IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කොතළ හිඹුටු රේගුවේ හිරවේ

දියවැඩියාවට  ඔසුවක් සේ සැලකෙන කොතල හිඹුටු කිලෝග‍්‍රෑම් 323 ක් කූරියර් සේවාවක් මගින් ජපානයට යැවීමට කොළඹ ව්‍යාපාරිකයෙකු  ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ගුවන්තොටුපොළ රේගු  ජෛව විවිධත්ව ඒකකයේ  නිපධාරීහු සමත් වූහ.
සංචාරක ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරිකයෙකු වන සැකකරු කොතළ හිඹුටු පාර්සල් 12 ක් ජපානයේ නැරීටා ගුවන්තොටුපොළ වෙත යැවීමට බාර දී තිබුණි.
මීට පෙරද කොතළ හිඹුටු ජපානයට යැවීමට ගත් උත්සාහයන් රේගුව විසින් වලකා ඇත. මේ පිළිබද විමර්ශන කටයුතු   සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු  අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ උපදෙස් පිට රේගු නිලධාරීහු සිදුකරති.

.

 



අදහස් (0)

කොතළ හිඹුටු රේගුවේ හිරවේ

මුතුකුඩ Friday, 12 April 2013 11:53 PM

අප ජීවත්වන මුතු ඇටය සාරවත් හෙළ ඔසුවලින් සහ ධන ධාන්‍යයන්ගෙන් පිරි ඖෂධාගාරයක් බව විදේශිකයන් නොදන්නා රහසක් නොවේ. නමුත් කණගාටුවට කරුණ නම් එහි ජීවත්වන දේශිකයා ඖෂධීය ශාස්ත්‍රයෙහි ගුණාත්මකබාවය නොදැනීමත් ඒවා පරිහරණය නොකිරීමත් නිසා අන් අය වෙනුවෙන් හෝ පරෝපකාරයක් කිරීමට ඉදිරිපත් වීමේදී එයටද සම්බාධක පැනවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

ලාල් ගලබඩ Saturday, 13 April 2013 12:55 AM

අපේරටේ විදේශ විනිමය උපයන්න නොව ඒවා වියදම් කරන්න නම් යස අපූරුවට මනාවට ක්‍රම සකසා දී තිබෙනවා. (නි)

:       0       0

හේවාවිතාරණ Saturday, 13 April 2013 02:01 AM

රේගු නිලධාරීන් නියමෙට රාජකාරිය කරනවා. ඔට සුභ අලුත් අවුරුද්දක් වේවා! (නි)

:       0       0

හේරත් Saturday, 13 April 2013 09:15 AM

රට කමු. අපි හැදෙමු... ප්‍රතිපත්තිය තමයි අද කාලේ මිනිස්සු ක්‍රියාත්මක කරන්නේ. (නි)

:       0       0

වරුණ Saturday, 13 April 2013 09:50 AM

ඉතින් මේවා මහා පරිමාණයෙන් වගා කරන්නේ නැත්තේ මොකද ? (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 12 April 2013 04:24 PM

මේ දේවල් සිදුවන්නේ ආනයනය කර විදේශ විනිමය උපයගන්න ක්‍රම වල කිසි ප්‍රතිපත්තියක් අප රටේ නැති නිසා. (නි)

:       0       0

හේරත් Saturday, 13 April 2013 12:05 PM

දී කිරට සාක්කි දෙන පුස් අය කොතල හිඹුටු වලට සාක්කි කියනවා. "ලෙඩක් සුවකරන එක විශාල පිනක්" අම්මපා ඇත්ත නේන්නම්. ගංජත් බෙහෙතක් ලු. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 12 April 2013 05:36 PM

අනේ මහත්තයෝ, මේ ඔසුව ගෙනියන්න අවසර දෙන්න. ලෙඩක් සුවකරන එක විශාල පිනක්, අනිත් කාරණාව තමයි අපේ උන්දැලා ඕවා තම්බලා බොන්නෙ නැහැ. හෙළ දෙරණේ අය ඉල්ලනේ හෙළ ඔසුව. පිරිසිදු කසිප්පු, පොල් රා, ගංජා,ඇල්ටෝ වැනි පානය නොවැ. (නි)

:       0       0

කොස්වත්ත Friday, 12 April 2013 05:38 PM

පිටිගල,ඇත්ත. මේවා සුද්දෝ නොවෙයි, මුදල් දීලා ගන්නේ අපේම සිංහල අයයි. (නි)

:       0       0

සම්පත් Friday, 12 April 2013 06:32 PM

ෂෙරිෆ්, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. (නි)

:       0       0

චන්ද්‍රා Friday, 12 April 2013 06:32 PM

හොරෙන් යවන ඒවා අල්ලලා මදි . බලධාරිනි , අවදිවවු. කොතල හිඹුටු රට යවා විනිමය ඉපැයීමට වහා කටයුතු කරනු. (නි)

:       0       0

රියාල් Friday, 12 April 2013 07:23 PM

කෙනෙක් ඉස්සරහට යනතොට කකුලෙන් අදින මහ ජරා නීති ලංකාවේ තියෙන්නේ. මේකම තමයි කළේ ට්‍රැත්ටර් එකයි පිස්තෝලෙයි හොයා ගත්ත අයටත්. ඉතින් කොහොමද රටක් දියුණු වෙන්නේ.(නදී)

:       0       0

සිසිර Friday, 12 April 2013 07:32 PM

බෙහෙත් සම්බන්ධයෙන් ලෝකෙයේම භූමි සීමා නීතිය අවලංගු කළයුතුයි. බෙහෙත් යනු මිනිසා ජීවත් වීමට ගන්නා උත්සාහයකි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 382 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 119 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1821 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2325 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3714 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site