(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අබිරහස් ලෙස සිය බිරිය ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනකු සිද්ධියෙන් දින හතරකට පසුව සැකපිට අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ තලංගම උද්‍යාන මාවතේ තාවකාලිකව පදිංචිව සිටි තාරුකා නදී කුමාරි නමැති (31) හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි.
මෙම කාන්තාව සිය සැමියා සමඟ තලංගම උද්‍යාන මාවත ප්‍රදේශයේ කුලී නිවෙසක වාසය කර ඇති අතර සැමියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවීම නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබේ.
මේ අතරතුරදී මත්ද්‍රව්‍ය පානයට ඔහුගේ මිතුරකුද සම්බන්ධ වී ඔහු නිතර නිතර නිවසට යාමට ඒමට පුරුදුව සිටීම නිසා එම බහින්බස්වීම් තීව්ර වී ඇති බව පොලිසිය කියයි.
මේ අතර ඉකුත් 06 දා සවස මිතුරා සමඟ නිවෙසට පැමිණි අවස්ථාවේදී බිරිඳ සැමියා සමග බහින්බස්වීමක් හටගෙන ඇති අතර ඊට සැමියාගේ මිතුරාද සම්බන්ධ වී ඔහු එම කාන්තාව සමග ගැටුමක් හටගෙන තිබේ.
පසුව ඔහු නිවසේ තිබූ තියුණු ආයුධයක් ගෙන එම කාන්තාවගේ හිසට ගෙලට හා ස්ථාන කිහිපයකට පහරදී බරපතල තුවාල සිදුකොට කාන්තාවගේ සැමියා සමඟ නිවසේ දොරගුළු ද දමා හිඟුරක්ගොඩ ප්‍රදේශයට පළාගොස් දින හතරකට පසුව (10) දා රාත්‍රී යළි නිවසට පැමිණ තිබේ.
එසේ එන විට එම කාන්තාව ඝාතනය වී සිටිනු දැක , දෙදෙනා බිය වී ඒ පිළිබදව කතාවක් ගොතා තලංගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලක්ෂිත මහතා හමුවී ව්‍යාජ පැමිණිල්ලක් සිදුකර තිබේ.
පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පරීක්ෂාකොට සැමියාගෙන් සහ මිතුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදෙන පරස්පර ප්‍රකාශ නිසා සැකසිති අත්අඩංගුවට ගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය තමා විසින් සිදුකළ බවට පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ.
-------------------------------------------------------
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම තලාහේන නිවසක් තුළදී සැමිය ඔහුගේ හිතවතකු සමග එක්ව 31 හැවිරිදි බිරිඳ ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි.
මරණකාරිය සැමියා සමග නිවසේ කුලී පදනම මත ජීවත්ව ඇති අතර පුරුෂයා සහ ඔහුගේ යාළුවා විසින් තියුණු ආයුධයකින් පාරදී කාන්තාව ඝාතනය කර නිවසෙහි දොරකුළු දමා පිටව ගොස් ඇති අතර පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණිලි කළ බව පොලිසිය කියයි.
මෙම අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 31ක් වන වන හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචි මරණකාරියගේ ස්වාමිපුරුෂයා සහ වයස අවුරුදු 44 ක් වන ගලේවෙල පදිංචි අනෙක් සැකකරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි හිටපු මන්ත්‍රීවරුන් තවත් හතක් ඊයේ නිවාස භාරදී පිටව ගොස් ඇතැයි පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළ
කුලියාපිටිය හෙට්ටිපොල පාරේ ගමන් ගත් සැප රියක් කඹුරාපොල බුත්ගමු ඔයට පෙරලීමෙන් ව්‍යාපාරික අයියා මලෝ දෙදෙනකු මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි.
මාත්රීවරුන්ට මෙතෙක් හිමිවූ යම් යම් වරප්‍රසාද අඩු කෙරුණු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඩු බොන්න එපා කීවැයි සැමියා බිරිය මරලා
Ruwan De Silva Wednesday, 12 June 2024 08:00 AM
මේ මත්ද්‍රව්‍ය වසන්ගතය නම් මහාම පිළිකාවක්, ඕවාට දේශපාලනයත් සම්බන්ධ හින්දා නවත්තන්න බෑ. ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි ප්‍රතිශතය ආසියාවේ අනිත් රටවල් එක්ක ගත්තාම ඉතාම ඉහළයි.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 12 June 2024 08:01 AM
"සොඳුරු රුවැති අවිහිංසක තරුණ ළඳේ.. මතට හුරුවු සැමියෙකු හා සරණ බැඳේ ... බිරියට වැඩිය මතටම ඔහු සෙනෙහෙ සැදේ ... සිදුකළ විපත කවිමල් පැවසුවා හදේ..."
චන්දන Wednesday, 12 June 2024 08:15 AM
කෝ එතකොට අර යුක්තිය කියලා කරන මහා කුඩු මර්ධන මෙහෙයුමෙන් වැඩක් වෙලා නැද්ද? රට ඇතුළට කුඩු ගේන මහා පරිමාණ ජාවාරම්කාරයෝ අල්ලන්නේ නැතුව පොඩි පොඩි හාල්මැස්සෝ අල්ලලා බොරු මාධ්‍ය සංදර්ශන පැවැත්වුවාම ප්‍රතිපලය ඕක තමයි.
m. saman perera Wednesday, 12 June 2024 10:31 AM
හරිම අපරාදේ වටිනා ජීවිතයක්.ඔබට නිවන් සුව
හර්ෂන විජේරත්න Wednesday, 12 June 2024 10:31 AM
මෙවැනි පුවත් තුලින් ජනතාවගෙ බුද්ධිය අවධිකරනවා. පළමුවෙන්ම ඔබ කාර්ය මණ්ඩලයට බොහොම ස්තූතියි. මෝඩකම නිසා තමයි සමාජයට වැටිලා කෙනෙක් විනාශ වෙලා යන්නෙ. දෙමම්පියො ගොඩක් දුක් විඳලා දරුවො හදනවා. උගන්වනවා. උස මහත් කරනවා. ඒ් ළමයි අවරුදු 16, 17 වෙනකොට සමාජයෙ තියෙන නරක දේවල් තමන්ගෙ ජීවිතයට ඈඳාගෙන තමන්ගෙ දෙමාපියන්ටත් අපහාස නින්දා වෙන විදිහට සමාජයෙ වැරදි වැඩ කරනවා. අපේ රටේ ජීවත්වන තරුණ අහිංසක දරුවන්ගෙ දැරියන්ගෙ ජීවිත විනාශ කරලා දානවා. විවාහය කියන්නෙ ජීවිතයක ඉතාම වටිනා සංධිස්ථානයක්. ඒ් සඳහා කෙනෙක් තෝරාගනිද්දි හොඳට හිතලා බලලා කරන්න ඔ්නෙ කියන පණිවඩුය මේ පුවත තරුණ තරුණියන්ට ලබාදෙනවා. ආදරය නිසා මුලාවුන වරදට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුණ දියණියනි. නැවතත් ඔබට මේ ලොව උපදින්නට වාසනාව ලැබේවා! මේ සසර ගැන ඔබට අවබෝධය ලැබේවා!!!.
Salgadu Wednesday, 12 June 2024 01:05 PM
මෝඩ සැමියෙක්. මත්කුඩු වලට වඩා බොන්න කොච්චර හොඳ දෙයක් තියාගෙනද මිනිහා මේ විපත්තිය කලේ?
Dharmatileke Wednesday, 12 June 2024 03:24 PM
ස්වභාවදහමෙන් දඬුවම් කරන්නේ අහිංසකයින්ට නොවේ
Hash Thursday, 13 June 2024 05:50 PM
ලංකාවේ නීති තද කළ යුතුයි. මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි. එතකොට එකෙක් හ්ම් නෑ.