IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


‘කතරගම තදබදය අඩු කළ යුතුයි‘

කතරගම දේවාලය තියෙන්නේ නගරය ආසන්නයේ නගරයේ රථගාල් රැසක් තිබෙනවා. එම ගාල්වල ආරක්‍ෂාව ඇතිව වාහන නවත්වා ඩිංගක් දුර පයින් ඇවිද දේවාලය, කිරි වෙහෙර ආදී සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට බැරි ඇයි? අත්‍යවශ්‍යම කෙනකුට පමණක් දේවාල භුමියට රථ වාහන රැගෙන ඒමට ඉඩ දී පුජා භුමියට එන වාහන පාලනය කිරීම වැදගත් බව රුහුණු කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන කපු සොමීපාල ටී. රත්නායක මහතා මාධ්‍යයට පවසයි.

පුදබිමට රථ වාහන ඇතුළුවීම නිසා පසු ගිය 21 වැනි දින කුඩා දරුවකු ඇතුළු 03 තිදෙනකුට තුවාල සිදු කරමින් සිදු වු රිය අනතුරට පසුවද පුජා භුමියේ රිය අනතුරු සිදුවී ඇතැයිද ඔහු කනස්සල්ල පළකරයි.

1973 වර්ෂයේ දී සිරිමාවෝ බණ්ඩාරණායක හිටපු අගමැතිනිය දිනක් කතරගම ආවා. එදා දේවාල ආසන්නයේ පදිංචි ගෙදරක අයෙක් මියගොස් තිබුණා. ඒක නිසා දේවාලය වහලා තිබුණා. අගමැතිනිය මගෙන් ඇහැව්වා ඇයි මරණ වු පසුව දේවාලය වහන්නේ කියලා. මම කිව්වා දෙවියන්ට කිළි කුණු ඇති වෙනවා ඒක නිසා දේවාලය වහන්න වෙනවා කියලා. එදා මැතිනිය ඇහැව්වා ඊට පිළියමක් තියෙනවාද කියලා. එදා අපි මැතිනියගෙන් ඉල්ලීමක් කළා. දේවාල සීමාවෙන් නිවාස වෙළඳසල් ඉවත් කර වෙන් කරන්න කියලා. ඒ ඉල්ලිම අනුව බණ්ඩාරනායක මැතිනිය 1973 දි අති විශේෂ ගැසට් පත්‍රයකින් කතරගම පුජා භුමියක් බවට පත්කළා. දේවාලය අසළ තිබුණු ඌරු මස් කඩ, වෙළඳසල් නිවාස ඉවත් කළා. එදා බොහෝ අය විරුද්ධ වුණා. කතරගම පුජා භුමියක් විදියට පිරිසිදු කරපු නිසා අද දේවාලය කිසිදු අයුරකින් වහන්නේ් නැතිව දිනපතාම නන්දෙසින් කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට එන අයට කිසිදු බාධාවකින් තොරව වැඳපුදා ගන්න ඉඩ ලැබිලා තියෙනවා‘

ආබාධිතයන්ට එන්න රෝද පුටු සේවයක් නොමිලේ දේවාලයේ කාර්යාලයෙන් සිදු කරනවා. නැත්නම් දේවාලේ කාර්යාලයට කියලා අවසර පතක් ගන්න පුළුවන් ප‍්‍රභුවරයකු අසනිපකෙනකු රථයකින් පුජා භූමියට ආවට කමක් නැහැ . අද වෙනකොට කවුරුත් වාහන වලින් දේවාලයට එන්න පුරුදුවෙලා . දේවාල භුමියේ පය ගැටිමෙන් ආධ්‍යාත්මික සුවයක් ලැබෙනවා. අතීතයේ බැතිමතුන් කතරගමට ආවේ මැණික් ගඟෙන් නාලා දේවාල භුමියේ වැලි මළුව පාගා ගෙන. ඒක නිසා පුදබිමේ ගරුත්වයට හානි කරන්න එපා. දේවාලයට එන පාලම් ආසන්නයේ රථ ගාල් තිබෙනවා. ඔය පුංචි දුර ගෙවා ගෙන දෙවියන් බුදුන් වැඳලා සතුටින් යන්න කියලා මම බැතිමතුන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම සියලුම බලධරයන් සාකච්ඡා කරලා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කළ යුතු යැයි රත්නායක මහතා පැවසීය.



අදහස් (0)

‘කතරගම තදබදය අඩු කළ යුතුයි‘

පිටබැද්දර ජයා Tuesday, 23 February 2016 07:50 AM

අද හුඟාක් මිනිස්සු මේ වගේ පුදබිම් වලට එන්නේ හිතේ ගවුරවයකින් නෙවෙයි හුදු විනෝදාස්වාදය ලබා ගැනීමට පමණයි , කිරි අම්මත් එක්ක කතරගම ගිය අපට බොහොම පරිස්සමට තමයි කතා කරන්න පවා ලැබුනේ , ගෙදරින් පිටවෙන්න කලින් සියලුම නීති දාල තුනුරුවන් ගැන විශ්වාසයෙන් , දෙවියන් ගැන බක්තියෙන් ඒ කටයුතු පුද පුජා කරන හැටි බොහොම අපුරුවට කියල දීල තමයි අපව කතරගම එක්ක ගියේ , මගේ පින්වන්ත කිරි අම්මටත් මේ වෙලාවේ පිංදෙනවා.! (ර)

:       0       0

නන්දන එස් . කොම්මලගේ Tuesday, 23 February 2016 08:08 AM

කතරගමට ගොස් වාහනයක් නවතා ගැනීමට රියදුරන් විදින දුක දෙවියන්ටම පෙනේවා . (ර)

:       0       0

බිනුර Tuesday, 23 February 2016 08:33 AM

මේක ලොකු ප්‍රශ්නයක් දැන්ම මේකට විසදුමක් හොයන්න.(හේ)

:       0       0

අසෝකා Tuesday, 23 February 2016 10:20 AM

මම නම් ආස ඉස්සර වගේ දේවාලෙට කිරිවෙහෙරට යනකම් දෙපැත්තේම හොදට ගස් කොලන් සහිතව මාල තේ කඩ එක්ක පාලම ලග ඉදලම ඇවිද ගෙන යන්න තිබුන නම්. දැන් ගිනි අව්වේ යන කොට කාටත් අපහසුයි.(හේ)

:       0       0

අසෝකා Tuesday, 23 February 2016 10:22 AM

මෙයට විශේෂ වැඩ පිළිවෙලක් යෙදුවා නම් මේ තත්ත්වය උද්ගත වෙන්නේ නෑ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3620 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 642 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site