IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොණ්ඩෙ කපද්දී වෙඩි තබා මරයි

රත්මලාන තෙලවල බාබර් සාප්පුවක කොණ්ඩය කපමින් සිටි තරුණයකු වෙඩි තබා මරා දමා ඇතැයි පොලීසිය කියයි.

ඝාතකයන් යතුරුපැදියකින් පැමිණ  වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.

මැරුම් කා ඇත්තේ  රැකියා ඒජන්සියක පියුමාල් අබේරත්න (25) නම් පුද්ගලයෙකි.

 AA1 AA3 AA4 AAA5

 

 

 



අදහස් (0)

කොණ්ඩෙ කපද්දී වෙඩි තබා මරයි

අනුරුද්ධ Monday, 18 August 2014 03:58 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

සිරිල් බාලසුරිය Sunday, 17 August 2014 11:13 AM

පරණ කොන්තරයකට වන්නට ඕනේ , නන්දන පනාගොඩ ලියා තිබෙන දෙයම තමා මේ සිදුවන්නේ (දී)

:       0       0

ප්‍රියන්ත Sunday, 17 August 2014 11:19 AM

මම ලගදී ලංකාවට අවවෙලේ හරිම බයෙන් හිටියේ. කුඩු කාරයෝ හැමතැනම. ළමින් පැහැරගෙන කප්පම් ඉල්ලනවා ඒ වගේම පාරේ යන ඔනම කෙනෙකුට අපගේ ජීවිතය තීරණය කළහැකි තරමට රට පත් වී ඇති බව මට පෙනීගියා (දී)

:       0       0

දම්මික Sunday, 17 August 2014 11:31 AM

මිනිසුන් රහිත ප්‍රදේශයක තමයි ඉන්න වෙන්නේ අපිට (දී)

:       0       0

ජෙහාන් Sunday, 17 August 2014 11:36 AM

හරි වැඩේනේ දැන් කොන්ඩේ කපා ගන්න එලියට බැහැලාත් ඉවරයි. වැඩි කලක් නොගිහින් අපිට වෙන්නේ ගෙදර හාමිනේලට කියලා කොන්ඩේ කප්පවා ගන්න . (දී)

:       0       0

සහිහාර් දෙවෝඩ් Sunday, 17 August 2014 11:40 AM

නන්දන ඔබ හරි (දී)

:       0       0

ප්‍රියා Sunday, 17 August 2014 11:41 AM

පාරේ බැහැලා යන්න බයයි (දී)

:       0       0

දුරන් Sunday, 17 August 2014 12:44 PM

ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරී. ධර්මයේ - හැසිරෙන්නා ධර්මය විසින් නිබඳව ආරක්ෂා කරයි. සනාතන ධර්මයද එයයි. (දී)

:       0       0

දයා Sunday, 17 August 2014 01:08 PM

කොහොම උනත් හැමෝම තමතමන්ගේ වාසි බලාගෙන ජීවත් වෙන්නේ නැතුව අනුන්ට පොලු තියන්නේ නැතුව නිදහසේ පාරේ යන්න පුළුවන් ආකාරයට ජීවත් උනොත් හොදා.ඕකත් ඔය මුදල් ගනුදෙනුවක් වෙන්න ඇති. (දී)

:       0       0

සම්පත් Monday, 18 August 2014 07:53 PM

මෙම පුද්ගලයා මගේ පාසල් මිතුරෙක්. කිසිම දෙයක් නොදැන කාටවත් චෝදනා කරන්න එපා. රැකියා ඒජන්සියක රැකියාවක් තමා කළේ. ඒත් රට යවන එකක් නෙමෙයි. ලංකාවෙ රැකියා තමා හොයලා දුන්නෙ. ඒක බොහොම සාර්ථක විදිහට කරගෙන ගියා. ඒ ප්‍රදේශයේ හැමෝම සමඟ බොහොම සුහදව සිටි පුද්ගලයෙක්. (නි)

:       0       0

නිරාන් Monday, 18 August 2014 07:06 AM

මේක ඉතින් දැන් ආශ්චර්යය කරා යන මාවතකට වැටිලානේ තියෙන්නේ (නි)

:       0       0

සරත් Monday, 18 August 2014 08:29 PM

වෙඩි තිබ්බේ ඇයි දන්නේ නැහැ (නි)

:       0       0

කුසුම් Monday, 18 August 2014 07:34 AM

ඇත්තටම මියගිය කෙනා අහිංසක පුද්ගලයෙක් වෙන්න බැරිද? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 17 August 2014 01:36 PM

මේක හරියට නෙට් වර්ක් එකක් වගේ.කෙළවරක් නැහැ මරා ගැනිල්ල (දිල්)

:       0       0

පද්මිණි Monday, 18 August 2014 07:43 AM

උදේ සිට රාත්‍රිය වනතුරු පිරිත්, බණ , ඇහෙන ලංකාවයි ඉතාලියේ මාෆියාවයි සංසන්දනය කරලා හිත හදාගන්න බැහැ. අපේ රටට් මේ දේ වුණේ මෑතකදී නොවේද? (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 17 August 2014 01:38 PM

ඉස්සර බලපු වෙස්ටර්න් චිත්‍ර පට වලත් මෙහෙම සිද්දීන් දෙක්කා ; දැන් ඒවා ලංකාවේ සාමාන්‍ය සිද්දීන් වෙලා (දී)

:       0       0

මහේෂ මුතුකුඩ Sunday, 17 August 2014 01:56 PM

නන්දන, ප්‍රියන්ත දෙන්නා ඉන්නේ ස්විස්සර්ලන්තේද ? ලංකාවට ගරහනවා. අපි නොදන්නා මිලානෝ. ලංකාවටත් මෙහෙම උනේ ඔයවගේ රටවල් වලින් තමයි (දී)

:       0       0

කුමාර Monday, 18 August 2014 08:35 AM

සුබ අනාගතයක් බලාපොරොත්තු වියහැකිද? (නි)

:       0       0

සමන් Sunday, 17 August 2014 02:52 PM

මහේෂ් එකනම් ඇත්ත .... ඒගොල්ලෝ හිතාගන ඉන්නේ මිලානෝ, රෝම්, පදොවා වගේ නගර දිවියලෝක කියල ලංකාවේ මිනිස්සු හිතන්නේ කියල. මාෆියා කාරයන්ගේ තිප්පොළක් ඔය මිලානෝ කියන්නේ. මම දන්නා යුරෝපා නගර වලින් නරකම නරක නගර කීපයක් ඔය. (දී)

:       0       0

කෙවින් ලොස් ඇන්ජලිස් Monday, 18 August 2014 09:14 AM

තුට්ටු දෙකට බැහැලානේ මේ මිනිස් ජිවිත ....... (නි)

:       0       0

කුසුම් Monday, 18 August 2014 09:38 AM

මේක වැරදීමක්ලු...... ඇත්තටම මියගිය කෙනා අහිංසක පුද්ගලයෙක් මොහුගේ බිරිඳට දරුවෙක් ලැබෙන්නත් ඉන්නවා (අ)

:       0       0

සත්‍යයා Tuesday, 19 August 2014 02:34 AM

අද ඔහුට, හෙට මට විය හැකියි..... (නි)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Sunday, 17 August 2014 04:10 PM

ඉතාලිය කියන්නේ යුරෝපයේ තිබෙන මැද පෙරදිගට රටකට සමාන රටක් , මම මෙය ලියන්නේ මමත් මෙහි ජිවත් වන නිසා , ලංකාව දහස් ගුණයක් හොඳයි ඉතාලියට වඩා , නමුත් උගත් කමක් නොමැති අයට මෙහි ආවම මෙහෙ සුරපුරයක් වාගේ , (ස)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Sunday, 17 August 2014 04:15 PM

ගිනි අවි සහ ගිනි කෙළි !!! (ස)

:       0       0

නිහාල් විතානගේ Monday, 18 August 2014 10:29 AM

මිනිසා පැවත එන දා පටන් මිනීමැරුම් වුණා. (නි)

:       0       0

කෝලිත Sunday, 17 August 2014 05:14 PM

කුඩු කාරයෝ මිනී මරුවෝ ගොඩට දාන්න එපා. පිස්සුවෙන් වගේ නිකන් කමෙන්ට් දාන්න එපා කිසිම දෙයක් නොදැන (ස)

:       0       0

නිහාල් විතානගේ Sunday, 17 August 2014 05:20 PM

මේ මිනි මරුම ගැන අපි අගක් මුලක් දන්නේ නැ.සමහරු පිට රටකට ගියාම උපන් බිම බින්දුවට බස්සලා කතා කරන්නේ ,ජනගහනයට සාපේක්ෂව ලංකාවේ අපරාධ අඩුයි. (ස)

:       0       0

රූපවතී Sunday, 17 August 2014 06:43 PM

ප්‍රියන්ත , මට කියන්න තියෙන්නෙත් ඔය ටිකමයි.දැන්නම් නිවාඩුවකටවත් නෑවිත්, පිටරටකම ඉන්න එකෙන් අපේ ජීවිත හෝ රැකෙනවා (නි)

:       0       0

කිංස්ලි Sunday, 17 August 2014 07:42 PM

කුඩුකාරයන්ට බනින්න එපා. ඒ අය හරි අහිංසකයි (නි)

:       0       0

චමින්ද Sunday, 17 August 2014 08:58 PM

අපේ අදහස් දමන පිටිගල බොහොම නිශ්ශබ්දයි ! කිසිම ආරංචියක් නැහැ ටික කාලයක ඉඳලා. (නි)

:       0       0

දුලනි Sunday, 17 August 2014 09:18 PM

දැන්නම් පාරේ බැහැලා යන්නත් බයයි (නි)

:       0       0

ගයාන් Sunday, 17 August 2014 09:19 PM

අග මුල මොකක් වුණත් මේක මිනීමැරුමක්. ඔව් ඉතින් දැන් අපිට කියන්න ඉතිරිවෙලා තියෙන්නේ අනිත් රටවල් එක්ක බලනකොට අපෝ මේවා මොනවද කියා තමයි. මෙහෙම කිය කියා තව අවුරුදු කීයක් ඉන්න පුළුවන් වේද බලමුකෝ. තමන්ගේ කෙනෙකුට මහදවල් වෙඩි තියලා ගියාම අනිත් රටවල් මතක් කරලා හිත හදාගනිමු. (නි)

:       0       0

මොහාන් Sunday, 17 August 2014 11:27 PM

මිනීමරන්නේ කුඩුකාරයෝ ගංජා බොන අය විතරද?ඒවා හොඳ දේවල් නොවේ.එහෙත් අපරාධ වල මහා මොළකාරයෝ සිගරට් එකක්වත් නොබොන අය.මොන දේ වුණත් වැරදි පටවන්නේ අන්තිමට කුඩු බොනකෙනාට. (නි)

:       0       0

රෙජි -සිඩ්නි Monday, 18 August 2014 12:38 AM

"අවිගත්තෝ අවියෙන්ම නසිති " ඒ දේවල් තමා අද ලංකාවේ සිදුවන්නේ (නි)

:       0       0

රෝහණ Monday, 18 August 2014 01:15 AM

රැකියා ඒජන්සියක නම් සමහරවිට සල්ලි අරගෙන රැකියා නොදී හිටියද දන්නෙ නැහැ. එහෙම නැත්නම් බොරු කියලා සල්ලි ගත්තද දන්නෙත් නැහැ. පානදුරයේ මම දන්නා කෙනෙකුත් ඔය විදියටම අහිංසක මිනිසුන්ගේ සල්ලි අරගෙන පැනලා ගියා (නි)

:       0       0

සත්‍යයා Monday, 18 August 2014 01:35 AM

ලංකාව මේ තත්ත්වයට ඇදවැටුණේ කෙසේද? (නි)

:       0       0

දයා අලහාකොන් Sunday, 17 August 2014 09:51 AM

එයත් මොකාක් හරි වැරදි වැඩක් කරලා ඇති (දී)

:       0       0

ප්‍රශීන් Monday, 18 August 2014 03:01 PM

මේ මියගිහින් තියෙන කෙනා ගැන මට වැඩි විස්තර කියන්න දන්නා කෙනෙක් කරුණාකරලා. (නි)

:       0       0

ගාමිණී - සිරිවර්දන Sunday, 17 August 2014 10:07 AM

මෙහෙම යනකොට නම් ඉතින් මාර්ගයකම,කඩ,සාප්පු ,නිවාස,කන්තෝරු,පන්සල්,පල්ලි ,පාසල්,පොලීසි වලත් සී.සී.ටී.වී.කැමරා අනිවාර්ය කරන්න වෙයි.අඩු මිලකට චීනෙන් වත් ගෙන්වුවොත් අපිටත් සවි කර ගත හැකියි (දිල්)

:       0       0

නන්ද Monday, 18 August 2014 02:38 AM

අපි මොන මොනවා කිවුවත් ලොකු හේතුවක් නැතිව නිකම්ම මිනිහෙක් මරන්නේ නැහැ. ටිකක් ඉඳලා බලමු. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Sunday, 17 August 2014 10:44 AM

කුඩු කාරයෙක්ට රුපියල් පන්දාහක් දීලා 'අන්න අරයා' කියල පෙන්නන එක විතරයි තියෙන්නේ. මොහොතින් 'අරයා' පරලොව. අහෝ...ලංකාවට මොකද මේ ටික කාලේදී වුනේ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2567 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 436 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1749 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5111 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3418 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3773 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37910 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24989 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site