“සංහිදියාව දෙපැත්තෙන්ම තිබිය යුතුයි .එක පැත්තකින් තිබිලා බෑ අපි සංහිදියාව ඇතිකරන්නත් උතුරේ ඊට විරුද්ධව කටයුතු කරන්නටත් සුදානම් වෙනවා නම් එතන සංහිදියාවක් නැහැ“යැයි මහින්ද රාජපක්ෂ මහතා ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ වාහල් කඩ හා බෞද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කීවේය.
''තිස්සමහාරාම පන්සලේ හාමුදුරුවන්ගෙ අලියත් කතරගම දේවාලෙ අලියත්. ගංගාරාම පන්සලේ අලියත් අරන් ගියා. දැන් මේ අලි පින්නවල. පින්නවලදි අලියාට මහත් කරදර වී තියෙනවා, තුවාල වී තියෙනවා,මැරිලා තියෙනවා. කවුරුවත් මේ ගැන කථාකරන්නෙ නැහැ“
''කතරගම දේවාලෙ අලියා අරන් ගිහිල්ලා දවස් 21ක් යන්න ඉස්සරවෙලා මේ ආණ්ඩුවට එෆ්සීඅයිඩීයට,සීඅයිඩීයට අල්ලස් කොමසාරිස් ජනරාල්වරයාට රටේ ජනාධිපතිතුමා බරපතල චෝදනාවක් කරනවා විතරක් නෙවෙයි එතුමා කියනවා මම කාටවත් බය නෑ කියලා. මම දන්නෙ නෑ රටේ විධායක ජනාධිපතිවරයා බය කරන්න කවුරුවත් හැදුවද කියලා. අපි හිතනවා මේ කියන්න ඇත්තෙ අගමැතිතුමාට වෙන්න ඇති. එතුමා මේ ගැන කථා කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. මම නම් පුදුම වුණා මේවා නොදන්නවයි කියලා.රටේ විධායක ජනාධිපතිවරයා ශක්තිමත්ව ඉන්නකොට තමයි රටකට වැඩක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මේ අවරුදු දෙකේදී මේ සියලු දෙනා කළේ පලිගැනීම. මගෙන් පලිගැනීම පවුලෙන් පලිගැනීම විතරක් නෙවෙයි අවසානයේ හාමුදුරුවරුන්ගෙන් පලිගන්න පටන්ගත්තා. එෆ්සීඅයිඩී එකට අරන් යනවා. පන්සල හැදුවෙ කොහොමද කියලා අහනවා. මේකට සල්ලි දුන්නෙ කවුදැයි අහනවා. ඒ පාර ඒ ලයිස්තුව හොයාගෙන යනවා. ගිහිල්ලා අහනවා කීයක් දුන්නද කියලා. මේ විදියට පහළොස්දාහකට විසිදාහකට වැඩිය රජයේ සේවකයන් ව්‍යාපාරිකයන් හාමුදුරුවරුන් ගෙන ගිහිල්ලා කරදරයට පත්කරනවා. හාමුදුරුවරුන් අද වන විට 48 දෙනෙක් හිරගෙදර. උඩුවෙ ධම්මාලෝක නායක හැමුදුරුවොත් එයින් එක්කෙනෙක්
ඕනෑම රුපවාහිනි නාළිකාවක් අපිට බනින ඒවානම් දානවා මොකද අද මාධ්‍යට වාරණයක් නෑ කියලා කිවුවට වාරණය හොදටම දාලා තියෙන්නේ මේ යුගයේ තමයි ගෙනල්ලා පුද්ගලිකව අයිතිකාරයට බනිනවා පාර්ලිමේන්තුවේ නම් කියලා වාර්තා කාරයින්ට බනිනවා මෙවැනි යුගයක් මිට පෙර තිබුනේ නැහැ“යැයි ඔහු පැවසීය.
මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී
ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
“කතරගම අලියා අරං ගියාට පස්සේ ජනපති අල්ලස් කොමිසමටත් බැන්නා“
සරත් Monday, 17 October 2016 08:33 AM
අනේ අනේ ඔබතුමා මොකුත් දන්නෙ නැහැනේ (නි)
පීරිස් Monday, 17 October 2016 08:37 AM
කතරගම අලියා අරන් ගියාට කතරගම දෙයියන්ට තරහ ගිහින් වගෙයි (නි)
අර්ජුන Monday, 17 October 2016 08:39 AM
කළකම් පළදෙන කාලයේ පිනක් දහමක් කරගන්න මැතිතුමෝ (නි)
ඉන්දික Monday, 17 October 2016 10:48 PM
ඒ පැත්තෙ බහුතර අයම තමයි වසර ගාණක් ආණ්ඩු කරලා හොරකම නිතිගත කරගෙන හිටියේ. විශේෂයෙන්ම මහා ලොකු නිලධාරින් කියන අය. මේ අයගේ දූෂණ සෙවිය යුතුයි. (නි)
නිලූ Monday, 17 October 2016 11:14 PM
අනේ අපි නොදාන්නවායැ ඔබතුමා ඔය පුටුවේ ඉන්න කාලේ කරපු හරිය. ලැජ්ජා නැතුව දොඩවන හැටි දැක්කම අප්‍රසන්නයි අපිට නම්. මම ඉස්සර නම් ඔබතුමාට බොහොම ගරු කළා. දැන්නම් එහෙම නැහැ (නි)
සාරා Monday, 17 October 2016 11:29 PM
කාටද එතකොට දැන් මුල මතක නැත්තෙ? (නි)
එම්.ජී.ජේ Monday, 17 October 2016 08:51 AM
අනේ අනේ මෙහෙමත් කතා . මුල මතක නැහැ . දැන් බුදු වෙන්ඩ හදනවා (අ)
වසන්ත Monday, 17 October 2016 08:55 AM
වැරදි දේ කවුරු කළත් වැරදියි. අනිත් එක අනේ අපි දන්නේ නැහැනේ ඉස්සර කරපු විදිය. ඔබතුමාට ගොඩක් අපි ගරු කරනවා. අනේ පින්සිද්ධ වෙයි පැත්තකට වෙලා ඉන්නකෝ (නි)
බණ්ඩාර Tuesday, 18 October 2016 12:46 AM
ඔබතුමාට නම් කොහොමත් නීතිය වැදගත් නැහැනේ. මිනිස්සු මන්දබුද්ධිකයෝ කියලා හිතාගෙනද මන්දා මෙහෙම කතා කියන්නේ. (නි)
උදාර Monday, 17 October 2016 09:05 AM
මොනවද මෙතුමා මේ කරන වැඩ වල තේරුම? (නි)
ගයාන් Tuesday, 18 October 2016 01:09 AM
ඔබතුමාට පින් සිද්ධවෙන්න රට කොටින්ගෙන් බේරාගත්ත. පාරේ බැහැලා යන්න තිබුණ බය නැති කළා. එ්ත් දැන් ඒ බේරාගත් රට නැතිකරමින් සිටිනවා. ඕවා පළදෙනවා. කතරගම දෙවියෝ ඔය වගේ අයට නිසි දඬුවම් දෙයි (නි)
දිනූ Tuesday, 18 October 2016 01:10 AM
ඔබතුමාට ජය වේවා! රටට ජය වේවා! (නි)
සුසන්ත Monday, 17 October 2016 09:10 AM
අද සංහිඳියාව කියලා කියන්නේ මොනවාටද කියලා තේරුම්ගන්න බැහැ
ලසන්ත Monday, 17 October 2016 09:13 AM
පව්! හොඳටම හිත රිදිලා වගෙයි. අපි දැක්කා පහුගිය දවස් වල ඔය බෞද්ධයෝ හැසිරුණු විදිහ. (නි)
පිටිගල මිලානෝ Monday, 17 October 2016 09:22 AM
මහජනයා ඔබව ප්‍රතික්ෂේප කළා. ඒ ඔබගේ කාලය අවසන්වීමටත් පෙරම නේද? (නි)
වින්සන්ට් Monday, 17 October 2016 09:58 AM
කැලේ ඉන්න අලි ටික ආරක්ෂා කරගැනීමට වර්තමාන පියවර වැරදියි කියා කෙනෙකු කියන්නේ නම් එය තමන්ගේ ඡන්ද මල්ල වෙනුවෙනි. ආගමික කටයුත්තක් සඳහා වුවද එය ජාවාරමක් වන්නේ නම් කැලේ අලි ආරක්ෂා වෙන්නේ කෙසේද? (නි)
සත්‍යයා Tuesday, 18 October 2016 02:41 AM
කමෝන් මහින්ද මහත්තයෝ! මට හිතාගන්න බැහැ ඔබද මමද මේ දැන් නින්දෙන් ඇහැරිලා කතා කරන්නේ කියලා. කමක් නැහැ ඔහොම යමු. (නි)
සචිත්‍ර Tuesday, 18 October 2016 02:42 AM
පන්සල අැතුළෙදිවත් දේශපාලනය කතා නොකරම ඉන්න බැරිද? (නි)
හේමන්ත Monday, 17 October 2016 10:51 AM
දැන් මැරිලා ඉදිලා වගෙයිනේ සමහරුන්ගේ කතාව (නි)
හර්ෂ Tuesday, 18 October 2016 03:35 AM
මිනිසුන්ටත් සත්තු වගේ සැළකූ කාලයක, සත්තු තියාගන්න මොකටද ලයිසන් (නි)
දුමින්ද Tuesday, 18 October 2016 04:07 AM
හැමතැනම බල අරගලය...... නැත රටට හිතසුව... (නි)
පද්මිණි Tuesday, 18 October 2016 04:30 AM
ඔන්න කිව්වා ආයෙත් කතාවක්. මිනිසුන්ට මිත්‍යාව පුරුදු කළේ ඔබතුමාලා. අහිංසක අලි පළි. වෙන්දේසි වන පවුලේ ඉඩම් වල මුදලින් පින්නවල අලි අනාථාගාරය දියුණු කරන්නකෝ. (නි)
නන්ද Monday, 17 October 2016 01:15 PM
තවමත් මෙතුමා අලියා ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා වගෙයි. කලකට පෙර දෙ-අත් සවිමත් කරගන්න අලියාගේ පිහිට ලබාගත්තා. ඔහොම තමයි කවුරුත් කලින් කල, වරින් වර වෙනස් වෙනවා. (නි)
අජිත් Monday, 17 October 2016 01:39 PM
චිරන් ජයතු අපේ ජනාධිපතිතුමාට. (අ)
සුරේකා Tuesday, 18 October 2016 06:05 AM
"සචිත්‍ර" පන්සලේ අලි අරන් යනකොට පන්සලේදි නැතිව කොහෙ කතා කරන්නද? (ර)
නිස්සංක Monday, 17 October 2016 02:55 PM
ඔබතුමාගේ කතාව හරි. මම දැක්කා පින්නවල අලින්ට සලකන්නේ කොහොමද කියලා. (හේ)
ජනහිත Monday, 17 October 2016 04:50 PM
"කළ කළ දේ පළ පළ දේ“ කියලා ඒ කාලේ චිත්‍රපටියක් තිබුනා. (නි)
දර්ශන Monday, 17 October 2016 07:55 AM
අනේ ඔව් ඔව්. මෙහෙම පාලනයක් කවදාවත් තිබිල නැහැ. අපිට අතීතය මතක නැහැ (නි)
අචිර Monday, 17 October 2016 05:30 PM
මෙතුමාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ කතාකරන්න මේවා ගැන (නි)
පහන් Monday, 17 October 2016 05:43 PM
අලින්ට ඉන්න තැන්වල ඉන්න දෙන්නෙ නැතුව මොනවා කරනවද මන්දා. මට නම් අලියෙක් නිකන් දුන්නත් එපා. මේවා පව් වැඩ. විපාක පසුපස එනවා (නි)
දුමින්ද Monday, 17 October 2016 08:12 AM
දේව උදහස! (නි)