IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කතිකාවත මහ උසාවියට

පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදරිපත් කර ඇති ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පතෙහි ඇතුළත් වගන්තිවල ව්‍යවස්ථානුකූලභාවය විමසා බලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ සම්බන්ධීකාරක නීතීඥ නුවන් බෙල්ලන්තුඩාව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම පෙත්සම ගොනු කර තිබේ.

ථෙරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ඉකුත් ජනවාරි 12 වැනි දා පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කළ බව පෙත්සමේ සඳහන් වේ.

එහි විධි විධාන මඟින් වසර දහස් ගණනක් තිස්සේ භික්කෂූන් වහන්සේලා කර ගෙන යන ආගමික ක‍්‍රියාකාරකම් සහ සංස්කෘතික චාරිත‍්‍ර බලහත්කාරයෙන් වෙනස් කිරීමට උත්සාහ කරන බව පෙත්සමේ සඳහන්ව ඇත.මින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ බෞද්ධ ජනතාව අතර බෙදීමක් ඇති කිරීමට උත්සාහ කිරීමක් බවද පෙත්සමකරුවෝ කියති.

යම් ඇගයීමකින් හෝ සිරිත් විරිත් මඟින් තවත් ආගමික අයිතීය උල්ලංඝනය වන්නේ නම් හැර වෙනත් කිසිම අවස්ථාවකදී ආගමික සංස්කෘතික කටයුතු වලට අදාළ නීතී රීති සැකසීමට රජය මැදිහත් විය යුතු නැතැයිද පෙත්සමේ සඳහන් වේ.

එබැවින් එම පනත් කෙටුම්පතෙහි ඇතුළත් 2 සිට 16 දක්වා වන වගන්තීන් මඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 3,4,9,10,11,12(1), 12 (2), 14( 1) 6 , 14 (1) සී, 14 (1) ඊ, 20, 28  වගන්තීන් වලට පටහැනි බවට ප‍්‍රකාශ කරන ලෙෂ පෙත්සම්කාර පාර්ශවයෙන් ඉල්ලා සිටියි. එබැවින් එය නිසි පරිදි සම්මත වීමට නම් තුනෙන් දෙකක බහුතරයනික් සහ ජනමත විචාරණයනික් සම්මත විය යුතු බවට ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටීයි.



අදහස් (0)

කතිකාවත මහ උසාවියට

ජගත් Wednesday, 20 January 2016 01:35 PM

හොරු බය වෙලා . මෙය කාලීන අවශ්‍යතාවක්. (බ)

:       0       0

රසික Thursday, 21 January 2016 04:02 AM

ගොඩක් විස්තර හොයන්න ඕනෑ නැහැ. පොළොන්නරු ගල් විහාර කතිකාවතයි, දඹදෙණි කතිකාවතයි අරගෙන බැලුවා නම් තේරුම් ගන්න පුළුවන් මේ අළුතින් පනවන්නෙ පැරණි නීතිරීතිමයි කියලා. (නි)

:       0       0

ජයරත්න Wednesday, 20 January 2016 12:07 PM

රටේ පවතින සාමාන්‍ය නීතිය භික්ෂූන් වහන්සේලා ටත් පොදුයි නේද? එහෙම නම් ඇයි ථේරවාදී භික්ෂූන් වහන්සේලාට පමණක් පාර්ලිමේන්තුව හරහා අමතර නීති පනවන්නට උත්සාහ කරන්නෙ. මහා නායක, අනු නායක අධිකරන සංඝ නායක වගේ පදවි තිබෙන්නෙ සංඝ ශාසනයේ විනය ආරක්ෂා කරන්න නොවෙයිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 291 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 976 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 973 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 506 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1028 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1771 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36967 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24375 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site