කතරගම වන්දනාකරුවන්ට බත් දන්සලක්ද, වඳුරන් හා රිලවුන්ට පළතුරු දන්සලක්ද දැන් පැවැත්වේ. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතාගේ යෝජනාවක් අනුව දේවාල භූමියේ මේ දන්සල කි‍්‍රයාත්මක වේ.
පසුගියදා කතරගම පුද බිම වැඳ පුදා ගැනීමට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් වෙනුවෙන් උදෑසන හා දිවා ආහාර මෙම බත් දන්සලෙන් සැපයිණි.
දේවාලයට ලැබුණු අති විශාල පළතුරු ද අපතේ නොයවමින් දේවාල භූමියේ සැරිසරන වඳුරන් රිළවුන් වැනි සතුන්ට කෑමට දෙන ලෙස කුමාරගේ මහතා උපදෙස් දී ඇත.
රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණ තිස්ස හිමියන් පැවසුවේ බස්නායක නිළමේවරයා පැමිණිමෙන් පසු රුපියල් කෝටි 02 ක් පමණ වැය කර ඉදිකළ ගොඩනැගිල්ල දේවාල භූමියේ විවිධ වැඩසටහන් පැවැත්විමටත් වන්දනාකරුවන්ට පහසුකම් රැසක් ලබා දීමටත් යොදාගන්නා බවයි.
‘මම දේවාලයේ මුදල් කිසිදු පෞද්ගලික දෙයකට ගන්නේ නැහැ. දෙවියන් වෙනුවෙන් ලැබෙන මුදල් වන්දනාකරුවන්ගේ හා දේවාලයේ සුබ සිද්ධිය පතා වැය කර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ උපදෙස් අනුව දේවාලය ඉන්දියාවේ තිරුපති පුද බිම මෙන් සංවර්ධනය කරනවා‘ යැයි කුමාරගේ මහතා පැවසිය.
ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කතරගම සා මුවන්ටත් පළතුරු
සුමිත්‍ර බස්නායක Sunday, 27 December 2015 11:26 AM
හොද දෙයක් දකිනකොට යහපත් විදියට හිතනවා මිසක් හැම දෙකටම දේශපාලනය ගාවගන්න එපා. කව්රු දුන්නත් බඩගින්නටනේ දෙන්නේ, ඒ නිසා එලොව පරලොව දෙකටම කරගන්න සුගතියක්. (බ)
සේනක Monday, 28 December 2015 05:13 AM
සුසන්ත,මිසාබ්, අදහස් වලට ස්තුතියි. ලබන්නා වූ 2016 නව වසර යහපත් සිතුවිලි උතුර උතුරා වාන්දමන සුබම සුබ නව වසරක් වේවා! (නි)
ගගන Monday, 28 December 2015 12:16 PM
බොහොම හොඳ වැඩක් (නි)
විරාජ් ඒකනායක Sunday, 27 December 2015 12:29 PM
දේවාල භුමියේ අයාලේ යන හරකුන් ටිකත් අයින් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා (බ)
කැප්පෙටිපොළ Sunday, 27 December 2015 12:42 PM
කරුණාකර කතරගම පුදබිම ඉන්දියාවේ තිරුපති කෝවිලක් කරන්න හදන්න එපා. මේක මහා නරක ක්‍රියාවක්. කතරගම දේවාලය පිහිටා තිබෙන්නේ කිරිවෙහෙර බෞද්ධ පුදබිම තුළයි. බෞද්ධයින්ට මෙය ඉතා වැදගත් පූජනීය ස්ථානයක් සේම බෞද්ධාගමට අනුව කතරගම දෙවිදුන් පුදන්නෙත්, නමස්කාර කරන්නෙත් බුදුන්වහන්සේට සහ උන්වහන්සේගේ ධර්මයටයි (බ)
සිරිපාල Monday, 28 December 2015 12:42 PM
හොඳ වැඩක් සුබ පැතුම්.! (ර)
දුමින්ද Monday, 28 December 2015 12:47 PM
කතරගම ජන ආර්ථිකයට සහ පරිසර බලපෑම ගැනත් ඉදිරියට සිතන්න. (ර)
උපාලි Monday, 28 December 2015 05:42 AM
ඔය දේවාලයට දිනපතා ලැබෙන විශාල මුදල එකතුකරලා අදියර වශයෙන් රජරට පළාතට බහුවිධ ජල යෝජනා ක්‍රමයක් සකස්කර බීමට පිරිසිදු ජලය ලබාදී ඒ අහිංසකයින් වකුගඩු රෝගයෙන් වගේම නියඟයෙන් බේරාගන්නටත්, අඩු පහසුකම් ඇති ගම්මාන දියුණු කිරීමටත් කටයුතු කළා නම් නරකද? (නි)
කුමාර Monday, 28 December 2015 05:59 AM
කවදාහරි මමත් ඔය වගේ දන්සලක් දෙනවා.මැණික් ගඟත් පිරිසුදු කළා නම් ගොඩක් පින්.සියලු දෙනාට කතරගම දෙවි පිහිට පතනවා (නි)
තිස්ස Sunday, 27 December 2015 02:31 PM
උතුම් කර්තව්‍යයට මගේ සුබ පැතුම්...ඒ වගේම පූජා භූමියට එන්න පටන් ගන්න කොටම පළතුරු වෙළන්දන්ගේ පිටු පසින් අපෙන් ගන්න අපෙන් ගන්න කියමින් පස්සෙන් එනවා.ඉතින් බුදු හිමියන් මොන දෙවියන් හිටියත් සිත් පහන් වේද....මේ ගැනත් සොයා බලන්න (බ)
පැටිකිරිආරච්චි Sunday, 27 December 2015 02:56 PM
කැප්පෙටිපොළ, ඔබ හරියට හරි (බ)
වසන්ත Monday, 28 December 2015 06:23 AM
රිළවුන්ට තැඹිලිත් බොන්න දීලා තියෙන්නේ... (නි)
ජයනාත් Friday, 01 January 2016 05:42 PM
ශ්‍රී කතරගම දෙවොලට ලැබෙන මුදල් වලින් අර මැණික් ගඟේ කඩාදාපු බැම්මත් හදලා බැතිමතුන් කිඹුල් උවදුරෙන් බේරාගන්නත් බලන්න, රජයෙන්ම කර දෙනතුරු බලාගෙන ඉන්නේ නැතුව. සතුන්ගේ පළතුරු දන්සල මහජන පරිශ්‍රයෙන් ඈත්කර වනගත පෙදෙසකම දෙන්න. (නි)
විකි Sunday, 27 December 2015 03:51 PM
කතරගම අද තියන තත්වයට සංවර්ධනය කරපු හිටපු ජනපති ගරු ආර්.ප්‍රේමදාස මැතිතුමාත් සිහි කළ යුතුයි (බ)
ලෙස්ලි Monday, 28 December 2015 02:42 PM
ගොඩක් ලොකු පින්කමක් (නි)
රන්ජිත් Monday, 28 December 2015 02:57 PM
පරිත්‍යාගශීලීත්වය මෙපමණටම තිබෙන්නේ ලංකාවේ මිනිසුන් අතර පමණයි (නි)
සරත් අතාවුද Sunday, 27 December 2015 09:05 AM
ඕවා පින් අතේ වැඩ. ඔබ තුමාට මාගේ සුබාසින්සනය. (ර)
නලින් Sunday, 27 December 2015 09:09 AM
හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.! (ර)
ලලිත් Sunday, 27 December 2015 09:34 PM
කතරගම ඉතා හොඳට තිබුනේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ. කාටහරි ඒ තත්වයට ගන්න පුලුවන්නම් ලොකු දෙයක්. (ස)
සමන්ති Sunday, 27 December 2015 09:39 PM
කතරගම අසල ව්‍යාපාරිකයෙකු දේවාලයක් ඉදිකර ඇති අතර ඔහු තව දේවාලයක් ඉදිකිරීමට පුවත්පත්වල දැන්වීම් දමා මුදල් අයකරන අතර (නොමිලේ දෙන තෑග්ගක් ලෙස) බෙලි කටු විකුණයි. (ස)
සමන්ති Sunday, 27 December 2015 09:49 PM
සතුන්ට දන්සල් දීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ ස්වබාවික ජිවන රටාව වෙනස්වී ඔවුන් මිනිසුන් මෙන් සිඟා කෑමට පුරුදු කිරීමයි . මෙහි ප්‍රතිපල වන අලින්ට කෑම දීමෙන් සිදුවූ දෙයට වඩා දෙයක් පසු කලක දකින්නට සහ විඳින්නට ලැබේවි. (ස)
ප්‍රියානි වීරකෝන් Sunday, 27 December 2015 09:23 AM
අන්න හොඳ වැඩකට අත ගහන්න හදන්නේ. මෙය සාර්ථකම වේවා.! (ර)
සේනක Sunday, 27 December 2015 09:35 AM
දන්සැල් මෙහෙවර නව මානයකට යොමු කළ මහින්ද රාජපක්ෂ හිටපු ගරු ජනාධිපති තුමාට දීර්ඝායු වේවා! ආයු රක්ඛන්තු ආවඩා! (ර)
නිශාන්ත Monday, 28 December 2015 02:56 AM
පවු අහිංසක සත්තු. කොච්චර ලොකු පින්කමක්ද? (නි)
ගයනි Monday, 28 December 2015 03:03 AM
ගොඩක් හොඳයි (නි)
සුසන්ත Sunday, 27 December 2015 10:46 AM
සේනක, මහින්ද දුන්න දේශපාලන දන්සල් හා පිරිසිදු චේතනාවෙන් දෙන මේ දන්සල් අතර ලොකු වෙනසක් තියෙනවා. මහින්ද මේ දවස්වල් ඒකාලේ දුන්න දන්සල් වල ප්‍රතිලාබ ලබමින් ඉන්නවා. (බ)
දිලුක්ෂි Sunday, 27 December 2015 10:46 AM
හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.! (බ)
මිසාබ් Sunday, 27 December 2015 10:57 AM
සේනක, මහින්ද දුන්න දේශපාලන දන්සල් ඔක්කොම දුන්නේ අපේ බදු සල්ලි වලින් බව මතක තියාගන්න හොඳද. මහින්ද අරලියගහ මන්දිරේ හිටිය දවස්වල දවසක කෑම වියදම රුපියල් ලක්ෂ පහකට වඩා අධික බව ඔයා දන්නේ නැද්ද ? (බ)