IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කත බේරන්න ගිහින් අලියාට බිලිවෙයි

පලුගස්වැව ගල්කඩවළ කුම්බිකුලමේදී අද (31) අලුයම යතුරුපැදියක යමින් සිටි කතකට පහරදෙමින් සිටි වල් අලියකු පළවා හැරීමට තැත් කළ දෙදරු පියකු අලි පහරින් මිය ගිය බව පොලිසිය කියයි.

කාන්තාව බරපතල තුවාල ලබා දඹුලු රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

පලුගස්වැව දෙමුන්නාවේ සරත් සෙනෙවිරත්න (52) දෙදරු පියා මිය යෑමෙන් පසු ගැමියෝ ද රිටිගල වනජීවී නිලධරයෝ ද එහි ආහ. දෙපිරිස අතර උණුසුම් තත්ත්වයක් ද හටගත්තේය.

palugaswewa-01 palugaswewa-02 palugaswewa-03 palugaswewa-04



අදහස් (0)

කත බේරන්න ගිහින් අලියාට බිලිවෙයි

ඉන්දු Wednesday, 01 June 2016 01:28 AM

සැබෑ වීරයෙක්. ඔබතුමාට නිවන් සුව! (නි)

:       0       0

සෙනරත් Tuesday, 31 May 2016 09:33 AM

ඔහුට වන්දියක් ලබාදෙන්න කටයුතු කල යුතුයි (ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 31 May 2016 09:54 AM

පාරමිතා පුරන මනුස්සයෙක් අනුන් ජිවත් කරවීමට තම ජීවිතය දන් දීල , ඔබට නිවන් සුව (අ)

:       0       0

කේෂලා අමන්දා Tuesday, 31 May 2016 10:38 AM

දුක් මුසු පුවතක් (අ)

:       0       0

උපුල් විජේසිංහ Tuesday, 31 May 2016 11:44 AM

වන ජීවි නිලධාරීන්ගේ යම් අතපසුවීමක් සිදුවෙලා තියනවා නම් ඒ පිලිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුයි. නමුත් ඔය කියන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවකයින් ඉතාම දුෂ්කරතා මැද තමයි කටයුතු කරන්නේ, යාන වාහන පහසුකම් ඉතාම අඩුයි,අවශ්‍යකරන උපකරණ, සතුන්ට අවශ්‍ය බෙහෙත් වර්ග ඇතුළුව තව ගොඩක් දේවල් වල අඩුපාඩු තියනවා කෙටියෙන්ම කියනවා නම් හරියට යුනිෆෝර්ම් එකක්වත් නැහැ.සේවකයන්ගේ විශාල හිගයක් තියනවා. එවැනි දුෂ්කරතා මධ්‍යයේ වුණත් මොවුන් විශාල සේවයක් මේ රටට සහ ජනතාවට කරනවා. එවැනි අඩුපාඩු ගැන කිසිම රජයක් අවධානය යොමුකරලා නැහැ. ඒ හින්ද මේ වගේ අහිංසක ජිවිත අකාලයේ විනාශ වෙනවා. (අ)

:       0       0

උපුල් විජේසිංහ Tuesday, 31 May 2016 11:50 AM

මිලියන 300 - 600 ජනතා මුදල් වියදම් කරමින් යානවාහන අරගන ගමන බිමන යන ජනතා සේවකයන් ඉන්න රටක. ඒ බදු ගෙවන අහිංසක මිනිස්සු උදේට රැකියාවට යන ගමන් සත්ව ප්‍රහාර වලින් මහමග මැරිලා වැටෙනවා.ඔන්න ඕකයි ලංකාවේ සංවර්ධනය. ලංකාවේ මිනිස් ජිවිත වල ලන්සුව හරිම අඩුයි.මේක ජපානේ එහෙම වුනා නම් වන ජීවි ඇමති ඉල්ලා අස්වෙනවා.අපේ දේශපාලකයන් මේවා දකින්නේ පත්තරෙන් විතරයි (අ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Tuesday, 31 May 2016 01:42 PM

මෙම කණගාටුදායක පුවත ඇසීමෙන් අපගේ හදවත් කම්පාවුණා. ගමට වැඩක් කරපු හොද පුද්ගලයෙක් ,අපි අතරින් වෙන්වුණා. ඔහු ජීවිතයක් බේරාගන්න ගොස් ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදු වීම අප කාගේත් නෙතට කදුලක් ගෙනදෙන පුවතකි. අපි දන්නා අදුරන අපේම සහෝදරයෙක් වල් අලි ප්‍රහාරයකට ගොදුරු වි මියයාම පිලිබදව අපි හැමෝම දුක්වෙනවා ,මෙහිදී කණගාටුවෙන් මතක් කරදියයුත් කරුණක් තියෙනවා,එනම් මෙම පරදේශය හරහා විදුලි අලි වැටක් යෝජනවයේ මීට වසර 2 ට කලින්, අවාසනාවට අද වෙනතෙක් මෙම අලි වැට ඉදිකිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා නැහැ. ඇත්තටම විදුලි වැට ඉදිකර තිබුනා නම් දරු දෙදෙනුකට ආදරණිය තාත්තෙක් නැතිවෙන්නේ නැහැ,,අපි කාරුණිකව බලදරින්ගෙන් ඉල්ලන්නේ තවත් අහිංසක ජීවිත වල් අලියන්නට බිලිවෙන්නට කලින් අරක්ෂිත් විදුලි වැට ඉදිකර දෙන ලෙසයි. (අ)

:       0       0

නිම්මි Tuesday, 31 May 2016 02:37 PM

වීරයෙක් ඔබ. ඔබට නිවන් සුව ලැබේව! (අ)

:       0       0

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 01 June 2016 07:28 AM

වඳින්න ගිය දෙවොල හිසේ කඩාගෙන වැටුනා වගේ වැඩක් මේකත්. මෙවැනි උතුම් දෙයක් කිරීමට ගොස් සිය දිවි පිදු මේ උත්තමයාට අපේ ආචාරය! එතුමාට උතුම් අමා මහ නිවන් සුව ලැබේවා! අර බවලතා මේ උදේ පාන්දර අලින්ගේ බල ප්‍රදේශ තිබෙන පළාතේ මොනවා කළාද? (නි)

:       0       0

ගැමුණු Tuesday, 31 May 2016 07:29 AM

ඉතා දුක් මුසු පුවතක්. ඔහුගේ එඩිතර බව අගය කළ යුතුයි. (ම)

:       0       0

ශාන සෞදි Tuesday, 31 May 2016 08:13 AM

වනජීවී නිලදාරීන් අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමට කටයුතු කරයි මෙය ඔවුන්ගේ සාමාන්‍ය ක්‍රියා කලාපයයි (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 758 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 448 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 340 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 601 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 396 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1092 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site