IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කණු ගලවන තුරු අලුත් උප ඇමැති කණුවක් ළඟ

ගිරිඋල්ල පස්යාල පාරේ කඳන්ගමුව පාසල අසල අනාරක්ෂිත දුරකතන කණු කිහිපයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සිය වාහනයේ බොනට්ටුව මත හිඳගෙන විරෝධතාවක් ඇරැඹූහ.

නියෝජ්‍ය ඇමැතිවරයා කටුපොත සිට  බුදුපිළිමයක් වැඩම කරවාගෙන එමින් සිටිය දී මෙම දුරකතන කණු දැක තිබේ.

මීට මාස කිහිපයකට පෙර පාර පුළුල් කළ බවත්, පාර අයිනේ තිබූ දුරකතන කණු ඉන් පසු පාර මැද තිබුණත් ඒවා ඉවත් නොකළ බවත්, කණු පාර මැද තිබිය දී පාර කාපට් කළ බවත් ප්‍රදේශවාසීහු කියති.

මාර්ග සංවර්ධන අධිකාරිය, ටෙලිකොම් ඇතුළු අදාළ බලධාරීන් පැමිණ කණු  ඉවත් කරන තුරු තමා ඉවත්ව නොයන බව නියෝජ්‍ය ඇමැති පවසයි.

palitha-tewarapperuma-(11)

SAM_2109 SAM_2110 SAM_2113



අදහස් (0)

කණු ගලවන තුරු අලුත් උප ඇමැති කණුවක් ළඟ

සමීර Tuesday, 12 April 2016 10:38 AM

මෙන්න ඇමතිවරු! මේ වගේම ඇමතිවරු මුළු ලංකාවේම හිටියා නම් ලංකාවේ ප්‍රශ්න නැහැ (නි)

:       0       0

නවරත්න Tuesday, 12 April 2016 10:41 AM

මේ ආණ්ඩුව ඔබතුමාලගේ නේද? ඇයි මේ රඟපාන්නේ? (නි)

:       0       0

සමන් Tuesday, 12 April 2016 10:44 AM

ඉතින් බලය තියෙන්නේ ඔයාලටනේ. මොනවටද උපවාස කරන්නේ? (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 12 April 2016 10:49 AM

හැමෝටම පිස්සු වගෙයි. සමහරු ඔලුවෙන් හිටගෙන ඉන්නවා. සමහරු උපවාස කරනවා. මෙහෙමද ප්‍රශ්න විසඳන්න හදන්නේ? (නි)

:       0       0

ජයවික්‍රම Tuesday, 12 April 2016 10:55 AM

මේව බොළඳ වැඩ. රජයේ ඇමතිවරයෙක් වෙලත් මේ වගේ සුළුදේකට උපවාස කරනවද? එහෙම නැත්නම් අදාළ අංශවලට දැනුම්දී වැඩේ කරනවද? (නි)

:       0       0

අසෝක Tuesday, 12 April 2016 10:56 AM

එක අතකින් දුකයි. මොකද මෙහෙම අය එක්කද මේ රට ඉදිරියට ගෙනයන්න හදන්නේ? එ්ත් මේවට හුරේ දාන නුගත් මිනිස්සුත් ඉන්නවනේ. මොනවා වුණත් වැඩේ කෙරෙනවා නම් හොඳයි (නි)

:       0       0

සිල්වා Tuesday, 12 April 2016 11:02 AM

තැනින් තැන රටේ කුණුගොඩවල් පිරිලා. ඒවාට විසඳුමක් සොයා දෙනතුරු බැරිද ඔයවගේම උපවාසයක් කරන්න? (නි)

:       0       0

නිශාන්ත Tuesday, 12 April 2016 11:03 AM

අනේ අපේ මහජන නියෝජිතයෝ! (නි)

:       0       0

සෞදි සරත් Tuesday, 12 April 2016 11:05 AM

ඕවා මොනවටද? බලය තියනවා නම් උප ඇමති කෙනෙක් වෙලා මොනවා කරවාගන්න බැරිද? (නි)

:       0       0

පුෂ්ප Tuesday, 12 April 2016 11:05 AM

කියල වැඩක් නැහැ රෝෂන්. කාට කියන්නද? එක අතකට අපේ රටේ බහුතර මිනිසුන්ට ගැළපෙන දේශපාලකයෝ ලැබිලා කියලත් මට හිතෙනවා. නමුත් ප්‍රශ්නය සුළුතරය අතර ඉන්න නීතිගරුක සහ දේශපාලනයට හිස නොනමන වැදගත් මහත්ම මහත්මීන් සහ දරුවන් මේවයින් දුක්වෙනවා. (නි)

:       0       0

සත්‍යපාල Tuesday, 12 April 2016 11:13 AM

යහපාලන නාඩගම්. (අ)

:       0       0

උපාලි Tuesday, 12 April 2016 11:34 AM

තමන් ආණ්ඩු පක්ෂයේ නම් ආණ්ඩුවට කියල මේ වගේ සුළු දෙයක් වත් කරගන්න බැරිනම් ඒකෙ තේරුම එක්කෝ පක්ෂයෙන් ගණන් නොගන්න කෙනෙක් නැත්නම් කළයුත්ත තෝරා බේරා ගන්න බැරි කෙනෙක් (අ)

:       0       0

ජ.ආ.ජයවීර Tuesday, 12 April 2016 11:40 AM

ඇමති කෙනෙක් කියන දෙයක් කරන්නේ නැතිනම් සාමාන්‍ය මහජනයා ගැන කුමන කතාද මේ රජයේ සියලුම ආයතන පුද්ගලික අංශයට දිය යුතුයි එවිට රටක් දියුණු කළ හැකියි (අ)

:       0       0

කිත්සිරි Tuesday, 12 April 2016 11:55 AM

මෙතුමාගේ මේ කාලේ වැඩ ගැන වගේම අතීතයේ වැඩ ගැනත් අපිට හොඳට මතකයි (නි)

:       0       0

චතුරි Tuesday, 12 April 2016 12:07 PM

මෙම පාර කාපට් කළේ මහින්දගේ කාලේ නේද? ඒ කාලේ කරන්න තිබුන වැඩ නේද මේ? බොනට් උඩ ඉඳගන්න නෙමෙයි තියෙන්නේ, ඉංජිනේරුවා අල්ලගෙන වැඩ තහනම් කරන එක. නොනගතෙත් ළංවෙනවා. දැන් බැහැලා ගෙදර ගිහින් නැකතට වැඩ අල්ලන්න (නි)

:       0       0

සරත් Tuesday, 12 April 2016 12:09 PM

ඇමතිලත් අද අසරණයි. අපි ගැන මොන කතාද? (නි)

:       0       0

විජේ Tuesday, 12 April 2016 12:16 PM

මෙයාලට ඇමතකම් දෙනකොට අපි නම් දැනගත්තා මෙහෙම දේවල් වෙයි කියලා (නි)

:       0       0

ශීලදාස Tuesday, 12 April 2016 12:23 PM

උප ඇමැතිකමක් දුන්නේ ඔවැනි වැඩ නවතා දමන්නයි. දැන් උප ඇමැතිකම අයින් කරනවද? (නි)

:       0       0

අන්වර් Tuesday, 12 April 2016 12:48 PM

මෙහෙම නොකර අද කාලේ වැඩක් කරවාගන්න බැහැ (නි)

:       0       0

ධර්මසිරි Tuesday, 12 April 2016 12:56 PM

උප ඇමති වුණාට පස්සේ තමයි ඇස් ඇරිලා තියෙන්නේ. ඉස්සර මේවා දන්නේ නැහැ (නි)

:       0       0

කරුණාපාල Tuesday, 12 April 2016 01:05 PM

මොනවා කරලා හරි කමක් නැහැ, පත්තරේ ටීවී එකේ තමන්ගේ ෆොටෝ එක වැටෙනවා නම් ඒකත් විශාල නම්බුවක් කියලා සමහරු හිතනවා ඇති. මොළේ තරමටනේ ඉතින් ක්‍රියාව තියෙන්නේ. "දේශයේ හැටියටනේ වාසේ" කියලා කතාවකුත් තියනවනේ (නි)

:       0       0

අමිල Tuesday, 12 April 2016 01:10 PM

ටෙලිකොම් එකට බනින වෙලේ පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි ආර්ඩීඒ එකෙන් මේක අයින් කරන්න කියලා ඉල්ලීමක් මීට පෙර කරලා තියෙනවද කියලත්. (නි)

:       0       0

සිල්වා Tuesday, 12 April 2016 01:53 PM

මොළයක් නැති අඳ බාලයෝ ලොකු තැන්වල ඉන්නකොට මේවගේ දේවල් සිද්ධවෙනවා. සංවර්ධනය කිය කියා පාරවල් කාපට් කළාට වැඩක් නැහැ. නිසි සැළැස්මකට පාරේ විදුලි කණු, වතුර බැසයන කාණු නිසිපරිදි සකස් කරන්න ඕනෑ. මොනවද මේ වෙන්නේ? ජනතා බදු මුදල් නාස්තිකරලා කොන්ත්‍රාත්කාරයන්ව පොහොසත් කරනවා. (නි)

:       0       0

නුවන් Tuesday, 12 April 2016 02:05 PM

මේ වගේ දේවල් දකිද්දී ලංකාව ගැන පුදුම දුකක් හිතට දැනෙන්නේ (නි)

:       0       0

ලලීන් Tuesday, 12 April 2016 02:09 PM

මේවා ප්‍රසිද්ධ වෙන්න කරන වැඩ ලෙසයි මම නම් දකින්නේ. (නි)

:       0       0

ධම්ම Tuesday, 12 April 2016 02:25 PM

මෙයාලට වැඩ නැහැ, එහෙම නැත්නම් වැඩ දන්නෙ නැහැ. (නි)

:       0       0

රංගනාථ Tuesday, 12 April 2016 05:09 PM

මෝඩකම උපරිමයි කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

ජයනාත් Tuesday, 12 April 2016 05:20 PM

පව්! ඉමේෂ් ගැන නම් මට හරි දුකයි (නි)

:       0       0

පෙරේරා Tuesday, 12 April 2016 06:46 PM

නිසි ක්‍රමවේදයන් මගින් ප්‍රශ්නය විසඳන්නේ නැතුව මොකද්ද මේ නටන නාඩගම? මෙහෙමද රටක ඇමති කෙනෙක් ප්‍රශ්න විසඳන්නේ ? මේකද ජනතාවට ප්‍රශ්න විසඳන ආකාරය පෙන්වන පූර්වාදර්ශය? (නි)

:       0       0

අසංක Wednesday, 13 April 2016 10:19 AM

ශ්‍රී ලංකා ටෙලිකොම් එක තැන කතාකරලා වැඩක් නැහැ. මගේ යාලුවෙකුගේ පරණ ගෙදර තිබුණු ටෙලිෆෝනය අලුත් ගෙදරට මාරුකරන්න මිට මාස දෙකකට විතර කලින් ටෙලිකොම් එකට දන්වා තියනවා. තවම සම්බන්ධතාවය දීලා නැහැ. ඔන්න ශ්‍රී ලංකා ටෙලිකොම් තත්වය. (නි)

:       0       0

සම්පත් Wednesday, 13 April 2016 02:03 PM

අනේ මෙහෙමත් දේශපාලඥයෝ! (නි)

:       0       0

ඉමේෂ් Wednesday, 13 April 2016 04:07 AM

ජයනාත්, දුකයි නම් අර කණුව අයින් කරලා දෙන්නකෝ. (නි)

:       0       0

අසාද් Thursday, 14 April 2016 09:26 AM

ගිය ආණ්ඩුවේ සංවර්ධනය. මේවා කරලා තමයි ලකුණු දාගත්තේ. දැන් බය ඇති ලකුණු කැපෙයි කියලා. (නි)

:       0       0

ජයනාත් Thursday, 21 April 2016 04:51 PM

පාලිත, ඔබ කොහොම කෙනෙක් වුවත් ඔබගේ අවධානය ගැන සතුටුවෙමි. ගිරිඋල්ල පළාතේ ලොකු ලොක්කෝ මෙතෙක් කල් මෙය දැක්කේ නැද්ද..? ටෙලිකොම් එකේ මාර්ග අධිකාරියේ ඉන්න මෙතෙක්කල් ඕවා දැක දැක නිකන් හිටපු නිලධාරීන්ගෙන් වැඩක් ගන්න මෙවන් සංදර්ශන නොදාත් බැහැ. " වම් අත කරන දේ දකුණු අත නොදන්නාක්" මෙන් ආයතන සම්බන්ධීකරණයක් පවත්වාගෙන නොගිය මේ ආයතන දෙකේ ලොකු ලොක්කෝ දඬුවම් දී ගෙදර යැවිය යුතුයි. (නි)

:       0       0

ඉමේෂ් Tuesday, 12 April 2016 09:30 AM

මෙන්න ඇමතිලා. නියම ජනතා සේවකයෝ (නි)

:       0       0

දිසා Tuesday, 12 April 2016 09:34 AM

මේ අයගේ මේ විකාර දැකලා අපිට එපාවෙලා දැන්. (නි)

:       0       0

ටෙශාන් Tuesday, 12 April 2016 09:45 AM

ටෙලිකොම් එකේ අය ඇවිල්ලා ඔය කණු ටික අයින් කරනතුරු හිටියොත්, ඇමතිතුමාට අලුත් අවුරුදු දවස් ටිකත් බොනට් එක උඩම ඉන්න වේවි. මොකද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වැඩ දැන් වෙන්නේ බොහොම මන්දගාමිව. කාර්යක්ෂමතාව, පාරිභෝගික සේවය, දෝෂ විසඳීම් එහෙම තියෙන්නේ අන්තිම අඩියේ (නි)

:       0       0

නිශාන්ත Tuesday, 12 April 2016 09:49 AM

මෙන්න ඉහළට යන්න ඕනෑ මිනිස්සු (නි)

:       0       0

පද්මසිරි Tuesday, 12 April 2016 10:11 AM

හොඳ වැඩක්. උප ඇමතිතුමාට ජයවේවා! (නි)

:       0       0

රෝෂන් Tuesday, 12 April 2016 10:11 AM

උප ඇමතිවරයෙකුගේ වගකීම් හඳුනානොගත් අයෙකුගේ තවත් එක් සංදර්ශනයක් ලෙසයි මම නම් මෙය දකින්නේ (නි)

:       0       0

නුවන් Tuesday, 12 April 2016 10:18 AM

හැම ජනතා නියෝජිතයෙක්ම මෙහෙම නම් අපේ රට අද සුරපුරයක් (නි)

:       0       0

ගමගේ Tuesday, 12 April 2016 10:19 AM

ඉතා අවංක මම ගරුකරන මහත්මයෙක්. නමුත් මෙතුමාට මතක ශක්තියේ යම් අඩුවක් තිබෙනවාදෝ කියලා මට පොඩි සැකයක් මතුවෙනවා. මොකද මෙතුමා දැන් ආණ්ඩු පක්ෂයේ ඉන්නේ. දැන් උද්ගෝෂණය කරන්න නෙමෙයි කණුව අයින් කරන්න අදාළ අයට උපදෙස් දීලා වෙන වැඩක යෙදිලා හෙට විතර වැඩේ කෙරිලා නැත්නම් අදාළ අයට විරුද්ධව පියවර ගැනීමයි කළයුත්තේ (නි)

:       0       0

බුද්ධි Tuesday, 12 April 2016 10:33 AM

මෙයයි යහපාලනය. අපිට සතුටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 0 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 25 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 73 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 30 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 220 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 184 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site