පළාතේ සියලු ගුරුවරුන් සමග එක්ව විරෝධතාවක් සහ වැඩ වර්ජනයක් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ ගැන කළ විමසීමක දී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා කීවේ නිලධාරීන් ස්ථාන මාරු කරන්නේ තමා නොවන ලේකම්වරයා බවයි. අධ්‍යාපන උපදේශක කාරක සභාවේ දී කතා කළ දෑ සාමූහික වගකීම යටතේ හෙළි කළ නොහැකි බවත්, කලාප අධ්‍යක්ෂගේ ස්ථානමාරුව ගැන පළාත් අධ්‍යාපන ලේකම්ගෙන් විමසන ලෙසත් ඔහු කීවේය.

පළාත් අධ්‍යාපන ලේකම් විජේබන්දු මහතා කීවේ එවැනි ස්ථාන මාරු කරන්නේ පළාත් ප්‍රධාන ලේකම්වරිය බැවින් ගම්පහ කලාප අධ්‍යක්ෂ ඉවත් කළාදැයි තමා නොදන්නා බවයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ සී ලෝගේෂ්වරන් මහතා කීවේ ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සමග කටයුතු කළ නොහැකි බවට මන්ත්‍රීවරුන් කිහිප දෙනකු චෝදනා කළ බව බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්වරයා තමාට දැන්වූ බවයි. ගම්පහ කලාපයේ ව්‍යූහ කමිටු සම්බන්ධයෙන් ගැටළුවක් ඇති බවත්, එනිසා පළාත් ප්‍රධාන ලේකම්වරිය ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා මිනුවන්ගොඩ කලාපයටත්, මිනුවන්ගොඩ කලාප අධ්‍යක්ෂ වරිය ගම්පහටත් මාරු කළ බවත් ලෝගේෂ්වරන් මහතා කීවේය.  තමා මිනුවන්ගොඩට ස්ථාන මාරු කරන ලෙස ගම්පහ කලාප අධ්‍යක්ෂ ඉල්ලා තිබුණු බව ද ආණ්ඩුකාරවාරයා සඳහන් කළේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ මිනුවන්ගොඩ කලාපයට ස්ථාන මාරු කරන ලෙස ගම්පහ කලාප අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කර නැති බවයි.



අදහස් (0)

කඩේ නොගියාට ගම්පහ අධ්‍යක්ෂ පුටුව පෙරළයි

සරත් Thursday, 12 May 2016 03:33 AM

කලක් අප විද්‍යාලයේ විදුහල්පති ලෙසත් සේවය කළ මල්ලවාරච්චි මහතා දේශපාලකයින්ට කොන්ද නොනමන පුද්ගලයෙක් , එනිසාම එතුමා අද අමාරුවේ වැටිලා (ම)

:       0       0

ජෝන් Thursday, 12 May 2016 04:14 AM

දැන්වත් ලංකාවේ මිනිසුන්ට තේරෙයි දේශපාලනයට ඇතුල්වීමට අධ්‍යාපනය සුදුසුකමක් පැනවිය යුතුයි කියල (ම)

:       0       0

පියල් Thursday, 12 May 2016 05:10 AM

මගේ බිරිඳත් අධ්‍යාපනයට සම්බන්ධ හින්දා දන්නවා දේශපාලුවෝ මේ රටේ කිසිම හොඳ වැඩක් කරන්න දෙන්නේ නැති බව. මේ රට ගැන හරිම දුකක් ඇතිවෙන්නේ. අටවත් පාස් නැති දේශපාලුවන් සිටින රටක අනාගතය ගැන කවර කතාද? (නි)

:       0       0

සේන Thursday, 12 May 2016 05:55 AM

මේක මොන විදිහේ යහපාලනයක්ද? දේශපාලුවෝ කිව්වහමද නීතියට වැඩකරන නිලධාරින්ට ස්ථාන මාරු දෙන්නේ? (නි)

:       0       0

වීරවර්ධන Thursday, 12 May 2016 07:07 AM

රජයේ සේවයට අත නොතැබිය යුතුයි. (ර)

:       0       0

කුමාර Wednesday, 11 May 2016 09:52 PM

මම යක්කල. මම දන්නවා ඇතිවුණ ප්‍රශ්නය. මේ මහත්තයා ගැන මමත් දන්නවා. හරි හොඳ කෙළින් නීතියට වැඩ කරපු මහත්මයෙක්. (නි)

:       0       0

උපාලි Wednesday, 11 May 2016 12:08 PM

තමන්ට නැති අධ්‍යාපනයක් තවත් අයට ලබා දෙනවට කවුරුත් කැමති නැහැ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 195 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 194 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 284 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 251 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 252 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 172 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38512 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25353 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 912 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site