IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කුණු ගෙනියන රථ ගන්න ජපන් සල්ලි

(අංජුල මහික වීරරත්න)

කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව පිරිසිදු, තිරසර සහ පාරිසරික වගකීම් සහිත මොඩලයක් බවට පරිවර්තනය කිරීම ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ අපේක්ෂා කරනු ලබයි.

ඒ සඳහා අවශ්‍ය දියුණු කසළ කළමනාකරණ යටිතල පහසුකම් නොමැති වීම ඉහත දැක්ම ළඟාකර ගැනීම සඳහා ප්‍රධාන බාධාවක් ලෙස හඳුනා ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම මත ජපාන රජය විසින් යෙන් මිලියන 300 ක ප්‍රදාන ආධාර ලබා දීම සඳහා එකඟතාව පළ කර ඇති අතර, එම අරමුදල් බස්නාහිර, උතුර සහ නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණ ධාරිතාව වැඩි කිරීම සඳහා Garbage Compactors 28ක් ප්‍රසම්පාදනය කිරීම පිණිස යොදා ගැනීමට අපේක්ෂිතය.

මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන අතර එකී ව්‍යාපෘතිය යටතේ බස්නාහිර පළාත සඳහා 14ක්, නැගෙනහිර පළාත සඳහා 8 ක් සහ උතුරු පළාත සඳහා 6ක් වශයෙන් Garbage Compactors බෙදාහැරීමට යෝජිතය.

ඒ අනුව, ජපාන ආර්ථීක සහ සමාජ සංවර්ධන වැඩසටහන යටතේ එකී ප්‍රදානය ලබා ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (8)

කුණු ගෙනියන රථ ගන්න ජපන් සල්ලි

රම්බොඩ Tuesday, 28 January 2025 01:36 PM

මේක නම් අත්‍යවශ්‍යම වැඩක්. ට්‍රක්ටර්වල කුණු ගෙනියනවා මග දිගේ හැලි හැලි. පළාතම ගඳ ගස්සවගෙන. මීට අමතරව ප්‍රධාන නගරවල ලොකු කුණු බක්කි තියන්න ඕන. එතකොට මිනිසුන් තැන තැන කුණු දාන්නෙ නෑ.

:       0       22

Nishan Tuesday, 28 January 2025 01:51 PM

ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 2 කටත් අඩු ප්‍රමාණයක්. වැඩිම වුණොත් කුණු අදින ලොරි 3 ක් ගන්න පුළුවන්.

:       23       4

හෙල පුතාTuesday, 28 January 2025 02:32 PM

හරියට නිව්ස් එක කියෙව්වොත් මොකෝ. ඒකෙ තියෙනවා 28 කියලා. කලින් ආන්ඩුවකින් ගත්තා නන් තුනක්වත් නැති වෙන්න තිබ්බා.

:       4       18

Indhika Tuesday, 28 January 2025 02:25 PM

ලංකාවේ බදු ගැන මම දන්නේ නෑ. ජපානේ නම් කුණු ලොරි 20-30ක් ගන්න පුළුවන්.

:       0       8

Indhika Tuesday, 28 January 2025 02:28 PM

සොරි. බ්‍රෑන්ඩ් නිව් කුණු ලොරි 30 ඉදල 75ක් වගේ ගන්න පුළුවන්. සයිස් එක අනුව මිල ගණන් වෙනස්

:       0       10

Sam Tuesday, 28 January 2025 02:43 PM

නිකම් ලැබෙන අශ්වයාගේ දත් බලන්න එපා. මේක ජපානයෙන් නොමිලේ ලැබුණ දෙයක්. පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරු වගේ කොමිස් ඉල්ලන්න එපා.

:       2       21

sam Tuesday, 28 January 2025 02:44 PM

නිසැකම දෙන අශ්වයාගේ දත් බලන්න එපා. පසුගිය ආණ්ඩුවේ අමාත්‍යවරු වගේ.

:       1       11

ravin Tuesday, 28 January 2025 02:48 PM

ඉස්සර වගේ කුණු ගෙනියන රථ වෙනුවට වී 8 ගනීද දන්නේ නෑ.

:       12       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 580 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site