(කේ.ඩි. දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) ෙපෙරවරුවේ විවෘත කෙරිණ.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත බැතිමතුන්ගේ පඩුරු ආධාර හා විවිධ පරිත්‍යාග භවතුන් ලබා දුන් ආධාර මත මිලියන 156 ක වියදමින් මෙම වාට්ටු සංකීර්ණය ඉදිකර තිබේ. ළමුන් 75 දෙනකුට ප්‍රතිකාර ලබා ගත හැකි අතර දරුවන් සඳහා ක්‍රියාකාරකම් කිරීමට හැකි ස්ථාන ද සහිත වේ.
මෙම වාට්ටු සංකීර්ණය විවෘත කිරීම රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් අතින් සිදුවිය. පැය භාගයකට සීමා වූ මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා කිසිදු දේශපාලන මහතෙකු එක් නොකර තිබීම විශේෂයකි.
අපේක්ෂා රෝහලේ දැරියක් පමණක් සභාව අමතනු ලැබූ අතර මෙම වාට්ටු සංකීර්ණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රාමදායකත්වයෙන් ඉදි කර ඇත.
ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තෝරා ගත් බව මතිවරණ කොමිසම් සභාවේ ආනන්ද රත්නායක මහතා නිල වශයෙන් ප්
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතරගම දේවාලයෙන් හැදූ අපෙක්ෂා රෝහලේ ළමා වාට්ටුව ජනතා අයිතියට
Prabha Tuesday, 03 September 2024 05:46 PM
මේ වැඩවලින් කපුවො නම් කෝපවෙලා ඇති...
karolis Tuesday, 03 September 2024 06:02 PM
මේ වගේ වැඩක් ලංකාවේ කරපු පළමු වතාව මම හිතන්නේ
Chamila Fernando Wednesday, 04 September 2024 01:12 AM
මුළු රටටම ආදර්ශයක් .ලොකු පින්කමක්