රුහුණු කතරගම මහා දේවාලයට ලැබෙන ඉමහත් වු පළතුරු හා බැතිමතුන් ලබාදෙන සහල් ආදිය කතරගම ප්‍රදේශවාසීන්ගේ පෝෂණය පිණිස බෙදා දීමට බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා සැරසෙයි.
දිවයිනේ නන් දෙසින් කතරගමට පැමිණෙන වන්දනාකරුවෝ දේවාලයට පුජා කරන වී සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අතිරික්තය දෙවියන්ට අවශ්‍ය තරම් තබා ගෙන කතරගම ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි ජනයාට මසකට වරක් ලබාදීමේ නව වැඩ සටහන (02) වැනි දා බස්නායක නිලමේ කුමාරගේ මහතා විසින් කි‍්‍රයාවට නැංවීය.
ගර්භනි මාතාවන් සඳහා ඇපල් මිදි කෙසෙල් වැනි පළතුරු ලබාදෙන අතර කතරගම අවට ඇති රෝහල් වෙත ද මෙම දේවාලයේ පළතුරු ලබාදීම මෙම වැඩ සටහනට සමගාමීව කි‍්‍රයාවට නංවා ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතරගම දේවොලෙන් දුප්පතාට උදව්
කනිශ්ක Monday, 04 January 2016 01:23 PM
ඉතාමත් ප්‍රශංසනීයයි (ර)
ටෙෂාන් Monday, 04 January 2016 01:44 PM
ඉන්දියාවේ වගේ ගල් පිළිම වලට කිරි දාන්නේ නැතුව, ලංකාවේ මේ වගේ දෙයක් කරන එක ලොකු පිනක්. (බ)
ලාල් Monday, 04 January 2016 01:57 PM
නිළමේතුමෙනි,ඇත්තටම සන්තෝෂයි.ඔය දෙවිවරැන්ට අපි කන කෑමබීමවලින් ප්‍රයෝජනයක් නැහැ.ඒඅයට අපට වඩා ප්‍රකෝටි ගුණයකින් වැඩි ප්‍රණීත දේවල් පහළවෙනවා.ඔය ලැබෙන දේවල් අවබෝධයක් ඇතුව දන්දීමෙන් නියම දේව පූජාවක් කළා වෙනවා. බුදුසරණයි. (බ)
පිටබැද්දර ජයා Tuesday, 05 January 2016 04:29 AM
සුදුසු මිනිසුන් සුදුසු තැන්වල පිහිටුවාම යහපත් ක්‍රියාවන් ඉබේම සිද්ද වෙනවා , (ම)
නිමලරත්න Tuesday, 05 January 2016 05:12 AM
ඉතාමත්ම ඉහළින් අගය කළ යුතු පුණ්‍ය ක්‍රියාවක්. කතරගමට එන බැතිමතුන් ගසා කෑම නවතිමටත් හැකියාව බස්නායක නිලමේ තුමාට ලැබේවා. (ම)
සුමිත්‍ර බස්නායක Monday, 04 January 2016 03:09 PM
කලාතුරකින් බිහිවුණ ආදර්ශමත් බස්නායක නිලමේ තුමෙක්. ඔබ තුමාට ගොඩක් පින්. (බ)
මොහොමොඩ් ජිෆ්රි Monday, 04 January 2016 03:17 PM
ජීවමාන දේව ගතියක් .හොද ආදර්ශයක් (බ)
චන්දන Monday, 04 January 2016 05:12 PM
හොඳ දෙයක්. නමුත් ටික දවසකින් මුදලාලිලා වැඩේට බහිනවා සිකුරටම. ගිය සතියේ වුණදේවල් දැක්කනේ (නි)
දිනුක් Monday, 04 January 2016 05:45 PM
අවංක සේවයක්. ඉතාමත් ප්‍රශංසනීයයි. හොඳ ආදර්ශයක්. (නි)
යසිත් Monday, 04 January 2016 07:35 PM
ගොඩක් හොඳයි (නි)
මහාචාර්ය වික්ටර් හැන්නැදිගේ Monday, 04 January 2016 08:31 PM
දළදා මාළිගාවත් මේ සම්බන්ධයෙන් හිතුවොත් හොඳයි නේද? (නි)
සංජීව Monday, 04 January 2016 11:47 PM
මොනතරම් උතුම් කටයුත්තක්ද? (නි)
නිරෝධා ඩි සිල්වා Monday, 04 January 2016 11:38 AM
බස්නායක නිලමේ තුමනි හොඳ දෙයක්. කටරගමට එන බැතිමතුන් ගසාකන එකටත් මොනවහරි වැඩ පිළිවෙලක්.... (ර)
මධූ Monday, 04 January 2016 11:45 AM
බොහම හොද වැඩක් .දිගු කල් ජීවත් වෙන්නට මේ පිනම ඇති (බ)
සංජු Monday, 04 January 2016 11:41 AM
ඇත්තටම හොදයි (බ)
මධූ Monday, 04 January 2016 11:44 AM
මෙන්න හොඳ වැඩ (බ)
දුමින්ද Tuesday, 05 January 2016 02:07 AM
දේවකැමැත්ත ලැබුනද? (ස)
චානා Tuesday, 05 January 2016 02:43 AM
කලාතුරකින් බිහිවුණ ආදර්ශමත් බස්නායක නිලමේ තුමෙක්. (ස)
සුමිත් Tuesday, 05 January 2016 03:11 AM
හරිම සතුටු හිතෙනවා , ඔබතුමාට ජය. සල්ලිත් කීයක් හරි දෙනවනම් තමා හොඳ නේද ? අනෙක හිඟන්නෝ ටික එලවල දාන්න බැරිද ? (ස)
චන්දික කුරුප්පු Monday, 04 January 2016 12:19 PM
මෙන්න වැඩ කරනවා නම් ....ඉතාම කාලෝචිත ක්‍රියාවක් ....කතරගම දෙයියොම බලාගන්ඩ ඕනේ මේ වැඩේට මුල් වෙච්ච අයව ....(බ)
සන්ද්‍යා තෙවරප්පෙරුම Monday, 04 January 2016 12:24 PM
හොඳ වැඩක්. (ර)
අරුණ Monday, 04 January 2016 12:24 PM
කතරගම දෙවියන් ජීවමානව වැඩ සිටිනාබවට මෙය හොද උදාහරණයක්. (ර)
සුරාජ් Monday, 04 January 2016 12:28 PM
සල්ලිත් කීයක් හරි දුන්නොත් නේද හොඳ? (ර)
ජයන්ත දසනායක Monday, 04 January 2016 12:28 PM
ජයවේවා නිලමේ තුමා. දකුණු පළාතම දියුණු කරන්න පුළුවන් ඔබ තුමාට . ජයවේවා.! (ර)
දිලීප Tuesday, 05 January 2016 03:49 AM
කතරගම දෙවියන් ඇස් අරි .....!!!! (ස)
මධූ Monday, 04 January 2016 12:53 PM
හොද වැඩක් ...(බ)
මනෝජ් Tuesday, 05 January 2016 03:51 AM
මෙන්න දෙවියන්ට පින් අනුමෝදන් කරන්න හොඳම ක්‍රමය. එවිට දෙවියන් බාර හාර උන අය වෙත දිවස් හෙළා පිහිට වේවි. මහනුවර අපි බස්නායක තුමා ගැන ආඩම්බර වෙනවා. (ස)
සේනක Tuesday, 05 January 2016 04:00 AM
බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ජීවියාගේ පරම රෝගය සමනය කිරීමට දායක වීම උතුම්ම පිනක්. පුණ්‍ය භූමිය අවට සැරිසරණා අසරණ පක්ෂීන් සතා සිවු පාවුන් ගැනත් කල්පනා කළොත් හොඳයි නේද? දේවාලයේ ගෞරවයත් ඔබ තුමාගේ තනතුරේ ගෞරවයත් රැක ගැනීමද වැදගත් වෙයි. (බ)
ආරියපාල හේවගේ Monday, 04 January 2016 01:17 PM
මෙය ආදර්සවත් ක්‍රියාවකි . දෙශපාලකයොත් මෙය ආදර්ශයට ගන්නේනම් කොතරම් හොදද? (ර)
අමල් Monday, 04 January 2016 01:17 PM
මාගේ උපහාරය. (ර)