IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කුණු මාළු කන්ටේනර් 102ක් රේගුවෙන් මුදාහැරලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

කොළඹ වරායට පැමිණි නැවක තිබූ පලුදුවූ දුගද හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු ටූනා මාළු වර්ග අඩංගු කන්ටේනර් 102ක් ප්‍රතිඅපනයනය කරන ලෙස නැව් නියෝජිත ආයතනයට දැනුම් නොදී ඊට පටහැනි ලෙස ශ්‍රී ලංකා රේගුව එම පාවිච්චියට නුසුදුසු මාළු තොගය රට තුළට නිදහස් කිරීමට කටයුතු කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රේගු සටහන් කර දාහතක් පිළිගෙන මාළු තොගය මෙසේ නිදහස් කර තිබූ බවත් එම රේගු සටහන් කර සැකසීමට මෙරට සෑදූ ගමන් බිල්පත් උපයෝගී කරගැනීම ගැටලුකාරී බවත්  එම වාර්තාවේ දැක්වේ.

මෙම මාළු තොගය රැගෙන විත් තිබුණේ ෂී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ   බහාලුම් රැගත් නෞකාවකිනි. සී.එම්.ඒ කයිලාස් නැමැති මෙම නෞකාව කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් දින 20 ක කාලයක් විදුලිය සැපයුම නතරවී ඇති බවට කොළඹ වරායට දැනුම් දීමෙන්  පසු  වරායේ ප්‍රධානීන් විදුලි ජනක යන්ත්‍ර භාවිතා කර ටග් යාත්‍රාද  උපයෝගී කරගෙන  2022 වර්ෂයේ ජනවාරි 13 වැනිදා  මෙරට මුහුදු  සීමාවේ නවතා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබූ බව විගණන කාර්යාලය පවසයි.

මෙම මාළු තොගය නරක් වූ ස්වභාවයක් ගෙන ඇති බව වාර්තා කළද සම්පූර්ණ ටූනා මත්ස්‍යයන් ලෙස රේගු සටහන්කරයේ ඇතුළත්  කර  රුපියල් ලක්ෂ 62 ට වැඩි වටිනා බදු පවා අය කරගෙන තිබූ බව වාර්තාවේ සඳහන් වේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  අවසර පත්‍රයක් දෙනු නො ලබන්නේ නම් යම් නැවකින් කිසියම් භාණ්ඩයක්  ශ්‍රී ලංකා වරායට ගොඩබෑමට  හැකියාව නැති බවත්  ගොඩ බානු ලබන සියලුම බහාලුම්  සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා රේගුවේ අවසරය හා අනුමැතිය අවශ්‍ය වුවද අදාළ ගොනු  පරික්ෂා කිරීමේදී එවැනි අවධානයක් යොමු කළ බවට සාක්ෂි නොතිබූ බවත්  විගණන නිලධාරීහු පෙන්වා දෙති.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා රේගුවේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (4)

කුණු මාළු කන්ටේනර් 102ක් රේගුවෙන් මුදාහැරලා

gihab Thursday, 28 September 2023 05:15 PM

පාරිභෝගිකයින් ලෙස මූලික අයිතිවාසිකම් කැඩුණු බවට අප නඩුවක් දමා වන්දි ඉල්ලිය යුතුයි..!

:       0       0

de silva Thursday, 28 September 2023 06:25 PM

හෙට අනිද්දා වෙනකොට ඕවා කට් ෆිෂ් හරි, සුපිරි ජාඩි වැනි නමකින් සුපිරි මාකට් එකේ විකුණාවි. ගුටි කාලා ගෙදර යන ගමන් අපිත් ඔය පැකට් අරගෙන යමු.

:       2       12

Prabha Thursday, 28 September 2023 06:46 PM

චී චී අපේ රේගුවෙන් ඔහොම ලේසියෙන් පනින්න බෑ. ඕවා මඩ ගහන්න කියන කතා...

:       4       9

Nimal Friday, 29 September 2023 01:29 PM

ඔය වාර්තාවට ඇක්ෂන් එකක් ගන්න බැරිනම්, මොන මගුලකටද විනය කියලා කරන්නේ.. නිකන් හිටියා නම් ඉවරයිනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 147 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 140 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1859 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1570 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 465 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 587 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40027 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25953 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 236 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1307 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site