IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කතරගම ගිනි පාගන්න 300ක්

රුහුණු කතරගම දේවාලයේ ගිනි පෑගීමේ උළෙල අද අලුයම හතරට කතරගම දේවාලය ඉදිරිපිට ප්‍රධාන වීදියේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

300ක් පමණ දෙනා ගිනි පෑගූහ.

කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා හා කතරගම දේවාලයේ කපු සරත් සේපාල ටී රත්නායක මහතා පැන් පාරහද ඉසීමෙන් පසු ගිනි පැගීම ඇරැඹිණ.

(වීඩියෝ කේ ඩී දේවප්‍රිය)



අදහස් (0)

කතරගම ගිනි පාගන්න 300ක්

පියල් Monday, 19 August 2013 09:15 AM

ශේරිෆ්, බුදු සරණ ගියා කියලා දොස්තර ලගට නොයන මෝඩයෝ නෙමෙයි බෞද්ධයෝ කියන්නේ.බුදුන්ගෙන් ලබන්නේ විමුක්තිය.දෙවියන්ගෙන් ලබන්නේ උදව් උපකාර (නි)

:       0       0

ජගත් පනාගොඩ Sunday, 18 August 2013 07:11 PM

අපිත් ගිනි පාගලා තියෙනවා ! (නි)

:       0       0

සීල Sunday, 18 August 2013 07:13 PM

ගිනි කන අය ඉන්න රටේ ගිනි පාගන එකත් කජ්ජක්ද? (නි)

:       0       0

අසාද් Sunday, 18 August 2013 07:33 PM

ඇසළ මෝඩයෙක් වගේ කතා කරන්න එපා බුද්ධි හරි. වතුර ගහල නිවල කාට ගිනි පාගන්න බැරිද දෙයියොන්ගෙ හොරු තමයි මුදල් පසුම්බි උස්සන්නෙ.(නදී)

:       0       0

නීල් රණා Monday, 19 August 2013 09:54 AM

රක්ත වර්ණ රුධිර හළා මඟ සැම තැන මුහුණු ගසා අසල්වැසියා මරා දමා කපටියන්ට ඡන්දෙ ගසා දූෂණයෙන් භීෂණයෙන් ජීවත්වෙයි පගා ගසා කඳ සුරිඳුනි මරා දමනු එහෙව් උන්ව හිසත් ගසා (ස)

:       0       0

තිලක් - ඩුබායි Sunday, 18 August 2013 07:57 PM

බුද්ධි .කතරගම කියන්නේ පුදුම හාස්කම් තියෙන පූජනීය ස්ථානයක්. කතරගම දෙවියොත් එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. අපි අත්දැකීම් වලින් කියන්නේ. (ස)

:       0       0

වාරියප්පෙරුම Sunday, 18 August 2013 09:02 PM

අපේ රටට ජාතියට කඳ සුරිඳු පිහිටයි..... (අ)

:       0       0

අනන්ද Sunday, 18 August 2013 09:03 PM

කන්ද සුරිඳුගේ බල මහිමය. අප සැමට කන්ද සුරිඳු පිහිටි. (අ)

:       0       0

හේමන්ත Sunday, 18 August 2013 12:18 PM

මේ ඇතාට වදයක් නෙමෙයිද මෙච්චර දළ දෙකේ මල් මාල දැම්මම? (නි)

:       0       0

ජලීල් Tuesday, 20 August 2013 09:51 AM

යුටියුබ්හි මම දැක්කා එක ස්වාමින් වහන්සේ නමක් කියනවා කඳ සුරිඳුනි කියලා මේ වැද නමස්කාර කරන්නේ ඉන්දියාවෙන් ආපු කන්දසාමි නම් පුද්ගලයෙකුට බවයි. හෙළයා දෙලොවක් අතර තනිවෙලාද ? (නි)

:       0       0

අරුමුගම් Tuesday, 20 August 2013 09:56 AM

ජයී තිසර , ඔයා කියන්නේ එහෙනම් මේ ගිනි පෑගීම පිටුපස දේවබලයක් නැත, මෙය තවත් මැජික් එකක් පමණයි කියාද? (නි)

:       0       0

ලුම්බිණි Sunday, 18 August 2013 12:25 PM

බස්නායක නිලමේවරුන් ගිනි පාගන්නේ නැද්ද? (නි)

:       0       0

නිදුල චිත්මල් සිල්වා Sunday, 18 August 2013 10:38 PM

කද සුරිදුනි ඔබ අපව රකිනු මැනැවි (අ)

:       0       0

එඩිසන් Sunday, 18 August 2013 12:32 PM

ගිනි පෑගිමෙහි විද්‍යානුකුල ස්වභාවය කුමක්ද? (නි)

:       0       0

අචිනි Monday, 19 August 2013 12:21 PM

සැමටම කදසුරිඳු පිහිටයි! මහජන දේපොළ වංචා කරන අයට දඩුවම් ලැබේවා! (නි)

:       0       0

නීල් රණා Sunday, 18 August 2013 12:42 PM

රක්ත වර්ණ සේල ඇඳන් නලලත අලු තිලක තියා... හස්ත දරණ දේවායුධ ජීවං කර මංත්‍ර කියා... යුද්ධ කරන ස්කන්ධ දේව රාජ පාද නැමැද පියා... රප්ත උෂ්ණ අග්නි ජාල මතින් සැවොම ඇවිද ගියා... (නි)

:       0       0

ප්‍රසාද් Monday, 19 August 2013 12:00 AM

කද සුරිදුනි, ඔබේ පිහිට ලැබේවා, මගේ රට සව් සිරියෙන් සපිරේවා (නි)

:       0       0

සමන් Monday, 19 August 2013 12:16 AM

දෙවිවරුන් කී දෙනෙක් නම් ඉන්නවාද?මම නිකමට අහන්නේ (නි)

:       0       0

රෝහණ Monday, 19 August 2013 12:36 AM

මේ ගැන මම නම් මුකුත් කියන්න හරියටම දන්නේ නැහැ. කිසිම ආගමක කිසිම දේවාලයකට අපහාස කරන්න හොද නැහැ. කැමති නම් යන්න. අකමැති අය අපහාස නොකර ඉන්න. තමන් අදහන ආගමට ගරු කරන්න. අන් ආගම් වලට අපහාස නොකර ඉන්න (නි)

:       0       0

ධම්ම Sunday, 18 August 2013 01:01 PM

අපේ අහවල් මහත්තයත් ගිනි පෑගුවද? (නි)

:       0       0

අශෝක Monday, 19 August 2013 12:57 PM

කද සුරිදුනි, මහජන මුදල් ගසා කන්නන් හට දඩුවම් දෙනු මැනවි පොළොවේ ගසා (නි)

:       0       0

චන්දි Monday, 19 August 2013 01:16 AM

හා හා සීල,දෙවියන්ගේ දේවලට කට වරද්ද ගන්න එපා. කද සුරිදු පිහිටයි සැමටම ! (නි)

:       0       0

සෝමා Monday, 19 August 2013 01:51 AM

ලංකාවේ මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ (නි)

:       0       0

අසංග Monday, 19 August 2013 01:01 PM

කඳ සුරිඳුනි, ඔබ වන්සේට අපේ නමස්කාරය වේවා...! සෝමා, ඔයාට ලංකාවේ මිනිස්සුන්ව තේරුම් ගන්න බැරිනම් වෙන රටකට ගියා නම් හරි නේද.ෂෙරිෆ්, වෙනත් ආගම් වලට නිගා කරන්න එපා. (නි)

:       0       0

චන්දි Sunday, 18 August 2013 01:16 PM

හරිම ලස්සනයි!! වීඩියෝ කරපු කෙනාටත්,ලංකාදීප පුවත්පතටත්, මටත්, මගේ පවුලේ සැමටත්, එසැන පාටක ඔබටත්, ලංකාවාසී සැමටත් කතරගම '' කද සුරිදුගේ''පිහිටයි!!! සැමටම සෙතක් ශාන්තියක්ම වේවා! (නි)

:       0       0

සත්‍යා Monday, 19 August 2013 04:12 AM

වාරියප්පෙරුම, යුද්දේ දිනන්න කඳ සුරිඳු උදව් නොකළේ ඇයි? (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 19 August 2013 04:15 AM

බුදු සරණ පතන හෙළයෝ මේ දවස්වල උන්වහන්සේව අමතක කර කතරගම දෙවි පිහිට පතනවා (නි)

:       0       0

සත්‍යා Monday, 19 August 2013 04:37 AM

බුද්ධි, ඔබට විතරයි මේ ප්‍රශ්නයේදී බුද්ධිය පෑදුනේ. (නි)

:       0       0

සත්‍යා Monday, 19 August 2013 04:50 AM

රක්ත වර්ණ රුධිර හෙළා ජනතාවට උණ්ඩ තියා- සුදු පිරුවට සේල ඇඳන් ජනතාවට දතුත් නියා- රත්තරනින් මාල හදා කඳ සුරිඳුට පුදනු කියා- දෙවියොත් අද අල්ලස් ගෙන නිදයි හොඳට දෑස් පියා (නීල් රනාට සත්‍යාගෙන් ) (නි)

:       0       0

ජයී තිසර Monday, 19 August 2013 01:55 PM

එඩිසන්, ගිනි පෑගිමෙහි විද්‍යානුකුල ස්වභාවය වටහා ගැනීමට යටි පතුලේදී තාපය සංනයනය වන අයුරු සහ එයට ගතවන කාලය වටහා ගැනීමට පහත වෙබ් අඩවිය සහ අදාළ කරුණු කියවා බලන්න. http://en.wikipedia.org/wiki/Firewalking (නි)

:       0       0

ඉෂාද් රන්දුල විශවනාත් Monday, 19 August 2013 02:01 PM

සියලු දෙනාටම කඳසුරිඳු පිහිටයි!! (ස)

:       0       0

රණවීර Sunday, 18 August 2013 03:56 PM

මටත් ආසයි කතරගම පෙරහැරේ නටන්න. ඔයාලා සියලු දෙනාට කතරගම දෙවි පිහිටයි! (නි)

:       0       0

මනෝජ් -සාජා Monday, 19 August 2013 09:57 PM

ෂෙරීෆ් යන්නෙම හරහටනේ.මොකක්ද ඔය හෙළයා හෙලයා කියලා හැම එකකට අදහස් දාන්නේ (නි)

:       0       0

රිෂාර්ඩ් Monday, 19 August 2013 02:07 PM

පියල්,දෙවියන්ගෙන් ලබන්නේ උදව් උපකාර සහ විමුක්තිය යන දෙකම (නි)

:       0       0

ජයී තිසර Wednesday, 21 August 2013 11:06 AM

අරුමුගම්, ගිනි පෑගිමෙහි විද්‍යාණුකුල ස්වභාවය වටහා ගැනීමට 'එඩිසන්' ප්‍රශ්නයක් අසා ඇත. පාඨකයින් කිසිවෙක් එයට පිළිතුරක් දී නැති නිසා මම ඔහු ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් පෙන්වා දුන්නෙමි. ඒ සම්බන්ධයෙන් ඔයාට කැමති දෙයක් සිතාගන්න. එයට මගේ අබ මල් රේණුවකවත් විරෝධයක් නැත. (ස)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 18 August 2013 05:33 PM

රුහුණු කතරගම දේවාලයේ ගිනි පෑගීමේ උළෙල සජීවීව ඉදිරිපත් කළ ලංකාදීපයට අපේ ස්තුතිය. (නි)

:       0       0

බුද්ධි Sunday, 18 August 2013 05:34 PM

සැරින් සැරේ යකඩ කටින් නිවේදනය කරනවා මුදල් පසුම්බි,වටිනා කියන දේ ආරක්ෂා කරගන්න කියලා. කාගෙවත් නෙමෙයි බැතිමතුන්ගේ. බැතිමතුන්ගේ දේවල් දේවාල භූමියේදීවත් ආරක්ෂා කර දෙන්න බැරිද දෙවියන්ට? (නි)

:       0       0

සූරියාරච්චි Monday, 19 August 2013 07:39 AM

දෙවියෝ අල්ලස් ගන්නේ නැහැ. මිනිස්සුයි දෙවියන්ට අල්ලස් දෙන්නේ.බුදු දහමට අනුව යහපත් මිනිසුන්ට දෙවියොත් නමස්කාර කරනවා.ඒකයි සත්‍ය. (නි)

:       0       0

ජලීල් Tuesday, 20 August 2013 01:13 PM

මේවා කිරීමෙන් සර්ව බලධාරියා සතුටු වෙයිද ? (අ)

:       0       0

ඇසළ Sunday, 18 August 2013 05:56 PM

බුද්ධි, හැමදේම උපහාසයට ලක් කරන්න එපා, මොනවා වුණත් තාමත් නවීන විද්‍යාවට ඔප්පු කරගන්න බැරි දේවලුත් මේ ලෝකේ තියෙනවා. (නි)

:       0       0

ඉෂාර Monday, 19 August 2013 08:17 AM

බුද්ධි, බුද්ධිමත් ලෙස මෝඩ අදහසක් ඉදිරිපත් කරලා. (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 18 August 2013 06:21 PM

බුද්ධි , හොරකම් කරන කෙනා දෙවියන්ගේ දේත් හොරකම් කරනවා. මේ මොනවා වුණත් මෙතන වෙදගත් වෙන්නේ ජාතික සමගියයි. බලන්න දෙමල සිංහල මිනිස්සු මොන තරම් භක්තියකින්ද මේ කටයුතු කරන්නේ කියලා? හැමෝටම කඳ සුරිඳු පිහිටයි! (නි)

:       0       0

පියල් Monday, 19 August 2013 09:06 AM

මේවා බලලා අඩුපාඩු හොයන්නේ මානසික රෝගීන් ! සතුටු වෙන්න පුරුදු වෙන්න (නි)

:       0       0

නිරන්ජන් Monday, 19 August 2013 09:09 AM

සත්‍යා,ඉතින් අපි යුද්දෙ පැරදුනාද? (නි)

:       0       0

වේලු Monday, 19 August 2013 09:10 AM

කඳ සුරිඳුනි, ඔබ වහන්සේගේ බලය සත්‍ය නම්, ඔබවහන්සේ ගැන ඉහත ලියා අපහාස කර ඇති සත්‍යාට සුදුසු දඬුවමක් දෙන ලෙස ඉල්ලා සිටිමි. (නි)

:       0       0

පියල් Monday, 19 August 2013 09:11 AM

බුද්ධි , සත්‍යා, ඔයගොල්ලෝ දෙවියෝ ගැන දන්නේ නැතිබව පේනවා. සැළකිලිමත් නොවෙන අය‍ට දෙවියෝ උදව් කරන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3221 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2339 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3186 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3068 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 679 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1355 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36078 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24128 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 518 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site