උතුරු නැගෙනහිර හින්දු වන්දනාකරුවෝ කුමන හා යාල වනෝද්‍යාන මැදින් කතරගම ඇසල උළෙලට සහභාගී වීමේ පාද චාරිකාව අද (20) ඔකඳ දේවාලය අසලින් ඇරැඹුහ.
දහසක් පමණ වන්දනාකරුවෝ මුල් නඩයට අයත් වුහ.
ඔවුහු අද සිට දින හතක් මහ වනය තරණ කැර ජුලි 28 වැනිදා කතරගමට ළගා වීමට නියමිතව සිටිති.
යුද හමුදාවේ 243 වැනි බල සේනාධිපති බ්‍රිගේඩියර් පී එච් එන් සිරි ශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ඔකඳදී තුන්වේලට පිසු ආහාර මගට වියළි සලාක ද පිරිනමයි.
aaaa
වීඩියෝ කේ.ඩී. දේවප්‍රිය
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතරගම පාද චාරිකාව ඔකඳින් ඇරැඹේ
ශාන්ති Saturday, 21 June 2014 12:08 AM
සියලුම දෙනාට කතරගම දෙවි පිහිටයි මටත් ආසහිතෙනවා මෙහෙම යන්ඩ (දී)
හේමන්ත Friday, 20 June 2014 11:07 AM
කතරගම දෙවියන්ගේ පිහිටෙන් ලෙඩ දුක් අතුරු අන්තරා විපත් කිසිත් නොමවී යෙහෙන් කතරගමට සැපත්වීමට මේ හැම දෙනාටම හැකිවේවා ! මේ අය සමග එකතුවී ඇවිද යන්නට තරම් හිත් දෙන පින්තූර සහ තොරතුරු පලකිරීම ගැන යු විජේසිංහ,කේ ඩී දේවප්‍රිය දෙපලටම ස්තුති කරමි.(නදී)
ලුම්බිණි Friday, 20 June 2014 11:17 AM
දෙවියන් වෙනුවෙන් තාමත් දුක් විඳින මිනිසුන්. ඒත් රටේ හැම කෙනෙක්ම සතුටින් සමාදානයෙන් ඉන්නවා නම් කොච්චර දෙයක්ද? (නදී)
ගුණවතී Saturday, 21 June 2014 04:15 AM
ඔබ සැමට කතරගම සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ! (නදී)
ලලන්ත Friday, 20 June 2014 11:26 AM
සුබ ගමන්, කතරගම දෙවි පිහිට ලැබේවා ! (නදී)
උපාලි Friday, 20 June 2014 11:34 AM
මේ පුවත් තව විස්තර සහිතව අපට අපවාද නගන ලොකු රටවල ඉන්න බුද්ධිමත් අය අතර යවන්න අපේ තානාපති කාර්යාල වල ඉන්න මහත්වරු පියවර ගන්න ඕන. අපේ සිංහල ගැමියෝ පවා යාපනේ ඉඳන් එන දෙමල අයට කන්න උයලත් දෙනවා. ඉතින් අපේ රටේ සුළු ජාතීන්ට සුළු ජාතින් අදහන ආගම් වලට හිරිහැර කරනවා කියල කියන්නේ කුහක කමට නේද.(ස)
ගාමිණී-සිරි Friday, 20 June 2014 11:45 AM
අනාදිමත් කාලයක සිට මේ බැතිමතුන් ඉතාමත් භක්තියෙන් දරු මල්ලන් සමග ,බඩු මුට්ටු කරපින්නා ගෙන ,ජලදුර්ග, ගිරිදුර්ග, වන දුර්ග තරණය කරමින් සැතපුම් ගණනාවක් පා ගමනින් කතරගමට පිවිසෙන බැතිමතුන්ට ගණනක් අයකරලා හෝ නුදුරු අනාගතයේදී ප්‍රවාහන පහසු කම් හමුදාව මගින් හෝ ඉටුකර දෙන්නේ නම් මහගු පිණක් බව මාගේ විශ්වාසයයි.(නදී)
පාලිත Friday, 20 June 2014 11:50 AM
මේවා දැකල සිත ඔකද වෙයිද දන්නේ නැහැ (නදී)
පද්මිණි Friday, 20 June 2014 05:22 PM
පුදුමත් හිතෙනවා. මේ අපේ ලස්සන දිවයිනම නේද? ජාතික, ආගමික සංහිඳියාව ඉදිරියටත් පවතීවා! හමුදා සේනාධිපතිතුමාට ස්තුතියි. ලංකාදීපයටත් ස්තුතියි මෙහෙම දසුන් අපට බලන්නට සැළැස්වීම ගැන. (නි)
කමනි Friday, 20 June 2014 11:54 AM
නඩයේ සියලු දෙනාටම කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේව! ලෙඩදුක් විපත් නොවී ඔවුන්ගේ ගමන සාර්ථක වේවා ! (නදී)
දසනායක Friday, 20 June 2014 11:55 AM
කතරගම දෙවි පිහිට ලැබේවා ! (නදී)
පහන්දී Friday, 20 June 2014 05:32 PM
මෙම වන්දනාකරුවන්ට ගමනාන්තය දක්වාම කිසිදු උවදුරකින් හිරිහැරයකින් තොරව කතරගම දෙවිඳු පිහිටෙන්, මෙත් සිතින් යන ගමන නිමා කරගැනීමට ලැබේවා! ටිකිරි, මේ වන්දනාකරුවන් කතරගම දෙවියන් කෙරේ සිතේ ඇති භක්තියට යන පා ගමනට ආශිර්වාද කරන්න.ඇත්තටම මටත් යන්න ඇත්නම් මමත් යනවා මෙලෙස පා ගමනින් (නි)
ආනන්ද Friday, 20 June 2014 05:47 PM
මේ අය පයින් යන්නේ ප්‍රවාහන පහසුකම් නැති නිසාවත් සල්ලි නැති නිසාවත් නෙමෙයි. වැඩි දේව භක්තිය නිසයි. මේ පරම්පරාගත චාරිත්‍රය නවත්තලා එතැනටත් අධිවෙිගි මගක් හදන්නද කියන්නෙ (අ)
විරාජ් ඒකනායක Friday, 20 June 2014 12:40 PM
කුමන කැලේ මැදින් යන ගමන හරිම අපූරුයි කඳසුරිඳු පිහිට ලැබේවා පිල්ලේ නෝනටත් පෙනේවා (අ)
මහේෂ් Friday, 20 June 2014 12:42 PM
සියලු දෙනාටම කද සුරිඳු පිහිට ලැබේවා! ශ්‍රී ලංකාවට සමගිය සෞභාග්‍ය උදා වේවා (නදී)
විමුක්ති Friday, 20 June 2014 06:15 PM
ඔබ සැමට කතරගම දෙවියන්ගේම පිහිටයි! (නි)
බන්දුල පෙරේරා Friday, 20 June 2014 06:17 PM
මටනම් සැතපුම් එකක් පයින් යන්න බැහැ කකුල් කදිත්තුව හැදෙනවා. මේ හැමොටම කතරගම දෙවියන්ගේ පිහිටයි (අ)
හේරත් Friday, 20 June 2014 01:06 PM
වටරැක විජිත හාමුදුවන්ගේ සිද්ධිය යට ගියාද? (ස)
රිච්මන්ඩ් Friday, 20 June 2014 01:08 PM
මොන තරම් භක්තියකින්ද මේ අය පයින් යන්නේ. කතරගම දෙවියන්ගෙ පිහිටයි මේ අයට. (ස)
පාලිත Saturday, 28 June 2014 08:17 AM
මේ අය ආපහු යන්නෙත් පයින්මද, කතරගම දෙවි පිහිටයි ! (ස)
තිලක් Friday, 20 June 2014 03:46 PM
කතරගම පුද බිමට අයිතිව තිබුන අක්කර 250 කින් දැන් ඉතිරි කරලා තියෙන්නේ අක්කර 50 ක් පමණයි කියල විස්තර සහිතව පුවත් පතකින් පෙන්වා දුන්න.බලහත් කාරයෙන් අයිති කරගෙනලු. (ස)
ටිකිරි Friday, 20 June 2014 03:48 PM
අධාවේගී මාර්ග වලින් ගසා කන කෝටි ප්‍රකෝටි මුදල් වලින් පුළුවන්නේ අසරණ මිනිසුන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න. (ස)