රටේ ජනතාවගේ ජනවරම මෛත්‍රිපාල සිරිසේන ජනපතිට බවත් ඔහුට ඒ ජනවරම ලැබුණේ එක්සත්ජාතික පෙරමුණේ අපේක්ෂකයෙකු හැටියට බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටවත් පොදුජන එක්සත් පෙරමුණටවත් ජනවරමක් නොලැබුණු බව ඒ ගැන කතා කරන අය දැනගත යුතු බවත් විශ්ව විද්‍යාල හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (10) මහනුවරදි පැවැසිය.
අමාත්‍ය වරයා මෙසේ පැවැසුයේ අස්ගිරි පාර්ශවයේ මහානායක මාහිමියන් ලෙස අභිනවයෙන් පත්වු බදුලු මුතියංගන රාඡමහා විහාරාධිපති වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනිමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
විශාල අත්දැකිම් ඇති ඇමැතිවරයෙක් හැටියට විශාල කාර්ය භාරයක් කළ හැකි බවත් රටේ දැවෙන ප්‍රශ්න රාශියක් තිබෙන බවත් ඒවා විසදා ගැනිමට සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් අස්ගිරි මහානාහිමියෝ ඔහුට පැවැසුහ.
මහනුවර කොළඹ අධිවේගි මාර්ගය ලබන ජූලියේ ගලගෙදරින් අරඹන බවත් තැන්නේකුඹුරේ සිට ගැටඹේ දක්වා ඉදි කිරිමට යන උමං මාර්ගයේ වැඩ කටයුතු 80%ක් අවසන් බවත් මහනුවර බෝගම්බර බන්ධනාගාරය හෝටල් සංකිර්ණයක් කරන බවත් මහනුවර නගරය කුන්ඩසාලය දක්වා පුළුල් කරන බවත් අමාත්‍යවරයා කීවේය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තමන් බය නැති බව කී කිරිඇල්ල මහතා ‘අපි ඕන වෙලාවක සුදානම් මැතිවරණයකට. පරණ ක්‍රමයට හරි අලුත් ක්‍රමයට හරි කැත්තෙන්ද පොල්ලෙන්ද අපි මැතිවරණයට සුදානම්. අපි මැතිවරණවලට ආසයි‘ යැයිද පැවසීය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘කැත්තෙන් හරි පොල්ලෙන් හරි මැතිවරණයට සූදානම්‘
සිසිර කුමාර Sunday, 10 April 2016 12:24 PM
ගෙවල්වලට ඡන්දය ඉල්ලන්න ගියහම කැත්තෙන් හරි පොල්ලෙන්හරි හම්බවෙයි උන්දැට (බ)
ලෙස්ලි Monday, 11 April 2016 05:38 PM
අනේ මොකටද මගේ කට! (නි)
සමන් Sunday, 10 April 2016 01:10 PM
මෙයා නේද විශ්වවිද්‍යාල ආචර්ය වරු ගන්න කියල දේශපාලන ලියුම් යැව්වේ. මෙතුමා එජාපයෙනුත් පරදිනවා.(බ)
නිමල් ලාලිත Sunday, 10 April 2016 02:25 PM
කෑ ගහන්න එපා. තනි පක්ෂයක් වශයෙන් ඡන්දය ඉල්ලා බලන්න, (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ Sunday, 10 April 2016 03:07 PM
කැත්තට පොල්ලට ඡන්දෙ දීපු කාලේ ගියා....ඇමතිතුමෝ ඕනෑම ගොනෙකුට මනාපේ ඉල්ලන්න පුළුවන්....එ්ත් ඉතින් කතිරේ ගහන අයගේ අතේ තමා වැඩේ තියෙන්නේ කියල අමතක වුණාද ? (බ)
කුමුදිනි වත්සලා Sunday, 10 April 2016 03:39 PM
ඕනෑම ගොනෙකුට යුද්දෙ කරන්න පුළුවන් කියන ඉතාම කැත කතාව කිවේ මෙතුමායි (බ)
චින්තක Sunday, 10 April 2016 04:28 PM
ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන් මෙයාට වාගේම. (නි)
දීපාල් නිරෝෂ් Sunday, 10 April 2016 04:48 PM
අපේ රටේ ඕනෑ ගොනෙකුට ඡන්ද කරන්න පුළුවන් කියලා මෙතුමා හොඳට දන්නවා. (නි)
සෙනෙවි Sunday, 10 April 2016 04:51 PM
කැති පොලු වලින් සමහර පැතිවල කරන දේවල් දකුණේ දාන්න ආවොත් නම් ආපහු කොහොම යන්න වෙයිද දන්නෙ නැහැ (නි)
කුමාර Sunday, 10 April 2016 04:54 PM
සමහරුන්ගේ කතා ඇහුවහම හිතෙන්නේ ඔවුන්ගේ මුඛය සහ මොළය සම්බන්ධ කරන නහරය කැඩිලා වගේ කියලයි (නි)
පාලිත Sunday, 10 April 2016 04:59 PM
මට නම් පෙන්නන්න බැහැ. කට තිබුණ පළියට කියවනවා (නි)
අමිත් Sunday, 10 April 2016 06:15 PM
හරියටම හරි. අපිත් නිදහස් පාක්ෂිකයෝ තමයි (නි)
ප්‍රනාන්දු Sunday, 10 April 2016 06:28 PM
යුද්ධය කාලේදී ඕනෑම මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු කතාත් අපිට මතකයි (නි)
අනුරාධ Sunday, 10 April 2016 06:36 PM
මම හොඳ නිදහස් පක්ෂකාරයෙක්. නමුත් දැන් මම එජාපයට දෙනවා, නිදහස් පක්ෂය පරාද කරන්න. (නි)
මොනිස් Sunday, 10 April 2016 09:13 PM
දැන් කටමැත දොඩවනවා. කතාව දෝලාවෙන් ගමන පයින්. (නි)
බමුණු ආරච්චි Sunday, 10 April 2016 10:58 PM
ඇයි ඉතින් ඔබලා තනියම ජනවරම නොඉල්ලුවේ? ඉල්ලුවා නම් අද පළාතෙවත් නැහැ. අපිත් කරගත් ගොන්කම කියා දුක්වෙනවා. (නි)
ඇසළ Sunday, 10 April 2016 08:55 AM
තියන්නකෝ ඡන්දේ කියා කියා ඉන්නේ නැතුව අපි බලාගෙන ඉන්නේ ඡන්දෙ දෙන්න (හේ)
සුජීව Sunday, 10 April 2016 11:34 PM
වරක් ජර්මානු දේශපාලන මහාචාර්යවරයෙක් කිවුවා රටක පාර්ලිමේන්තුව කියන්නේ ඒ රටේ ජනතාවගේ පිළිබිඹුව කියලා. ඉතින් අපි මේ මන්ත්‍රීවරුන් ගැන කතාකරලා වැඩක් නැහැ. අපි අපිටම හැම පැයකදීම ටොක්ක ටොක්ක අැනගනිමු, මෙතරම් බුද්ධිමත් පාර්ලිමේන්තුවක් පත්කිරීම ගැන. (නි)
බමුණු ආරච්චි Monday, 11 April 2016 12:08 AM
සුජීව, මහජනයා එළවපු දේශපාලකයෝ නැවත පාර්ලිමේන්තුවට ගන්නවා නම් අපි මොනවා කරන්නද? අපි ඡන්දය දුන්නත් නොදුන්නත් සේරම පාර්ලිමේන්තුවේ. මෙයත් මානව හිමිකම් කඩකිරීමක්. නමුත් කවුද පැමිණිලි කරන්නේ. (නි)
ශානක Monday, 11 April 2016 12:10 AM
මේ වගේ අය ගැන මහජනතාව ඉක්මන් තීරණයක් ගතයුතුයි (නි)
ජයවික්‍රම Sunday, 10 April 2016 09:10 AM
ඕකට කියන්නේ බළලා මල්ලෙන් එළියට පනිනවා කියලා (හේ)
චාමර Sunday, 10 April 2016 09:24 AM
කැත්තෙන් හරි පොල්ලෙන් හරි කියන්නේ ප්‍රචණ්ඩත්වය නැවත ගෙන එනවා කියන එකද? චන්දය දුන්නේ නැත්නම් ගහල මරල ගන්නවා කියනෙකද ? (කෞ)
සුසන්ත Sunday, 10 April 2016 09:29 AM
අපි නම් දන්නවා ඉස්සර එජාප කලේ කැත්තෙන් මැතිවරණ තිබුණු හැටි - දැන් කලේ ඉන්න ෆේස්බුක් වීරයන්ට, සිඟිති පතාලයින්ට ඒවා සුරඟන කතා වගේ වුනාට. ඉස්සරහට බලාගන්න පුළුවන් එජාපයේ මැතිවරන කෙරිල්ල. (කෞ)
සරත් Sunday, 10 April 2016 09:33 AM
ඕන කෙනෙකුට මැතිවරණ කල් දන්නා පුළුවන් (කෞ)
ශිහාන් Sunday, 10 April 2016 09:35 AM
එන්න එන්න චන්දෙට අපි ඔබතුමාලට ජන වරම පෙන්නලා කලගුණ සලකන්න මග බලගෙන ඉන්නේ... (කෞ)
ශිහාන් Sunday, 10 April 2016 09:35 AM
හතර හිනා... එන්න එන්න ඡන්දෙට අපි ඔබතුමාලට ජන වරම පෙන්නලා කළගුණ සලකන්න මග බලාගෙන ඉන්නේ...(බ)
මනෝජ් Sunday, 10 April 2016 10:50 AM
ලංකාදීපෙන් මේ කියපු එක ඒ විදිහටම දාපු එක ගැන සතුටකි.....(බ)
සෞදි සරත් Sunday, 10 April 2016 11:06 AM
ඔබතුමා දැන් ඔහොම කිව්වට ඡන්දෙ ඉල්ලන්ට ගෙවල් ගානේ ගියාම කැත්ත අරගනිවී (බ)
සෙනරත් Sunday, 10 April 2016 12:01 PM
ඕනේ ගොනෙකුට කියන්න පුළුවන්. ඡන්දෙ තිබ්බම බලාගන්න පුළුවන් මිනිස්සු සලකන හැටි, මේ කරපු ටිකට (බ)