IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කුණු ලුනූ ගඳට තව ගඳක් එක් වේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස ජනාකීර්ණ පෙදෙසක හිස් ඉඩමකට කුණු ලොකු ලුනූ තොඟයක් ලොරියකින් ගෙනවුත් දැමු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙම ලුනූ තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය නිලධරයන් ගත් ක්‍රියා මාර්ගය ගැන ප්‍රෙද්ශවාසීහු නගරාධිපති ජාලිය ඕපාත මහතාට පැමිණිලි කළහ.

නගර සභාවට මුදල් බැද නගර සභාව ලවා ලුනූ ඉවත් කළ යුතුයැයි සෞඛ්‍ය නිලධරයන් පවසා ඇතැයි ඔවුහු එහි ආ නගරාධිපතිට පැවසීය.

නගරාධිපති පැවසුයේ ලුනූ එහි දැමු අයම ඒවා ඉවත් කළ යුතු බවයි. ඒවා එහි දැමු අයට එරෙහිව උපරිම දඩුවම් කළ යුතු බවද නගරාධිපති පැවසීය.

 



අදහස් (0)

කුණු ලුනූ ගඳට තව ගඳක් එක් වේ

සෙනරත් Wednesday, 25 September 2013 08:38 AM

"දම්" කියා නම සඳහන් කර ඇති කෙනාට ලංකාවේ ඉතාම අපිරිසිදු තැනක ජීවත්වීමට සිදුවී තිබීම ගැන අපි දුක් වෙමු. තමන් කර ඇති පින් පවු අනුව තමා තමන්ට හැම දෙයක්ම ලැබෙන්නේ. (නි)

:       0       0

නාමල් Wednesday, 25 September 2013 09:28 AM

මේවා ඉන්දියාවෙන් හරි යාපනෙන් හරි ආපුවද? යාපනේ වවන ඒවා කොළඹට ගේන එක හරියට කරනවා. දැන්වත් ආණ්ඩුව අනිත් පළාත් ගැනත් බැලුවොත් හොඳයි. උතුරම දියුණු කර කර ඉන්නේ නැතුව. ඡන්දේ දුන්න බලය දුන්න අය ගැන හිතන්න දැන් පාලකයනි! (නි)

:       0       0

දම් Tuesday, 24 September 2013 11:42 PM

මහගෙදර මහත්තයෝ, ලංකාව කියන්නේ අසුචි පිරුණු රජ දහනක් හා සමාන තැනකි.මේක බහුතරයකට වලංගුය. (නි)

:       0       0

ලංකපුත Tuesday, 24 September 2013 04:52 PM

මොකක්ද අවුල. කොම්පොස්ට් වෙනද ඇරියම කාටද වාසි? (අ)

:       0       0

අසෝක Wednesday, 25 September 2013 12:22 AM

රජයෙන් මිනිසුන්ට මේවා කල් තබා ගන්න විධි කියලා දුන්නා නම් මේ කිසිම දෙයක් අපතේ යන්නේ නැහැ. ගොවියාටත් සාධාරණයක් ඉෂ්ට වෙනවා. යුනෙස්කෝ එකෙන් මේ වගේ දේවල් වලට උපදෙස් දෙනවා. එත් අපේ නිලධාරීන් බහුතරයක් ඒවාට කැමති නැහැ. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 24 September 2013 04:53 PM

පිටරටවල ඉන්න සුද්දෝ ජපන්නු වගේ අය හිතන්නේ ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවල ඉන්නේ අපිරිසිදු නුගත් මිනිස්සු කියල. ඒ හන්ද ඒ රටවල කුණු ජරාවල් නිකම්ම දීල යන්න පුළුවන් කියල. ඒ වගේම තමයි කොළඹ වගේ නගරවල ඉන්න අය හිතන්නේ ගම්වල ඉන්නේ නුගත් ශිෂ්ටාචාර නොවන අය කියල. එයාලගේ ඕනිම කුනු ජරාවක් ගම්වල ගෙවල් ඉදිරිපිට උනත් අතහැරලා යන්නේ එහෙම හිතාගෙන ඉන්න හන්ද. (අ)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 25 September 2013 05:57 PM

ප්‍රජාතන්ත්‍රවාදය සහ පුද්ගලික නිදහස අකුරටම තිබෙන, දේශපාලකයන් රට සහ ජනතාව වෙනුවෙන් ඇප කැප වී වැඩ කරන,අකුරටම වැඩ කරන පොලිසියක් සිටින, උද්ධමන වේගය සහ විරැකියාව අවම, ළමයින්ට හොඳ රැකියාවක් සහිත අනාගතයක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන මට්ටමින් සලසා තිබෙන, බය නැතුව රෑට ගැහැනියකට පාරේ බැහැල යන්න පුළුවන්,ස්වභාවික සෞන්ධර්ය ඇති පෙදෙස් වල සිලිසිලි මලු දකින්න නැති, මග දෙපස තාප්ප වක කොලයක් වත් අලවන්නේ නැති තරම් විනීත පුද්ගලයන් සිටින මේ රට අසුචි ගොඩක් වෙන්නේ කෙසේද?(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 24 September 2013 06:16 PM

පවු මේ අහිංසක මිනිස්සු කොයිතරම් අමාරුවෙන්ද මේවා වග කරන්න ඇත්තේ ? ඇයි රජයට බැරි මේවා අපනයනය කරන්න.අපි ඉන්න රටවල ලංකාවේ එළවලු වලට හොද ඉල්ලුමක් මෙන්ම හොද මිළකුත් තියෙනවා. (නි)

:       0       0

අසෝක Wednesday, 25 September 2013 01:27 PM

දම්, අනේ දරුවෝ දැන්වත් ඉන්නේ අසුචි වලක කියලා දන්නවා නම්, ගොඩට ඇවිත් නාලා පිරිසිදු ඇඳුමක් ඇඳගෙන ලක් මවගේ සුන්දරත්වය බලන්නකෝ. එක් කෙනෙක් දෙන්නෙක් ජරා වැඩ කලාට තාමත් දෙවිවරු වගේ මිනිසුන් මේ රටේ ජිවත් වෙනවා.හොඳට ඇස් ඇරලා ලෝකය දිහා බලන්න පුරුදු වෙන්න. (ස)

:       0       0

සම්පත් Wednesday, 25 September 2013 08:01 AM

නගර සභාව කියලා කැළෑවලයි, ගෙවල් අගුපිල් වලයි හැමතැනම කුණු අදින්න බැහැ. ඔවුන්ට ක්‍රමවේදයක් තියෙනවා. නගරයේ මිනිස්සු මීට වඩා වගකීමෙන් වැඩ කරන්න අවශ්‍යයි. ඉවතලන අපද්‍රව්‍ය දමන්න නගර සභාව ස්ථාන සකස් කරලා තියෙනවා. අපි ඊට සහයෝගය දෙමු. නගරය පිරිසිදුව තබාගන්න අපිත් උනන්දු වෙමු. මේ වැඩේ කළ අය සොයා දඩුවම් කිරීමට කටයුතු කිරීමට පොලිසියේත්, නගරාධිපතිතුමාගේත් අවධානය යොමුවීම සතුටට කාරණයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 74 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 949 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1392 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 172 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1080 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1200 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26116 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23464 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 391 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site