IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කොණ්ඩයාගේ අයියාත් ජාන පරීක්ෂණයකට

කොටදෙණියාව, බඩල්ගම, අකරංගහ සේයා දැරිය කෙලෙසා ඝාතනය කළැයි අත් අඩංගුවට ගත් දෙවැනි සැකකරු අද සවස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා ඉදිරියේ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ඔහු කැමැත්තෙන් මෙම ප්‍රකාශය කරන බව මහේස්ත්‍රාත්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

අයි.ජී.සමන් ජයතිලක නම් මෙම සැකකරු මීට කලින් අත් අඩංගුවට ගත් දිනේෂ් ප්‍රියන්ත නොහොත් කොණ්ඩයාගේ සහෝදරයකු බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඔහුගෙන්ද මීට කලින් කටඋත්තරයක් ගෙන මුදාහැර සිටි බවත් කොණ්ඩයාගේ ප්‍රකාශයක් අනුව පසුව ඔහු අත් අඩංගුවට ගත් බවත් රහස් පොලිස් පරීක්ෂක රවීන්ද්‍ර විමලසිරි මහතා අධිකරණයට දැන්වීය.

දෙදෙනාම ලබන 19 වැනිදා වනතුරු රිමාන්ඩ් කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත් දෙවැනි සැකකරු ඩී.එන්.ඒ ජාන පරීක්ෂණයක් සඳහා ජින්ටෙක් ආයතනයට ඉදිරිපත් කරන්නැයි රහස් පොලිසියට නියෝග කළේය.

කොණ්ඩයා සම්බන්ධ ජාන පරීක්ෂණ වාර්තාව අධිකරණයට ලැබී නොතිබිණි.

සේයා දැරියගේ මව්පියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල රැකව මහතා පැවසූයේ කොණ්ඩයා සම්බන්ධ පළ නොවිය යුතු සියලු විස්තර පුවත්පත්හි පළවී ඇති බවයි. ඔහුගේ සහෝදරයා සම්බන්ධව එවැනි විස්තර යළි පළවිය හැකි හෙයින් ඒවා නතර කරන්නැයි ඉල්ලා සිටියේය.

මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා ප්‍රකාශ කළේ එවැනි තහනම් නියෝගයක් කිරීමට තමාට නොහැකි නමුත් සියලුම පාර්ශ්ව වගකීමෙන් වැඩකළ යුතු බවයි.

WEBd3b746da98c82a64f20151051163d0bc9f5cad961d601a3d93f5ef284948fea484

60af46dc376294e5eb1e7d9f5995d3218be201510505502e71150b4920426fee39a31f1 635fba0fc8640681f87f24ba2015105637389e1c9b9dde5e3140983cc0aa51832fd4fa7

 



අදහස් (0)

කොණ්ඩයාගේ අයියාත් ජාන පරීක්ෂණයකට

ජයා Tuesday, 06 October 2015 12:49 PM

අපරාධකාරයට මරණ දඩුවම අනිවාර්යෙන්ම දෙන්න කියල කියන්නේ (බ)

:       0       0

චාමර Monday, 05 October 2015 10:18 AM

අනේ මන්ද මේක කනගැට්ට අංක දෙක වගේ. තව ටික දවසකින් කොණ්ඩය වෙනුවට 'තට්ටය' කියල එකෙක් ඇවිත් කියයිද දන්නේ නෑ මමයි මේක කලේ කියල ! (අ)

:       0       0

යොහාන් Tuesday, 06 October 2015 04:23 PM

මට හිතෙන්නේ මේ අපරාධය හෙළිවෙන්න සෑහෙන කලක් යයි (නි)

:       0       0

ජයතිලක Tuesday, 06 October 2015 05:25 PM

අපරාධකරුවන්ට ශාප වේවා! (නි)

:       0       0

නාමලී Tuesday, 06 October 2015 09:56 AM

මරණ දඩුවම දෙන්න. (බ)

:       0       0

යානි Tuesday, 06 October 2015 11:07 AM

පලමුවෙන්ම. ජාන පරීක්ෂණයකට ලක් කළේ රුපවාහිනී (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 6 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 263 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ඡන්ද විමසීම සාමකාමියි
2024 සැප්තැම්බර් මස 21 49 0

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සමස්තයක් ලෙස බැලූ විට ඉතා සාමකාමී බව පැෆරල් සංවිධානය පවසයි.


ගම්පහ සියයට 63යි
2024 සැප්තැම්බර් මස 21 449 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 63 ක් දහවල් 2.00 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 547 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 304 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14583 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 180 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site