IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කොණ්ඩයාගේ අයියා ජාන පරීක්ෂණයට රැගෙන එයි

කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින දෙවැනි සැකකාර සමන් ජයලත් නමැත්තා අද (6) බොරැල්ල ඇල්විටිගල මාවතේ පිහිටි ‘ජින්ටෙක්‘ ආයතනයට රැගෙන ආවේය.

බන්ධනාගාර නිලධාරීන් විසින් ජාන පරීක්ෂණයක් සඳහා සැකකරු එහි රැගෙන එනු ලැබුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග අනුවය.

මොහු මෙහි ප්‍රධාන සැකකරුවූ කොණ්ඩයාගේ වැඩිමල් සහෝදරයාය.

Kotadeniyawa_2015106 Kotadeniyawa_2015106-2pg Kotadeniyawa_2015106-3



අදහස් (0)

කොණ්ඩයාගේ අයියා ජාන පරීක්ෂණයට රැගෙන එයි

රාධා Wednesday, 07 October 2015 01:00 AM

අනේ මෙහෙම පොලිසියක්! අපිටත් ඇත්තටම ඇඬෙනවා (නි)

:       0       0

සේරම් Tuesday, 06 October 2015 12:04 PM

එල්ලුම් ගහ තිබුණා නම් කීදෙනෙක් නිරපරාදේ මැරිලද ,මෙහෙම පොලිසියක් තියාගෙන ද මිනිස්සු එල්ලන්න හදන්නේ .එහෙනම් දෙවියන්ගේම පිහිටයි (ම)

:       0       0

දිනේෂ් Tuesday, 06 October 2015 12:16 PM

අයියෝ! ඔය ප්‍රශ්නය බුද්ධි අංශයට භාරදෙන්නකෝ (නි)

:       0       0

කොතලාවල Tuesday, 06 October 2015 12:58 PM

ඉක්මනට අපරාධකාරයට නියම දඬුවම දෙන්න ඕනෑ (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 06 October 2015 07:17 AM

කොණ්ඩයා අත්අඩංගුවට ගැනීම කන්ගැට්ටා නාටකයට සමානයැයි මම කිවුවේ මේ නිසයි. අහිංසකයෝ කීදෙනෙක් හිරේත් අපරාධකාරයෝ කීදෙනෙක් නිදහස්වත් ඉන්නවා ඇද්ද? (නි)

:       0       0

ටුෂාන් Tuesday, 06 October 2015 07:18 AM

අනේ මන්දා මේකේ අවසානයක් දකින්නේ කවදාද අපි? (නි)

:       0       0

සරසි Tuesday, 06 October 2015 01:23 PM

මුළු ලංකාවේම පිරිමි ටික අරගෙන ගිහින් ජාන පරීක්ෂාවට ලක්කළත් මට නම් පුදුමයක් නැහැ දැන්. (නි)

:       0       0

රිතික් Tuesday, 06 October 2015 07:34 AM

පවු අර තරුණ කොල්ලාගේ අනාගතය! (නි)

:       0       0

චානක Tuesday, 06 October 2015 07:38 AM

තාම හොයාගන්න බැරිවෙලාද? (නි)

:       0       0

වරුණ Tuesday, 06 October 2015 07:42 AM

මේක දැන් පුදුම හතරබීරි කතාවක් වෙලානේ. අන්තිමට කොණ්ඩයයි, අයියයි දෙන්නම බේරෙයි මේ යන විදිහට (නි)

:       0       0

පුන්සිරි Tuesday, 06 October 2015 07:51 AM

හලෝ වරුණ, ගොඩ කාලෙකින්! (නි)

:       0       0

පුබුදු Tuesday, 06 October 2015 07:50 AM

ලංකාවේ පොලිසියයි රහස් පොලිසියයි දෙකම ගැන දුකයි (නි)

:       0       0

සිසිර Tuesday, 06 October 2015 07:51 AM

අයියෝ! මට නම් මේ ගැන කියන්න කිසිම දෙයක් නැහැ (නි)

:       0       0

රන්ජිත් Tuesday, 06 October 2015 07:53 AM

අපි අසරණ වෙලා වගේ දැනෙනවා (නි)

:       0       0

ලලීන් Tuesday, 06 October 2015 02:19 PM

කවුරුත් කලබල වෙන්න එපා. මේක තව ගොඩක් දුර ඇදෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

සුනිල් Tuesday, 06 October 2015 07:57 AM

කාවහරි වැරදිකරු කරලා ඇඟ බේරාගන්න හදන ආකල්පය ඉවත්වෙනතුරු මරණ දඬුවම නම් ක්‍රියාත්මක කරන්න එපා. කොතරම් නිවැරදි මිනිස්සු ලංකාවේ වැරදිකරුවෝ වෙලා ඇද්ද? ඒ වගේම කොතරම් මිනීමරුවෝ නිදැල්ලේ ඇද්ද? (නි)

:       0       0

සුනිල් Tuesday, 06 October 2015 08:00 AM

මේ එළියට ආපුවා විතරයි. තව කොච්චර නම් පොලීසිය නිවැරදි මිනිස්සු වැරදිකරුවෝ කරලා ඇද්ද? මේ ප්‍රශ්නය නිසා පොලීසිය මදි නොකියන්න නම කැත කරගත්තා. (නි)

:       0       0

ජයමාන්න Tuesday, 06 October 2015 08:05 AM

සීයා -පියා -අසල්වැසි නිවසක එක්දරු පියා - පාසැල් සිසුවා - කොණ්ඩයා - දැන් කොණ්ඩයාගෙ අයියා... ඊළඟට කවුද? මේ දරු පැටියගෙ ඝාතනය අහස පොළව නුහුලන අපරාධයක්. ඒකෙ කතා දෙකක් නැහැ. කොණ්ඩයයි අයියයි පැත්තක දාමුකො. නමුත් පොලීසියේ අධූරදර්ශි නීතියෙන් පිට තීන්දු නිසා අහිංසකයන් කීදෙනෙකු නිකරුනේ දුෂණය වුණාද? (නි)

:       0       0

ප්‍රංශයේ - සුජීව Tuesday, 06 October 2015 02:58 PM

මෙච්චර කල් කිය කියා හිටියේ කොන්ඩයා තමයි මේ අපරාදේ කළේ කියලා දැන අයියා කළා කියනවා තවටික දවසකින් තව කෙනෙක් කියයි මම තමයි කෙරේ කියලා ඔහොම ඔහොම මේ නඩුව තල්ලු වෙයි හොදම දේ තමයි මේ පාපොච්චාරණය කරන හැමෝම එල්ලුම් ගස් යවන එක (බ)

:       0       0

රොෂාන් Tuesday, 06 October 2015 08:11 AM

අපේ පොලීසියත් මොනවා කරනවද මන්දා (නි)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 06 October 2015 08:11 AM

අනේ මන්දා මුළු ලංකාවම අත්අඩංගුවට ගනීද දන්නේ නැහැ මේ යන විදියට. මෙච්චර තාක්ෂණය දියුණු ක්‍රම තිබිලත් හරි මිනිහව හොයාගන්න බැරිවුණානේ? අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශ නොකර දැන් ඉතින් එන්න ඔබ සියලු දෙනාත් අහිංසක කොණ්ඩයා වෙනුවෙන් හඬක් නඟන්න. (නි)

:       0       0

අමිල Tuesday, 06 October 2015 03:20 PM

දැන් පොලිසියේ ෆෝන් ටික චෙක් කරන්න තමා තියෙන්නේ. දැනටමත් අර ළමයාගේ නිරුවත් ෆොටෝ ටික මකලා ඇති. (බ)

:       0       0

රොමේෂ් Tuesday, 06 October 2015 08:21 AM

දැන් කරන්න තියෙන්නේ කොටදෙණියාවේ පොලිසියේ ඕ.අයි .සී ව එල්ලලා ගහල අහන්න ඕන කව්ද ඇත්තම මිනීමරුවා කියල.. මිනිහ තමයි ඕකේ ඇත්තම කතාව දන්නා කෙනා..(බ)

:       0       0

සුජිත් ප්‍රනාන්දු Tuesday, 06 October 2015 08:29 AM

මේවගේ නාඩගම් හින්ද තවත් අසරණ වෙන්නේ අපේ රටේ පොඩි දරුවෝ මේවා නිසා අපරදකාරයෝ තවත් මෙහෙම අපරාද කරනවා අපේ පොලිසිය කරන වැඩ දැක්කම දැන් තමා නියම කොස්තාපල් පුඤ්ඤසෝම පෙන්නන්නේ (ම)

:       0       0

ඉසුරන්දි Tuesday, 06 October 2015 08:39 AM

මේ වැඩ වලින් වෙන්නේ අහිංසක හිතුත් සමාජය කෙරෙහි වෛරිකරණය වෙන එකයි.දැන් කි දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගත්තද?කි දෙනෙකුට සමාජයේ කළු පැල්ලම් ඇති උනාද? කෝ තවම වැරදි කරුවෙකු නිශ්චිතවම අදුන ගත්තද? මේ සමාජයමයි මනුස්සයව අමනුස්සය කරන්නෙත්. (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Tuesday, 06 October 2015 08:42 AM

සමාවෙන්න ඕන තව එකක් ලියනවට .එතකොට මේ ළඟදි දවසක පුංචි ළමයිවත් අයින් කරගන්න කියල රන්ජන් කාරය කොණ්ඩය කොහොමද කළේ කියල අකුරක් නැර ටි.වී එකේ කිව්වා නේද එ්කත් බොරුවක්ද ? අනේ මන්ද මේ පොරට වෙනම අපායක් හදන්න ඕන මේ කියන බේගල් වලට. (බ)

:       0       0

නදී Tuesday, 06 October 2015 08:50 AM

පොලිසිය විතරද මය අපරාධවලට වගකියන්ඩ ඕනේ. අධිකරණය වගකිවයුතු නැද්ද. මේගොල්ලෝ කියන විදියට සැකපිට කව්රුත් අත්අඩංගුවට ගන්න බෑනේ. නිවැරදි හින්දනේ ඒ දෙන්න නිදහස් වුනේ මොකද්ද වුන අසාධාරණේ ඒ පාසල් සිසුවාට අපහාස කරන්නේ පව් පව් කියල කමෙන්ට්ස් කරන අයම තමයි හරියට හෝද හෝද මඩේ දානවා වගේ (බ)

:       0       0

මනෝජ් Tuesday, 06 October 2015 09:09 AM

එල්ලුම් ගහ ක්‍රියාත්මක කලොත් අපේ පොලිස් මහත්වරුන්ගේ වැඩ අනුව කීදෙනෙක් නිකන් මරයිද දන්නේ නෑ. නදී පොලිසියේදී කිරි පොවලා නිකන් ප්‍රශ්න කරන්නේ නෑ. නිකරුනේ බාගෙට මැරෙන්න වෙනවා. (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 06 October 2015 09:11 AM

මම ඉතාලියේ ලේක්කෝ නගරයේ මගේ ගෙදරින් එලියටවත් බහින්නේ නැහැ කොටදෙනියාව පොලිසිය ඇවිල්ලා මාවත් කුදලාගෙන යයි කියලා බයේ.(අ)

:       0       0

ජයසිරි Tuesday, 06 October 2015 09:45 AM

කොටදෙණියාවේ ඕඅයිසී හිරේ යවන්න ඕන හරිනම් වැඩ බැරිනම්. නිල සුනඛයෙක් බඳවා ගන්නත් පෙළපත බලනවා පොලිසියෙන් . (බ)

:       0       0

ඉනෝකා Tuesday, 06 October 2015 09:44 AM

නවීන තාක්ෂණය මෙතරම් දියුණු ලෝකයක, අනෙකුත් රටවල් එයින් උපරිම පල නෙලාගන්න කොට අනේ අපේ රටට ගිය කලක්........!! (බ)

:       0       0

විජිත් Tuesday, 06 October 2015 09:47 AM

රොමේෂ් මල්ලි ඔයාගේ කතාවට මම එකඟයි. කොටදෙනියාවේ පො ලිසියේ ඕ.අයි. සි ව නිරුවත් කරලා බාල්කයේ කකුල් දෙකෙන් එල්ලලා ඔළුවට මිරිස් කුඩු ගෝනියක් දමලා හොඳට බැස්ටිය දුන්නානම් මිනිහා වමාරිවී ඇත්ත.විහිළුවට කීවාට මෙයාගේ වැඩගැන ගමේ රටේ වගේම පොලිසියේ සමහර අයගේත් ලොකු විවේචනයක් තියෙනවා. අවාසනාව කියන්නේ මේවාගේ අයව පිරිසිදු කරන්නත් සමහරු ඉදිරිපත් වීමයි..(බ)

:       0       0

විපුල Tuesday, 06 October 2015 10:30 AM

ෂුවර් එකටම විජයබාකොල්ලය කළෙත් මේ මිනිහම තමයි. බොරුයි කියල හිතෙනවා නම් යූ ටියුබ් එකට ගිහින් 'විජයබාකොල්ලය' සොයල බලන්න. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 7 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


ගම්පහ සියයට 40යි
2024 සැප්තැම්බර් මස 21 119 0

ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දදායකයන් සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 40 ක් දහවල් 12 වනවිට ඉක්මවා ප්‍රකාශ කොට ඇති බව ගම


නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 274 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 185 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 903 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 316 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14581 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 179 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site