IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කෘත්‍රිම බුද්ධි චීන ළමයා

(විමුක්ති එස්. රොද්‍රිගු)

විද්‍යා ප්‍රබන්ධ කතා යථාර්තයක් කරමින් ලොව ප්‍රථම කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ළමයා චීන විද්‍යාඥයන් විසින් පසුගිය 28 - 29 බෙයිජිං නුවර පැවැති කෘතිම බුද්ධි තාක්ෂණය පිළිබඳ ප්‍රදර්ශනයකදී ලොවට හඳුන්වා දෙනු ලැබුවේය.

මෙම කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ළමයා ටොන්ග් ටොන්ග් ලෙස චීන විද්‍යාඥයන් විසින් නම් කරනු ලැබ ඇත.ටොන්ග් ටොන්ග් යන නමෙහි ඉංග්‍රීසි අර්ථය ලිට්ල් ගර්ල් නම් වේ. ටොන්ග් ටොන්ග් යනු සැබෑ ලෝකය තුළ ජීවත් වන දැරියක් නොවේ. ඇය ජීවත් වන්නේ අතත්‍ය එසේත් නැතිනම් පරිගණක ලෝකය තුළය.පරිගණක ලෝකය තුළ ජීවත් වුනත් සැබෑ ළමයකු කරන බොහෝ දේ කිරීමට ටොන්ග් ටොන්ග්ට හැකියාව ඇත.

ටොන්ග් ටොන්ග් නිර්මාණය කිරීමට චීන විද්‍යාඥයන්ට වසර කිහිපයක් ගත වී ඇත.එම ව්‍යාපෘතියේ මූලික ඉලක්කය වී තිබී ඇත්තේ හැඟීම් බරව මිනිසුන් සමඟ අන්තර් ක්‍රියා කළ හැකි, ඉගෙන ගැනීමට මෙන්ම අවස්ථාවට අනුකූලව අනුගත වීමේ හැකියාව ඇති කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීමය .

ටොන්ග් ටොන්ග්ට මිනිස් හැඟීම් හඳුනාගත හැකි අතර එම හැඟීම්වලට ගැලපෙන පරිද්දෙන් ප්‍රතිචාර දැක්වීමටද ඇයට හැකියාව ඇත.ටොන්ග් ටොන්ග්ට ඇති එම හැකියාව හේතුවෙන් ඇය සමඟ අදහස් හුවමාරු කරගන්නා පුද්ගලයකුට ටොන්ග් ටොන්ග් පරිගණක ලෝකයේ ජීවත්වන දැරියක් බව නොසිතේ. එසේම ටොන්ග් ටොන්ග්ට මිනිස් දැරියක මෙන්ම ඉගෙන ගැනීමේ හැකියාව ඇති අතර ඇයට භාෂා තේරුම් ගැනීමට මෙන්ම ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීමටද පුළුවන.

එපමණක් නොව ටොන්ග් ටොන්ග්ට සැබෑ මිනිස් දැරියක මෙන්ම ස්වභාවික සංවාදයක නියැලීමේ හැකියාවද ඇත.



අදහස් (2)

කෘත්‍රිම බුද්ධි චීන ළමයා

සමන්ත Thursday, 08 February 2024 03:45 PM

ඊට පස්සේ මිනිස්සු මන්ද බුද්ධික වෙලා ඔවුන් එක්කම මැරිලා යයි.

:       0       0

Dulani Thursday, 08 February 2024 08:25 PM

සියල්ල ඉතා හොඳයි. ක්ෂිතිජය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 30 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 717 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 898 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1956 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1072 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2646 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38938 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25523 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1030 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 367 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site