(අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදයට ක්ෂණික විසදුම් දිය හැකි අයකුට අගමැති ධූරය බාරදීමට රනිල් වික්‍රමසිංහ මහතා සුදානම් වුවත් ඒ කිසිවකු ඊට ප්‍රතිචාර නොදක්වන්නේ මෙි අර්බුදයට ක්ෂණික විසදුම් නොමැති නිසා බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (06) ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව බාර ගන්නා විටත් තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මෙන්ම පැය 10 ක් 12 ක් විදුලි කප්පාදුවක් තිබුණු බව බොහෝ දෙනකුට අමතක වී ඇති බව කී නියෝජ්‍ය නායකයා එහෙත් බොහෝ දෙනකු අද කතා කරන්නේ අගමැති ධූරයට රනිල් වික්‍රමසිංහ මහතා පත්වූ පසු සියළු අර්බුදය මතුවූවා සේ යැයි ද පැවසීය.
නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී තරුණ සංගම් කිහිපයක් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘කතාවෙන් කිව්වට කවුරුත් බාර නොගන්නේ ක්ෂණික විසඳුම් නැති නිසයි‘‘
Hafeel Wednesday, 06 July 2022 04:51 PM
ක්ෂණික විසඳුම් නැත්නම්, ඇයි මහ ලොකුවට ගත්තේ? එදා අගමැතිකම බාර ගනිද්දී මෙහෙම නොවේ කිව්වේ. තුන්වෙල කන්න දෙනවා. පෝලීම් යුගය නැති කරනවා. ඩොලර් මිලියන 500 අතේ තියා ගෙනයි මේ වැඩේ බාරගත්තේත්... තමාට අර රට මේ රට එහෙම උදව් කරනවා. මෙහෙම උදව් කරනවා කියලා.... අමාරු කාලය සති තුනක් පමණයි කිව්වේ. දැන් සති තුනක් නොවේ මාස දෙකක් ගතවෙලා. කරපු දෙයක් නැහැ. මම එදාම කිව්වා රනිල්ට ජාත්‍යන්තර සහයෝගය නැහැ කියලා. එහෙම රනිල්ට ජාත්‍යන්තර සහයෝගය තිබෙනවා නම්, මත්තල ගුවන්තොටුපොළ වී ගබඩා කරනවයි? මංගල එදා හරියට කිව්වා රනිල්ට බැහැ කියලා...
ABWednesday, 06 July 2022 06:27 PM
රනිල් අගමැතිකම බාරගත්තේ වෙනත් කිසිවකු එම තනතුරට ඉදිරිපත් නොවූ අවස්ථවේ බව අමතක නොකරන්න. පාර්ලිමේන්තුවේ සිටිනාවූ අලි ටෝක් දෙන පොරවල් වී රටපුරා ඇවිදින ජනතව ගොනාට අන්දවන පක්ෂ නායකවරු, ආර්ථික විසේසක්නයන් ජනාදිපති ඉල්ලා අස්උවහොත් තනතුර බරගනා බවට කොන්දේශි ඉදිරිපත් කරමින් සහ සියල්ල විවේචනය කරමින් සිටියා හැර ඔවුන් කිසිවකු අගමැති තනතුර බර ගැනීම මගහැර සිටියේය. ඔවුන් සියලුදෙනා අසමත් බව ඔවුනට චන්දය ලබාදුන් පොදුමහජනත්ව හොදින්ම අවබෝද කරගෙන සිටි. ජනතව කොතරම් අසරණව සිටියද පාර්ලිමේන්තුව තුල රටේ පුරවැසියන හට සහන සැලසීමේ කටයුතු වෙනුවෙන් කිසිදු එකගත්වයකට පැමිණීමට ඔවුන් සියලුදෙනා අපොහොසත්ව තිබේ. සමහර දේශපාලකයන් මම සුදනා බව පෙන්වීමට පාර්ලිමේන්තුවේ සුවධින විය. නමුත් ඔවුන්ගේ කෙරුවාව රටේ පොදුමහජනත්ව හොදින්ම දනී.
Bamunuarachchi Wednesday, 06 July 2022 06:23 PM
ඇයි ජෙප්පට පුළුවන් මාස 6 න කොරන්න. කොරන විදිහ ටෙල්වින් කාරයා 3-07-22 ඉරිදා ලංකාදීප පත්තරේ කියලා තිබුනා. ව්දෙෂීය විනීමය රටට ගෙන්වන හැටි පම්පෝරි ගහපු ගොයියා කියනවා " අපි ආණ්ඩුව බාරගත්තොත් විදෙස්ගත ශ්‍රමිකයින් රටට මුදල් එවයි කියලා බලාපොරොත්තුවෙනවා" කියලා. විදෙස්ගත ශ්‍රමිකයින් රටට මුදල් එව්වේ නැතිනම් මොවුන්ගේ මාස 6යේ කෙරුවාව හබක් නේද බොල.