IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කණ්ඩලම වැව් රක්ෂිතයේ සුන්දරම වන වියන වනසයි

(කාංචන කුමාර ආරියදාස )

 ශ්‍රී  ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන,  ඉදිකරමින් පවතින  සංචාරක හෝටලයක පිරිසක්  විසින් සම්පූර්ණයෙන්ම  කපා විනාශ කර දමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති.

අද(09)  ඔවුන් දඹුල්ල පොලිසියට මේ පිළිබදව පැමිණිල්ලක් ද කළ බව ගොවි සංවිධාන සාමාජිකයෝ පැවසූහ. 

මහවැලි අධිකාරිය මගින් මීට පෙර තහනම් කර තිබූ සංචාරක හෝටලයක් නැවත ඉදිකරමින් පවතින බවත් එහෙම හෝටලයට සුන්දර කණ්ඩලම වැව දර්ශනය වීම සඳහා අක්කර ගණනාවක් සම්පූර්ණයෙන්ම ගස් වැල් කපා විනාශ කොට වැව් රක්ෂිතයේ    තිබූ ඉපැරණි කළු ගල් සම්පූර්ණයෙන්ම  යන්ත්‍ර සූත්‍ර දමා ගලවා ඇති බවද ඔවුහු චෝදනා කරති.

එම ගැලවූ ගල් හෝටලයේ විවිධ ඉදිකිරීම් සඳහා රැගෙන ගොස් ඇති බවද  කණ්ඩලම ජලාශ වම් ඉවුර ගොවි සංවිධානයේ සභාපති කේ .ජී. රංජිත් උපුල් කුමාර මහතා චෝදනා කළේය.

ගොවි සංවිධානයේ නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි අද (9) පස්වරුවේ කණ්ඩලම වැව් ඉස්මත්තට යනවිට දැකගැනීමට හැකි වූයේ එහි තිබූ වසර දහස් ගණනාවක් සිට පැවැති ගස් වැල් සියල්ල බිමට සමතලා කොට ගිනි තැබීම සඳහා සූදානම් කර තිබෙන අයුරුයි.

වසර සිය දහස් ගණනාවක් පැරැණි කුඹුක්, නබඩ ,බුරුත, ආදී  ගස් හා ඉතා පැරණි මහා විශාල වැල්    ගිනි තැබීමට   ඇද දමා තිබේ.

එමෙන්ම සුන්දර කණ්ඩලම ජලාශයේ ඉතාම සුන්දරම වන වියන සහ වසර ගණනාවක් පැවැති මහා විශාල වැල් වර්ග රැසකින් තුරු වියනක් ලෙස අලංකාරව තිබුණු බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

ගොවි සංවිධානයෙන්  මෙම සංචාරක හෝටලයේ ඉදිකිරීම් කරන පිරිසකගෙන් මේ පිළිබඳව විමසීමේදී ඉහළ නිලධාරීන්ගේ ලැබුණු නියෝගයක් පරිදි මෙම වැඩකටයුතු සිදුකළ බවට ඔවුන් පුරසාරම් දොඩන බව ගොවි සංවිධානය පවසයි.

ශ්‍රී  ලංකා මහවැලි අධිකාරිය  වැව ඉස්මත්ත වැව්රක්ෂිතය මායිම් කොට සලකුණු කර තිබියදී එම සලකුණු කරනු ලැබූ මායිම් ගල් පවා ගලවා සංචාරක හෝටලේ ඉදිකිරීම් වලට මදක් දුරින් නැවත සිටුවා මෙම මහවැලී වැව් රක්ෂිතයේ ඉදිකිරීම් කරන බවද ඔවුහු චෝදනා කළහ.

අතීතයේ සිට මෙම ස්ථානයේ ගල්තලාවක නිධානයක් ලබා ගැනීම සඳහා සූදානමක් තිබුණු බවත් ඒ අනුව යන්ත්‍ර සූත්‍ර යොදාගෙන එම බිම් කඩේ ඇති ගල් සියල්ල කඩා සංචාරක හෝටලයේ ඉදිකිරීම් වලට ලබා ගැනීම සිදුකරන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ පෙන්වා දෙති.

මේ පිළිබඳව බෝවතැන්න ජලාශ භාරයේ ඉංජිනේරු   බුද්ධික මහේෂ් නවරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට මේ පිළිබඳව තොරතුරු ලැබුණු වහාම ජලාශ භාර නියුජිතයා දඹුල්ල ‍පොලිසියට යවා පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බවය, වහාම තමන් හෙට( 10)  උදෑසන විශේෂ කණ්ඩායමක් එම ස්ථානයට එවන බවද ඒ මහතා සඳහන් කළේය.

 

 

 

 



අදහස් (3)

කණ්ඩලම වැව් රක්ෂිතයේ සුන්දරම වන වියන වනසයි

Anura Nanayakkara Thursday, 10 October 2024 09:24 AM

ඔන්න ලංකාවේ හොරාකන විදිය . AKD ජනපතිතුමනි .පිහිට වන්න

:       0       4

Karunasena Thursday, 10 October 2024 10:06 AM

කෝ හලෝ අනාගත කෘෂිකර්ම ඇමති කරුණාරත්න ගොයිය මොකද කරන්නෙ බලන්න

:       1       3

Indika gampaha Thursday, 10 October 2024 10:06 AM

මා පාසැල් යන සමයේ තමයි එයිට්නන්ස්පේස් කන්ඩලම හෝටලය ඉදිකරන්න පටන් ගත්තේ. අපි විරැද්ද වුනේ ඔය වැඩේ ඔතනින් නවතින්නේ නැතිබව දැනගෙන. එයාලා මොන පරිසර සම්මාන ගත්තත් වෙන වින්නැහි නවත්තන්න බෑ... දැන් අර කුම්බලා මාලු කාපු කතාව තමයි මතක් වෙන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 141 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 67 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 347 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1721 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 241 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 3293 2

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39687 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25806 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 371 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1224 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 409 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site