IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කතානායක අල්ලස් කොමිසමේ ඩීජී කැඳවයි

අසාධාරණ ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දඩයම් කිරීම රජය සැරසෙතියි ද, ඔහුට සාධාරණය ඉටු කරන්නැයි ද කියමින් විපක්ෂ මන්ත්‍රීවරුන් 56 දෙනකු මෛත්‍රීපාල සිරිසේන ජනපතිට ලිපියක් යවා තිබිය දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පාර්ලිමේන්තුවට කැඳවන ලෙස කතානායක චමල් රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර නියෝග කළේය.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වේ.

කමිටු රැස්වීමකට සහභාගී වීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති ද පාර්ලිමේන්තු මන්ධිරයට පැමිණ සිටියි.



අදහස් (0)

කතානායක අල්ලස් කොමිසමේ ඩීජී කැඳවයි

අශාන් Monday, 20 April 2015 12:06 PM

නීතිය කාටත් පොදු වියයුතුයි. (නි)

:       0       0

ඇසළ Tuesday, 21 April 2015 02:17 AM

ඩී.ජි. රාජකාරි කටයුත්තකට සිංගප්පුරුවට ගිහිල්ල. තාම ඇවිල්ල නැහැ. සිංගප්පුරුවේ අල්ලස් ගැන හොයන්න වෙන්න ඇති. මේවගේ රිටන් එක ඩබල් ට්‍රිබල් වෙලා හම්බවෙන කොට අපහු යන්න තැනක් හදාගන්නත් එපාය.(අ)

:       0       0

ලෝහිත Tuesday, 21 April 2015 02:56 AM

වැරදිකාරයන් රැකගන්න තියෙන උවමනාව. (බ)

:       0       0

ස්වර්ණ Monday, 20 April 2015 12:55 PM

නීතිය කාටත් පොදුයි නම් තමුන් වැරදි කරලා නැත්නම් බයවෙන්න දෙයක් නැහැ. වීරයා වගේ ගිහින් උත්තර දෙන්න ඕනෑ. (නි)

:       0       0

නිමල්සිරි Monday, 20 April 2015 01:20 PM

මොකක්ද එක් කෙනෙකුට විතරක් විශේෂයක්? (නි)

:       0       0

ලාල් Monday, 20 April 2015 01:41 PM

තමුන් වරදක් කරලා නැත්නම් මොකටද බයවෙන්නේ? කට උත්තරයක් දෙන එකනේ කරන්න තියෙන්නේ (නි)

:       0       0

යමින්ත‍ Monday, 20 April 2015 01:46 PM

ඇයි මේකට මෙච්චර කරදර වෙන්නේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 21 April 2015 04:55 AM

එතකොට මේ කට්ටිය නීති හදන්නේ අපි අතින් සුළු වරදක් හරි උනොත් අල්ලලා හිරේට යවන්න විතරද? අපි ඔහෙලගෙ ඡන්ද දායකයෝ වෙච්චි කොට, නරකද අපිට තියෙන අසාධාරනකම් වෙනුවෙන් පාර්ලිමේන්තුව ඇතුලේ වක ගහගෙන බුදියල ඔය විධියට විරෝධය පාන්න, හ්ම්ම් ඒවගේ නීති සම්මත කරන්න ගේන කොට අත් දෙකම උස්සන අයියල තමන් ගැන විතරයි හිතන්නේ. කියන එක මේ කරන විගඩමෙන් රටටම ඔප්පු වෙනවා. බුද්ධිමත් ඡන්ද දායකයිනි, මෙය හොඳට හිතා බලන්න සුදුසුම අවස්ථාවක්. (ස)

:       0       0

සහන් Monday, 20 April 2015 03:07 PM

දැන් මහින්ද යුගය අවසන්.කට්ටියම වෙන රැකියා හොයාගත්තොත් හොඳයි (නි)

:       0       0

අජිත් Monday, 20 April 2015 03:46 PM

නායකයෝ රටට‍ ආදර්ශයක් වියයුතුයි (නි)

:       0       0

ටොම් Monday, 20 April 2015 04:02 PM

මනෝජ්, කවුද කිවූවේ ඕක තමයි චෝදනාව කියලා. නිකන් නොදන්නා දේවල් කියලා අනුකම්පාව ගන්න හදන්න එපා. (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Monday, 20 April 2015 05:20 PM

පුද්ගලයෙකු නීතිය ඉදිරියට පැමිණවීමේදී ඊට විරුද්ධව එකී පුද්ගලයා වෙනුවෙන් යම් කෙනෙක් හෝ කණ්ඩායමක් විරුද්ධවීමම නීතියට කරන බලවත් වරදක් මෙන්ම අපහාසයක්.මොවුන්ට විරුද්ධව නීතියෙන් පියවර ගතයුතුයි. (නි)

:       0       0

නාරද Monday, 20 April 2015 05:26 PM

අල්ලස් කොමිසමට බලපෑම් කරන්න නම් එපා (නි)

:       0       0

ප්‍රියන්ත Monday, 20 April 2015 06:41 PM

ඡන්දදායකයෝ සතුටු කරනවා හැරෙන්න වෙන දෙයක් නම් මට පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

හෙට්ටිආරච්චි Monday, 20 April 2015 10:26 PM

මහජනයාගේ බුද්ධියට නිගා කරන්න එපා. මැතිවරණයට දිනකට කලින් ඇමති පත් කරන්නේ අයි. මේක තනිකර පගාවක්. (අ)

:       0       0

සුමුදු හේවා Monday, 20 April 2015 10:28 PM

අශාන්, නිමල්සිරි සහ ලාල්, නීතිය කාටත් එක නිසාම තමයි රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට අපි හැමෝම වගේම අල්ලස් කොමිසමේ කොමසාරිස්තුමියත් බැඳී සිටින්නේ. ඉතින් ඔයා කියන්නා වගේ ම කොමසාරිස්තුමිය හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර නැතිනම් එයා බයේ රට පනින්නේ නැතිව පාර්ලිමේන්තුවට ඇවිල්ල තමන් කළදේ ගැන නිර්භයව වග උත්තර කියන්න ඕනේ. (අ)

:       0       0

සුමුදු හේවා Monday, 20 April 2015 10:40 PM

අල්ලස් කොමසාරිස්තුමියට එම තනතුර ලබා දී ඇත්තේ ඇය ලවා හිටපු ජනාධිපතිතුමා ඇතුළු දේශපාලන විරුද්ධවාදීන්ව දඩයම් කිරීමේ අරමුණින් වන නිසා ම එම තනතුරත් අල්ලසක් වෙයි. එම අල්ලස නිසාම ඇය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිව කටයුතු කරයි. එබැවින් ඇය අප රටේ උත්තරීතර නීතිය උල්ලංඝනය කළ නිසා ත් අල්ලස් ගත් නිසා අල්ලස් පනත යටතේත් දෙවරක් චුදිතයකු වෙයි. ඇයව පත් කළ ඇමැත්තා ද එකී පනත යටතේම චුදිතයෙකු විය යුතුය. එහෙත් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන යමපාලනයක් රටේ පවතිද්දී මේ චුදිතයන්ට දඬුවම් වෙනුවට වරදාන ලැබෙනු ඇත. මෙහිදී රටේ නීතිය කෙසේ ක්‍රියාත්මක වේදැයි අපි බලා සිටිමු. (අ)

:       0       0

සුමුදු හේවා Monday, 20 April 2015 10:48 PM

යමින්ත, රටේ අල්ලස් කොමසාරිස් වගේ වැදගත් තනතුරක් දරන, රටේ නීතිය ගැන මනා දැනුමක් ද තියෙන ආයතනය ප්‍රධානියෙක්. ප්‍රසිද්ධියේ රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළාම ඔයාට එකේ බරපතලකම නොතේරෙන එක නම් හරි පුදුමයි! (අ)

:       0       0

සුමුදු හේවා Monday, 20 April 2015 11:51 PM

නීතිය කාටත් පොදුයි නම් රටේ පවතින ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ ඡන්දයෙන් පත් කෙරුණු ආණ්ඩුවක් සහ නිත්‍යානුකුලව පත් කෙරුණු අගමැතිවරයෙක් සහ ඇමති මණ්ඩලයක් සිටියදී එය නොතකා ජනතා කැමැත්තටත් පාර්ලිමේන්තු සම්ප්‍රදායටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැනිව ජනාධිපති බලතල හිතුවක්කාරී ලෙස පාවිච්චි කරමින් පික් පොකට් අගමැතිවරයෙක් සහ සුළුතරයේ ආණ්ඩුවක් පත් කළ වර්තමාන ජනාධිපතිවරයාට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. අල්ලස් පනත යටතේ අල්ලස් කොමිසම හමුවට වර්තමාන ජනාධිපති ද කැඳවිය යුත්තේ ඔහු දුන් අගමැතිකම සේම ඇමතිකම් ද ඔහුව ජනපති සේ පත්කරගැනීමට දුන් සහාය වෙනුවෙනුත් බටහිරයන්ගේ න්‍යාය පත්‍රයේ ඉතිරිය ක්‍රියාත්මක කරගැනීමේදී ඉදිරියෙදී අවශ්‍ය වන සහාය ලබා ගැනීම අපේක්ෂවෙනුත් ලබා දුන් අල්ලස් ම වන බැවිනි. නීතිය කාටත් පොදු වන හෙයින් ජනපතිවරුන්ට රාජකාරි කටයුතු සම්බන්ධයෙන් වවස්ථාවෙන් හිමි වන මුක්තිය හිටපු ජනපතිට නොමැති විය යුතු යයි ඔබ කියන්නේ නම් එතුමාට නොමැති මුක්තියක් වර්තමාන ජනපතිට ද නොතිබිය යුතු හෙයින් වර්තමාන ජනපතිව ද අල්ලස් කොමිසම හමුවට කැඳවිය යුතුය. එපමණක් නොව ජනපතිවරණයේදී කළ උපකාරවලට මිලක් ලෙසට සහ ඉදිරියේදී කර ගැනීමට අපේක්ෂිත 19 සම්මත කිරීමාදී කොන්ත්‍රාත්තු වලට අත්තිකාරමක් ලෙසට වර්තමාන ජනපති ලබා දුන් පික්පොකට් අගමැතිකම, විහිළුකාර විපක්ෂනායකකම සහ සෙසු කොන්තරාත්තු ඇමතිකම් ගත් මැති ඇමැතිවරුද අල්ලස් ගැනීමේ වරදට අල්ලස් කොමිසම ඉදිරියට කැඳවිය යුත්තාහ. (අ)

:       0       0

අනුරුද්ද Tuesday, 21 April 2015 12:35 AM

සුමුදු හේවාලට ඕනෑ හැමදාම කාගේ හරි රජ සපත්තුවකට පෑගිලා ඉන්න. (නි)

:       0       0

ලියෝන් Tuesday, 21 April 2015 12:35 AM

තමුන් වරදක් කරලා නැත්නම් මොකටද බයවෙන්නේ? කට උත්තරයක් දෙන එකනේ කරන්න තියෙන්නේ (නි)

:       0       0

මනෝජ් Monday, 20 April 2015 11:16 AM

මෙතන තියෙන ගැටළුව මේකයි, 1. ඇමතිවරුන් පත්කිරීම ජනපතිට ව්‍යවස්ථාවෙන් පැවරුනු බලයක්. 2. රටේ අවශ්‍යතාව (හෝ පුද්ගලික මතය) අනුව ජනපති ගන්නා එවැනි තීරණ ප්‍රශ්න කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයටවත් නොහැක. 3. මේ මේ අවස්ථාවල ඇමතිවරුන් පත්කිරීමට නොහැකියැයි ව්‍යවස්ථාවේ නොමැත. 4. ඒ අනුව හිටපු ජනපතිතුමන් මෙම චෝදනාව මත අල්ලස් කොමිසමට කැඳවීමට යාම ව්‍යවස්ථාවිරෝධීය. 5. බොහෝ නීති කැඩූ අය මෙම නීතිවිරෝධී කටයුත්තද කිරීමට ඉඩ ඇත. 6. විමල් ඇතුළු පිරිස ඉල්ලන්නේ එම අවනඩුව විසඳන ලෙසයි. (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 21 April 2015 02:00 AM

මුළු රටම බටහිර සහ ඉන්දීය යටත් විජිතවාදයේ යකඩ සපත්තු වලට පෑගී චප්පවී යාමට සළස්වා ඇති කලක එය වටහාගත නොහී අනුන්ට අවලාද නඟන අනුරුද්ධගේ ටිකිරි මොළය! (නි)

:       0       0

සුමුදු හේවා Tuesday, 21 April 2015 02:03 AM

එකනේ ලියොන්, අල්ලස් කොමසාරිස්තුමිය වරදක් කරලා නැත්නම් බයවෙන්නේ නැතුව කට උත්තරයක් දෙන එකනේ කරන්න තියෙන්නේ නේද අනේ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1093 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 743 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1145 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 833 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 505 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 915 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site