(මනෝප්‍රිය ගුණසේකර)
කුඩු තොගයක් ලඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු ෂිවා’ නමැත්තාට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අප්‍රේල් 20 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (13) තීරණය කළේය.
මෙම සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයේ පසුවන නන්දකුමාර් ෂිවනන්දන් හෙවත් ‘කුඩු ෂිවා’ නමැත්තා නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විශේෂ ආරක්‍ෂාව මධ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
2022 ජුනි මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හෙරොයින් ග්රෑම් 478ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා ඇත.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝග්රෑම් 02කට අධික ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබු අතර එහි ශූද්ධ හෙරොයින් ග්රෑම් 478ක් ඇති බව රජයේ රස පරීක්‍ෂවරයා විසින් තහවුරු කර තිබිණී.
නඩුව විභාග කිරීම සඳහා අවශ්‍ය කරුණු ඇද්දැයි සනාථ කර ගැනීම සඳහා පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පැවැත්වීමට තීරණය කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවන අප්‍රේල් 20 වැනිදා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළේය.
මහ මැතිවරණයට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි හා දිසාපති චා
හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තර
රාජ්‍ය නිලධාරීන් ලෙස දුරකථන ඇමතුම් ලබා දෙමින් හෝ නිවසට පැමිණ විවිධ රාජකාරී අවශ්‍යතා ඉටු කර දීමට හෝ නොකර සිටීම සඳහා මුදල් ලබා ගැනීමට උත්සාහ ගන්නා කල්ලි
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්විම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ස්වාධින කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ
ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ඉරානයට දරුණු ප්‍රතිවිපාක අත් විඳීමට සිදුවනු ඇති බවත් ඉරානයෙන් පළිගැනීමට ඊශ්‍රායලයට සහාය ලබාදෙන බවත් ඇමෙරිකා එක
ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහලුම් රථ ප්‍රවාහන ගාස්තු සියයට 4 කින් ඊයේ (1) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කළ බව සමස්ත ලංකා බහලුම් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කුඩු ෂිවා’ට එරෙහි නඩුවට දින දෙයි