IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කඩා වැටුණු යානය ගැන ගුවන් හමුදාව මෙසේ කියයි

(ඉන්දිකා රාමනායක)

ත්‍රීකුණාමලය චීනවරාය ගුවන් හමුදා විද්‍යා පීඨයේ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනකුට මරු කැඳවමින් කඩා වැටුන පී ටී 6 වර්ගයේ ගුවන් යානය ගුවන් හමුදාව 2018 වසරේ මිළදී ගත් යානයක් බවත්, එහි ජිව කාලය ගුවන් පැය 4000 ක් වුවද කඩා වැටුන අවස්ථාවේ එහි ගුවන් පැය 850 ට ආසන්න පමණක් සපුරා තිබු බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

ගුවන් හමුදාව මිළදීගෙන භාවිතා කරන පී ටී 6 වර්ගයේ සියලු ගුවන් යානා වසර 2000-2018 අතර කාලය තුළ නිපදවා ඇති ගුවන් යානා බවද හෙතෙම පැවසීය.

1985 වසරේ දී මෙම ගුවන් යානා නිපදවා චීනයේ චීන මහජන විමුක්ති හමුදාවේ ගුවන් හමුදාව වෙත නිපදවා ඇති අතර ගුවන් යානා 3000 පමණ නිෂ්පාදන කර 1979 අලෙවි කිරීම සදහා පී ටී 6 නාමය යටතේ අලෙවි සිදුකර ඇත බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. නියමුවන් මුලික පුහුණු සදහා ලෝකයේ බොහෝ ටවල් මෙම පී ටී 6 ගුවන් යානය භාවිතා කරන බවද හෙතෙම පැවසීය.

මෙම යානය අලුත්වැඩියාවක් සදහා යොමුකර එහි තත්ත්ව පරික්ෂාවක් සදහා ගුවන් ගත කරමින් සිටියදි මෙලෙස කඩා වැටී ඇති බවත්, මෙම යානය මෙලෙස කඩා වැටීමට හේතුව මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශයේ දී ඉදිරියේ අනාවරණය වනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

කඩා වැටුණු යානය ගැන ගුවන් හමුදාව මෙසේ කියයි

Piyatissa උ.ව. Wednesday, 09 August 2023 07:10 AM

මේ කාලයේ සූර්යයාගේ පැවැත්ම අනුව (Sun flair)විහිදෙන විවිධාකාර බලශක්ති නිසා විය හැකිය.

:       8       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් ඉල්ලා අස් වෙයි
2024 ඔක්තෝබර් මස 15 60 0

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීම කැබිනට් මණ්ඩලය විසින් පිළිගෙන තිබෙි.


ත්‍රිරෝද රියදුරු පුංචි ලෝකාන්තයට දැමීමේ සිද්ධියට තවත් අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 15 77 0

හාලිඇල රොසට්වත්තේ ත්‍රීරෝද රථ රියදුරෙකුට මඩොල්සිම දී පහරදී ඝාතනය කර සිරුර මඩොල්සිම පුංචිලෝකාන්තයේ අඩි දහස් ගණනක ප්‍රපාතයකට විසිකර දැමීමේ සිද්ධිය ස


වැස්සෙන් පවුල් 39,522ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 15 60 0

දිවයින පුරා පවතින අධික වැසි තත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් පවුල් 39,522 කට අයත් පුද්ගලයින් 1,54,782 කු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණකරණ මධ්‍යස්ථාන


හරිත කන්දේ කඳවුරු බඳින්න ගිය සරසවි සිසුන්ට බඹරු අනී
2024 ඔක්තෝබර් මස 15 179 0

බෝපත්තලාව හරිත කන්දේ කදවුරු බැදිමට ගිය රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (15) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් සිසුන් හයදෙනෙකු තුවාල ලබා බගවන්තලාව


රනිල් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කරයි
2024 ඔක්තෝබර් මස 15 893 0

හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (17) විශේෂ ප්‍රකාශයක් කරනු ලබයි.


දේශීය වෛද්‍ය සැපයුම් මිලදී ගන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 15 288 0

දේශීය නිෂ්පාදකයින්ගෙන් වෛද්‍ය සැපයීම් මිලදී ගැනීමේ ගිවිසුම් වලට එළඹීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 451 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 462 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1445 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site