IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘කිණිහිරියා මල් පිපිලා : අලුත් පෙනහල්ලකුත් ලැබිලා‘

කිණිහිරියා පැලයක් සොයාගැනීමට නිහාල් ජයමාන්නට දශක තුනකට අධික කාලයක් ගතවිය. එය සතුටෙන් නිවසට ගෙනවිත් රෝපණය කළද ගසේ මුලින්ම මල් පිබිදුණු දිනයේ ඔහු නිවසේ සිටියේ නැත.ඔහු නැවත පැමිණියේ අවුරුදු 5 කට පමණ පසුවය.එම කාලය ජයමාන්න පවුලේ සියලූ දෙන බියෙන්,සැකයෙන් කල්ගෙවූ කාලයක් විය.අද දිනයේ ඔවුන්ගේ මුහුණු වල එවැනි කාලයක් ගෙවූ බවට ලකුණකුදු දක්නට නැත.නමුත් කිණිහිරයා ගස නම් මලින් වැසී නැගී සිටින්නේ එයට නම් අතීතය අමතක නැති බව කියන්නා සේය.

අප පැමිණෙන තෙක්ම බලා සිටි බවක් පෙනුනු ජයමාන්න මහත්මිය බොරැුල්ලේ ඔවුන්ගේ නිවහනට ඇතුල්වූ විගසම අපව ඉතාම සුහද අයුරින් පිළිගත්තාය.අපට අසුන් පනවා ඇය යාබද කවිච්වියක අසුන් ගත්තේ සැමියා නිහාල් ජයමාන්න පසෙකිනි.ඉතා මෘදුව සංවාදයේ යෙදුනු ඇය එයට මද විරාමයක් තැබූයේ අපට ආහාරපානාදියෙන් සංග‍්‍රහ කළ අවස්ථාවේදී පමණි.නිහාල් නම් විහිලූවෙන්ම පසුවිය.ඔහු නිහඩවූයේ බිරිද කතාකළ අවස්ථාවලදී පමණකි.පිටත සිට බලන්නෙකුට නම් මේ පවුල සාමයෙන් සතුටින් ජීවත්වන පවුලක් බව පෙනේ.නමුත් ගෙවුනු වසර කිහිපයේදී අපේක්ෂාභංගත්වයෙන්,අදුරේ ගතකළ කාලයේ බියකරු බව දන්නේ ජයමාන්න පවුලේ සාමාජිකයින්ම පමණකි.

නිහාල් ජයමාන්න ඔහුව දන්නා අයට අමුතුවෙන් හදුන්වාදියයුතු පුද්ගලයෙකු නොවේ.ඔහු ජනපති උපදේශකයෙකි.සෙලාන් බැංකුවේ සභාපතිධූරය උසුලන්නේද ඔහුය.ඔහුගේ ළගින්ම සිටින බිරිද රෝහිනී ජයමාන්නය.දෙදෙනට එක් දරුවෙකි.ඔහුගේ නම තිලංකය.

සාර්ථක වෘත්තීය දිවියක් හා පවුල් දිවියක් ගතකරමින් සිටි නිහාල් ඉතාම අභාග්‍යසම්පන්න ලෙස පෙනහලූ ආශි‍්‍රත රෝගී තත්ත්වයකට ගොදුරු වන්නේ 2009 වසරේදීය.ඔහුගේ පෙනහලූ වල පේෂි ක‍්‍රමයෙන් ඝණ වෙමින් තිබෙන බව සොයාගැනීමට වෛද්‍යවරු සමත්වන්නේය.පෙනහලූ කොටස් බද්ධ කිරීමේ සැත්කමක් කළ යුතු බව ඔවුන්ගේ නිර්දේශය වේ.ශී‍්‍රලංකාවේ එවැනි සැත්කමක් කෙසේ කරන්නද? නමුත් ඒ අභියෝගය ජයගැනීමට ජයමාන්න සමත්වන්නේ මෙරට ප‍්‍රථම වතාවට පෙනහලූ කොටස් බද්ධ කිරීමේ සැත්කමට මුහුණදුන් පළමුවැන්නා ලෙස ඉතිහාසයටද එක්වෙමින්ය.මේ දක්වා ගතවුනු වසර 5 ක කාලයේ සිදුවූ දේවල්,මුහුණදුන් අභියෝග,පරාජයන්,ජයග‍්‍රහණ මේ සියල්ල රෝහිනී ජයමාන්න මහත්මිය ඇයගේ පළමු ග‍්‍රන්ථය වන ‘හී බී‍්‍රතස් එගේන්‘ (ඔහු නැවත හුස්ම හෙලයි) හි සටහන් කර ඇත්තීය.

පෙනහලූ පේෂි ක‍්‍රමයෙන් ඝණවීමට හේතුව සොයාගැනීමට මේ දක්වාම කිසිවෙක්ටත් හැකිව නැත.රෝගය වැළදුනු අයෙකුට ජීවත්වීමට ඇත්තේ වසර 3 ක පමණ කාලයක් ව වෛද්‍ය මතයයි.දැනට තිබෙන එකම සාර්ථක විසදුම වන්නේ පෙනහලූ බද්ධයක් සිදුකිරීමය.

2009 දී හුස්මගැනීමේ අපහසුතා නිසා වෛද්‍යවරයෙකු හමුවට යන නිහාල් තමන්ට මෙම රෝගය වැළදී ඇතැයි සිහිනෙන්වත් දැන සිටියේ නැත.ප‍්‍රතිකාර ලබාගත්තද දිගින් දිගටම මතුවූ හුස්මගැනීමේ අපහසුතා හා ඉක්මනින් වෙහෙසට පත්වීම් නිසා නිහාල් පීඩාවට පත්වූවද සුලූ රෝගයක් යැයි සිතූ හෙයින් ඔහු ඒ කිසිවක් ගණනකට ගත්තේ නැත.නිහාල්ට වැළදී තිබෙන රෝගය හරියටම හදුනාගත්තේ ළයරෝග පිළිඹද විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකොන් මහතාය.වහාම පෙනහලූ කොටස් බද්ධයක් සිදුකළ යුතුව තිබෙන බව ඔහු කීය.

‘එදා නිහාල්ව රෝගල් ගතකළහම මම ගෙදර ආවා එයා වෙනුවෙන් දේවල් ටිකක් අරන් යන්න.ඊට පස්සේ අවුරුදු 5 ක් යනකන්ම මට ගෙදර එන්න හම්බවුනේ නැහැ.‘. අතීත මතකයන් අවදි කරන රොහිනී කියන්නීය.

පෙනහලූ කොටස් බද්ධයක් සිදුකිරීමට ඇති හැකියාව පිළිඹද සොයාබැලූ ජයමාන්න දෙපළට දැනගත හැකිවූයේ එවැනි සැත්කමක් ශී‍්‍රලංකාවේ මේ දක්වාම සිදුකර නොමැති බවය.මෙය අසා රොහිනී තවත් කලබලයට පත්වූවාය.

‘අපේ අය දන්නෙත් නැහැලූ ඒ වගේ සැත්කමක් ගැන.මට කිසිම වුවමනාවක් තිබුණේ නැහැ එහෙම තත්ත්වයක නිහාල්ට ඒ වගේ සැත්කමක් කරන්න.‘ රොහීනී කියන්නීය.ඒ අනුව ඇය අවසාන මොහොත එනතෙක් සිටින්නට සූදානම් වූවාය.නිහාල්ද ඇයගේ මතයට එකග විය..‘මම නම් වැඩිය ගණන් ගත්තේ නැහැ‘.ඔහු අප හා පැවසීය.

නමුත් දෙදෙනගේ පුතනුවන් වූ තිලංක තම පියාට මරණය පැමිණෙන තෙක් බලාසිටීමට ඉඩදී පැත්තකට වීමට සූදානම්වූයේ නැත.ඔහු ඒ අවස්ථාව වන විට සිටියේ විදේශයක අධ්‍යාපන කටයුතු වල නිරතවය.එම කටයුතු මදකට නතරකළ ඔහු නොයෙක් රටවල සිටින වෛද්‍යවරුන් හා සම්බන්ධවීමටත්,පෙනහලූ බද්ධයක් සිදුකිරීමට හැකි පහසුකම් තිබෙන රටවල් පිළිබඳ සොයාබැලීමටත් පටන්ගත්තේය.

නිහාල් තම මතකය අවදි කළේය.

‘මට ඇත්තටම ගණනක් වුනේ නැහැ.නමුත් මගේ පුතා උත්සාහය අතහරින්න කැමති වුනේ නැහැ.මම හිටියේ නවලෝක රෝහලේ.මට මතකයි මගේ කාමරයට බේරේ වැව හොදින් පෙනුනා.ඉතාම අලංකාර දර්ශනයක්.මම හිටියෙත් බොහොම සැහැල්ලූවෙන්.ඒ ගතවුනු කාලය මට නම් ලොකු විවේකයක් වගෙයි.නමුත් මගේ පවුලේ අනෙක් අයට නම් එහෙම සහනයක් තිබුණේ නැති බව මම දැනන් හිටියා..‘ ඔහු පැවසීය.

නිහාල් රෝහලේ ඇද මත වැතිර සිටින විටදී එහා කාමරයේ සිටි තිලංක දිවා? නොබලා තම ලැප්ටොප් පරිගණකයෙන් විවිද රටවල වෛද්‍යවරුන් හා සංවාදයේ නියැලූනේය.රෝගය සුවපත් කර ගත හැකි ක‍්‍රම ගැන සෙව්වේය.මෙවන් සැත්කමක් සිදුකෙරෙන්නේ සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 කට අඩු පුද්ගලයින්ටය.නමුත් ඒ වන විට නිහාල්ගේ වසය අවුරුදු 65 ක් විය.

‘ඒ හින්දාම ගොඩක් වෛද්‍යවරු මාව භාරගන්න කැමතිවුනේ නැහැ‘.නිහාල් කීය.

අවසන නිහාල්ව භාරගැනීමට වෛද්‍යවරයෙක් ඉදිරිපත් විය.නමින් ඔටෝ ටකහිරෝ වූ ඔහු සේවය කළේ් ජපානයේ යොකෝහාමා විශ්වවිද්‍යාල රෝහලේය.ලොව ප‍්‍රථම වතාවට එක් පුද්ගලයෙක්ගෙන් ලබාගත් පෙනහැල්ලක මැද කොටසක් තවත් පුද්ගලයෙකුගේ පෙනහැල්ලට සාර්ථකව බද්ධ කිරීමේ සැත්කමේ ගෞරවය හිමි ඔහුටය.

‘එයා මගේ පුතාට සවන්දුන්නා.ඔහුව හමුවෙන්න එන්න කියාත් කීවා‘.රෝහිනී පැවසුවාය.

නමුත් අවයව බද්ධයන් සම්බන්ධයෙන් ජපානය අනුගමනය කරන දැඩි නීති නිසා නිහාල්ට එරටට ගෙනගොස් සැත්කම සිදුකිරීමේ හැකියාවක් නොතිබුණි.ඒ අනුව වෛද්‍ය ඔටෝ යෝජනා කළේ ශී‍්‍ර ලංකාවේදීම සැත්කම සිදුකිරීමටය.

‘අපි හිටියේ තැතිගැන්මෙන්.මේ වගේ සැත්කමක් කරන්න වුවමනා වෙන කිසිම දෙයක් අපේ රටේ තිබුණේ නැහැ.වෛද්‍යවරුන් හිටියෙත් නැහැ‘. රොහිනී කීවාය.

ක‍්‍රමයෙන් සැත්කම ශී‍්‍ර ලංකාවේම සිදුකිරීමට අවශ්‍ය පියවර එකින් එක ගැනින.අවශ්‍ය විශේෂ සැත්කම් මේසයක්ද විදේශයකින් ආනයනය කෙරිණ.ජයමාන්න පවුල හමුවේ තිබූ ඊළග විශාල අභියෝගය වූයේ පෙනහලූ බද්ධය සදහා අවශ්‍ය කොටස් ලබාගැනීමට දායකයින් දෙදෙනෙක් හා  හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් තවත් අයෙකු සොයාගැනීමය.නිමක් නොමැති පුවත්පත් දැන්වීම්,රූපවාහිනී වෙළද ප‍්‍රචාරණයන්, ස්වේච්ඡා සේවයන් අවසානයේ විවිධ රැකියා වල නිතරව සිටි පුද්ගලයෝ 50 දෙනෙක් පමණ නිහාල් වෙනුවෙන් ඉදිරිපත් වූහ.අනතුරුව ගෙවුනු දින කිහිපයේදී වෛද්‍යවරු වෙහෙස නොබලා සිදුකළ රුධිර පරීක්ෂාවන් හා පටක පරීක්ෂාවන් සියගණනක් අවසානයේ නිහාල්ගේ සැත්කමට වඩාත්ම සුදුසුයැයි පුද්ගලයින් තිදෙනෙක් තෝරාගැනීමට හැකිවිය.නමුත් මේ වන විට පෙනහලූ බද්ධ කිරීම සම්බන්ධයෙන් නොයෙකුත් සැකසංකා මතුව තිබිණ.මේ නිසාම එම තෝරාගත් එක් අයෙකු වහාම ඉවත්ව ගියේය.එම තැනැත්තාගේ අඩුව පිරවීමට ඉදිරිපත්වූයේ ජයමාන්න යුවළගේ පුතු තිලංකය.

මම පුතා ඉදිරිපත්වෙන බව අහලා ඇඩුවා.නිහාල් හැගුම්බරව පැවසුවේය.

නමුත් නිහාල්ගේ වාසනාවට මෙන් සැත්කමට පැය කිහිපයකට පෙර පවුලේ වෛද්‍ය මිතුරියක් කොළඹ ජාතික රෝහලේ හුස්මගැනීමේ යන්ත‍්‍රයකින් පමණක් ජීවය ලබමින් සිටින මළසිරුරක් ගැන තොරතුරු ලබාදුන්නාය.මූලික පරීක්ෂණ වලින් එම මළසිරුරේ පෙනහලූ කොටස් නිහාල්ගේ සිරුර හා ගැලපෙන බව වෛද්‍ය ඔටෝ තහවුරු කළේය.ඒ අනුව තිලංකට පියා වෙනුවෙන් සැත්කමට ඉදිරිපත්වීමට අවශ්‍යවූයේ නැත.දිනය 2011 නොවැම්බර් මස 30 වැනිදා විය.වෛද්‍ය ඔටෝ ඇතුලූ වෛද්‍යවරු 18 දෙනෙක්ගේ කණ්ඩායමක් අනතුරුව ගෙවුනු පැය 14 දී ශී‍්‍ර ලංකාවේ පළමු පෙනහලූ කොටස් බද්ධ කිරිමේ සැත්කම සිදුකළහ.

වසර කිහිපයක් ගතව ඇතත් තමන් ගත කළ ඒ අදුරු සමයේ මතකයන් ජයමාන්න පවුලේ සාමාජිකින්ගේ හෝ ඔවුන්ගේ හිතවතුන්ගේ සිත් වලින් මැකී ගොස් නැත.

‘ඒ වගේ අත්දැකීමක් ලැබුවහම ඔක්කොමලා එක්ක ඒ ගැන තොරතුරු බෙදාගන්න කෙනෙක් නිකන්ම පෙළඹෙනවා.මම හිතනවා මා මේ පොතේ සදහන් කරලා තියෙන දේවල් වලින් අපි හිටියා වගේ බලාපොරොත්තු අත්හැරගෙන ඉන්න තත්ත්වයක ඉන්න අයට කොහොම හරි ඉස්සරහට යන්න ශක්තියක් ලැබේවි කියලා‘ රොහිනී පැවසුවාය.

නිහාල්ගේ නම් එදා සහ අද වැඩි වෙනසක් නොමැත.ඔහු අදටත් ජීවිතය දෙස බලන්නේ සරලව සුභවාදීවය.

‘මම ගෙදර ආවහම කිණිහිරියා ගහේ මලූත් පිපිලා. ඔහු සිනාසෙමින් කීවේය.ඒ එක්කම මගේ පුතයි,නෝනයි දෙන්නා එක සැරේට පෙනහලූ සම්බන්ධ විශේෂඥයින් දෙන්නෙක් බවටත් පත්වෙලා‘.ඔහු ඒ අතරින්ම පැවසුවේය.

‘හී බී‍්‍රතස් එගේන්‘(ඔහු ආයෙත් හුස්ම ගනී) සැප්තැම්බර් පළමුවැනිදා සවස 7.00 ට ශී‍්‍රලංකා පදනම් ආයතනයේදී දොරට වැඞීමට නියමිතය.

Kinihiriya_20158251 Kinihiriya_20158252

 



අදහස් (0)

‘කිණිහිරියා මල් පිපිලා : අලුත් පෙනහල්ලකුත් ලැබිලා‘

සුමිත් Wednesday, 26 August 2015 05:43 AM

හරිම සතුටක් දැනෙනවා , අනේ එත් අපි වගේ දුප්පත් අයකුට ඔය ලෙඩේ හැදුනොත් මොනවා කරන්නද, ඔබ තුමාගේ පොත විකුණලා දුප්පත් ගෙවල් වලත් කිනිහිරිය මල් පිපෙන්න සලසවන්න (නදී)

:       0       0

සුනිල් Thursday, 27 August 2015 04:04 AM

හරිම සතුටක් දැනෙනවා ඔබ අද අප සමග ජීවත් වන නිසා . අපේ රටේ දුප්පත් අය ( රෝගීන් ) වෙනුවෙන් දැන් ඔබට හැකි දේ කරන්න. ඔබට බුදු සරණයි (බ)

:       0       0

අජිත් ජයවික්‍රම Wednesday, 26 August 2015 07:54 AM

අපේ රට කොපමණ සංවර්ධනය වුණා කීවත් පෙනවනේද දියුණුවේ තරම (ම)

:       0       0

විචාරක Tuesday, 25 August 2015 01:20 PM

මරණය පෙනී පෙනී ජීවිතය ජය ගත් ඔබට සුබ පැතුම්. ඔය කතාවේ තව පැත්තක් බැලුවොත්.... ඔබතුමා වැනි මුදල් යහමින් නොමැති.. නැති බැරි අහිංසක ගොවි පවුලක තාත්තා කෙනෙකුට ඔය විදිහේ අසනීපයක් හැදුණා නම්??? රජයේ රෝහලකට ගිහින් එම් ආර් අයි ස්කෑන් එකකට තවම පෝලිමේ නේද? (හේ)

:       0       0

තිස්ස සේනානායක Wednesday, 26 August 2015 09:31 AM

විචාරක ඔබ බිය විය යුතු නැහැ. අහිංසක ගොවි පවුලක තාත්තා කෙනෙකුට ඔවැනි රෝගයක් හැදෙන්නේ නැහැ. ශාරීරික රෝග වලට හේතුව තමන් තුලම තියනවා. මෙතුමාගේ ජිවිත කතාවෙන් එය මම දුටුවා. (බ)

:       0       0

අනුෂා Wednesday, 26 August 2015 04:31 AM

හැම දෙයක්ම තිබිම ඔබේ වාසනාව. (නදී)

:       0       0

අසෝකා Tuesday, 25 August 2015 01:39 PM

මටත් විචාරක කියපු දේ ම තමයි හිතුනේ? ඔබතුමාට වරදක් කියනවා නෙමෙයි. ඒ වගේම වාසනාවන්ත පුතෙකුත් ඉන්න නිසා ඔබලා වසන වන්තයි. නිරෝගිව තවත් කාලයක් ජිවත් වේවා! අද අප රටේ අනිත් අය ගැනත් ඇස් අරවන්න ඔබලාට පුලුවන්නම් එය අසරණ වුනු මේවගේ ලෙඩුන්ට ලොකු ශක්තියක් දහිරියක් වේවි! (නදී)

:       0       0

අමල් පෙරේරා Wednesday, 26 August 2015 09:41 AM

ඔබගේ යුතුකම මේ රටේ අහිංසක මිනිසුන් වෙනුවෙන් හඬක් නැගීමයි. රජයේ යුතුකම කිය කිය ඉන්නේ නැතිව ඔබ වැනි මහත්වරුන් මැදිහත් විය යුතුයි. රටේ අහිංසක දුප්පත් මිනිසුන් වෙනුවෙන් (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 5 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1452 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1016 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1122 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1688 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 676 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 167 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site