IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට

(සුජිත් හේවාජුලිගේ )

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිරිහැර කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වෙළඳසල් හිමියෙක් කෙසෙල්වත්ත පොලීසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

එම විදේශිකයා කොත්තු රොටියක මිල විමසූ අවස්ථාවේදී වෙළඳ සල් හිමියා රුපියල් 1900ක් බව පවසන අවස්ථාවේදී මිලදී ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමග වෙළඳ සල් හිමියා මෙලෙස ඔහුට මේ ආකාරයට බැන තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.

මෙම සිද්ධියට අදාළ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල ප්‍රබලව සංසරණය වෙමින් පවතී. පොලිසිය එම වීඩියෝ පදනම් කරගෙන විමර්ශන අරඹා සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු 51 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 



අදහස් (19)

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට

pakeer Tuesday, 16 April 2024 10:39 PM

පොලිසියට ස්තුතී .කරුණාකර මේ ජඩ මූසල මුදලාලිලාට විරුද්ධව මේ වගේ අත්අඩංගුවට ගැනීම කරන .හැකි නම් එම වෙළඳසැල තහනම් කරන්න

:       2       64

Sarath R Tuesday, 16 April 2024 11:40 PM

හොඳින් කළා!

:       0       36

Siri Tuesday, 16 April 2024 11:54 PM

කළුතර පැත්තේ තේ කඩේකින් දිගු කලක සිට ලංකාවට යන එන සහ ලංකාව ගැන ඉතා හොඳ කියා වීඩියෝ ගොඩක් ප්‍රසිද්ධ කල විදේශික සංචාරකයෙකුගෙන් වඩේ එකක් සහ තේ කෝප්පයක් සඳහා රුපියල් 800 ක් ගත්ත බව කියන වීඩියෝවකුත් අන්තර් ජාලයේ සංසරණය වෙනවා. පොලිසිය එක දැක්කේ නැද්ද ?

:       1       51

Prabha Tuesday, 16 April 2024 11:58 PM

සමහරු හිතා ඉන්නේ සුද්දෝ සල්ලි කඩන්නේ ගස් වලින් කියලා

:       0       44

තොත්ත බබා Wednesday, 17 April 2024 06:07 AM

ස්ට්‍රීට් ෆුඩ් කාරයෝ ආහාර විකිණීම කරන්නෙ ඉතාමත් අධික මිල ගණන් වලට තමා එනිසා නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න නොතියා සංචාරක ව්‍යාපාරයේ දියුණුව බලාපොරොත්තු වෙනවා නම් ස්ට්‍රීට් ෆුඩ්ස් ඉවත්කරන්න කටයුතු කරනවා නම් හොදයි

:       1       38

පියල් Wednesday, 17 April 2024 06:45 AM

හොද වැඩේ එක කොත්තුවක් විකුණලා පොහොසත් වෙන්න හදපු මුදලාලිට

:       0       45

Lalla Wednesday, 17 April 2024 07:14 AM

ඇයි අනිත් සිද්ධිය... වඩේ එකක් සම්බන්ධ...එයත් රටට නින්දා කල නීචයෙක්.. අසාධාරණ වෙලඳාම සම්බන්ධ නීති තියනව නේද. අනික රටට කල නීන්දාව...

:       0       44

Buddika Wednesday, 17 April 2024 07:40 AM

ඉතාමත් හොද තීරනයක්. මේ රටේ ප්‍රෆ්හාන ආදයම් මාර්ගයක් වන්නෙ සංචාරක ව්‍යාපාරය ..මේ වගේ නරුම ව්‍යාපාරිකයො නිසා නැතිවෙන්නෙ රටේ කීර්තිය.විනයක් නැති පාලනය.කලුතර බගරයෙත් උලුදු වඩේකට රු.800ක් ගත්තෙ මේ වෆේම කඩකාරයෙක්.මේ සිදුවීම් දෙකම ලෝකෙ පුරා ප්‍රචාරය උන.එය විසාල ලෙස සංචාරක ව්‍යාපාරයට බලපානව.කොත්තු රොටී විකුනප්‍ය් මිනිහ ඒ නරුම වැඩේ කරල විදේසිකයට තගකුත් දානව.අල්ලා ඩ්ගෙවියන් ගැනත් කියනව .එහෙම කියන එවුන් තමයි ක්‍ය්ඩු බිසනස් කරන්නෙත්

:       0       36

de silva Wednesday, 17 April 2024 08:37 AM

මමත් මේක දැක්ක හරිම අශිලාචාර විදිහට බැනල එලවල දමනවා , විදේශිකයන් පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ද දහස් ගණනක් ආපන ශාලා වලදී විවිධ අඩන්තේට්ටම් වලට මුහුණ දෙන අවස්ථා තිබෙනවා අද ලංකාවේ තිබෙන ආපන ශාලා 95% මිල දර්ශන නැහැ , මුණ බබලා හිතු හිතු මිල ගණන් කියනව , මිල සම්බන්ධයෙන් විමසුවොත් පාරිභෝගිකයාට තර්ජනය කර බිය කරනවා , ආණ්ඩුවට පුළුවං මේගැන වහාම ක්‍රියාත්මක වන්න , නීති අනපනත් තිබෙනවා ක්‍රියාත්මක කිරීම පමණි අවශ්‍ය වන්නේ ,

:       0       46

SASANKA Wednesday, 17 April 2024 09:32 AM

ඕකාගේ අහවල් දෙක දාලා ගහන්න ඕන කොත්තුවක්

:       1       21

ඉන්දික Wednesday, 17 April 2024 10:11 AM

ඕවාගේ හදන කෑම පට්ට ජරාව.. දෙතුන් පාරක් බදින තෙල් වලින් තමා උයන්නේ... අපේ මිනිස්සු සහ විදේශිකයෝ රස කරකර කෑවාට විෂ තමයි කන්නේ... ලොකු හෝටල්වල එකපාරක් පාවිච්චි කරපු තෙල් තමයි මේ කොළඹ පාර අයිනේ කෑම හදන කොත්තු කඩවල් වැඩි ගණනක තියෙන්නේ... PHI මහත්තුරු මේවා පොඩ්ඩක් හොයන්න.. අර අසේල සම්පත් විතරයි මේවා ගැන කතා කරන්නේ...

:       0       8

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 17 April 2024 11:54 AM

මම සමාජ මාධ්‍යයේ එම වීඩියෝව බෙදාහැරියා හැමෝටම එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නාතුරු... මොහුට උපරිම දඬුවම් තිබිය යුතුයි. මොවුන් මෝඩයි... නූගත් වගේම ආත්මාර්ථකාමී මිනිසුන්... මොවුන්ට පොළිසිය සුපිරියටම වටහා දෙන්න ඕනෑ... මොවුන්ගේ කෑදරකම නිසා රටේ කීර්තිනාමය විනාශ වන බව...

:       0       18

kamal KoyralaWednesday, 17 April 2024 01:04 PM

මොවුන් මෝඩයි... නූගත් වගේම ආත්මාර්ථකාමී මිනිසුන් නොවෙයි.. බල්ලො මරලා හරි සල්ලි හම්බ කරන්න තියෙන කපටිකම...එම විදේශිකයා සුදු නැති නිසාද එහෙම එළවා ගත්තේ.. තව කඩකාරයෝ විතරක් නෙවෙයි ත්‍රිවිල් කාරයෝත් එහෙමයි..

:       0       12

sam Wednesday, 17 April 2024 01:25 PM

හොඳ වැඩේ... ඔය කඩේ විකුණන්නේ කුණු. ජරා කෑම... මෙයා පාතාල කුඩු කාරයෙක්... සෞඛ්‍ය පරීක්ෂක මහතුනි, මෙයාගේ කඩේ පරීක්ෂා කරන්න. මෙයා සති ගණන් පරණ වෙච්චි කෑම රත්කරලා විකුණනවා. කුස්සිය , වැසිකිළිය වගේ... පොලිසිය ගත්තු තීරණයට මල්මිටක්...!

:       0       10

Gamini jayawardana Wednesday, 17 April 2024 02:56 PM

මුලින්ම පොලිසියේ මහත්වරුන්ට ගොඩක් ස්තුති කරනවා.. මොවුන් කරන්නේ අපේ රටේ නම කැත කරන එක. ඔය වගේ අයට උපරිම නීතිය ක්‍රියාත්මක කරන්න.

:       0       7

මධාරා මුදලිගේ Wednesday, 17 April 2024 03:50 PM

සමහර විදේශිකයෝත් අපේ රටට ඇවිල්ලා කුණු හොය හොයා යූ ටියුබ් වලට දම දමා සල්ලි හම්බ කරනවා... ඒ මිනිස්සුත් බබ්බු නෙමෙයිනේ... අපේ රටේ කොහොමත් විදේශිකයින්ට පොඩ්ඩක් වැඩියෙන් එදා ඉඳලාම මුදල කියන්නේ... ඒක අමුතු දෙයක් නෙමේ. ඒත් ඒකේ අරමුණ වෙන එකක්, විදේශිකයෝත් අපේ රටට ඇවිල්ලා හොඳ දේවල් ද කරන්නේ...!!!

:       14       1

Saman WIJESUNDARAThursday, 18 April 2024 05:55 AM

උඹත් මේවගේ කඩ කාරයෙක් වගේ

:       0       0

Dayan kannangara Wednesday, 17 April 2024 07:53 PM

කළු වලාවක රිදී රේකාවක්.. ඉතාම හොද දෙයක්.. මේ වගේ ග්‍රාමීය චන්ඩි ඉවරයක් කරන්න සමාජ මාද්‍ය වගේම ජනතාව සමග ත්‍රීවිල් රියදුරන් සාමුහිකව කටයුතු කරන්න ඕනෙ.. ෂුවර් එකටම මේ කාලකන්නියා පොහොට්ටුවේ

:       0       0

Admin Thursday, 18 April 2024 06:38 AM

මාතර වෙරළ පාරේ hot grave cafe

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 265 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 187 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 329 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1012 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2795 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 345 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site