IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


කතරගම දේවාලය වහයි

කතරගම කිරි වෙහෙර රජමහා විහාරාධිපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන ඔක්තෝබර දෙවැනි දා තෙක් කතරගම දේවාලය වසා තබන බව දියවඩන නිලමේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියයි.

කතරගම දෙවියන්ට අයත් පූජා භූමියේ මරණයක් සිදු වුවහොත් මරණයේ කටයුතු අවසන් කරන තෙක් දේවාලය වසා තැබීම එදා පටන් පැවැත එන සිරිතක් බව දේවාලයයේ ප්‍රධාන කපු සෝම්පාල ටී රත්නායක මහතා පවසයි.

සෙනසුරාදා (28) දහවල් පූජාවෙන් පසු වසා තැබෙන දේවාලය ඔක්තෝබර දෙවැනි දා සවස පූජාව සඳහා නැවත විවෘත කෙරෙනුයේ හදුන් කිරිපැන් ඉසීමෙන් අනතුරුවය.



අදහස් (0)

කතරගම දේවාලය වහයි

නීල් රණා Saturday, 28 September 2013 12:22 PM

දෙවියො හැමවිටම උත්සහ කරන්නේ තමන් බිලිවී බිහි කළ විශ්වය උත්තම, පූජනීය තැනක් කරන්න. (අ)

:       0       0

ධම්ම Friday, 27 September 2013 09:39 PM

අලුත්වැව සෝරත ස්වාමීන් වහන්සේට නිවන් සුව අත්වේවා! (අ)

:       0       0

yawana Friday, 27 September 2013 09:42 PM

මේක දෙයියන්ගේ අඩවිය (අ)

:       0       0

අසෝක Saturday, 28 September 2013 12:27 PM

දෙවියන් , ප්‍රේතයන්, ආදී ඇසට නොපෙනෙන ලෝක ගැන බෞද්ධාගමේ සදහන් වෙනවා. නමුත් අපි ධර්මිෂ්ඨ විදියට ජිවත් වෙනවා නම් ඒ අයත් අපිට වදිනවා. අවාසනාවකට දැන් පවතින තත්වය අනුව අපිට දරාගන්න බැරි දේවල් එනකොට පිහිටක් පතාගෙන ඔය හිනාවෙන කවුරුත් ඔය කාගේත් පිහිට පතනවා. ඒ නිසා තමයි අද ලෝකේ පුරාම හොර සාස්තර කාරයෝ, මන්තර කාරයෝ, බිහිවෙලා තියෙන්නේ. මේවායේ අත්තක් තියෙනවා. නමුත් ඒවා හරියට දන්නා කට්ටිය අඩුයි; අනික සාමාන්යෙන් මළගෙයක් කිව්වම කිලි කියල අපි අහල තියෙනවා. ඉතින් මාලගේ වෙලා තියෙද්දි දේවාලේ වහන්න සෙනසුරාදා වෙනකම් ඉන්නේ මොකද කියන එකයි හේතුව? (අ)

:       0       0

අනෝමා Friday, 27 September 2013 10:31 PM

කතරගම දෙවියන්ට මොකුත් කියන්න එපා (දී)

:       0       1

පිටිගල මිලානෝ Friday, 27 September 2013 11:03 PM

කාලෙකින් දෙයියොන්ටත් නාල පිරිසිදු වෙන්න වත් නිවාඩුවක් ලැබුන (දී)

:       0       0

මිහිරි Saturday, 28 September 2013 02:20 PM

කතරගම උතුම් තැනක් එහෙම තැනකට ඔහෝම කියන්න එපා (අ)

:       0       0

රුබට් Friday, 27 September 2013 11:43 PM

ඕක සදහටම වහලම දාන්ඩ බැරිද? බුදුන් කිවුවා නොපෙනෙන දෙවියෝ විස්වාස කරන්නේ මොකටද කියලා. මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්න කාලේ ඇවිත් දැන්. (දී)

:       0       0

ඇෆ්ගන් නිමල් Friday, 27 September 2013 11:54 PM

නිවන් සුව පතමි! (දී)

:       0       0

මනෝජ් Saturday, 28 September 2013 12:45 AM

දවස් 5ක් දේවාලේ වහල තියනවා කියන්නේ ලේසි පාඩුවක්ද?.''හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය . කතරගමට අපි යහතින් ආවය.සිටියදී පෝලිමේ අපි ගෙන පුජාව .දාහේ කොළවලට මුල්තැන ලේබුනාය . (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 28 September 2013 04:50 PM

මගේ නම් එකම දෙවියා මේ රට පාලනය කරන දෙවියා විතරමයි. ඒ ඇත්තෝ නැතිනම් ලංකාවට ඉර හද පායනවා බොරු. උදේට ඉර පායන්නේ,හවසට සද පායන්නේ ඒ උත්තමයාගේ මහානුභාව සම්පන්නයෙන්.(නදී)

:       0       0

බංඩා Saturday, 28 September 2013 03:08 AM

කතරගම දෙවියන්ට තරහා යාවි නේද?(නදී) .

:       0       0

බංඩා Saturday, 28 September 2013 03:09 AM

අනේ අපොයි.(නදී)

:       0       0

මංජුල Saturday, 28 September 2013 06:10 AM

පසුගිය දවස් ටිකේ ලක්ෂ ගණනක් පැමිණියානේ... (නි)

:       0       0

කහවිට Saturday, 28 September 2013 06:27 AM

මෙය අතිතයේ සිට එන සම්ප්‍රදායකි. දේවාල සීමාවේ මරණයක් වූ පසු සතියක කාලයක් දේවාලය වසා කිලිහරණය කොට තමා දේවාලය නැවත විවෘත කරන්නේ. (නි)

:       0       0

තිළිණි Saturday, 28 September 2013 07:33 AM

ජ්‍යෙතිර්වේදියෙකුට වැරදුන පමණින් කතරගම දෙවියන් නොමැති බවට උපකල්පනය කිරීම කොතරම් දුරට නිවැරදි දැයි සිතා බලන්න. "බහුදේවා මනුස්සාච..." (නි)

:       0       0

ගුණේ Saturday, 28 September 2013 07:38 AM

ඔය සම්ප්‍රදාය සියලුම දෙනා වෙනුවෙනුත් ක්‍රියාත්මක වෙනවද? (නි)

:       0       0

උපාලි Saturday, 28 September 2013 07:55 AM

නිසාර් බණ කියන්නත් දන්නවනේ. හැබැයි ඔබ අහලා තියෙනවද, ටිකක් දැන ගැනීම කිසිත් නොදැනීමට වඩා භයානකයි කියලා? බුදුදහමට අනුව ලෝකය මැවූ දෙවියෙක් නම් නැහැ තමයි. ඔබ අදහස් කරන්නේ ඒකද? ඒ අනුව සියලුම දේවවාදී ආගම් බෞද්ධයෝ ප්‍රතික්ෂේප කරනවා. (නි)

:       0       0

මුණසිංහ Saturday, 28 September 2013 07:57 AM

දෙවියන්ට මේ වගේ දේවල් කියන්නේ බෞද්ධාගමිකයන් නම් වෙන්න බැහැ. අලුත්වැව සෝරත හිමියන්ට නිවන්සුව පතමි. (නි)

:       0       0

රොකී Saturday, 28 September 2013 08:03 AM

දෙවියන් කියලා කෙනෙක් නැහැ (නි)

:       0       0

කෙවින් Saturday, 28 September 2013 08:28 PM

වැඩිය කව්රුත් මුකුත් ලියන්න එපා .. (නි)

:       0       0

මිනිපෙ Saturday, 28 September 2013 09:22 PM

දෙවියන් කියන්නේ, වැලි කතරේ දිය පොදකටය.අයාලයේ යන මිනිසා, ගස්, ගල්,දෙවියෝ, ප්‍රේතයෝ යන ඕනෑම කෙනෙකුගෙන් පිහිට පතයි.දෙවියන් ගෙන් බලපොරොත්තු වෙන්නේ හාස්කම්ය.හාස්කමක් කළහැක්කේ නොපෙනෙන්න කෙනෙකුට හා දේශපාලයෙකුට පමණි.සමහර දේශපාලකයන්ට බැරි,ගැහැනියක් පිරිමියක් කරන්න පමණි.හැබැයි ඔවුන්ට පිරිමියෙක් ගැහැනියක් කළ හැක. (නි)

:       0       0

චන්දි Saturday, 28 September 2013 08:56 AM

මේ හිමියන්ට නිවන් සුව පතන ගමන්, කැමතියි අහන්න දෙවියන් කියලා කෙනෙක් නැත්නම් ''දෙවියන් ''කියලා වචනයක් ලෝකෙට ආවේ මොකටද? කොහොමද? කියලා .....? (නි)

:       0       0

නුවන් Saturday, 28 September 2013 08:57 AM

කතරගම දේවාලය වහන දවස් 3 ට මිනිස්සු පෝලිමේ කැබිලිත්තට යයි. දවස් 3 ක් වත් ඉවසන්න බැරි වෙයි. ලංකාවේ ඇතැම් මිනිසුන්ගේ විකාර වැඩ දකින කතරගම දෙවියන් කිසිදා ජීවමාන නොවනු ඇත. මම නම් කවදාවත් කතරගම ගිහින් නැහැ. හැබැයි නිතරම දළදා මාලිගාවට කිරි ආහාර අරගෙන යනවා. දෙවියන්ගේ රැකවරණය කෙසේ වෙතත් දළදා හාමුදුරුවන්ගේ සරණ අපිට තිබෙනවා කියා හිතෙනවා. (නි)

:       0       0

නීල් රණා Friday, 27 September 2013 07:31 PM

කතරගම දෙවියනුත් ඊයෙ පෙරේදා ජීවමාන වුණානෙ (නි)

:       0       0

මොහාන් Saturday, 28 September 2013 09:05 AM

මේ වගේ දේවල් වලට අපහාස කරන්න එපා.(දී)

:       0       0

රුහුණු Saturday, 28 September 2013 09:06 AM

මේවාට අපහාස කරන්න එපා (දී)

:       0       0

මොහාන් Saturday, 28 September 2013 09:06 AM

රොකි වගේ මෝඩයෝ හිටියොත් මේ ලෝකේ විනාසයි (දී)

:       0       0

නසාර් Friday, 27 September 2013 07:45 PM

ඒකෙත් නායකයා අරගොල්ලන්ගේ කෙනෙක්ද? (නි)

:       0       0

දුෂාන්ත රක් Friday, 27 September 2013 07:49 PM

ඒවා ඉතින් අපේ චාරිත්‍රනේ (නි)

:       0       0

අයියා Saturday, 28 September 2013 09:43 AM

පුජා වට්ටි කරුවන්ට තමයි පාඩුව

:       0       0

පද්මිණි Saturday, 28 September 2013 09:48 AM

දෙවියන්ටත් පින් දෙන්නේ මනුෂ්‍යයෝ වන අපි නේද. අකාසට්ඨාච බුම්මට්ට....දෙවනග මහිද්ධිකා... (දී)

:       0       0

අසෝක Friday, 27 September 2013 08:08 PM

ඇයි සෙනසුරාදා වෙනකම් ඉන්නේ? දෙවියන්වත් ඒ ගොල්ලන්ට ඕනෑ විදියට හදාගෙන වගේ. ඉතින් දෙවියෝ කොහොමද මිනිසුන්ට සාධාරණයක් කරන්නේ? (නි)

:       0       0

නිසාර් Friday, 27 September 2013 08:11 PM

බෞද්ධ ආගමේ දෙවියන් ගැන සඳහනක් නැහැ. ඉන්නවා කියලත් නැහැ. නැහැ කියලත් නැහැ. එතකොට ඔය කියන දෙවියෝ මොන ආගමිකයන්ට ද අදාළ වෙන්නේ? (නි)

:       0       0

චානක. Saturday, 28 September 2013 11:48 PM

බුදුන්ගේ දහම නිවන මිස ධනය ලබා දීම නොවේ. පුහුදුන් මිනිසා අතේ තිබෙන මුදල් වියදම් කර මහා පූජා වට්ටි පුජා කර නොපෙනෙන බලවේග වලින් ඉල්ලන්නේ සැප සම්පත් නොවේද?මොවුන් පුජා කරන මේ සම්පත් සියල්ලම අරන් සැප විඳින්නේ දෙවියන් ළඟ සිටින පාක්ෂිකයන් මිස දෙවියන් නොවේ කියා සිතීමට මොළය නොතිබීම කණගාටුවක්.... (නි)

:       0       0

පහන් Saturday, 28 September 2013 10:10 AM

නොපෙනෙන දෙවියන් වදින්න යනවට වඩා මහා පින් ලැබෙනවා හාමුදුරුවන්ගේ අවසාන කටුතු වලට සහබාගි වන්න . (දී)

:       0       0

තිලක් ඩුබායි Saturday, 28 September 2013 10:35 AM

නුවන්.මම නම් කවදාවත් කතරගම ගිහින් නැහැ. හැබැයි නිතරම දළදා මාලිගාවට කිරි ආහාර අරගෙන යනවා. දෙවියන්ගේ රැකවරණය කෙසේ වෙතත් දළදා හාමුදුරුවන්ගේ සරණ අපිට තිබෙනවා කියා හිතෙනවා.ඇහෙමම හිතාගෙන එන්න.මොකද අර්තනත් එන්නේ අසරණ මිනිසුන් දාන මුදල් වලින්,රත්තරන් වලින් ගසා කන වුදවිය.

:       0       0

තාරක Saturday, 28 September 2013 10:38 AM

මේ දේවල් අතීතයේ සිට එන චාරිත්‍ර (දී)

:       0       0

නිල රනා Saturday, 28 September 2013 10:40 AM

මේ විශ්වයට අධිපති එකම මැවුම්කාර දෙවියන් නියෝජනය කරන්නේ ලංකාවේ රාවණා පරපුර. සුර්ය දෙවියන් වන මහ බඹාට හෙවත් රාවණාට බියවී දකුණේ හම්බන්තොට පැත්තේ කැලෑ වැදී වැදි රැහේ වල්ලි අම්මා සමග ජීවත්වූ ආර්ය කළවමක් ඇති, ද්‍රවිඩයන්ගේ ප්‍රාදේශීය දෙවියා, ඉන්නේ කතරගමයි. නමුත් ඔහු සුමන ගැමුණු සූර්ය දේව අනුහස යටතේ පැවතෙන නාමික දෙවියෙක් පමණයි. රුහුණේ වර්තමාන තිස්සමහාරාමය ගැමුණු රජුගේ කාලයේදීත් දෙමළ නාඩුවක්. සාමාන්ය මනුස්ස රුවක් සහිත ධාර්මික ලක් සූර්ය දේව වන්දනාවට එකවර අකමැතිවූ ද්‍රවිඩයෝ ලංකාවේදී ඇත් ඔළුවක් නැතිනම් මුහුණු සයක් ඇති දෙවියන් වඳිනවා. ඉන්දියානුවන් නිතර ගැවසෙන පුත්තලම පැත්තේ ගණ දෙවි සිටින්නේත් ඒනිසයි. නමුත් අවශ්යවිට ඔවුන් බලවත් කරන්නේ රාවණා පරපුරයි. මෝඩ ඉන්දියානුවන් තවමත් හිතන්නේ රාවණාටත් හිස් දහයක් තිබෙනවා කියලා, නැතිනම් කොහොමත්ම ලෝක පාලන දෙවියෙක් නැතිබව.

:       0       0

නිල් රනා Saturday, 28 September 2013 10:40 AM

මේ විශ්වයට අධිපති එකම මැවුම්කාර දෙවියන් නියෝජනය කරන්නේ ලංකාවේ රාවණා පරපුර. සුර්ය දෙවියන් වන මහ බඹාට හෙවත් රාවණාට බියවී දකුණේ හම්බන්තොට පැත්තේ කැලෑ වැදී වැදි රැහේ වල්ලි අම්මා සමග ජීවත්වූ ආර්ය කළවමක් ඇති, ද්‍රවිඩයන්ගේ ප්‍රාදේශීය දෙවියා, ඉන්නේ කතරගමයි. නමුත් ඔහු සුමන ගැමුණු සූර්ය දේව අනුහස යටතේ පැවතෙන නාමික දෙවියෙක් පමණයි. රුහුණේ වර්තමාන තිස්සමහාරාමය ගැමුණු රජුගේ කාලයේදීත් දෙමළ නාඩුවක්. සාමාන්‍ය මනුස්ස රුවක් සහිත ධාර්මික ලක් සූර්ය දේව වන්දනාවට එකවර අකමැතිවූ ද්‍රවිඩයෝ ලංකාවේදී ඇත් ඔළුවක් නැතිනම් මුහුණු සයක් ඇති දෙවියන් වඳිනවා. ඉන්දියානුවන් නිතර ගැවසෙන පුත්තලම පැත්තේ ගණ දෙවි සිටින්නේත් ඒනිසයි. නමුත් අවශ්යවිට ඔවුන් බලවත් කරන්නේ රාවණා පරපුරයි. මෝඩ ඉන්දියානුවන් තවමත් හිතන්නේ රාවණාටත් හිස් දහයක් තිබෙනවා කියලා, නැතිනම් කොහොමත්ම ලෝක පාලන දෙවියෙක් නැතිබව. (දී)

:       0       0

සෆ්වාන් Friday, 27 September 2013 08:46 PM

දෙවිවරුන්ටත් නිදහසක් එපැයි (නි)

:       0       0

දුමිත් Saturday, 28 September 2013 11:02 AM

දේව වාදය ගැන අදහස් පල කල අය වෙත මෙය ලියන්නේ. බුදු දහමේ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නේ නැති සේම දේව ලෝක ගැනද සදහන් කරනවා. නමුත් ඒක දේව වාදය හෝ මැවීම් වාදය ප්‍රතික්ෂේප කරනවා. දේව ලෝක සේම වෙනත් පෙරේත හා බුත ලෝක පවතින අතර, ඒවා එකිනෙකට වෙනස් භෞතික තල වල පවතිනවා. මෙම තල අතර ගමන් කල හැක්කේ තමන් ලද කර්ම ඵල අනුව පමණි. කර්ම ඵල අනුව සිත දිය්නු කර ගත් අයකකුට (සෝවාන් , සකුර්ධඝාමි, අනාගාමි, අරහත් ) ඒ ඒ පල අනුව මේවා අතර සන්නිවෙධනයන් කල හැක. මම දන්නා බුදු දහමේ දේව වාදය මේයි. නමුත් මේ කතරගම , විෂ්ණු හෝ අනෙකුත් දෙවි වරු යදීම් හින්දු ආගමෙන් ආනයනය කරපු සංකල්පයකි. (දී)

:       0       0

සජී Saturday, 28 September 2013 11:13 AM

චන්දි වචනයක් ලෝකෙට එන්න ඒ දෙය තියෙන්නම ඕනා නැහැ, ආදී කාලේ මිනිස්සුන්ට හිතාගන්න බැරි දේවල් වලට මිනිස්සු දේවත්වයෙන් ගරුකලා, ඉර හද පර්වත වගේ දේවල් වලට එයාල විශ්වාසකලා මේ නිර්මාණය අපට නොපෙනෙන කෙනෙකුගේ වැඩක් කියලා.. ඒ නොපෙනෙන කෙනා දෙවියෝ කියලා නම් කළා, මේ ලෝකේ දෙවියෝ කියලා කොටසක් ඉන්නවානම්, එයාලාට අසීමිත බලයක් තියනවානම් දෙවියන්ට තිබුනා මේ ලෝකය මීට වඩා සුන්දර කරන්න.. (දී)

:       0       0

සජීත් Saturday, 28 September 2013 11:13 AM

දේවාලෙට මොකුත් කියන්න එපා (දී)

:       0       0

මොනරා Friday, 27 September 2013 09:12 PM

දවස් 3කට වත් දෙවියන්ට සැනසීම. මිනිසුන්ගේ අදෝනා මිල කරලා ගසා කන තවත් එක තැනක්. කතරගම දෙවියන්ටම පේන්න ඕනා...(අ)

:       0       0

ලාරා Saturday, 28 September 2013 11:45 AM

අන්ද භක්තිකයින් සහ ලින් මැඩියන්ගේ එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 158 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 709 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 790 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 787 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 901 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1006 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23478 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23089 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site