IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කොදෙව්වෝ ඕස්ටේ‍්‍රලියාව පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබති

කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) රාත‍්‍රි පැවැති විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 74 කින්  ඕස්ටේ‍්‍රලියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. අවසන් මහා තරගය ශ‍්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර 7 වැනිදා රාත‍්‍රි 7.00 සිට ආර්.පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. බටහිර ඉන්දීය කොදෙව්  ඕවර 20 කදී කඩුලූ 4 ට 205 (ක‍්‍රිස් ගේල් නොදැවී 75, මාලන් සැමුවෙල්ස් 26, ඞ්වේන් බ‍්‍රාවෝ 37, කිරාන් පොලාර්ඞ් 38, පැට් කමින්ස් 36/2) ඕස්ටේ‍්‍රලියාව  ඕවර 16.4 කදී සියලූ දෙනා දැවී 131 (මයික් හසී 18, ජෝජ් බේලි 63, සැමුවෙල් බඞ්රි 27/2, රවී රාම්පෝල් 16/3, සුනිල් නරේන් 17/2, කිරාන් පොලාර්ඞ් 6/2)



අදහස් (0)

කොදෙව්වෝ ඕස්ටේ‍්‍රලියාව පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලබති

සරසි Saturday, 06 October 2012 10:56 AM

ශාන්ට පිස්සු ,දකුණු ඉන්දියාවේ කොහෙද නිහතමානී අය , දකුණු ඉන්දිය නෙමෙයි බටහිර ඉන්දීය කොදෙව්ව (ස)

:       0       0

තරිඳු Saturday, 06 October 2012 11:04 AM

අහිංසක හා නිහතමානී කණ්ඩායම් දෙකක් අතර සිදුවන ප්‍රවේගකාරී අවසන් සටනේ ජය ශ්‍රී ලංකා මෑණියන්ටම ලැබේවායි පතමි (ස)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 06 October 2012 11:44 AM

ඕස්‍ට්‍රේලියානුවෝ සටන පූජා කරා .ටොස් එක දිනලා ලකුණු 150 ක් ගන්න විතරයි අපි‍ට තියෙන්නේ , අපේ අය ලකුණු 120 එයාලාව අවුට් කරාවි (ස)

:       0       0

මංගල Saturday, 06 October 2012 12:03 PM

දග පන්දු වලට ඇබරෙන ගේල් සමුඑල් කට්ටියට අපේ අකිල, අජන්ත,රංගන තුන් දෙනාම දැම්මොත් තමයි හොද එත් කාවද එතකොට අයින් කරන්නේ ?(ස)

:       0       0

ශාමින් Saturday, 06 October 2012 12:16 PM

කවුරු දිනුවත් සතුටුයි . කොදෙව්ව හොඳ මහත්මාගති ඇති ටීම් එකක් (ස)

:       0       0

ජයී තිසර Saturday, 06 October 2012 12:33 PM

මා සතු එකම පැතුමක් හදතුල සැමදා ලංකා කොඩිය විස්සයි විස්සේ රන්දා බටහිර ඉන්දීය කණ්ඩායම පරදා ක්‍රීඩකයනේ අප පිනවනු මේ ඉරිදා (ස)

:       0       0

නුවර කොල්ලා Tuesday, 09 October 2012 02:15 PM

නියම නර්තනය..!(නු)

:       0       0

බන්දුල වික්‍රමසිංහ Sunday, 07 October 2012 02:54 AM

නැණ ගත සවිය සමගිය තව වැඩේවා ගැණ ගැණ හය හතර අපගෙන් වැදේවා පරදා පිමලුන් ජයගොස නැගේවා ලක්මව වෙතට කුසලානය දිනේවා (නි)

:       0       0

දිනේෂ් Saturday, 06 October 2012 01:12 PM

යමු යමු කොල්ලනේ ඔහොම යමු සංගා එදා වගේ මරු කැචි එකක් අරන් ගේලව ඉක්මන්ට පැවිලියන් 1 ට යවමු එතකොට කප් 1 අපේ අතේ...... (ස)

:       0       0

කුරුවිට Friday, 05 October 2012 10:59 PM

ඕස්ට්‍රේලියාවට ජය වේවා! දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා. (නි)

:       0       0

අනුර Friday, 05 October 2012 11:04 PM

අපේ සිංහයන් අනිවාර්යයෙන් ලෝක කුසලානය ගන්නවා. (නි)

:       0       0

ඉන්දුජෝති Saturday, 06 October 2012 01:30 PM

ජය ලබන්නා පරදින්නා තුල තරහාව ඇති කරයි.. පරදින්නා දුකින් වාසය කරයි.. ශාන්ත ඇත්තා සුවෙන් වාසය කරයි... බුද්ධ දේශණය.(නු)

:       0       0

ෆාරු Saturday, 06 October 2012 01:32 PM

අනේ ඔයා මැච් එක බලන්න එන්න එපා (ස)

:       0       0

ශාන් ඉතාලිය Friday, 05 October 2012 11:29 PM

මටනම් හරිම සතුටුයි මේ උන දේට ලාංකිකයෙක් විදියට මම හද පත්ලෙන්ම පතනවා ලංකාව අවසන් සටන ජයග්‍රහණය කරන්න කියලා.. වැරදිමකින් හරි දකුණු ඉන්දියාව දිනුවත් හිත හදාගන්න පුළුවං මොකද එයාලාගේ තියෙන නිහතමානීකමට.. (නු)

:       0       0

තත්සරණි Sunday, 07 October 2012 04:23 PM

ජය නියතයි ශ්‍රී ලංකා! හෙට කිරිබත් කන්න ලෑහැස්ති වෙන්න. (නි)

:       0       0

ගාමිණි Saturday, 06 October 2012 02:07 PM

මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න ලංකාවේ කොල්ලන්ගේ වැඩ පෙන්වන්න ජය ශ්‍රී මහා බෝ සමිදුන් පිහිට ලැබෙන්න කුසලානය ලක් මවගේ තුරුලට ගන්න (ස)

:       0       0

සිල්වා Saturday, 06 October 2012 02:01 PM

මම හිතපු විදියටම අවසන් තර‍ඟෙට ශ්‍රී ලංකාවයි , බටහිර ඉන්දීය කොදෙව්ව ආවා , ජය අපිටයි ලංකාවේ , එතන මෙතන කොතන ගියත් ජය අපිටයි ලංකාවේ (ස)

:       0       0

යොහාන් Saturday, 06 October 2012 02:24 PM

ලහිරු තිරිමාල් අයින් කරලා අජා , අකිල, රංගන, ජීවන් දාන්න (ස)

:       0       0

රසාලිකා Saturday, 06 October 2012 12:21 AM

ඔහොම යං කොදෙව්වෝ ඔහොම යං..!(නු)

:       0       0

සිතාර Saturday, 06 October 2012 01:24 AM

කොදෙව්වනේ, ඔය සෙල්ලම් ලංකා සිංහ පුත්තුත් එක්ක අමාරුයි. (නි)

:       0       0

ඉෂාන් Monday, 08 October 2012 08:50 AM

දුකක් නැ අපි වගේම දුප්පත් රටකට කුසලානය ගියාට විනොදය එකමුතුකම කැටි කරගත් කණ්ඩායමකට ජය නියතයි එය මහේලත් අවබොධ කර ගත යුතුය.....(ස)

:       0       0

ශිවන්ත Saturday, 06 October 2012 02:02 AM

ඔහොම යං ඔහොම යං.. ඒත් අන්තිමට නවතින්න..!(නු)

:       0       0

චමින්ද වෙරෝනා Saturday, 06 October 2012 03:15 PM

ලලිත් ඔයා හරි.. ලාරාගේ හා ජානාධිපති තුමාගේ හමුවීම ගැන හිතන්න වෙනවා තමයි.. මොකද ලාරා කියන්නේ රාජතාන්ත්‍රිකයෙක් නෙමෙයිනේ ජනාධිපති සමග සාකච්ඡා පවත්වන්න..!(නු)

:       0       0

රාජ් Saturday, 06 October 2012 03:26 PM

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ ජයග්‍රහනය ගැන සතුටුයි. අවසන් තරගයේදී මහේලසමඟ අපේ කොල්ලන්ට ඳළදා සමිදු පිහිටෙන් ජයගන්න ලැබේවායි ඉත සිතින් පතමි!!!! (ස)

:       0       0

අමිල කටුනායක Saturday, 06 October 2012 06:45 AM

කැමතිම කණ්ඩායම් දෙක. හොද තරගයක් බලා කප් එක ගම්මු

:       0       0

කුමාර,මොනරාගල Saturday, 06 October 2012 06:49 AM

7 වෙනිදා පැවැත්වෙන තරඟයෙන් බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා ලංකාවේ අපේ කොල්ලන්ට ජය ගැනීමට හැකිවේවා !යි අපි පතමු. (නි)

:       0       0

යොහාන් Saturday, 06 October 2012 07:53 AM

මහේල පුතා‍ හොඳට ගහන්න , ඔන්න වැඩ පෙන්නන්න අවස්තාව (ස)

:       0       0

ජෝන් Saturday, 06 October 2012 08:15 AM

ටොස් එක තමයි ප්‍රශ්නේ (ස)

:       0       0

මධුර Saturday, 06 October 2012 05:49 PM

අවසන් තරගය දිනන එක නම් අනිවාර්යයි..! ඒත් දුක තියෙන්නේ පසුවදාට බඩුමිල ඉහළ ගියා වගේ පුවතක් අසන්නට ලැබුණොත් තමයි..(නු)

:       0       0

මිලාන් Saturday, 06 October 2012 08:32 AM

මන්දගාමී කියපු තණතීරුවෙ කොදෙව්වන් කොහොමද ලකුණු 200ක් පහුකළේ..!(නු)

:       0       0

ලලිත් Saturday, 06 October 2012 08:38 AM

අවසන් සටනේ ප්‍රතිපලය මහේලගේ සහ ගයිල්ගේ දස්කම් අතරද? ලාරා සහ මහින්දගේ හමුවීම අතරද? මොකද ගියවර ඉන්දියාවට වගේ මෙවර බටහිර ඉන්දියාවටගද .....................? (ස)

:       0       0

දිවංක Saturday, 06 October 2012 09:00 AM

එක අතකින් ඕස්ට්‍රේලියාව පරදා බ.ඉ.කොදෙව් කණ්ඩායම අවසන් තරගයට පැමිණි එක ගැන සතුටුයි.කැමති කණ්ඩායමක්.එත් කැන්ගරුවන්ට දාපු සෙල්ලම් අපේ සිංහයන් එක්ක ලේසි වෙන එකක් නෑ.මතකනේ එදා... අපේ සින්හයන්ටත් සුබ පතමු අපි කොදෙව්වනි,ඔබටත් සුබ පතමි අපි දෙගොල්ලන්ටම උණුසුම් සුබ පැතුම්!(නු) මයියා(මහේල) ඔබට ජය!!!

:       0       0

ෂෙහාන් Saturday, 06 October 2012 09:06 AM

ගේල්ට ලංකාව එක්ක නම් ගහන්න වෙන්නේ ජිල් බෝල තමයි! ලංකාවට සුභ පතනවා. (නි)

:       0       0

චන්දන Saturday, 06 October 2012 09:06 AM

හෙට හවස ජාතික කොඩි රැගෙන පාරට බහිනවා. පිටියට යන්න ටිකෙට් නැති නිසා. (ස)

:       0       0

අශාන් Saturday, 06 October 2012 07:21 PM

අන්තිම තරගයේ කුසලානය කොහොම හරි අපි ගන්නවා.. ජය වේවා සිංහ පැටවුනේ..!(නු)

:       0       0

තත්සරණි Saturday, 06 October 2012 09:15 AM

සිංහ දේශයට 7 වෙනිදා හොද දවසක් වෙන එක අනිවාර්යයයි. (නි)

:       0       0

තත්සරණී Saturday, 06 October 2012 09:16 AM

හැම ශ්‍රී ලාංකිකයෙක්ම එක හිතින් අපේ සිංහ පෝතකයන්ට සුභ පතමු.. අපිට පිටියට යන්න බැරි අනාට අපේ සිංහයන් වෙනුවෙන් මිලියන විසි එකකගේ හිත්වල කියවෙන ජය පිරිත එයාලට දැනේවි.. එයම අපේ කොල්ලන්ට ශක්තියක් වේයි..අපි අපේ ගෙවල්වල සිංහ ධජයක් ඔසවමු..!(නු)

:       0       0

විපුල නකන්දල Saturday, 06 October 2012 09:30 AM

කාලෙකට පසු කොදෙව් ජය ගැන සතුටුයි.. හොද තරගයකින් ලංකාවට ජය පතමි.. එවිට සැබෑ දක්ෂයන් හදුනාගත හැකි වනු ඇත..!(නු)

:       0       0

ලලිත් Saturday, 06 October 2012 09:51 AM

සාධාරණ උණුසුම් තරඟයක් දැකගන්න‍ට ලැබේවා , ශ්‍රී ලංකා පිල‍ට ජය වේවා (ස)

:       0       0

අසංක Saturday, 06 October 2012 10:18 AM

හැම ශ්‍රී ලාංකිකයෙක්ම එක හිතින් අපේ සිංහ පෝතකයන්ට සුභ පතමු..(ස)

:       0       0

ඉමිභිරි Saturday, 06 October 2012 10:20 AM

බටහිර ඉන්දීය කොදෙව් පිල පරදවා ලංකාවේ අපේ කොල්ලන්ට ජය ගැනීමට හැකිවේවා(ස)

:       0       0

සත්සර Sunday, 07 October 2012 01:57 PM

කොල්ලන්ට සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 51 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 156 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 702 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 412 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1469 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 330 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site