IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කොදෙව් සංචාරය ඩිල්ෂාන්ට අහිමි වෙයි

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට මේ මස 28 වැනිදා ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය අහිමි වී තිබේ.

එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ ඩිල්ෂාන්ගේ ආබාධයේ ස්වභාවය අනුව ඔහුට මාසයක හෝ මාස එක හමාරක පමණ විවේකයක් අවශ්‍ය යයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතය බවයි.

ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරගයේ 5 වැනි  ඕවරයේදී පාදයේ මස්පිඬුවක් ඇදීම නිසා ඩිල්ෂාන් පිටියෙන් ඉවත්ව වන විට ඔහු පන්දු 14 කදී ලකුණු 12 ක් ලබා සිටියේය. තරගයේ 48 වැනි  ඕවරයේදී නැවතත් පිටියට පිවිසි ඩිල්ෂාන් පන්දු 7 කින් තවත් ලකුණු 6 ක් ලබාගත් නමුත් ඉතා අපහසුවෙන් කී‍්‍රඩා කළ බවක් දක්නට තිබිණ.


(ඡයාරූපය : ඒ. එෆ්. පී.)

පාදයේ මස්පිඬුව ඇදීමෙන් පසුව ඩිල්ෂාන් කී‍්‍රඩා පිටියෙන් ඉවතට යද්දි...
 

 



අදහස් (0)

කොදෙව් සංචාරය ඩිල්ෂාන්ට අහිමි වෙයි

අමල් Saturday, 22 June 2013 10:17 AM

මෙතනට හරියන්නේ මහේලව.(නදී)

:       0       0

පහන් Saturday, 22 June 2013 01:32 AM

දිල්ෂාන් ඔබ විශිෂ්ටයි.මම හිතන්නේ ඔබ අපේ ක්‍රිකට් වෙනුවෙන් වැඩියෙන්ම මහන්සි වුන අයගෙන් කෙනෙක්.ආබාධය ඉක්මනින් සුවවේවා! (නි)

:       0       0

විරාජ් Saturday, 22 June 2013 03:57 AM

බයවෙන්න එපා, තරංග ඉන්නවා ස්ටෑන්ඩ් බයි (නි)

:       0       0

ඕෂන් Friday, 21 June 2013 07:25 PM

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ කව්ද? වේගවත් තණතිලි වලට හොදින් මුහුණ දිය හැකි පිතිකරුවෝ දෙදෙනෙක් අවශ්‍ය වෙනවා .... (නි)

:       0       0

නිල්මිණි Friday, 21 June 2013 07:47 PM

මම කියන්නද හොද කෙනෙක්,රමිත රබුක්වෙල්ල (අ)

:       0       0

සුදේශ් විජේනායක Saturday, 22 June 2013 06:25 AM

මේ යන විදියට රඹුක්වැල්ලව එකකට හරි දාවි.(නදී)

:       0       0

ඕෂන් Friday, 21 June 2013 08:05 PM

බංගලාදේශ තරගාවලිය සදහා තෝරාගත් අශේන් පෙරේරා, හොද ක්‍රීඩකයෙක්, ඔහුට අවස්ථාවක් ලබා දෙයි කියා හිතනවා (ත)

:       0       0

මොහොමෙඩ් Saturday, 22 June 2013 07:15 AM

අයියෝ! මතක් වෙනකොටත් බඩ දනවා..... (නි)

:       0       0

චානක Saturday, 22 June 2013 07:53 AM

දිල්ෂාන් ඔබ විශිෂ්ටයි. ඒත් සමහර අය ක්‍රිකට් ගහන්නේ රටට නෙවෙයි. ඒත් දිල්ෂාන් ඔබ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න.(නදී)

:       0       0

බණ්ඩා Friday, 21 June 2013 08:25 PM

සමහරුන්ට නම් ගෙදර යන කාලය හරි (නි)

:       0       0

උදය Friday, 21 June 2013 08:33 PM

ඉන්දියන් ගුරුකම් වලින් තමයි මේ ඔක්කොම. ලෝක කුසලාන තරගේත් මුත්තයියාගේ අතේ අමාරුව. ඉන්දියාවට සෙල්ලම් දන්නා බැරුව ගියේ අර්ජුනයි , සනතුයි ඉදිද්දි තමයි. මොකද ඒ දෙන්නත් දේව ඇදහිලි වලින් යන දෙන්නෙක් (නි)

:       0       0

මදුෂාන් Friday, 21 June 2013 08:43 PM

මට හිතෙනවා අයිමත් මහේල ඕපන් කලොත් හොදයි කියලා. එයත් එක්ක එන්න කෙනෙක් තමයි ඕනේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 160 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 2048 3

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2296 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2985 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1306 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 281 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24965 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 755 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site