IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කොණ්ඩයාත් මානව හිමිකම් යයි?

කොටදෙනියාව අකරන්ගහ සේයා දැරිය ඝාතන සිද්ධියෙන් නිදහස් වූ දුනේෂ් ප්‍රියෂාන්ත හෙවත් කොණ්ඩයා වෙනුවෙන් තමන් ඇතුළු නීතීඥ පිරිසක් මානව හිමිකම් යන බව නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා කියයි.

තමා බන්ධනාගාරයට ගොස් ඔහු හමු වූ බවත්, රහස් පොලිසියෙන් ඔහුට පහර දී ඇතැයි ඔහු කී බවත්, ඔහු මීට පෙර කළැයි කියමින් රහස් පොලිසිය මාධ්‍යයට දුන් ප්‍රකාශ ගැන පොලිසිය වග කිව යුතු බවත් ප්‍රේමරත්න මහතා පවසයි.

එම අපරාධය කළ බවට ඔහුගේ කටඋත්තරය ලියාගෙන ඇත්තේ ඔහුට පහර දී බවත්, ඔහු වරදකරුවකු වීමටත් පෙර ඔහු කළැයි කී පාපොච්චාරණය පුවත්පත්වලට දී කොණ්ඩයාගේ චරිතය ඝාතනය කර ඇතැයි ද නීතීඥවරයා කියයි.

ඔහු දවස් 24ක් රිමාන්ඩ් බාරයේ සිටියේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගෙන දින 12ක් රිමාන්ඩ් බාරයේ සිට නිදහස් වූ පාසල් සිසුවා හා එක්දරු පියා ද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.



අදහස් (0)

කොණ්ඩයාත් මානව හිමිකම් යයි?

ධර්ම ජයවික්‍රම Tuesday, 20 October 2015 07:26 AM

තමා ජීවත්වෙන ප්‍රදේශයේ යහපත් මිනිසකු ලෙස හඳුනා නොගැනීම නිසා මෙම ගැටලුවට මුහුණපෑවා නොවේද? (නි)

:       0       0

දුලන්ජලී පෙරේරා Tuesday, 20 October 2015 11:36 AM

මිනිස්සුන්ට මුලින්ම තමන්ගේ මනුස්සකම මතක් කරලා දෙන්න ඕනි. බුදුන් වැඩිය රට උනාට අද කිරිසප්පයෙක් අඳුරන් නැති සමාජයක් මේක. එල්ලුන් ගහ ක්‍රියාත්මක උනා නම් ගොඩක් අපරාධ වල‍ට නැවතුමක් තියේවි (රේ)

:       0       0

මනෝජ් Tuesday, 20 October 2015 07:46 AM

අද කොණ්ඩයාට වුණ මේ දේ හෙට අපිට වෙන්න පුලුවන් (නි)

:       0       0

සිල්වි Tuesday, 20 October 2015 11:50 AM

මිනිස්සුන්ට ජනප්‍රිය වෙන්න හොද මාර්ගයක් තමා මානව අයිතිවාසිකම් කියන්නේ. (ර)

:       0       0

දුමින්ද Tuesday, 20 October 2015 08:13 AM

ඝාතනය උන දැරිය වෙනුවෙන් මානව හිමිකම් යන්නේ කව්ද? (රේ)

:       0       0

නාමල් Tuesday, 20 October 2015 08:13 AM

ප්‍රථිකාර හා පුනුරුත්තාපනය ලබාදීම වෙනුවට පෙර වැරදි උලුප්පා පෙන්වීම සමාජයේ ඇති ගෝත්‍රික ගතියක්. (ර)

:       0       0

රාජා Tuesday, 20 October 2015 08:14 AM

ධර්ම කෙනෙක් යහපත් පුද්ගල්යෙකු වීම හෝ නොවීම පොලීසියට ඔහුට පහරදෙන්නට, බොරු නඩු දමන්නට දෙන ලයිසන් එකක් නොවේ. (අ)

:       0       0

නිහාල් Tuesday, 20 October 2015 08:17 AM

කොන්ඩෙ වවන හැමෝම කොන්ඩයෝද?අංග විකල අයටත් නම් පට බදින මේ සමාජයේ සමහරුන්ගේ විශාල අවමන් ආපසු ලැබෙනවා අපි නිතර දකිනවා (අ)

:       0       0

තිස්ස Tuesday, 20 October 2015 08:46 AM

ලංකාවේ පොලිසියට මේ දවස් වල වැඩ වැඩි. එ්ක හන්ද හැමදේම බලෙන් පටවනව (රේ්)

:       0       0

උපාලි Tuesday, 20 October 2015 09:16 AM

ඉස්සර උදුල් ප්‍රේමරත්න අපි හැමෝගෙම මානව හිමිකම් කඩකළා විශ්ව විද්‍යාලේ කොල්ලෝ කෙල්ලෝ ටික හැමදාම පාරට ගෙනෙල්ල. මිනිහ කි දෙනෙක්ට ගුටි අරන් දුන්නද පොලිසියෙන් (බ)

:       0       0

දයාල් Tuesday, 20 October 2015 04:57 AM

කොණ්ඩයාට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

සුමනපාල Tuesday, 20 October 2015 05:06 AM

සාක්ෂරතාවය යනු කියවන්නට සහ ලියන්නට පුළුවන්වීම පමණක් නොවන බව මේ දේවල් වලින් ගම්‍ය වේ. එයට දියුණු මනුෂ්‍යන්ට තිබිය යුතු තව බොහෝ දේ ඇතුළත් වියයුතුය. (නි)

:       0       0

චන්දන Tuesday, 20 October 2015 05:42 AM

කොණ්ඩයා තම සහෝදරයා සේයා දැරිය ඝාතනය කළ බව දැනගෙන සත්‍ය වසන්කරන්න හැදුවාට වෙනම නඩුවක් දාන්න ඕනෑ (නි)

:       0       0

පිවිතුරු යහපාල Tuesday, 20 October 2015 05:43 AM

හැමෝගෙම මානව හිමිකම් රැකෙනවා,අර අහිංසක දැරිවිගේ මානව හිමිකම් හැර. කොණ්ඩයගේ පෙර වැරදි තියෙන බව පොලිස් වාර්තා වල තිබුනා. මේ මානව හිමිකම් සමාජ පිළිල වලට වන අසාධාරණකම් ගැන මිස ඔවුන්ගෙන් වින්දිතයාට වුණ අසාධාරණයකට පෙනී සිටිනවා දැක තිබෙනවාද? (නි)

:       0       0

රදේ-බර්ලින් Tuesday, 20 October 2015 06:02 AM

අපරාධය සහ දඬුවම! (නි)

:       0       0

තුසිත Tuesday, 20 October 2015 09:25 AM

උදුල් ප්‍රේමරත්න කියන්නේ හිටපු බංකොලොත් ශිෂ්‍ය නායකයෙක්. නීතීඥ වරයෙක් හැටියට මෙයා උත්සහ කරන්නේ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙන්න.එහෙම නැතුව නොමිලේ කාගේවත් මානව හිමිකම් රකින්න නෙවේ. (බ)

:       0       0

නාමල් Tuesday, 20 October 2015 06:13 AM

කොන්ඩයාගේ පෙර වැරදි මානව හිමිකම් කඩ කිරීමට පොලිසියට දුන් වැරදීමක් නොවේ. සේයා වැනි දරුවන් ආරක්ස කිරීම මුළු සමාජයේම දැඩි වගකීමක්. නමුත් පොලිසියේ සමහර මෙවන් හැසිරීම් මගින් ගම්‍ය වන්නේ අපි තවමත් නොදියුණු මිලේච්ච යුගයක වාසය කරන ලෙසයි. (ම)

:       0       0

ඉන්ද්‍රජිත් Tuesday, 20 October 2015 06:15 AM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

මනෝජ් Tuesday, 20 October 2015 06:16 AM

දැන් මානව හිමිකම් කෝකටත් තෛලය වගේ වෙලා (නි)

:       0       0

පතිරණ Tuesday, 20 October 2015 06:15 AM

ප්‍රථමයෙන් කරන්න තිබුන දේ අන්තිමට කරලා. අන්තිමට කරන්න ඕනෑ දේ ප්‍රථමයෙන් කරලා. මුලින්ම කරන්න තිබුනේ ජාන පරික්ෂාව. මේවට නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපේ පොලිසියේ තියෙන අධිමානය දුරු කරන්න බැරිවෙයි. (නි)

:       0       0

නලීන් Tuesday, 20 October 2015 06:17 AM

අපි ඉස්සර පොලිසියේ ඇතැම් නොහොබිනා හැසිරීම් වලට ආණ්ඩුවට බැණ බැණ හිටියා. නමුත් දැනුත් තත්වය එයමයි. මම හිතන්නේ මෙය ශ්‍රී ලාංකික පොදු ආකල්පමය ගැටළුවක් බවයි. (නි)

:       0       0

දිලුම් Tuesday, 20 October 2015 06:22 AM

නීතිඥයො බයයි මේ රටේ අපරාධ නැතිවෙනවට. ඔවුන්ට මිනිසුන්ගෙ ඊරිමාංශ හූරාගෙන කන්න විදියක් නැතිවෙනවනේ. අර අහිංසක දරුවාට කලින් මේ මනුස්සයා තවත් ළමයි උස්සාගෙන යන්න හැදුවා සහ එදා කොණ්ඩයගෙ අම්මා කිවුව දේවල් අනුව මොහු ගැහැණු අය ඉන්න ගෙවල් වලට එබිකම් කරනවා කියලා කිවුවා. ඒවත් බොරුද? (නි)

:       0       0

නාලක Tuesday, 20 October 2015 06:31 AM

ඇත්තටම මේ සිද්ධවෙන දේවල් මෙහෙම වෙද්දී මේ මනුස්සයාට මොනවා හිතෙනවා ඇද්ද? (නි)

:       0       0

ඉසුරන්දි Tuesday, 20 October 2015 06:37 AM

.මේ පුද්ගලයාගේ චරිතය අර කලින් පුගලයෝ දෙන්නටම වැඩිය ඝාතනය උන බව කොයි කවුරුත් දනී. දැන් ඔහු නිදහස් පුද්ගලයෙක් උනත් සමාජය ඔහු දෙස වපර ඇසින් බැලීම වැලැක්විය නොහැකිය.මෙවන් හේතුන් නිසා මෙවැනි පුද්ගලයෝ සමාජයෙන් කොන් වෙන්න වෙන්න දරුණු අපරාධවලට පෙළඹෙනවා කියලයි මගේ අදහස. (රේ)

:       0       0

රසිත කුමාරජීව Tuesday, 20 October 2015 06:48 AM

අවිචාරවත් සමාජමය තරඟය තමයි බොහෝවිට මේ දේවල් වලට හේතුව .... (නි)

:       0       0

කුමාර Tuesday, 20 October 2015 06:49 AM

මුළු ලංකාවම දැන් අච්චාරුවක් වෙලා වගෙයි මට නම් පෙනෙන්නේ (නි)

:       0       0

මනෝජ් Tuesday, 20 October 2015 07:08 AM

අම්මාවරුන්ද දරුවන් ආරක්ෂා කරගන්න දැනගන්න ඕනෑ. පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගන්නේ නම් ඔහුගේ රහස්‍යභාවය ආරක්ෂා කළයුතුයි. (නි)

:       0       0

හේෂාන් Tuesday, 20 October 2015 07:17 AM

කොණ්ඩයාත් ගියා... පාසල් සිසුවාත් ගියා.... එක්දරු පියාත් ගියා.... ඊළඟට? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළිය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 100 0

නුවරඑළිය දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 8946 කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5087 කි. සජ


මාතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 253 0

මාතර දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 19712කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5088 කි. සජිත් ප


කොළඹ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 592 0

කොළම දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 20864කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව 5645 කි. සජිත් ප


මාතලේ තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 354 0

මාතලේ දිස්ත්‍රික් තැපැල් ඡන්ද අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 12186කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4243කි.


වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 529 0

වන්නි දිස්ත්‍රික් තැපැල් ඡන්ද සජිත් ප්‍රේමදාස මහතා දිනාගත්තේය. ඔහුට හිමිවූ ඡන්ද ගණන 4899කි. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද සංඛ්‍යාව4257කි.


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 500 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 215 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 116 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site