IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘කුණු වූ සමාජය ගොඩගන්න ඕනෑ‘

වැලිවේරිය රතු පස්වල කම්හලෙන් සිදුවූ අනර්ථයත්, කම්හල් හිමියන්ගේ පැත්ත ගෙන ගිය රජය සමයේ හමුදාවේ වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනෙකු මරා දැමීම ගැනත්, මේ රජයද කිසිත් නොකරතියි රාවය හිටපු ප්‍රධාන කර්තෘ වික්ටර් අයිවන් මහතා කොළඹ පුස්තකාල ශාලාවේදී අද ප්‍රකාශ කළේය.

වික්ටර් අයිවන් මහතා අවධාරණය කළේ රතු පස්වල සිද්ධියට තුඩු දුන් හේතු හා ගැමියනට සිදුවූ අසාධාරණය ගැනත් ඊට වගකිය යුතු හැම දෙනාම නීතිය ඉදිරියට පැමිණවිය යුතු බවය. එහෙත් එවැනක් සිදුවන ලකුණු නැති බවත් මේ රජයද ගිය රජය මෙන් සමාගම රකින බවත් ඔහු කීවේය.

ජනමාධ්‍ය ඇතුළු මුළු සමාජයම කුණුවී ඕජස් ගලන තත්ත්වයකට පත්ව තිබියදී තරිඳු ජයවර්ධන වැනි තරුණ මාධ්‍යවේදීන් දැකීම අපමණ සතුටට හේතුවක් බවත්, ඔවුන් කිසිම බලවේගයකට නොනැමී සමාජයට කරන සේවය මිල කළ නොහැකි බවත් ඔහු කීවේය.

මහාචාර්ය සරත් විජේසූරිය ඇතුළු විද්වතුන් කිහිපදෙනෙක්ම මෙහිදී අදහස් දැක්වූහ.

තරිඳු සිට කුළුදුල් පොත මවට හා මිත්තණියට පිදුවේය.

THBLRPAS-001 THBLRPAS-002 THBLRPAS-02 THBLRPAS-03 THBLRPAS-04 THBLRPAS-05 THBLRPAS-06 THBLRPAS-07



අදහස් (0)

‘කුණු වූ සමාජය ගොඩගන්න ඕනෑ‘

විජේ Wednesday, 14 September 2016 05:02 AM

ධම්ම මහත්තය, බලන්නේ ඒකාබද්ද විපක්ෂය කන්නාඩියෙන් බවනම් මට පැහැදිල්යි (අ)

:       0       0

කෝලිත Wednesday, 14 September 2016 05:17 AM

රතුපස්වල කම්හලෙන් පරිසර හානියක් වෙලට් නැහැ.හමුදාවට ගල් ගැහුවෙත් ජවිපේ කාරයෝ ටිකක්. මරුනේ පිටින් මේක බලන්න ආපු අය.මහින්ද මේකට ගෑවිලාවත් නැහැ.(අ)

:       0       0

ගයා Wednesday, 14 September 2016 05:32 AM

රතු පස්වල මලේ 3 යි ,පසුගිය අවුරුදු 30 හේ ලක්ෂයක් විතර මලා. 1971 ලක්ෂයක් මලා ,1989 එයටත් වඩා මැරුවා. මේ ප්‍රශ්න ගැනත් ලියන්න (රේ)

:       0       0

ධම්ම Tuesday, 13 September 2016 02:17 PM

එක් චෞරයෙකුට එරෙහිව චෞර රැජිණ නැවත බලගැන්වූ ඔබ සැමද මේ ඕජස් ගැලීමට වගකිව යුතුයි.(අ)

:       0       0

චමින්ද මඩවල Tuesday, 13 September 2016 05:51 PM

මල්ලි ඔබේ උත්සහාය ඉතාම සාර්ථකයි. මින් මතුවට ඔබේ පෑන් තුඩින් ලියැවෙන හැම අකුරකින්ම දුප්පත් මිනිසුන්ගේ දෑස් දීප්තිමත් වේවායි මගේ එකම ප්‍රාර්ථනය.(රේ)

:       0       0

දිල්ෂාන් Wednesday, 14 September 2016 09:15 AM

පාර්ලිමේන්තුවේ ඉන්න නරක අය සේරම එළවා දමා නැවත පටන් ගන්න. නැතිනම් ජනතාවට හැමදාම දුක තමා. (ර)

:       0       0

අනිල් Tuesday, 13 September 2016 06:06 PM

චෞර රැජින කියල පොත් ලියල බැනල දැන් එක වේදිකාවේ ආපහු එකට ඉඳගන්න උදවියත් ඉන්න එකේ ඕව මොනවද අයිවන් මහත්තයෝ! (රේ)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 13 September 2016 08:02 PM

රතුපස්වල ජනතාවට සිදුවූ හානියට සාධාරණය ඉටුකිරීමටත් අපරාධවලට වගකිව යුතු අයට දඬුවම් දීමටත් යහපාලන රජයට තවමත් අවස්ථාව ඇත . ප්‍රමාද වී හෝ ඒ යුතුකම ඉටුකළ යුතුමය . (අ)

:       0       0

කුමාර් මෙන්ඩිස් Wednesday, 14 September 2016 09:26 AM

හැරෙන හැරෙන පැත්තට පොත් ලියනවානේ... (ර)

:       0       0

රංජිත් මංජුල වර්ණසූරිය Tuesday, 13 September 2016 08:14 PM

පොත් ලියන එක පොත් කියවන එක තරම් පට්ට පල් බොරුවක් තවත් නැ අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් උදාහරණත් එක්ක සංවාදයකට ලැස්ති (අ)

:       0       0

හේවා Tuesday, 13 September 2016 08:31 PM

කුණු වූ සමාජයක් යනුවෙන් අපේම සිංහල ජනයට ගරහන යම් කිසිවෙක් වේද ඔහුද කුණු වූ සමාජයට අයත් කුණු වූ මිනිසෙක් නේද (අ)

:       0       0

සුමුදු Tuesday, 13 September 2016 10:13 PM

ධම්ම , හැම වෙලේම ඔබ ඔබ.. නෙමෙයි අපි .. මේ රටේ මේ ඕජස් ගලන ක්‍රමයට වග කිව යුතු අපියි. ඔය රතුපස්වල සිද්ධියෙන් පස්සේ තිබ්බ ඡන්ද ප්‍රතිළුල අරන් බලන්න, රතු පස්වලම මිනිස්සු ඡන්දෙ දීල තියෙන්නේ කොහාටද බලන්න. කටුනායක මිනී මැරීමෙන් පස්සෙත් කටුනායක ළමය කොහාටද ඡන්දෙ දීල තියෙන්නේ බලන්න. මේක කුණු ඌ සමාජයක් කියන්නේ නිකන නෙමෙයි. ඔබත් මමත් කුණු වූ මිනිස්සු. (අ)

:       0       0

දිනේෂ් Wednesday, 14 September 2016 12:15 AM

කුණුවූ සමාජය ගොඩ ගන්න නම් චෞර රැජින පොත නැවත වරක් පල කරලා වැඩේ පටන් ගන්න. (රේ)

:       0       0

නාලක Wednesday, 14 September 2016 12:27 AM

හපොයි වික්ටර් අයිවන් මහත්තය හීනෙන් අවදි වෙලාද. මහරජතුමාගේ උපදේශකයෙක් වෙලා හිටිය නේද? මේවා වෙනකොට බුදිද?(රේ)

:       0       0

ජයලත් Wednesday, 14 September 2016 01:29 AM

ධම්ම ඔයාගේ කතාවේ යම් ඇත්තක් ඇති නමුත් දැනට ඉන්න හුඟ දෙනෙකුට වැඩිය ඔයා නරකයි කියන අය හොඳයි කියලයි මම හිතන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියගේ දඬුවම සැර වැඩිවේ;සැමියා මරුට
2024 ඔක්තෝබර් මස 08 391 0

නොචිචියාගම වල්පලගම ප්‍රදේශයේ නිවසක බිරිඳ සිය සැමියාගේ ගෙල සිරකර ඝාතනයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය


හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 527 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 566 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 529 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 345 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 167 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39445 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site