IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘කොත්තු රොටී හදනවා වගේ බුද්ධි ගලනය නවත්තන්න බෑ’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කොත්තු රොටී  හදනවා වගේ ආර්ථිකය හදා බුද්ධි ගලනය නතර කරන්නට හැකියාවක් නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වර්තමානයේ බුද්ධිගලනය ගෝලීය ප්‍රවණතාවයක් බවට පත්ව ඇති බව කී අමාත්‍යවරයා ඇමරිකාව, එංගලන්තය  ඉන්දියාවේ පවා බුද්ධි ගලනය සිදු වෙමින් පවතින බව කීය.

බුද්ධි ගලනය  ලංකාවේ පමණක් සිදුවන දෙයක් බවට ඒත්තු ගැන්වීමට විපක්ෂය උත්සාහ දරන බවත් පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා මෙවැනි දේ නොකියන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන්  රට හැර යාමේ  ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (10)

‘කොත්තු රොටී හදනවා වගේ බුද්ධි ගලනය නවත්තන්න බෑ’

duminda Friday, 06 October 2023 02:08 PM

හැබැයි ඔබලා කොත්තු රොටියක් වගේ මේ රට කෑවා...!

:       0       31

Perera Friday, 06 October 2023 02:38 PM

මෙයාට කොත්තු රොටියක්වත් හදාගන්න බැහැනේ... තව මොන කතාද?

:       0       21

Rata Perata Friday, 06 October 2023 03:02 PM

ඒක නම් ඇත්ත. මේ වගේ කොන්දයි, බඩයි හැදුණට බුද්ධිය එහෙම හැදෙන්නේ නැහැ. මෙයා නිතරම නිදියන්නේ ඒකනේ. මොන ආණ්ඩුව වුවත් ඇමැතිකමක් අරගෙන බයිලා කිය කිය ඉන්නවා.

:       0       22

ravin Friday, 06 October 2023 03:08 PM

කොත්තු කනවා වගේ මුළු රටේම තියෙන සේසතම හොරා කෑවාම, කොමිස් ගහලා සූරා කෑවාම බුද්ධි ගලනය විතරක් නොවෙයි, බොහොම ළඟදීම ගුටි ගලනයත් නවත්තන්න බැරිවෙන හැඩයි...

:       0       20

විපරමා Friday, 06 October 2023 03:23 PM

බලලෝභී, දූෂිත දේශපාලුවන් තමයි මේවාට වගකියන්න ඕනේ. කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති, පවුලේ අයට, හෙන්චයියන්ට තනතුරු දීලා ආර්තිකය බංකොළොත් කෙරුවා.. රටේ ජීවත් වීමට බැරි තත්ත්වයක් ඇති කෙරුවා...

:       0       14

ඇට නැති දිව Friday, 06 October 2023 03:27 PM

ඉතින් මහත්තයෝ ඔහේලාම නෙවෙයිද කොත්තු ගහනවා වගේ සද්දයක් දමලා වැටුප් නැතුව නිවාඩුවක් දීලා ඩොලර් ගේන්න කිව්වේ... ඉතින් දෙයියනේ කියලා ගියාම ඔහොම කියන්න දිව දෙකක් ලැබුනේ කොහොමද?

:       0       12

සෙනෙවිරත්න Friday, 06 October 2023 04:31 PM

ඇමරිකාවේ, එංගලන්තයේ බුද්ධි ගලනය වෙන්නේ වෙන ග්‍රහ ලෝකයකටද?

:       0       10

Bamunuarachchi Sunday, 08 October 2023 09:51 AM

ඇමරිකාවේ එංගලන්තේ බුද්ධිගලනය වෙන්නේ සෞදි අරාබියට, කටාර් වගේ රටවලට...

:       0       2

Bamunuarachchi Friday, 06 October 2023 06:59 PM

අපේ බදූ මුදලින් කාගේවත් ළමයින්ට උසස් අධ්‍යාපනය දෙන්න එපා. රටේ නීතිඥ බිහි කිරීමට අපේ බදූ මුදල් වැය කරන්නේ ඇයි?. දොස්තරවරු බිහිකළා නම් රැකියා සපයන්නේ රජය නම් MBBS සහතික විශ්‍රාම යනතුරු අතට දෙන්න එපා. ඔවුන්ට පෞද්ගලික සේවයේ යෙදෙන්න අවසර දෙන්න. දුප්පත් කම්කරුවාගෙන් වක්‍රව ලබාගන්න බදු මුදලින් ඇයි අපි නීතිඥයින් බිහි කරන්නේ? තම පුද්ගලික මුදලින් ඉගෙනගන්න. අනිකුත් වෘත්තීන් ගැන කියන්න තිබෙන්නෙත් ඔය ටිකයි.

:       2       3

D WickremasingheSaturday, 07 October 2023 12:44 AM

හොඳ අදහසක්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 176 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5688 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1194 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2130 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2072 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site