IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කතරගම එනවානම් පී.එච්.අයි.ගෙන් ලියුමක් ගේන්න

(එම්.කේ.නන්දසේන)      

සංචරණ සීමා පනවාතිබූ බස්නාහිර පළාත ඇතුළු අනෙකුන් ප්‍රදේශයන්හි සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග විනෝද ,වන්දනා කටයුතු යොදාගෙන කතරගම නිවාඩු නිකේතනයන්හි ලැගුම් ගැනීමට අදහස් කරන පුද්ගලයින් වෙතොත් තම පදිංචි කොට්ඨාසයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක නිලධාරියකුගෙන් ලිපියක් රැගෙන ආ යුතු බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පැවසීය.

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අයකු නම් පූර්ණ සුවය ලබා ඇති බවටත්, නිරෝධායනය වී සිටි පවුල් ඒකකයක් නම් නියමිත කාලය සාර්ථකව අවසන් කොට ඇති බවටත්, යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වන බවටත් අදාළ ලිපියේ දක්වා තිබිය යුතු බව ද ඒ මහතා කියා සිටියේය.

කතරගම ට නුදුරින් ඇති බුත්තල ප්‍රදේශයට කොළඹ ප්‍රදේශයේ සිට පැමිණ හාඩිවෙයාර් වෙළඳසැල් වලට බඩු බෙදාහරින පුද්ගලයෙකු දින කීපයක් එම ප්‍රදේශයේ නිකේතනයක නවාතැන් ලබාගෙන බුත්තල, මොණරාගල, මැදගම යන ප්‍රදේශයන්හි හාඩිවෙයාර්  ආයතන වලට බඩු බෙදා හැර කොළඹ යාමෙන් අනතුරුව කෝවිඩි 19 වෛරසය ආසාදනය වී ඇත.

පසුව නවාතැන් ලබා සිටි නිකේතන හිමි කරැටද වයිරසය ආසාදනය වීමත් සමග එම නිකේතනය වසාදමා සේවකයින් නිරෝධායනයට ලක් ඉරීමට සිදු වූ බවත් අලෙවි නියෝජිත පුද්ගලයා බඩු බෙදා හැරීම සඳහා ගොස් ඇති හාඩ්වෙයාර් ආයතන කීපයක්ම නිරෝධායනයට ලක් කිරීමට සිදුවූ බවද පෙන්වාදුන් සමන් දිසානායක මහතා වෙළඳසැල් සඳහා බඩු භාණ්ඩ ලබා ගැනීමේදී ව්‍යාපාරික මහතුන්  ඉතාමත් සැලකිලිමත් වන  ලෙසද දැනුම් දීමක් කළේය.     



අදහස් (4)

කතරගම එනවානම් පී.එච්.අයි.ගෙන් ලියුමක් ගේන්න

දිමුත් Tuesday, 08 December 2020 01:03 PM

මේකෙන් පෙනෙන්න තියෙන්නේ නිරෝධායන සහ ආශ්‍රිතයින් හදුනාගැනීමේ ක්‍රමවේදයේ දුර්වලකමක් නේද?

:       0       4

lusena Tuesday, 08 December 2020 05:11 PM

කතරගම සම්පූර්ණයෙන්ම වසා දමන්න.

:       3       3

Samantha Wednesday, 09 December 2020 02:27 AM

දෙවියන්ට හැදෙයි කියලා වත්ද?

:       0       0

සමන්ත Wednesday, 09 December 2020 03:25 AM

දෙවියන්ට හැමදේම කරන්න බෑ කියලා කොරෝනා ඔප්පු කරලා තියෙද්දි පුජා වට්ටි උස්සාගෙන කතරගම යන්නේ මොන එහෙකටද? සැබෑ බෞද්ධ දර්ශනය තුළ ජීවත් වන්න. ඇතිවීම, නැතිවීම උගන්වන්නේ බෞද්ධ දර්ශනය පමණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 907 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 726 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 60 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2875 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 717 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1434 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 599 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1735 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site