IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


කතුන් දෙකක් රෝද තුනේ රියදුරු පැහැරගනී

(සිතුම් චතුරංග)

වවුනියාව ප්‍රදේශයේ  ත්‍රි රෝද රථ රියදුරකු පැහැරගෙනගොස් යාපනය කෝපායි හි නිවසක රඳවා වද හිංසා කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු 11 දෙනකු අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි.

නිවසක රඳවා සිටින පුද්ගලයකුට පහරදෙමින් වද හිංසා කරන බවට පොලිසියට ලැබුණ බුද්ධි තොරතුරක් මත යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී  සැකකරුවන් පිරිස හා පැහැරගත් තිරෝද රථ රියදුරු නිවසේ කාමරයක් තුල බැඳ දමා සිටියදී සොයාගත් බව පැවසීය.

පැහැරගැනීමෙන් අනතුරුව දැඩිලෙස පහරකා බරපතල තුවාල ලබා සිටි වවුනියාව , පූවරසකුලම්  පදිංචි නිල්ලනාදන් සුමන් නැමති 35 හැවිරිදි තිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කොට ඇති බවත් පැවසේ.

පොලිසිය පැවසූයේ තිරෝදරථ රියදුරු විදේශ රටකට යවන බව පවසා පැහැරගැනීමට සම්බන්ධ එක් කාන්තාවකගෙන් රුපියල් මිලියනයක මුදලක් ලබාගෙන ඇති අතර එම මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ ගෙවීම පැහැරහැරීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකර ඇති බවට මුලික විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

අත්අඩංගුවටගත් කාන්තාවන්  දෙදෙනා උදෑසන කුලී ගමනක් යෑම සඳහා ති රෝද රථ රියදුරුට වවුනියාව නගරයට පැමිණෙන ලෙස දන්වා සිට ඇති අතර එලෙස පැමිණෙමින් සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති සැකකරුවන් පිරිස සමඟ කාන්තාවන් දෙදෙනා මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවට පොලිසිය පැවසීය.

පැහැර ගැනීම සඳහා යොදාගත් වෑන් රථය හා තවත් යතුරු පැදි තුනක් අත්අඩංගුවටගත් අතර සැකකරුවන් ත්‍රිරෝද රථ රියදුරු වෙනත් ප්‍රදේශයකට රැගෙනයාමට සූදානම් කොට සිටි බවත් පොලිසිය පැවසීය.

ත්‍රිරෝද රථ රියදුරුට මුදල් ලබාදුන් බවට සැකකාර කාන්තාවන් දෙදෙනා හට කිසිදු සාක්ෂියක් නොමැතිවීම හේතුවෙන් මෙම පැහැරගැනීම සිදුකොට ඇති බවත් පහරදී වද හිංසා කර මුදල් ලබාදුන් බවට ලිපි සකස් කරගැනීම හා මුදල් ලබාගැනීමට සැකකරුවන් උත්සහකොට ඇති බවට  විමර්ශනවලදී අනාවරණයවූ බවත් කීය.අත්අඩංගුවටගත් සැකකරුවන් කෝපායි පදිංචි 20ත් 40 අතර වයසේ පසුවන්නෝ වෙති.

           



අදහස් (0)

කතුන් දෙකක් රෝද තුනේ රියදුරු පැහැරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 770 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site