(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
කතානායක අශෝක රන්වල මහතා එම තනතුරින් අද පස්වරුවේ ඉල්ලා අස්විය.
ඔහුට ඇතැයි පැවසුණු ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් එල්ල කෙරුණු චෝදනා පදනම් කරගෙන ඔහු එම තනතුරින් මෙසේ ඉල්ලා අස්වී ඇත.
ඔහු කතානායක ධුරයේ කටයුතු කළේ මාසයකට අඩු කාලයකි.
ඊට අදාල ලිපිය පාර්ලිමේන්තුවට යවා ඇත.
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.
දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.
මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.
කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කතානායක ඉල්ලා අස්වේ
ranjith Friday, 13 December 2024 05:40 PM
මේක කාටත් හොඳ පාඩමක් තමන්ට අහිමි පට්ටම් දාගෙන සිටීමෙන් කවදා හෝ ලැජ්ජාවට පත්වෙන්න වෙනවා. දැන් බලන්න නියෝජ්‍ය කතානායකතුමා මොන තරම් උගතෙක්ද? එයා දැනටම සුදුසුකම් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කියන්නේ පිරුණු කළේ දිය නොසැලේ කියන එකනේ...
NIMALFriday, 13 December 2024 08:03 PM
සත්‍යය කියා කතානායක වූයේ නම් ඔහුට එම තනතුරේ ආණ්ඩුව පවතින තුරු රැඳී සිටීමට හැකියාව තිබිණි... නැති සුදුසුකම් තිබෙන බව කීම සහ කළ නොහැකි දේවල් කළහැකි බව කීම අනතුරු දායක වේ. සත්‍ය තෙල් මෙන් මතුපිටට පැමිණේ. එය සොබාදහමේ නීතිය සහ යථාර්ථය වේ..!
සුජිව Friday, 13 December 2024 05:41 PM
එතකොට 2/3 බලයෙන් නාමල් කරුණාරත්න සහ වසන්ත පරදනවා යැයි කියපු විශ්වාස භංගයට මොකද වෙන්නේ...?
saman Friday, 13 December 2024 08:07 PM
මාලිමා ආණ්ඩුවට එකමිටට පැමිණ පෝලිමේ ගොස් ඡන්දය ලබාදුන් රටවැසියන්ගේ ඇඟිලි තුඩුවල තැවරූ තීන්ත මැකී යාමටත් පෙර මාලිමාවට ඡන්දය ලබාදුන් ඡන්ද දායකයින්ට බොරු කළ ආණ්ඩුව...
nandaSaturday, 14 December 2024 05:43 AM
පහුගිය ආණ්ඩුවගේ ඇඟේ හයියට සත්‍යය යට කරන්න හැදුවොත් මෙයාලට ඈත්වෙන්න වෙන්නේ...
පොඩි ලපයා Friday, 13 December 2024 05:45 PM
අනේ මං දන්නා තරමට නම් උපාධියක් ඉවර වුණාම, උපාධි උත්සවයක් තියලා උපාධි සහතිකය දෙනවා (ජපානයේ නම් උපාධිය පටන්ගන්න දවසේම මෙම උත්සවය තියෙන දවස කියලා හරියටම එදාට ඒක දෙනවා). ඉතින් තව මොනවාටද ලියුම් ඉල්ලන්නේ...?
NemithaFriday, 13 December 2024 06:13 PM
උපාධි උත්සවයට යනකන්ම අපිත් හිතන් හිටියේ ඔහොම තමයි. ඒ දෙන බට කෑල්ලේ ඇතුලේ මොකුත් නෑ. ඔයා ජපානේ ගැනත් හොඳටම දන්නවා කියලා පේනවා.
විකුම් Friday, 13 December 2024 05:45 PM
ඔප්පු කරන්න ලියකියවිලි නැත්නම් මොන බම්බුවට ද කැම්පේන් කරන කාලේ ඉඳලා ඒක නමට ඉස්සරහින් දා ගත්තේ. නාන එක නෑවා උණ ගැනෙන්නම. ඊළඟ හොර ආචාර්ය කවුරු වෙන්න හැකිද? හරි නම් මංත්‍රී කමෙනුත් අස්වෙන්න. මෙච්චර දවස් දුන්නේ ඔය කොල කෑල්ල හොයා ගන්න තමයි...!
ජිල්බු Saturday, 14 December 2024 01:06 AM
විකුම්, බම්බුවක්නේ උපාධි උත්සවේ දවසට දෙන්නේ. ඒක වෙන්න බැරිද හේතුව...?
යෝගා Friday, 13 December 2024 05:49 PM
විශ්වාස භංගයේදී සම්පූර්ණ පැටිකිරිය එළිවෙන නිසා රන්වල ඉල්ලා අස්වුණා. කිව්ව විදියට අනුර දෙන දඬුවම මොකක්ද කියලා ජනතාව බලන් ඉන්නවා.
Rata Perata Friday, 13 December 2024 05:52 PM
ඇමැති තනතුරුවලින් අයින් වුණාම ජනපති උපදේශක තනතුරු දීලා වැඩ කරපු පජාත යුගය නිමා කරමින් අනුර ඇතුළු NPP රජයේ මේ ප්‍රවණතාවයට අපේ ආචාරය...
බකල ජයා Friday, 13 December 2024 05:57 PM
ආත්ම ගෞරවයක් තියෙන දේශපාලනයකට හොඳ පූර්වාදර්ශයක්. හැබැයි ටිකක් පරක්කු වැඩියි. යම් හානියක් NPP එකට සිද්ධ වුණා. ඒ "Justice delayed is justice denied" නිසා.
කසුන් Friday, 13 December 2024 05:58 PM
කතාකලේ කොහොමද? අනිත් සේරම මිනිස්සු හෑල්ලුවට ලක්කරලා. නමුත් තමන්ගේ පක්ශයේ හිටපු මිනිස්සු ගැන හරියට දන්නේ නැහැ.
ජයනාත් Friday, 13 December 2024 06:00 PM
විශ්වාස භංගයක් ගෙනාවා නම් ආණ්ඩුව තම බලය පෙන්වනවා. ඒත් මේ ගත් ක්‍රියාමාර්ගය සැබවින්ම ප්‍රශංසනීයයි.
පුරවැසියා Friday, 13 December 2024 06:03 PM
මෙය ඉතාමත් හොඳ තීරණයක්... නමුත් අප පාලකයාගෙන් බලාපොරොත්තු විය යුත්තේ දේශපාලන භාවිතාව මිස අන් කිසිවක් නොවේ...
රට වැසියා Friday, 13 December 2024 06:10 PM
ඔබතුමා අස්වෙන්න තිබුනේ මේ ගැටලුව මතු වූ මොහොතේමයි. ඔබතුමා ඔබගේ පක්ෂයට තඩි කලු පැල්ලමක් එක්කළා. ඔබතුමා කලේ බරපතල වැරැද්දක්, උගතෙකු, බුද්ධිමතෙකු වීමට උපාධි පට්ටම් අවශ්‍ය නැත.
උපුල් Friday, 13 December 2024 06:20 PM
අනිත් ඔක්කොම හොරු කියලා හොයාගත්තා, තමන්ගේ කන්ඩායමේ හිටිය හොරු අල්ලගන්න බැරුව ගියා...
Ashoka Friday, 13 December 2024 06:27 PM
මොනවා වුණත් හොඳ වැඩක් කලින් හිටපු අය මෙහෙම වුණේ නෑනේ..
karolis Friday, 13 December 2024 06:29 PM
හොරු දීලා බොරු කාරයෝ ගත්තා වගේ...
ජිල්බු Friday, 13 December 2024 10:12 PM
බොරු කාරයෝ දීලා, ආයෙත් හොරු ගේමුද කුණු කරෝලිස් මාමේ? මට වතුර ඉන්ජෙක්ෂන් නැතුව sick වගේ.
පිටිගල මිලානෝ Friday, 13 December 2024 06:32 PM
වහාම විනය පියවරක් ගත යුතුයි. අමතක කරන්න එපා මාලිමාව විනය අතින් ඉන්නේ ඉහළම තැනක කියා දැනට සහතිකයක් දී ඇති බව. එය අතිබහුතරයක් රටවැසියාද පිළිගෙන ඇති බව. මාලිමාවේත් වංචනිකයෝ ඇත්නම් මේ රට කරන්නේ කවුද? ඒ නිසා යම් නොමග යැවීමක් සිදුව ඇත්නම් වහාම එය හරිගස්සන්න අදාල පාර්ශවය කණට ගසා පක්ෂෙන් එළවිය යුතුයි. රාජපක්ෂ පාදඩයෝ, කුඩු කාරයෝ එතනෝල් කප්පිත්තෝ, කප්පම් කාරයෝ, මිනී මරුවෝ නීති හදන්න දායක වුණු මේ රටේ එම කාර්යය නැවත කිසිම බොරු කාරයෙක්ගෙන් දූෂිත නොවිය යුතුයි. මෙය අපිම (රටවැසියා) රැකිය යුතුයි. මාලිමාව වංචනිකයින්ගෙන් රැකගත යුතුයි.
සමන් Friday, 13 December 2024 06:35 PM
පුළුවන් නම් ඔයාගේ මූලික උපාධිය හෝ උසස්පෙළ සහතිකය ප්‍රසිද්ධ කරන්න. ඒවත් බොරු බව තමයි සමාජ මාධ්‍යය පවසන්නේ....!
අමල් Friday, 13 December 2024 06:39 PM
නියෝජ්‍ය කථානායක ගැනත් හොයන්න. විශේෂඥ වෛද්‍ය කියලා ජන්ද අරං දැන් කියනවා උපාධිය තියෙන්නේ පකිස්තානෙන්ලු. SLMC ලියාපදිංචිය තියෙනවාද කියලා හෙව්වොත් හොඳයි.
Che Friday, 13 December 2024 06:45 PM
මොහුට විනය පියවරක් ගැනීම ප්රගතිශීලි ආණ්ඩුවක් ලෙස මාලිමාවේ යුතුකමකි. මොහු නිසා මාලිමාවට වූ හානිය සුළුපටු නැත. තවත් මෙවැනි බොරු කාරයෝ සිටී නම් නෙරපා දමා පාර්ලිමේන්තුවේ සුපිරිසිදු බව ආරක්ෂා කර ගත යුතුයි. ජනතාව මාලිමාවෙන් බලාපොරෙත්තු වන්නේ පසුගිය ආණ්ඩුවල ක්‍රියා කලාපයක් නොවේ.
විතානගේ Friday, 13 December 2024 06:45 PM
බුද්ධශාසන ඇමති සුනිල් සෙනෙවි මහාචාර්යතුමාගේ ආචාර්ය උපාධිය පේරාදෙනියේලු. ඒකෙ සිංහල අංශයේ ඉන්න ජවිපෙ මහාචාර්ය වරයෙක් සුපර්වයිසර් වුණු නිසා උපාධිය ගොඩ ගියා කියන්නේ හැබෑද?
Wijekon Friday, 13 December 2024 06:58 PM
ඉල්ලා අස්වෙලා කියන්නේ කොහොමද? ඉල්ලා අස්වෙනවා නම් ජනාධිපතිට හා පාර්ලිමේන්තුවේ මහලේකම්තුමියට දැන්වීමක් කර තමයි අස්වෙන්න ඕනෑ. මෙහෙම අස්වෙන ක්‍රමයක් නැහැ. එයිනුත් පේන්නේ මොකක්ද කියලා නුවණැත්තෝ සිතත්වා..!
beau Friday, 13 December 2024 07:10 PM
පිස්සු වැඩක් කරගත්තු කෙනෙක්, ඥාණය කියලා දෙයක් නැහැ ඔලුවේ. ඉතින් කොහොමද පට්ටම් ගහන්නේ..? මාලිමාවටත් අනවශ්‍ය හින්දා අපහාස අහන්න වුණා.
සුනිමල් Friday, 13 December 2024 07:15 PM
නැට්ටෙ ඉඳන් ගොම...!
සුමිත් Friday, 13 December 2024 07:51 PM
බොත්තම අමුණාගෙන තොප්පිය දාගත්තු විදිහට මට නම් ඒ වෙලාවේම හිතුණා මෙයා මොන ආචාර්ය උපාධි කාරයෙක්ද කියලා... ඒකෙන්ම නූගත්කම එළියට ආවා...
නන්දන පනා-මිලානෝ Friday, 13 December 2024 08:00 PM
මෙයා දැම්මෙත් රාජපක්ෂලාගේ මර්සියමයි. සුනාමි සල්ලි හොරකම අල්ලලා දුන්නත් දන්නේ නැහැ කිව්වා. කපුටාගේ මාළිගාව ගැන කපුටාත් කිව්වේ දන්නේම නෑ කියලා. මෙච්චර දෙයක් වෙලත් ආයෙත් ඉතිං මන්ත්‍රී කමේ වත් ඉන්නේ නැතුව නම්බුකාරව අයින් වෙන්න. ජාතික ලයිස්තුවේ කෙනෙක්ට ඉඩ දෙන්න. අනිත් එක මෙයාට කාලයක් යනකල් කථානායක වැඩේ අල්ලාගන්න බැරිවුණා. අර පියන් තමයි හැමදාම ජොබ් එක කලේ. මේ වගේ වැඩබැරි සහ වංචාවකට පාත්‍ර වුණු කෙනෙක් තවදුරටත් මන්ත්‍රී කමේ තියාගන්න එපා. ඒ ඒ වෙලාවට පිරිසිදු කරමින් යමු ඉදිරියට...
පුරවැසියා Friday, 13 December 2024 08:25 PM
අපි මේ ආණ්ඩුව පත් කරගත්තේ ඇහේ ඇනිලා තියෙන පොල් පරාල අයින් කරන්න. ඒත් සමහරු සාධාරණ විවේචන කියලා ඇහේ තියෙන පොල් කෙන්ද ගැන උපහාසයෙන් බලන්නේ...!
බුද්දික Friday, 13 December 2024 09:03 PM
එක බොරුවක් වහන්න තව බොරු 100ක් කියන්න වෙනවා.. තමන්ට නැති සුදුසුකම් ඇති බවට මිනිස්සු මුලා කරලා ඡන්දෙ ගත්තේ. ඒ බේගල් ටික අහලා ගම්පහ මිනිස්සු ඉහළින්ම ඡන්දේ දුන්නා. ඔය ගමේ මිනිස්සුම තමයි එක ටෙලි නාට්‍යයක් රඟපාපු පබා, මිරිස් කුඩ්ඩ, ප්‍රසන්න, රන්ජන් පාර්ලිමේන්තු යැව්වේ. ඒ තරමට ප්රබුද්ධ ඡන්ද දායකයෝ සෙට් එකක් ගම්පහ ඉන්නේ... මාලිමාව විතරක් නොවෙයි, ගෝඨාභය ඉහළින්ම දිනෙව්වෙත් ගම්පහ මිනිස්සු. ඒ කියන්නේ මේ රටේ විනාසයට වැඩිම වගකීම ගම්පහ මිනිස්සු. දැන් නාමල් කරුණාරත්න, වසන්ත සමරසින්හ කිව්වනේ පුළුවන් නම් විස්වාසභංග ගේන්න කියලා වගේම ඔවුන්ගේ ආචාර්ය උපාදිධාරී කතානායක වෙනුවෙන් පෙනී හිටියා. එහෙම කලේ රෙදි ඇඳගෙනද?
බද්රානි Friday, 13 December 2024 09:11 PM
සමාජය නොමග යවමින් බොරුවෙන්, තක්කඩිකමින් තනතුරු දැරීමට පක්ෂ නායකත්වයේ හව්හරණක් නොමැති බව කතානායකතුමා වටහා ගෙන තිබෙනවා. එය විශාල සමාජ පෙරලියක්.. තක්කඩිකම් පිළිබඳව කප් ගසා සිටින විපක්ෂය ඇතුළු අනෙකුත් දේශපාලන කණ්ඩායම් ඔවුන්ගේ අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන මෙම ප්‍රෝඩාව හෙලිකිරීම ගැන අප ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. දැන් ඉතින් ඒ මනුස්සයාව උල තියන්නවත්, කුරුසේ ඇන ගසා මරා දමන්නවත්, උත්සාහ නොකළ යුතුයි... අනික ඔහු හොර සහතික පෙන්වා නැහැ... ලාංකිකයින්ට ජානවලින්ම එන සමාජ පම්පෝරිය තමයි මේ හෙළිවී තිබෙන්නේ... ආණ්ඩුවේ පමණක් නොවෙයි, තවත් මෙවැනි තක්කඩි උගතුන් රැලක් සිටිනවා ඔවුන්ගේත් පට්ටම් ගලවා ඔවුන්ගේ නිරුවත සමාජයට ප්‍රදර්ශනය කළ යුතුයි..
Aruna Friday, 13 December 2024 09:20 PM
විශ්වාසභංගයට ගිහින් රෙදි ගලවාගන්නේ නැතිව ඇසුණු එක හොඳයි. නැතිනම් විශ්වාස භංග විවාදේදී ඔක්කොම එළියට එනවනේ... හොරු යවලා බොරු කාරයෝ ගත්තා කියන්නේ මේකට තමයි. තවත් බොරු දොස්තරලා ඉංජිනේරුවෝ ඕකෙ ඉන්නවා.
FreemanHAT Friday, 13 December 2024 09:27 PM
ECSL Registration or IESL Registration, නැතුව ඉංජිනේරු කියලා පෙනී සිටින අය ඉන්නවා නම් ඉවත් වෙන්න...
Rohana Friday, 13 December 2024 09:36 PM
රටට, ජනතාවට සේවය කිරීමට ආචාර්ය උපාධි අවශ්‍ය නොවේ. නැති උපාධි පෙන්වීමට ගොස් අපහාසයට ලක්වන වැඩ කරන්නේ මොකද?
karolis Friday, 13 December 2024 09:45 PM
හොඳ කණ්ඩායමක් ඉන්නවා කිව්වට ඔක්කොම මේ වගේ බොරු ලේබල් ද මන්දා?
Toni Friday, 13 December 2024 11:03 PM
හොඳ වෙලාවට විග් එකේ බොත්තම අනිත් පැත්තට දැම්මේ... නැතිනම් තවමත් ආචාර්ය කතානායක...
නිරෝධා Friday, 13 December 2024 11:24 PM
මිනිස්සු ප්‍රශ්න කරන්නේ උපාධිය නෙවෙයි, අවංකකම. ඒක තේරුම් ගන්න…. මංත්‍රී කමෙන් ඉල්ලා අස්වෙන්න…
ලේක්කො ගලබඩ Friday, 13 December 2024 11:29 PM
වංචනිකයින් සොයා නැවත පැමිණි ඩෝසරය ආචාරිතුමාව ඩෝසර් කරයි...
ranjith Saturday, 14 December 2024 05:47 AM
බොහෝ විවේචන සාධාරණ වුණත්, මෙයා හොඳ පූරුවාදර්ශයක්... පසුගිය රජයවල් වරදවල් පෙනි පෙනී ඒවා ගණන් ගත්තේ නැහැනේ... මේක රජයේ ඉදිරි ගමන තවත් ශක්තිමත් වෙනවා.
thiyo Saturday, 14 December 2024 06:32 AM
කතානායක ධුරයට නම යොදන කාලේ අගමැතිතුමිය විසින් මේ සම්බන්ධව ඔබතුමියගේ අදහස් කුමක්ද? ජනතාවට කියන්න...
primeshika Saturday, 14 December 2024 06:44 AM
ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම. ලෙස මහාචාර්ය පට්ටම භාවිතා කළ හැක්කේ ගෞරව සහිතව විශ්‍රාමලත් (Emeritus) මහාචාර්ය වරයෙකුට පමණි. මොහු එවැනි අයෙක් නොවේ. මොහු දැන් විශ්ව විද්‍යාලයෙන් ඉවත් වූ අයෙක් නිසා භාවිතා කළ හැක්කේ ආචාර්ය පට්ටම පමණි.
පම්පෝරි ජනක Saturday, 14 December 2024 08:20 AM
මෙතැන උඩ පනින සිලින්ඩර් බයියෝ නම් ඔය අද්යාපන සුදුසුකම් මුකුත් බලන්නේ නැහැ. ඔවුන්ගේ කාව හරි පාර්ලිමේන්තු යවන්න... එක්කෝ මහා එකා කියන කෙනෙක් යවනවා..., නැත්නම් ස්ටේජ් එක වැඩියෙන්ම කෑගහන මිනිහාව යවනවා. චාමර සම්පත්, රෝහිතලාගේ අධ්‍යාපන සුදුසුකම් අහලා බලන්න... ආස හිතෙයි.
Menaka Saturday, 14 December 2024 09:00 AM
පාර්ලිමේන්තු ලේකම් ඉවත් කරන්න.
Lucky Saturday, 14 December 2024 11:37 AM
අනිත් අයට හොරු හොරු ගගා හිටියාට, බලන් යද්දී තමන්ගේ ගේ ඇතුලේත් හොරු පිරිලා. ඉණේ යන්තම් හරි රෙද්දක් රැඳිලා තියනවා නම්, පාර්ලිමේන්තුවෙනුත් ඉල්ලා අස් වෙන්න ඕනේ...!
P.d goonawsrdene Saturday, 14 December 2024 12:13 PM
අස් නොවුණා නම්... අස් කරන හැටි මිනිස්සු දන්නවා.
PA - RA Saturday, 14 December 2024 12:30 PM
එක එක රෙද්දවල් අපට ඕනෑ නැහැ. අපිට ඕනෑ අපේ දුප්පත්කම නැතිකර ගන්න...
අමල් Saturday, 14 December 2024 05:15 PM
කෝ මේ සෙනෙවිරත්න?