IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කාදිනල්තුමන්ගේ පෙත්සම් විභාගයට ගැනීමට අවසර

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුතු සියලු පුද්ගලයන් ට එරෙහිව කඩිනමින්  නඩු පැවරීමට  පියවර ගන්නා ලෙසත්   සහ එම නැව ගිනි ගැනීම නිසා පානදුර සිට මීගමුව දක්වා මුහුදු තීරයේ මසුන් මැරීමේ කටයුතු අත් හිටුවීම ට ගත් තීරණය නිසා  පීඩාවට පත් සෑම ධීවරයකුටම වන්දි ගෙවන ලෙස  ඉල්ලා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ගොනු කල මූලික අයිතිවාසිකම්  පෙත්සම ඇතුළු පෙත්සම්   කිහිපයක්   විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) අවසර ලබා දෙන ලදී. 

එම පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා  පෙත්සම් ජනවාරි මස 20දින කැඳවීමට නියම කෙරිණ.

ගාමිණී අමරසේකර, ඒ.එච්. එම්. ඩී .නවාස් , ජනක් ද සිල්වා  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කල දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ අධිකරණය මේ  නියෝගය කලේය.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා,  වෘත්තීය ධීවරයින් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු , වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර් සරත් ප්‍රනාන්දු  සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා සහ ජේ.ජෙගතීෂ්වරන් විසින් මෙම පෙත්සම් ගොනු කළහ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, වරාය අධිකාරියේ සභාපති වරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, එක්ස්ප්‍රස් පර්ල්  නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා  පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපති ඇතුළු 12 දෙනෙකු  එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර  සිටිති.



අදහස් (3)

කාදිනල්තුමන්ගේ පෙත්සම් විභාගයට ගැනීමට අවසර

Bamunuarachchi Wednesday, 01 December 2021 07:48 PM

මුහුදු නොගහින් ගෙදර බුදියන ගොයියාටත් වන්දි ලබෙනවාද? දැන් රැල්ල පාගපු නැති ගොයියොත් දැන් ධීවරයෝ වේවි.

:       0       0

Demuni Uduwara Thursday, 02 December 2021 04:49 AM

එය එසේ වියයුතුයි.

:       0       0

Bamunuarachchi Thursday, 02 December 2021 05:54 PM

නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි ගහපල්ලා බන් පෙත්සන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 523 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 941 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 468 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1269 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 712 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3073 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1889 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site