චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නිෂ්පාදකවරයෙකු ලෙසද බොලිවුඩ් සිනමාව තුළ අතිශය ජනප්‍රිය කරන් ජෝහර්ගේ 44 වැනි උපන්දින සාදය පසුගිය සති අන්තයේදී යෙදී තිබුණි. ඒ වෙනුවෙන් ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි සුප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක උත්සවයක් සංවිධානය කර තිබුණ බව "ද ටයිම්ස් ඔෆ් ඉන්දියා" වෙබ් අඩවිය සඳහන් කර තිබුණි. මෙම උපන්දින සාදය සඳහා බොලිවුඩයේ ජනප්‍රිය තරු වූ ෂාරුක් ඛාන්, ගෞරි ඛාන්, අයන් මුඛර්ජි, සිද්ධාර්ත් මල්හෝත්‍රා, සායිෆ් අලී ඛාන්, කරීනා කපූර්, රන්බීර් කපූර් හා කත්‍රිනා කයිෆ් ඇතුළු පිරිසකටද කරන් ආරාධනා කර තිබුණ බව මෙම තොරතුරු වැඩිදුරටත් සඳහන් කරයි.
වාර්තා වන අන්දමට කරන්ගේ මෙම උපන්දින සාදයට කත්‍රිනා කයිෆ් හැරෙන්නට අනෙකුත් සියලුම බොලිවුඩ් තරු මේ සඳහා එක්ව තිබුණි. එහෙත්, කත්‍රිනා මෙම සාදයට ආ සැණින පිටව ගිය බව සඳහන් වන අතර, ඒ එම උත්සවයට පැමිණි සිටි රන්බීර් කපූර් නිසා බව බොහෝ පිරිසකගේ අදහස විය. එහෙත්, ඒ පිළිබඳව කරන් දුරකථන ඇමතුමක් දී කත්‍රිනාගෙන් විමසූ විට ඇය පවසා තිබුණේ සිය මිතුරු, මිතුරියන් සමග පුංචි සාදයකට එක්වීමේ අරමුණින් තමා ඉක්මනින් පිටවු බවයි. එහෙත්, පසුව දැනගැනීමට ලැබී ඇත්තේ කත්‍රිනා සිය සොහොයුරි සමගින් ගත් ආහාර වෙලක් විෂ වීම නිසා මෙසේ ඇය කරන් ජෝහර්ගේ සාදයට මෙසේ නොපැමිණීමට හේතුව වු බවයි.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කත්‍රිනා ආ සැණින් පිටව යයි